එළකිරි භූත කොටුව.........

Ediriges

Banned
Feb 26, 2017
162
18
0
මචන්ලා මට දැන් අවුරුදු 4ක විතර ඉඳලා රෑට මගේ ඇඟ හිරෙනවා නිකන්ම. ඒ කියන්නේ උදේ බලනකොට ඇඟේ සමහර තැන් හිරිලා හොඳටම. පිට, පපුව පැත්ත තමි වැඩියෙන්ම හිරෙන්නේ. අත් කකුල් එහෙමත් හිරෙනවා. මගේ අතේ නියපොතු නැහැ මම හපන්න පුරුදු වෙලා ඉන්න නිසා පොඩි කාලේ ඉඳලම. ඒ නිසා මට හිතාගන්න බැහැ කොහොමද මෙහෙම හිරෙන්නේ කියල. කලින් බෝඩින් එකේ ඉන්නකොටත් හිරුණා. එතකොට ඔෆිස් එකේ රැ ඉන්න දවස් වලටත් හිරිලා තියනවා ඒ වගේම. දැන් ගෙදරක් අරන් ඉන්නේ එහෙදිත් හිරෙනවා. හැමදාම එහෙම වෙන්නේ නැහැ සතියකට දෙපාරක් වගේ හිරෙනවා. උදේට නානකොට තමයි හොයාගන්නේ හිරිලා කියලා, මොකද ඒ තැන් දන්න ගන්නවා හොඳටම. මම ඩෙනිම් එකක් වගේ ඇඳගෙන නිදාගත්තත්, කකුල් හිරෙනවා ඇතුලෙන්. මට හිතාගන්න බැහැ. මෙච්චර කාලෙකට හිරුණා කියල මම දැනගන්නේ උදේට, එත් දැන් දවස් 3කත විතර කලින් අපේ බෝඩින් එකේ සෙට් එක BBQ පාටි එකක් දැම්මා. බීර් ටිකාකුත් ගෙනල්ලා තිබ්බේ. BBQ දාන ගමන්ම බීර් ටික බිව්වා. අපි BBQ එක දාන තැනම තමයි පුටු තියාගෙන ඉඳගෙන බිව්වේ. පස්සේ මම ඉඳගෙන ඉන්නකොට එක පාරටම මට තේරුණා මගේ පපුව හරියේ දානවා වගේ. බලනකොට ඒ ටිකට මගේ පපුව හිරිලා නිකන්ම. මම බය උනා බන් එක පාරටම. මට හිතාගන්න බැහැ මොකද්ද වෙන්නේ කියල බන්. දන්නා එකෙක් ඉන්නවා නම් මේකට උත්තරයක් හොයලා දීපල්ලකෝ.

ubata pissu hadenna enne. :sorry::sorry:
 

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    machan mekai bn seen uba aga athule kwru hari innwa nathnm uba wate mala giya peretha athmayak tynwa bn ekai oya

    අනේ මන්ද බන් මට හිතාගන්න බැහැ. ඕක මොකද්ද කියල හරියට දැනගන්න විදිහක් නැද්ද බන්

    ubata pissu hadenna enne. :sorry::sorry:

    පිස්සු ගැන කතා කරොත් දැනටමත් පිස්සු තමයි බන් :nerd:;)
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ මන්ද බන් මට හිතාගන්න බැහැ. ඕක මොකද්ද කියල හරියට දැනගන්න විදිහක් නැද්ද බන්



    පිස්සු ගැන කතා කරොත් දැනටමත් පිස්සු තමයි බන් :nerd:;)

    ඹවගේ ලෙඩක් ගැන මම පොතක කියවල තියනවා... තමා තමාවිසින්ම තමයි ඒකෙනන් හුරගන්නේ... එක මානසික රොගයක් බන්, උඹ කැමතිනන් සයිකොලොජිස්ට් කෙනෙක්ට පෙන්නහන්...:yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පට්ටම නූලක්. . . මේකේ කතා දාන හැමේටම ස්තූතියි. . .


    මෙක මගේ මිතුරකුගේ සත්‍ය කතාවක්.

