ඉදිරියේ රාළ;21248952 said:සීන් එකක් ගිහින්ද , නැත්තම් සීන් එකකට අඩගැහුවද ?

මේක උනේ මීගමුව පැත්තේ කොල්ලො 4 දෙනෙක්ට (නම් ගම් හරියටම කියන් නැත්තේ මුන් තාම ඉන්න නිසා ). මේ කොල්ලො 4 දෙනා එක ලඟ ගෙවල්වල ඉන්න යාලුවෝ 4 දෙනෙක්.මුන් හතර දෙනා ට්‍රිප් එකක් සෙට් කර ගත්තා යන්න.තනියම නෙවේ.යාලුවෙලා ඉන්න කෙල්ලොත් එක්ක.ට්‍රිප යන්න සෙට් කර ගත්තේ කතරගමට. ට්‍රිප් එකට දිනේකුත් දාගෙන යන්න ඔක්කොම ලෑස්ති කරගත්තා.කොල්ලො හතරයි කෙල්ලො තුන්දෙනයි.වෑන් එක්ක එක්ක යන්නේ.වෑන් එක drive කරන කොල්ලගේ කෙල්ලට එන්න විදියක් නෑ ගෙදරින් පොඩ්ඩක් තදයි.
කතාව කිව්වේ drive කරපු එකා.අපි උට දැනට "සමීර" කියලා කියමු.
කට්ටිය කතාකරගත්ත දවසෙ හරියටම උදෙන්ම ගමන පිටත් උනා.පලවෙනි දවසේ රෑ වෙනකොට කතරගමට ගියා.කතරගම එදා රෑ නැවතුනා.නැවතිලා පහුවදා උදෙන්ම ආපහු එන්න ආවා නුවරෙ එලිය පැත්තේන්.එන්න එනකොට උන්ට පරන යාලුවෙක් සෙට් උනා කතරගමින්.ඌ කිව්වා නුවර එලියේ යන්න ඕන නෑ උස්සන්ගොඩ කියලා මරු ප්ලේස් එකක් තියනවා ,එහෙ ගිහිල්ලා රෑ උන්ගේ කලුතර ගෙදර නවතින්න පුලුවන් කියලා.කෙල්ලෝ තුන්දෙනා එහෙන් මෙහෙන් බර බරේ දැම්මත් බෝතල් දෙක්කුත් දාගෙන කට්ටියම උස්සන්ගොඩ ගියා.
උස්සන් ගොඩට යන්න ඕනෙ ප්‍රධාන පාරෙන් හැරිලලු.යනකොට පොඩි කැලයක් වගෙ පහු කරගෙන යන්න යන්නත් තියනවලු.යන අතරමඟ හෝටල් කීපයකුත් තියනවලු.("ලු" දාල කිව්වේ මම එහෙ ගිහිල්ල නෑ.මම කිව්වේ ඌ කියපු මට මතක විදියට.ඔය උඩ තියෙන පින්තූරෙ තියෙන්නෙ උස්සන්ගොඩ. මූද අයිනේ තියන පොට් එකක් ).
මුන් උස්සන්ගොඩ මුහුද අයිනටම ගියා.ගිහිල්ල සෙට් වුනා (බෝතල් තියනවනම් කෙල්ලො මොකටද? ).සමීරය drive කරන්නත් තියන නිසා වැඩිය බිව්වේ නෑ.
