ඉන්දික තොටවත්තත් හිර වේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බටහිර විද්‍යාවෙන් කවදාවත් කේන්දර ඇත්තයි කියල ඔප්පු කරන්නෑ ඔප්පු කරන්නත් බෑ ඒ ගැන බලාපොරොත්තු තියාගන්නත් එපා :no: :no:
ජ්‍යෝතිශය නිර්මාණය කල අය කලේ ඔය ඊනියා ක්ශුද්‍ර ගුරුත්වක් උදව් කරගෙන නෙමේ ග්‍රහ පිහිටීම අනුව මිනිස්සුන්ගෙ ජීවිතේට වෙන බලපෑම දියුණු කල මනසෙන් ප්‍රත්‍යක්ශ කරගෙන අපිට මේසයක් පුටුවක් ගහක් ප්‍රත්‍යක්ශ වෙනව වගේ. ඔය කශුද්‍ර ගුරුත්ව කතා සේරම ඇස් දෙකෙන් හෝ උපකරණ වල ආදාරයෙන් කරන නිරීක්ශණයන් පැහැදිලි කරන්න ගොතන කතන්දර විතරයි. ඔහොම දෙයක් ඇත්තට නෑ. බටහිර ප්‍රවාදයි පෙරදිග ප්‍රවාදයි සංසන්දනය කරන්න යන්න එපා. දෙක පෑහෙන්නෑ :no: :no:

බටහිර විද්‍යාවට කරන්න පුලුවන් ලොකුම දේ තමා පරීක්ශණයක් පවත්වල ජ්‍යෝතිශයෙන් කියන අනාවැකි අරං ඒව ඇත්තට වුනාද කියල බලන්න විතරයි. තේරුං ගන්න කවදාවත් බෑ :no: :no:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉදිරියේ රාළ;21253109 said:
ඉතිං පාහවන්න උත්සාහ නොකර කොහොමද ආයිබොං මෙයාලට පහදවන්නේ ? :oo::baffled:

පාහවන්න හැදුවාම වෙන්නෙ උගන්නල තියෙන විදිහ අනුව බටහිර විද්‍යාත්මක දෘශ්ඨි කෝනෙන් පෑහිල්ල දිහා බලල ඒකෙ පොඩි අවුලක් තියෙන තැනක් අල්ලගෙන තවත් සැකය වැඩි කරගැනීම විතරයි පාහල පහදවන්න බෑ :no: :no:
 
පාහවන්න හැදුවාම වෙන්නෙ උගන්නල තියෙන විදිහ අනුව බටහිර විද්‍යාත්මක දෘශ්ඨි කෝනෙන් පෑහිල්ල දිහා බලල ඒකෙ පොඩි අවුලක් තියෙන තැනක් අල්ලගෙන තවත් සැකය වැඩි කරගැනීම විතරයි පාහල පහදවන්න බෑ :no: :no:
පොඩ්ඩක් ටිකිරි මොළේ දැම්මොත් බැරිත් නෑ ;)
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉදිරියේ රාළ;21253131 said:
පොඩ්ඩක් ටිකිරි මොළේ දැම්මොත් බැරිත් නෑ ;)

කල්ල බලපංකො ඕක හරියන්නෑ හරිගියොත් මං රතුමිරිස් කන එක නවත්තනව :yes: :yes:
 