    රත්නපුර නගරයට යාබද, සුන්දර පරිසරයක ප්‍රධාන මාර්ගයට යාබද අක්කර 8ක ඉඩම. ප්‍රධාන මාර්ගයට මීටර් 200 වගේ දුරින් ගේ. ගෙදරට විශාල කාමර 6, විශාල විවෘත අාලින්දය. වලව්වක් වගේ විශාල, ගාම්භීර ගේ. ප්‍රදේශයේ වැදගත් යමක් කමක් අැති උදවිය. වතු-පිටිවලින්ම වැඩි මහන්සියක් නැතිව හො‍‍ද‍ අාදායමක් ඒනවා. ඒ් නිසාම මූ වැඩිය ඉගෙනගත්තේ නෑ. අව්. 25 වෙනකොටම 2002දී බැන්දා. මුගේ අම්මා මීට අව්. 8 කට විතර කලින් නැතිවුනා. තාත්තා විතරයි හිටියේ. බැදලා අව්. 3 කට ලංවෙනකොට පළමු දරුවා ලැබුනා. හරිම ලස්සනට ජීවත් උනා.

    දරුවා ටික ටික ලොකු වෙන කාලේ. හැමදාම නයෙක් මේ නිවස අසල සැරි සරනවා. කාටවත් කරදරයක් නෑ. කව්රුහරි ගෙයින් ඒලියට බැස්ස ගමන් නයා යන්න යනවා. මේ නයා දරුවා දිහා බලාගෙන ඉන්නබව ටිකෙන් ටික හැමෝටම වැටහුනේ දරුවා දණගාන කාලය අාවමයි. දරුවා ටිකක් දගකාරයි. වේගයෙන් දණගානවා. ගේත් විශාල නිසා ඉස්සරහා ඉදලා පිටුපසටම දණගාගෙන යනවා.

    දරුවා නිවස ඉදිරියට යනකොට නයා ඉස්සරහා මිදුලේ. කුස්සිය පැත්තට යනකොට උෟ පිටිපස මිදුලේ. දරුවා කාමරේ ඉන්න වෙලාවට නයා කාමරය ලගම අඹ ගහ යට.

    දවසක් මගේ මිත්‍රයා වෙළද කටයුත්තකට කොළඹ අැවිත්. ඒදා වත්තේ වැඩ කරන කෙනෙක් මොකක් හරි අවශ්‍යතාවයකට මේ ගෙදරට අැවිල්ලා තියෙනවා. මිනිහා ඒනකොට අර දරුවා ගේ ඉදිරිපස දොරට සවිකරලාතියෙන පොඩි වැට (දරුවාට ඒළියට යන්න බැරිවෙන්න උලුඅස්සට ගහලා තියෙන වැට) ලග ඉදලා තියෙනවා. ඒ් ලගම ගෙයින් ඒළියේ නයා. මිනිහා මේක දැක්ක ගමන් ලගම තිබුන උදැල්ලක් අරන් නයාට ගහලා, නයාට හිතාගන්නවත් වෙලාවක් නොතියා. මගේ මිත්‍රයා ගෙදර ඒනකොට නයාගේ අවසන් කටයුතුවල අවසන් අදියර. අාදාහනය කරනවා. කරන්න දෙයක් නෑ. ස්තුති කරලා ඒ් මනුශ්‍යයාගේ අවශ්‍යතාවයත් ඉටුකරලා යවලා තියෙනවා.

    ඊට පස්සේ ටිකෙන් ටික ගෙදර තත්වය වෙනස්වෙන්න පටන් අරන්. ගෙදර කල ඒළිය අඩුවෙලා. නිතරම අදුරු බවක් තමයි පේන්න තියෙන්නේ. ගේ අැතුලෙන් පොඩි පොඩි සද්ද අැහෙන්නත් පටන් අරන්. මගේ මිත්‍රයාගේ බිරිදට මේවා ගානක් නැති නිසා මගේ මිත්‍රයාත් ප්‍රශ්නයක් කරගන්න ගිහින් නෑ.

    මෙයාලා ගෙදර ඉස්සරහා ඉන්න වෙලාවක අැහිලා තියෙනවා ගෙදර කුස්සිෙය් අැලුමේනියම් වලන් අැතිලි පෙරලෙන සද්දයක්. ගිහින් බලලා තියෙන්නේ කෑම කන්න අාව පූසෙක් පෙරලන්න අැති කියලා. ඒ්ත් බලනකොට පෙරලුනු කිසි දෙයක් නෑ. මිත්‍රයාගේ බිරිද ගෙදර දරුවා ඒක්ක ඉන්න වෙලාවක ගේ අැතුලේ කිසියම් කෙනෙක් අැවිදගෙන ඒනවා අැහිලා. කාමරය ලගට ඒනකම්ම හොදට අැහිලා. ඒ්ත් ගිහින් බලද්දි කව්රුත් නෑ. මේ දේවල් ඒක පාරක් නෙමෙයි නිතරම වෙනවා. දවසකට 10-12 වතාවක්. ඒක ඒක විදියට.