කොහොම කොහොම හරි පාටිය හවස් වෙනකන්ම ඇදුනා.ඒ අස්සේ එක ජෝඩුවක් වලි.මේ ඔක්කොම් ඉවරවෙනකොට කලුවර වැටිලත් එක්ක. ගොඩක් රෑ වෙනකන් ඉඳලා තෙරුමක් නැති හින්දා කට්ටිය එන්න ආපහු වෑන් එකට ආවා.වෑන් එකට නැඟලා එන්න හදන්කොට දැනගත්තේ ඒකෙ ලයිට් වැඩ කරන්නේ නෑ.ආපහු කට්ටියම බැහැලා ආපහු ලයිට් හදාගන්න ට්‍රයි කලා ඒත් බැරි උනා. දැන් පට්ට කරුවලයි.තමන් ලඟ ඉන්න එකා පේන්නෙ නැති ගානයි. ආපහු කට්ටිය නග්ගගෙන එන්න හදනකොට සමීරයට ලේ ගඳක් ආවා.මුට හිතුනා බෝතල් කට්ටකට හරි එකෙක් වත් කකුලක් වත් කපාගෙනද දන්නැ කියලා.වාහනේ ලයිටුත් නෑ.ආපහු ඔක්කොම කට්ටිය බස්සවලා ෆෝන් එකේ ටෝච් එකෙන් හැම එකාම චෙක් කරලා බැලුවා.මොකුත් තුවාල නැ.දැන් නම් කෙල්ලො ටික හොඳටම බයවෙලා ඉන්නෙ.එක එක විකාර කියවනවා.සමීරය හොල්මන් අවතාර තියා මෙලෝ යකෙකුට බය නැති ජාතියේ එකෙක්.ඒත් උටත් මේ වෙන සීන් වැඩිය ඇල්ලුවේ නෑ.ලයිට් නැතුව හරි හිමීට හිමීට මහපාරට දාගමු කියලා ආපහු එන්න කට්ටියම වාහනේට නැග්ගා.
සමීරයා වාහනේට නඟිනකොට එක කොල්ලෙක් ලඟට ඇවිල්ල කනට කරල කිවා"මගෙන් ඇයි කියලා අහන්න එපා.මොනවා උනත් වාහනේ නවත්තන්න එපා දිගටම පලයන් කියලා".වාහනේ හිමීට හිමිට මඟක් ප්‍රධාන පාර පැත්තට එද්දි ආපහු ලයිට් වැඩ කරන්න ගත්තා.කට්ටිය බයටත් එක්ක ඇතුලේ ලයිටුත් දාගෙන හිටියේ.සමීරයට ඇතුලේ තියන කන්නාඩියෙන් පිටිපස්සේ උන්ව පේනවා.කෙල්ලො තුන්දෙනා පිටිපස්සෙම සීට් එකේ.කොල්ලො හතරදෙනා(ට්‍රිප් එක ආපු තුන් දෙනයි කතරගමින් සෙට් වෙච්ච එකයි ) ඊට ඉස්සරහා සීට් එකේ ඉන්නවා.
එකපාරටම එක කොල්ලෙක් උඩ ගිහිල්ලා වාහනේ වහලේ වදිලා වැටෙනවා සමීරයා කන්නාඩියෙන් දැක්කා.ඌ අනිත් එවුන් තුන් දෙනා ඌව අල්ලගත්තා.ඒ උනාට ඌ යකා වගේ දඟලනවා.කටින් සෙම දානවා.එතන හිටපු එකෙක් උට පාරවල් දෙකක් දුන්නා.ඌ ඊට පස්සේ සෙට්ල් උනා.
ඌ යන්තං ගොඩ දාගත්ත විතරයි ඌ ලඟ හිටපු අනිත් එකත් දඟලන්න ගත්තා.ඌත් කටින් සෙම දානවා.කෑ ගහනවා.ඒ මදිවට පිටිපස්සේ සීට් එකෙ හිටපු කෙල්ලො බයේ මර ලතෝනි දෙනවා.සමීරයා මොකා උනත් මොලේ තියන එකා.ඌ දිගටම වාහනේ එලෙව්වා.ඌ හිතුවා බැරිවෙලාවත් ඊලඟට සමීරයම වෙවුලන්න ගත්තොත් එහෙම මල ජංජාලයක් වෙනවා කියලා.සමීරයා උපරිම වෙගෙන් වාහනේ මහ පාරට දාලා හොස්පිටල් එකක් හම්බෙනකන් ගියා.දැන් සෑහෙන්න රෑ වෙලා.හොස්පිටක් එකට යනකොටත් අරූ තාම යකා නටනවා.දඟලනවා හූ කියනවා.
හොස්පිටල් එකට ගිහිල්ල මූව ඇඳකින් තිබ්බා.තාම කැ ගහනවා.දඟලනවා. හූ කියනවා. මුට සේලයින් දුන්නා. මූ පිස්සෙක් වගේ අතට ගහල තිබ්බ සේලයින් කට්ට ඇදල අරන් වීසි කරා.ඇඳලග බිත්තියෙත් එක්ක වීසි වෙච්ච ලේ බිංදු.