  • Like
Reactions: kolavari

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ ඕව තිරිසන් විද්‍යා කියල විතරයි. ඒ සංසාර ගමන ඉවර කරන්න ඕවගෙන් කිසිම උදව්වක් නොලැබෙන නිසා. ජ්‍යේතිශය විතරක් නෙමේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ඕවත් තිරිසන් විද්‍යා. සිදුහත් කුමාරය ඉපදෙන්නත් කලිං ඉඳන් හිත දියුණු කල අය ඉන්දියාවෙ හිටිය. ඒගොල්ලො හොයාගත්ත සාස්ත්‍රයන්ගෙන් එකක් තමා ජ්‍යෝතිශය කියන්නෙ. එදා මිනිස්සු හිත දියුණු කල නිසා ඒ ශාස්ත්‍රය අලුත් සොයාගැනීම් එක්ක වැඩිදියුණු වුනා. අනාවැකි කිව්වෙ නිකංම ග්‍රහ පිහිටීම් ගැන විතරක් සලකන්නෙ නැතුව දියුණු කල හිතත් භාවිතයෙන්. ඉතිං එදා අනාවැකි 99%ක නිරවද්‍යතාවයෙන් කියන්න පුලුවන් වුනා. ඊටපස්සෙ ලොකෙ වෙලාගත්ත බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඕව ප්‍රතික්ශේප කලා. සුද්දන්ගෙන් තනතුරු බලාපොරොත්තුව බටහිර අධ්‍යාපනය ලබපු අයට පෙරදිග දැනුම විහිලුවක් වුනා. ඒවගෙ ප්‍රතිඵල විදිහට තමා මිනිස්සු කේන්දර වලට දැන් හිනාවෙන්නෙ. අපි ලෝකය දකින්නෙ ඉන්ද්‍රියන් පහකිං විතරයි. හිත දියුණු කල අයට ඒ දියුණු කල හිතෙනුත් බොහෝ දේ දැක්කෑකි. හිත දියුණු නොකර ජ්‍යෝතිශය බොරුයි කියන එක නිකං අන්ධයො පාට නැහැයි කියනව වගේ තමා. සියලු දෙනාම අන්ධයන් වූ ලෝකයක ඇස් පෙනෙන්නා රෝගියෙකි :sorry: :sorry:

    :) මේ ටික නම් සුපිරි බන් :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21253087 said:
    ඔතෙන්ට තමා මට ඔයාව අහු කරවන්න ඔනෑ වුණෙත් , ඔය ටික ඔයාගෙ මොළෙන් එලියට ගන්න උවමනාවෙන්ම තමා මම අර උත්තරේ ලිව්වෙත්.

    ඔයා එතන ඉදිරිපත් කරපු හිත ගැන කියන්න උපකාර කරගත හැකි මූලාශ්‍ර ඔක්කොම හිතෙන් වෙනස් කරගන්න හැකි දේවල්. එතකොට හිත ගැන ඒ මූලාශ්‍ර පදනම් කරමින් කරන පුරෝකථන වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. මේ නිසා හිතෙන් වෙනස් කළ නොහැකි හිත ගැන පුරෝකථන කළ හැකි මූලාශ්‍රයක් පැරැන්නො හෙව්වා. එතකොට හම්බු වුණ එයින් එකක් තමා ක්ෂුද්‍ර ගුරුත්වය (දැන් මේකෙ බලපෑමක් තියෙනවාය කියල ඔය "අහවල් විද්‍යාවෙනුත්" ඔප්පු කරල තියෙනවනෙ , ආයෙ තව මොනවටද අටුවාටිකා) , තව එක එක ක්‍රම ගොඩක් තියෙනවා. කේන්දරේ කියන්නෙ ඒ ක්ෂුද්‍ර ගුරුත්වය මැනගන්න එක මාධ්‍යයක් විතරයි.

    වරදින්න ඉඩ වැඩියි නෙවේ හරියන්න ඉඩ වැඩියි, හඳ දිහා බලල නින්ද ගැන කියනවට වඩා රෑට කෑවේ මොනවද බලල නින්ද ගැන කියන එක දහස් ගුනේකින් ප්‍රතිපලදායකයි. මැක්කෝ ඉන්න කොහු මෙට්ටෙක ඉන්න මිනිහෙක්ගේ නින්ද ගැන හඳ දිහා බල බල ඉන්නවට වඩා මෙට්ටේ දිහා බලල කියන එක දස දහස් ගුනේකින් ප්‍රතිපලදායකයි. නොගිනිය හැකි තරමේ සාධක අරගෙන ඒවා ප්‍රධාන සාධක කරගෙන ඉන්න එකේ මෝඩකම ඒකයි.