    දවසක් මිත්‍රයාගේ වෙනත් මිත්‍ර පිරිසක් පවුල් පිටින් රත්තපුර අාපු වෙලාවක මේ ගෙදර නතරවෙලා තියෙනවා. ඒ් අයටත් මේ සද්ද අැයිලා ගිහිල්ලා බලලා. සද්ද අාපු විදිය හිතාගන්නවත් බරිවෙලා. ඒදා රෑ නින්ද ගිහිල්ලත් නෑ. අායෙ පැත්තෙවත් ඒන්නේ නෑ කියලා තමයි පහුවදා උදෙන්ම පිටත් වෙලා තියෙන්නේ.

    මගේ මිත්‍රයාගේ මිත්‍රයෙක් මාර්ගයෙන් මේ අය සාස්තර කියන තැනකට ගිහින් තියෙනවා. ඒතනදි මෙයාලා අහන්නත් කලින් කියලා, නයෙක් මැරුවා නේද, ඒ් මේ වත්තේ මුල් අයිතිකාරයෙක්වන මගේ මිත්‍රයා දැකලාවත් නැති මීමුත්තෙක්, මගේ මිත්‍රයාගේ දරුවා අාරක්ෂාකරගෙන ඉදලා තියෙන්නේ මේ ඉඩ කඩම් ඒයාට අයිති වෙනවා දකින්න. නමුත් මේ නයා මැරෙන වෙලාවේ අැතිවුන වෙෙරය සහ දුක නිසා ඒයා අමනුශ්‍යයෙක් වෙලා ඉපදිලා. දැන් මේ ගෙදරම ඉන්නවා. ඒයාගෙන් ලොකු කරදරයක් නෑ කියලා. ඒ්ත් ගෙදර අාදායම් අඩුවෙලා, කරදර ටික ටික ඒන්න පටන් අරන්. පොඩි පොඩි ශාන්තිකර්ම ටිකක් කරලා. ඒ්වා කලාම ටික දවසක් හොදයි, අායෙත් පටන්ගන්නවා. ඉතින් මේ අය ටික කාලයක් ඔහොම ඉදලා දැන් කොළඹ අැවිත් ඉන්නවා. ඒ් ගෙවල් වහලා දාලා.

    (කෙටියෙන් කෙටුවේ හොදද මන්දා. . .)


    :yes::yes:
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Bump. Mamath me thread eken passe thama holman wiswasa karanna patan gaththe. Thank u so much robert aiya and every one.
     

    Scorpion_ALK

    Junior member
  • Feb 28, 2016
    31
    1
    8
    ඉවරායි.... පිටු 328 කියෙවුවා..... පට්ට... අර මොකක්ද කතාවක් බාගෙට ලියල තිබ්බ.. අන්න ඒකෙ ඉතුරු ටික දාපන්කෝ..... අර පන්සලෙ මතුර මතුර ඉදපු සීන් එකෙ ඉතුරු ටික....
    කෝම හරි තැන්ක් යූ රොබොට් අයියා....
     

    Scorpion_ALK

    Junior member
  • Feb 28, 2016
    31
    1
    8
    ඉවරායි.... පිටු 328 කියෙවුවා..... පට්ට... අර මොකක්ද කතාවක් බාගෙට ලියල තිබ්බ.. අන්න ඒකෙ ඉතුරු ටික දාපන්කෝ..... අර පන්සලෙ මතුර මතුර ඉදපු සීන් එකෙ ඉතුරු ටික....
    කෝම හරි තැන්ක් යූ රොබොට් අයියා....