ඉස්පිරිතාලේ හිටපු ඇටෙන්ඩන් කනෙක් කිව්වා මෙයාට බේත් දීල හරියන්නේ නෑ ලඟ පන්සලක කට්ටඩි හාමුදුර කෙනෙක් ඉන්නවා එයාව ගෙන්නන්න කියලා.සමීරය ඉක්මනට වෑන් එක අරන් පන්සල හොයගෙන ගියා.මහ රෑම පන්සලත් හොයාගෙන හාමුදුරුවන්ට විස්තරෙත් කියලා ඉස්පිරිතාලෙට එක්කගන ආවා.ඊට පස්සේ හාමුදුරුවො අසනීප වෙලා හිටපු එකාට මතුරල නූලක් බැන්දා.
ටික වෙලාවකින් ඌ සන්සුන් උනා.එ උනාට සිහිය තාම මදි.වතුර ටිකක් පොවල පැයක් විතර හියාම උට හොඳටම හොඳ උනා.ඉස්සරලම දඟලපු එකාට කිසි ගානක් නෑ.උට හොඳටම හොඳයි.
හාමුදුරුවො විස්තරේ ඇහුවා මොකද උනේ කියලා.ඊට පස්සේ වෑන් එකෙ ගියපු ඔක්කොටම නූල් බැන්දා.බැඳලා කිව්වා දවස් 7ක් යන්න කලින් සාත්තුවක් කරගන්න එහෙම නැත්තම් නූල බැඳපු එකෙන් වැඩක් නෑ කියලා.ඔය ඔක්කොම ඉවරවෙනකොට පාන්දර වෙලා.ඊට පස්සේ කලුතර එකාවත් ගෙදරින් බස්සගෙන කට්ටියම ගෙදර ආවා.
ඇවිල්ලා දවස් දෙක තුනක් යනකොට කට්ටියටම සීන් එක වැඩි ගානක් නෑ.ආපහු ඔහෙ හිටිය වගෙ ඉන්නවා.ඔහොම ඉඳලා හරියටම සතියක් යනකොට ආපහු අර අසනීප වෙච්ච එකා ආපහු හූ තියාගෙන මර ලතෝනි දෙන්න ගත්තා.හොඳ වෙලාවට උගෙ ගෙදර හිටියේ ඌ විතරයි.පවුලෙ කට්ටිය ඉන්නේ ඉතාලි.කොල්ලො සෙට් එක ඌව ගෙදර තියලා කට්ටඩියෙක් ගෙන්නුවා.කට්ටඩියට විස්තරේ කිව්වා.
කට්ටඩියා කිව්ව යකෙක් වැහිලා ඉන්නේ , කුකුලෙක් බිල්ලට දීලා ශාන්ති කර්මයක් කරන්න ඔන කියලා.ඔන ඔක්කොම බඩු ලෑස්ති කරලා වටේ පිටේ අයට හොරෙන් කොල්ලො ටික විතරක් ශාන්තිකර්මෙ සෙට් කලා.
කට්ටඩියා පහන් තියලා මතුරනකොට අරූ හූ තියනවා.ඊට පස්සෙ කට්ටඩියා කොල්ලගේ කොන්ඩෙන් අල්ලලා දෙක තුනක් ගැහුවා.
"තෝ කවුද?"කට්ටඩියා ඇහුවා.
"කලු යකා."
"තෝ මොකද මේ නරයගෙ ඇඟට රිංගල ඉන්නේ " කට්ටඩියා මුට ගගහා අහනවා.
"මුන් මගේ අඩවියේ හිටියේ"
"තොට මේ නරයගෙ අඟෙන් යන්න මොනවද ඔන"
"බිල්ලක් දීපිය" කොල්ල කෑ ගහනවා.
"සැවුල් බිල්ලක් දුන්නොත් තෝ යනවද"
"බැ.."
"මම තෝව සැවුල් බිල්ලත් නැතුව එලවන්නද නත්නම් සැවුල් බිල්ල අරන් යනවද?"