    ආය මොකද්ද මේ ක්ෂුද්‍ර ගුරුත්ව කතාව, මොකක්හරි කොක්කක් ගහනව විද්‍යාවට එල්ලෙන්න වැලක් ඕනේ උනාම. විද්‍යාව පට්ටපල් බොරු නං විද්‍යාවෙන් උදාහරණ ගන්න එක ගැලපෙන්නේ නෑනේ.

    අනික විද්‍යාවෙන් කියන්නේ බලපෑමක් තියෙනව කියල, ජ්‍යෝතිශ්යෙන් කියන්නේ උපන් වෙලාව අනුව එක එක්කෙනාට වෙනස් බලපෑම් තියෙනව කියල. ඇපල් පැපොල් වගේ දෙක දෙකක් නෙ.
     
    කල්ල බලපංකො ඕක හරියන්නෑ හරිගියොත් මං රතුමිරිස් කන එක නවත්තනව :yes: :yes:
    හරි ගිහින් තියෙන්නෙ මෙතනම, "අහවල් විද්‍යාවෙන්" ඔප්පු කරලා තියෙනවා නින්දට හඳේ බලපෑමක් තියෙනවාය කියලා, ඒ පරික්ෂණ තොරතුරු ටික මෙතන දැම්මාම කට්ටියට දෙන්න උත්තර නෑ. :D ඉතිං හරි ගියෙ. :cool: දැන් තෝ රතු මිරිස් කන එක නවත්තපිය :angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹ ඇත්තට කිව්වද කොලොප්පමට කිව්වද කියල හොයාගන්නෙ කොහොමද ? :baffled: :baffled:

    යූසර් cp එකෙන් :P අවංකව කිව්වේ...:yes:

    මෙතන එලටම කියල තියෙනවා හරියට කොපි පේස්ට් එකක් වගේ :baffled::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදිරියේ රාළ;21253231 said:
    හරි ගිහින් තියෙන්නෙ මෙතනම, "අහවල් විද්‍යාවෙන්" ඔප්පු කරලා තියෙනවා නින්දට හඳේ බලපෑමක් තියෙනවාය කියලා, ඒ පරික්ෂණ තොරතුරු ටික මෙතන දැම්මාම කට්ටියට දෙන්න උත්තර නෑ. :D ඉතිං හරි ගියෙ. :cool: දැන් තෝ රතු මිරිස් කන එක නවත්තපිය :angry:

    දැන් ඕක පෙන්නුව කියල ජ්‍යෝතිශය පිලිගත්තෙ කව්ද ?:rolleyes: :rolleyes:

    යූසර් cp එකෙන් :P අවංකව කිව්වේ...:yes:

    මෙතන එලටම කියල තියෙනවා හරියට කොපි පේස්ට් එකක් වගේ :baffled::rofl:

    කොලොප්පමක් තමා :sorry: :sorry:
     
    කලින් හත්පොලේ ගාගත්තා , දැන් දාහත්පොලේ ගාගන්නයි යන්නේ

    වරදින්න ඉඩ වැඩියි නෙවේ හරියන්න ඉඩ වැඩියි, හඳ දිහා බලල නින්ද ගැන කියනවට වඩා රෑට කෑවේ මොනවද බලල නින්ද ගැන කියන එක දහස් ගුනේකින් ප්‍රතිපලදායකයි. මැක්කෝ ඉන්න කොහු මෙට්ටෙක ඉන්න මිනිහෙක්ගේ නින්ද ගැන හඳ දිහා බල බල ඉන්නවට වඩා මෙට්ටේ දිහා බලල කියන එක දස දහස් ගුනේකින් ප්‍රතිපලදායකයි.

    යකූ
    නිදිමත වැඩි එකා මැක්කො ඉන්න මෙට්ටෙ නෙවෙයි, පේමන්ට් එකේ වුණත් නිදාගනියි. සැපට නිදාගන්න එකා මැක්කො ඉන්න මෙට්ටෙක නිදාගන්නවද බන් ? මෙට්ට වල ඔක්කොම මැක්කො නම් , කනු දෙකක බෙඩ් ශීට් එක ගැටගහගෙන ඒකෙ බුදියගන්නවනේ. :rolleyes:

    එතකොට මැක්කො නිසා නිදාගන්න බැරිවෙනවාය කියන පුරෝකථනේට හුකෑෂ් නේ.:D

    කොණ්ඩෙ බැඳපු චීනෙක් පදනම් කරගෙන ඔහොම පුරෝකථන කෙරුවත් හරියනවට වඩා වරදින ඉඩකඩනෙ වැඩි. මොකද අච්චර මෝඩයා වුණත් චීනා දන්නවා සැපට බුදියගන්න හැටි.
    නොගිනිය හැකි තරමේ සාධක අරගෙන ඒවා ප්‍රධාන සාධක කරගෙන ඉන්න එකේ මෝඩකම ඒකයි.
    ඒවා ගෙනාවෙත් මම නෙවෙයි නෙ ඔයාමනේ :D:D:D
    ආය මොකද්ද මේ ක්ෂුද්‍ර ගුරුත්ව කතාව, මොකක්හරි කොක්කක් ගහනව විද්‍යාවට එල්ලෙන්න වැලක් ඕනේ උනාම. විද්‍යාව පට්ටපල් බොරු නං විද්‍යාවෙන් උදාහරණ ගන්න එක ගැලපෙන්නේ නෑනේ.
    විද්‍යාවෙන් පිට දේවල් ඔයාට තේරුම් ගන්න බැරි නම් , මම ඒවගෙන් ඔයාට කතා කොරල මට වැඩක් තියෙනවද, එහෙනම් ඔයාට තේරුම් යන භාෂාවෙන් කියන්න ඔනෑ, ඔයාට තේරුම් යන්නෙ "අහවල් විද්‍යාවෙන්" නම් ඒ භාෂාවෙන් කියන්න ඔනෑ. ඒ "අහවල් විද්‍යාව" ඇත්තද බොරුවද කියන තෝරා බේරාගැනිල්ල වෙන දෙයක් ආයිබොං
    අනික විද්‍යාවෙන් කියන්නේ බලපෑමක් තියෙනව කියල, ජ්‍යෝතිශ්යෙන් කියන්නේ උපන් වෙලාව අනුව එක එක්කෙනාට වෙනස් බලපෑම් තියෙනව කියල. ඇපල් පැපොල් වගේ දෙක දෙකක් නෙ.
    "අහවල් විද්‍යාවෙනුත්" කියන්නෙ නෑනේ නේද හැමෝගෙම ඇඟවල් එකයි කියලා. ජිවත් වෙන පරිසරය අනූව වෙනස් වෙනවා, කන බොන දේවල් අනූව වෙනස් වෙනවා. ලඟ ඉන්න කෙනා අනූව වෙනස් වෙනවා. එතකොට ඒ "අහවල් විද්‍යාවෙන්" කියන්නෙත් ඇපල් පැපොල් කතාවක් තමා. ඔන්න ඕක හරියට තෝරබේර ගන්න තමා උපන් වෙලාව ගන්නේ :yes::D
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    කාලෙකින් මේ පැත්තෙ ආවෙ. කියවන්න ආස හිතුන ත්‍රෙඩ් එකක්.
    ගොඩක්ම ආස හිතුනෙ LazyLizardගෙ පට්ට කමෙන්ට්ස්:cool: සහ රාළ ගෙ මේ ලෝකෙ ගැලපීමක් නැති උත්තරයි වලට:baffled:.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කියන්නෙ සල්ලි හොයන්න විතරක් සාස්සතරේ විකුණන් කන අය ගැන. හරියට බලන කෙනෙක් ගාවට ගිහිං දුන්නොත් අම්මගෙයි තාත්තගෙයි වෙලාවලුත් ඉල්ලයි. අභියෝගෙදි වල්පල් නෙමේ ආසන්න වශයෙන් කියන්න බෑ. එහෙම කිව්වාම කියයි කනා පාර කියල. ඉතිං හරියටම කියන්න ඕනෙ නිසා තමා පවුලෙ අයගෙත් කේන්දර ඉල්ලන්නෙ. ඉතිං පවුලෙ අනික් අයගෙ කේන්දරත් එක්ක කාගෙ හරි කේන්දරයක් හොයාගන්න එක ඔච්චර අමාරුද ඔය අභියෝගෙ කරපු අයට ? නෑනෙ. ඔච්චරටහ ජ්‍යෝතිශය බොරුයි කියල ඔප්පු කරල පෙන්නන්න පුලුවන්නං ඇයි ඒ මනුස්සය ඉල්ලන කේන්දර ටික දෙන්න බැරි ? අභියෝගෙ කරපු භෞතික වාදියොත් දන්නව එහෙම දුන්නොත් සෑහෙන නිරවද්‍යතාවයකිං යුතුව අනාවැකි කියයි කියල උන්ගෙ භෞතික වාදයේ මලගම උදාවෙනව කියල. ඉතිං උනුත් කෝඳුරු තෙල් හත්පට්ටෙයි තව ජුන්ඩයි කිය කිය මගාරිනව. මං නං ඔය අභියෝග වලට කොහොමත් විරුද්ධයි. කාලෝ පොන්සේකත් ඔහොම අභියෝගයක් කල්ල තියෙනවනෙ ? කව්ද දන්නෙ කේන්දර බලන අයව ගෙන්නගෙන බොරු වෙලාවල් හදල දුන්නද කියල ? ඉතිං පලාපල කිව්වාම හැමෝම ඉස්සරහ නෑ බොරුයි කියනව. එතකොට මොකද කරන්නෙ ? දැන් අභියෝග කරන උන් ගානට පවුල් පිටිං බොරු කේන්දර හදල දෙයි ආ කියන්න මෙන්න අභියෝගෙ කියල. බහුතරයක් සාස්තරේ දන්න අය අභියෝගය භාරගන්නැත්තෙ ඕකයි.