"සැවුල් බිල්ල් දීපිය"
"සැවුල් බිල්ල ගත්තට පස්සේ මේ නරයගේ සරීරෙට රින්ගන්නැ කියලා සත්ත කරපිය"
"සත්තයි"
කට්ටඩියා එයා දන්න දේවල් වලින්කොහොම හරි කුකුල් බිල්ලට යකා එලවන්න වැඩේ ගොඩ දා ගත්තා.කුකුලා කොල්ලගේ අතට දුන්නා.ඊට පස්සේ සීන් එක සමීරයගෙම වචන වලින් කියනවනම් මෙහෙමයි.
"මචන් පොඩිකාලෙ ඉඳන් තම්න් එක්ක එකට හිටපු එකෙක් තමන්ගෙ ඇස් ඉස්සරහ පනපිටින් ඉන්න කුකුලෙක් අත්දෙකට අරන් උගේ බෙල්ල හපද්දි මොකද හිතෙන්නේ කියපන්.ඌ කුකුලගේ බෙල්ල අඹරලා ලේ එනකන් හැපුව බං .කට වටේ ලේ ගෑවිලා එව්වගෙ පොඩි පිහාටු කෑලි ඇලිලා.පිස්සු හැදෙනව බං."
කුකුල මැරෙනකන්ම අරූ කුකුලගේ බෙල්ල හපලා.කුකුලා මැරෙනකොට කොල්ලත් කලන්තේ දාල වැටුනා.සිහිය ආවට පස්සෙ උට හොඳයි.ඒ උනාට උට කිසිම දෙයක් මතක නෑ.
.
පසුවදන:
සමීරය පස්සේ අනික් කොල්ලගෙන් අහල තිබ්බා උස්සන්ගොඩ ඉඳල එන්න හදද්දි මොනව උනත් වාහනේ නතර කරන්න එපා කිව්වේ ඇයි කියලා.ඌ කියල තිබ්බේ කොච්චර කරුවලේ උනත් ඌ දැක්කලු කොට කලු මිනිහෙක් උට එන්න කියල අතවනනවා.
මේ සිද්දියට ලක් වෙච්ච සෙට් එකෙන් සමීරය ඇරෙන්න අනිත් උන් ඔක්කොම කතෝලික.උන් ඔක්කොම අවුරුදු 28 වඩා බාලයි.ඔය ඔක්කොම සෙට් එක පිටින් (සමීරයත් එක්ක ) ගිය මාසේ ඉතාලි ගියා. අය නිවාඩුවකට වාගේ එන්න හිතුනොත් ඇරෙන්න ලංකාවට එන එකක් නෑ කියලාතමා කිව්වේ.
ආයේ සැරයක් මම මේ කියන්නේ මේක් ඇහුවට පස්සේ මටත් පොඩ්ඩක් විරිත්තිලා හිටියේ.මොකද මම් දන්නවා සමීරය කයිවාරුකාරයෙක් නෙවේ කියලා.ඌ මේක කාටවත් කියන්න එප කියලත් කිව්වා.ඒ උනාට ඉතාලි ගියාට පස්සේ මේක ලිව්වට කමක් නැද්ද කියලා අහපුවාම ඔනනම් ලියපන් කියලා කිව්වා.ඒකයි ලිව්වෙ.