    එහෙම පවුලේම අයගේ ටික දීල වැඩේ කරලා වැරදුනත් කියයි මේ වෙලාවල් වැරදි කියල, නැත්තන් කියයි මට තප්පරේටම වෙලාව ඕනේ කියල. මොකක් හරි කියල කේන්දර බලන මනුස්සය බේරෙනව. ඒ නැතත් අන්තිමට කියයි "ඔය පරික්ෂනෙට ගත්ත මනුස්සය හොරෙක්, හරියට දන්න කෙනෙක් හිටියනං හරියට බලයි කියල". කොහෙන් ගියත් ඕකේ අවසානයක් නෑ.

    ඉන්න ජ්‍යෝතිෂ්‍ය කරන අය ඔක්කොම සාස්තරේ විකුණන් කන අයනං, හරියට බලන අය කියල හොයාගන්න ඇත්තෙත් නැත්තන්, හරි එකා කවුද වැරදි එකා කවුද කියල හොයාගන්න විදිහකුත් නැත්තන්, මේ වරදින්නේ සාස්තරේ වරදින්ද නැත්තන් බලන මනුස්සයේගේ වරදින්ද කියල හොයාගන්න විදිහකුත් නැත්තන් විස්වාස නොකර ඉන්න එක තමා මටනං හොඳම දේ. විස්වාසය මත ඉතින් කැමති අයට හරි කියල හිතන් ඉන්න පුළුවන්. විස්වාසයක් නැති අයට එහෙම කරන්න බෑ නෙ.
     