උපුටාගැනීමකි


මේ සිද්ධිය මට කිව්වෙ ආමි එකේ අපේ අයියා කෙනෙක් එයා දැන් හමුදාවේ නැහැ සිද්ධිය වෙද්දි මෙයා ඉදලා තියෙන්නෙ මාදගල් කියන පැත්තෙ පොඩි කෑම්ප් එකක (ඒක තියෙන්නෙ යාපනේ) ඉතින් මේ කැම්ප් එක ගම්මානෙකටත් ටිකක් කිට්ටුව තමයි තිබිලා තියෙන්නෙ .. ඉතින් මෙයාලගේ ඩියුටි පැටර්න් එකක් තියෙනවා ඒක නිකන් ශිප්ට් එකට වගේ පැය 4ක් වැඩ 8ක් ඕප් ... ඉතින් මෙහෙම ඩියුටි කරද්දි එක පොයින්ට් එකක් තියෙනවළු ටිකක් පාළුවට ගිය ඒක ගන්රෑක් එකක් ඒ කියන්නෙ කණු 4ක් උඩ තියෙන අට්ටාලයක් වගෙ එකක් ඒකට නගින් ඉනිමගක් තියෙනවා .. ඒක එයා එතන ඩියුටි වැටුන පළවෙනි දවසලු පාන්දර 12-4 ඩියුටි එක.. ටෙරා කළබලත් තිබ්බ නිසා පොඩ්ඩක්වත් ඇහැ පියවෙන්නෙවත් නෑලු කොහොම හරි පාන්දර 1 වගේ කිට්ටු වෙද්දි හුලග එහෙමත් ටිකක් අමුතුයි වගෙලු ඒ එක්ක එයාට දැනෙනවලු කවුරැහරි පඩිපෙල නගිනවා වගේ ඒත් බැලුවට කවුරුත් නැහැලු.. සමහර වෙලාවට තල් වැට දිගට අතින් ඇදගෙන යනවා වගේ ඇහෙනවලු මෙයා මේක එච්චර හිතලා නැහැ.. ඩියුටියත් ඉවරවෙලා සාමාන්‍ය විදියට ඉදලා හැබැයි වෙන තැන්වල ඩියුටි කලාට එහෙම නෑලු දවසක් ඒත් පාන්දර වොච් එකකදි මෙයාට පොඩ්ඩක් ඇහැ පියවුනාලු මහන්සියට ඒත් එක්කම කවුදො අතක් ති්බ්බලු පිටට මෙයා ගැස්සිලා බැලුවත් කවුරැත් නැහැලු .. මේ සීන් එකෙන් පස්සෙ මිනිහා ටිකක් බය වෙලා මේක තව කෙනෙක් අතින් කව්වලු ඒ පාර ඒ අයියත් කිව්වලු මේ වගේ සීන් ඒ පොයින්ට් එකේ තියෙනවා සමහරැ ඔතන ඩියුටිය කියලා අයින් කරගන්නවා අලුත් අය ආවම ඒ අයට මේ ගැන කියන්න එපා කියලලු තියෙන්නෙ .. පස්සෙ අයියා අහලා ඉතින් එතන එහෙම තියෙන්නෙ ඇයි කියලා .. යුද්දෙ දරැනුවටම ගිය දවස්වල ටෙරා ඇවිත් ඩියුටි හිටිය කෙනාගෙ බෙල්ල කපලා ඒත් ඒ හමුදාවේ අයියා ටෙරා තල්ලු කරලා දාලා කොහොම හරි පයර් කරලා ඒත් එක්කම ඇතුලේ හිටිය අයත් ඒ පැත්තටම පයර් කරලා ටෙරා පැනලා කියලා හිතලා කොහොම හරි පයර් එක නිසා තමයි අර අයියා නැතිවෙලා තියෙන්නෙ .. ඉතින් ඊට පස්සෙ තමයිලු ඒ පොන්ට් එකේ ඔය වගේ සිද්ධි වෙන්න පටන්ගෙන තියෙන්නෙ...සමහරැනම් දැකලත් තයෙනවලු එතන කවුරැහරි ඉන්නවත්.. අපේ අයියා කියපු විදියට එදායින් පස්සෙ තමයිලු ඌත් හොල්මන් විස්වාස කරන්න ගත්තෙ.. මේ සිද්ධිය ඇදිලා ආවෙත් මට හොල්මන් පේනව කියලා අපේ අම්මා එයාලා අපේ ගෙදර ආව දවසක කිව්වට පස්සෙ...හයියූදාපන් සුදා
![]()
මේ සිද්ධිය මට කිව්වෙ ආමි එකේ අපේ අයියා කෙනෙක් එයා දැන් හමුදාවේ නැහැ සිද්ධිය වෙද්දි මෙයා ඉදලා තියෙන්නෙ මාදගල් කියන පැත්තෙ පොඩි කෑම්ප් එකක (ඒක තියෙන්නෙ යාපනේ) ඉතින් මේ කැම්ප් එක ගම්මානෙකටත් ටිකක් කිට්ටුව තමයි තිබිලා තියෙන්නෙ .. ඉතින් මෙයාලගේ ඩියුටි පැටර්න් එකක් තියෙනවා ඒක නිකන් ශිප්ට් එකට වගේ පැය 4ක් වැඩ 8ක් ඕප් ... ඉතින් මෙහෙම ඩියුටි කරද්දි එක පොයින්ට් එකක් තියෙනවළු ටිකක් පාළුවට ගිය ඒක ගන්රෑක් එකක් ඒ කියන්නෙ කණු 4ක් උඩ තියෙන අට්ටාලයක් වගෙ එකක් ඒකට නගින් ඉනිමගක් තියෙනවා .. ඒක එයා එතන ඩියුටි වැටුන පළවෙනි දවසලු පාන්දර 12-4 ඩියුටි එක.. ටෙරා කළබලත් තිබ්බ නිසා පොඩ්ඩක්වත් ඇහැ පියවෙන්නෙවත් නෑලු කොහොම හරි පාන්දර 1 වගේ කිට්ටු වෙද්දි හුලග එහෙමත් ටිකක් අමුතුයි වගෙලු ඒ එක්ක එයාට දැනෙනවලු කවුරැහරි පඩිපෙල නගිනවා වගේ ඒත් බැලුවට කවුරුත් නැහැලු.. සමහර වෙලාවට තල් වැට දිගට අතින් ඇදගෙන යනවා වගේ ඇහෙනවලු මෙයා මේක එච්චර හිතලා නැහැ.. ඩියුටියත් ඉවරවෙලා සාමාන්‍ය විදියට ඉදලා හැබැයි වෙන තැන්වල ඩියුටි කලාට එහෙම නෑලු දවසක් ඒත් පාන්දර වොච් එකකදි මෙයාට පොඩ්ඩක් ඇහැ පියවුනාලු මහන්සියට ඒත් එක්කම කවුදො අතක් ති්බ්බලු පිටට මෙයා ගැස්සිලා බැලුවත් කවුරැත් නැහැලු .. මේ සීන් එකෙන් පස්සෙ මිනිහා ටිකක් බය වෙලා මේක තව කෙනෙක් අතින් කව්වලු ඒ පාර ඒ අයියත් කිව්වලු මේ වගේ සීන් ඒ පොයින්ට් එකේ තියෙනවා සමහරැ ඔතන ඩියුටිය කියලා අයින් කරගන්නවා අලුත් අය ආවම ඒ අයට මේ ගැන කියන්න එපා කියලලු තියෙන්නෙ .. පස්සෙ අයියා අහලා ඉතින් එතන එහෙම තියෙන්නෙ ඇයි කියලා .. යුද්දෙ දරැනුවටම ගිය දවස්වල ටෙරා ඇවිත් ඩියුටි හිටිය කෙනාගෙ බෙල්ල කපලා ඒත් ඒ හමුදාවේ අයියා ටෙරා තල්ලු කරලා දාලා කොහොම හරි පයර් කරලා ඒත් එක්කම ඇතුලේ හිටිය අයත් ඒ පැත්තටම පයර් කරලා ටෙරා පැනලා කියලා හිතලා කොහොම හරි පයර් එක නිසා තමයි අර අයියා නැතිවෙලා තියෙන්නෙ .. ඉතින් ඊට පස්සෙ තමයිලු ඒ පොන්ට් එකේ ඔය වගේ සිද්ධි වෙන්න පටන්ගෙන තියෙන්නෙ...සමහරැනම් දැකලත් තයෙනවලු එතන කවුරැහරි ඉන්නවත්.. අපේ අයියා කියපු විදියට එදායින් පස්සෙ තමයිලු ඌත් හොල්මන් විස්වාස කරන්න ගත්තෙ.. මේ සිද්ධිය ඇදිලා ආවෙත් මට හොල්මන් පේනව කියලා අපේ අම්මා එයාලා අපේ ගෙදර ආව දවසක කිව්වට පස්සෙ...


අම්මෝ බයේ බෑ. අලුත් කතා නැද්ද ආයේ? දන්න අය තව කතා දාන්නකෝ.