    කාලෙකින් මේ පැත්තෙ ආවෙ. කියවන්න ආස හිතුන ත්‍රෙඩ් එකක්.
    ගොඩක්ම ආස හිතුනෙ LazyLizardගෙ පට්ට කමෙන්ට්ස්:cool: සහ රාළ ගෙ මේ ලෝකෙ ගැලපීමක් නැති උත්තරයි වලට:baffled:.
    යකූ ඔහොම කණ පැලෙන්න නෝන්ඩි දාන්න එපා බන් :dull::rolleyes::frown:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මම මගෙ ලග්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ සින්හලු:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21253281 said:
    කලින් හත්පොලේ ගාගත්තා , දැන් දාහත්පොලේ ගාගන්නයි යන්නේ

    යකූ නිදිමත වැඩි එකා මැක්කො ඉන්න මෙට්ටෙ නෙවෙයි, පේමන්ට් එකේ වුණත් නිදාගනියි. සැපට නිදාගන්න එකා මැක්කො ඉන්න මෙට්ටෙක නිදාගන්නවද බන් ? මෙට්ට වල ඔක්කොම මැක්කො නම් , කනු දෙකක බෙඩ් ශීට් එක ගැටගහගෙන ඒකෙ බුදියගන්නවනේ. :rolleyes:

    එතකොට මැක්කො නිසා නිදාගන්න බැරිවෙනවාය කියන පුරෝකථනේට හුකෑෂ් නේ.:D

    කොණ්ඩෙ බැඳපු චීනෙක් පදනම් කරගෙන ඔහොම පුරෝකථන කෙරුවත් හරියනවට වඩා වරදින ඉඩකඩනෙ වැඩි. මොකද අච්චර මෝඩයා වුණත් චීනා දන්නවා සැපට බුදියගන්න හැටි. [/SIZE]

    අන්න රාල විසින්ම රාලගේ තර්කෙ කඩාගත්ත, ඕකම හරියට හිතුවනන් මෙච්චර කියල දෙන්න වටේ යන්න ඕනේ නෑ.

    නිදිමත වැඩි එකා මොන මෙට්ටේ හිටියත් නිදාගන්නව, එතන ප්‍රධාන සාධකේ මහන්සියට එන නිදිමත. බීල ඉන්න එකා වැස්සේ තෙමි තෙමි හරි නිදාගන්නව. එතන ප්‍රධාන සාධකේ බීමත්කම. ඔය මොකුත් නැති තැන මෙට්ටේ මැක්කෝ ප්‍රධාන සාධකේ වෙන්න පුළුවන්. නින්දට අදාළ සාධක ලොකු ඒවගේ ඉඳන් නිදිමත, කාපු ජාති, මදුරුවෝ, මෙට්ටේ මැක්කෝ එකි මෙකි අනුපිලිවෙලට ඇවිල්ල ඕකේ අග හරියේ නොගිනිය හැකි තරන් දුර තමා හඳ තියෙන්නෙ. සමහරවිට ගෙදර බල්ල රෑ ඇහැරලද කියන එක හඳට වඩා වැදගත් නින්දට.

    එතකොට පට්ට නිදිමතේ ආපු එකාගෙ නින්ද ගැන නිදියන මෙට්ටේ ගැන බලල අනාවැකි කීම වැරදුනා නං, ඒක විහිළුවක් නං, හඳ ගැන බලල අනාවැකි කියපු එකා ඊටත් එහා නන්නත්තාරයි, කුජීතයි නෙ. අඩුගානේ පට්ට නිදිමත උනත් මැක්කෙක් කෑවොත් නැගිටින්න පුළුවන්, බල්ල බිරුවොත් ඇහැරෙයි. හඳ හින්ද ඌ ඇහැරෙයිද ? හත්පොලේ ගාගන්නේ හඳ දිහා බලල අරූගෙ නින්ද ගැන කියන එකාද මෙට්ටේ දිහා බලල කියන එකාද :oo:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    avatar381028_5.gif

    :rofl:

    :P:P:P