    ඔන්න ගොඩ කාලයකට පස්සේ කථාවක් ලියන්න යන්නේ යාලුවෙකුගේ ඉල්ලීමක් නිසා..මේ කථාවේ සත්‍ය අසත්‍යාතාවය හොයන එක පැත්තකට තියලා කථාව රසවිදින්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. මේ සිදුවීම උනේ දැනට අවුරුදු ගානකට කලින්. නෙහෙනම් අවසරයි !!!!!
    එදා ගොඩක්ම පෑවිල්ල තිබුනු දවසක්.. අව්ව තදේටම තිබුනා..ගේ අතුලේ ඉන්න බැහැ එච්චරටම රස්නෙයි. ඉතින් පොඩ්ඩක් එලියේ හුළං වදින්න ගහක් යටට වෙලා වඩිවෙලා ඉන්න කොට, ඈත ඉදන් කවුද අපේ පැත්තට එනවා දැක්කා. ලගට එනකොටයි හරියට අදුර ගත්තේ ඒ වෙද ආතා කියලා. වෙද ආතා කියන්නේ ගමේ කාගේත ආදරය වගේම බොහෝම ගෞරවයට පාත්‍ර උන කෙනෙක්. ඒ වගේම දක්ෂ වෙදමහත්තයෙක්, මන්ත්‍රකර්ම වලටත් බොහෝම දක්ෂයෙක්....
    .....".....ළමයෝ කෝ සීයා නැද්ද....
    ..."...ඉන්නවා සීයේ.. වාඩිවෙන්න මං කථා කරන්නම්...."....
    මම සියට පණිවිඩේ දීලා සියගේ පස්සෙන්ම වෙද ආතා ලගට ආවා. වැඩිහියන් කථා කරන තැන පොඩි අය ඉන්න හොද නැති නිසා ටිකක් මග ඇරලා පැත්තකට වෙලා රබර් ඇහැ දාන් බලන් හිටියා. වෙද සීයා බෑග් එකට අත දාලා මොකක්ඩ කුප්පියක් අරන් සීයගේ අතට දෙනවා මම දැක්කා...වෙද සීයා වැඩි වෙලාවක් ඉන්නේ නැතුව ඉක්මනට ගියා. මාත් සීයගේ පස්සෙන්ම කැරකුනා මොකක්ද මෙතන වෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න. ඒත් කිසිම දෙයක් මට හොයා ගන්න බැරි උනා. මෙහෙම දවස් දෙකක් ගෙවිලා ගියා. මගේ මතකය හැටියට ඒ දවස පෝය ලබන්න දවස් තුනක් හෝ පහක් කලින් වගේ, එදා බ්‍රහස්ප්‍රතින්දා දවසක්..සීයා වෙනදටත් කලින්ම උදේ වැඩ ටික ඉවර වෙලා හන්සි පුටුවට වෙලා කල්පනා කර කර හිටියේ. මාත් ඒ පැත්තට ගියා පොඩි වැටක් දාන්න සීයත් එක්ක.
    ....."....ආ උඹ නැගිට්ටද?.... උදේට කන්න කලින් පොඩි වැඩක් තියෙනවා කරන්න.. සදුන් කිරි පැන් කලයක් මන් ලෑස්ති කරලා තියෙනවා. අතුලෙන් ඒක අරන් කිලිහරනයට මතුරලා ඉහලා දාපං....මං යනවා පොඩ්ඩක් එළියට උඹ ගෙදරින් එළියට යනවා නෙමේ. මං එනකල් ඉඩමේ සීමාවෙන් යන්න නැතුව හිටපන්........"..........
    සීයා ගෙදරින් එළියට යනකල් ඉදලා ම/න් මට භාරදුන්න වැඩේ අකුරටම ඉටුකලා.. සීයා ආපහු ගෙදර එනකොට දවල් එකත් පහු වෙලා. ඒ අවේත් නිකන් නෙමේ, අත් දෙකේම ලොකු බෑග් දෙකක් අරන්...පස්සේ සියා පුටුවේ වාඩි වෙලා මටත් වාඩි වෙන්න කිව්වා. ඒ කියපු හැටියටම මං දන්නවා මොකක් උනත් ලොකු අවවාදයක් වගේම වටිනා දෙයක් කියන්න හදන්නේ කියලා. මාත් ඉතින් ඒකට ලෑසිතිවෙලාම වාඩි උනා...
    ...."....පුතේ හෙට අපිට කරන්න පොඩි වැඩක් තියෙනවා. උඹටයි මටයි. මේකට උඹ පොඩි වැඩියි කියලත් හිතෙන්වා. මේක ටිකක් අවදානමකුත් තියෙන වැඩක්. මට වෙන කෙනෙක් අරන් ගිහින් මේ වැඩේ කලොත් හැමෝම මේක ගැන දැනගන්නවා.මේක රහසක් විදිහටත් තියෙන්න ඕන දෙයක්. උඹට පාඩමේ තියෙන ආරක්ෂාවල් ඇති උඹේ ආරක්ෂාවට, උඹ වැඩි පදගහන්නේ නැතුව මං කියන විදිහට ඉන්න ඕන..තේරුනාද...?...."......
    .......".....හරි සීයේ. සීයා ලග ඉන්නවානම් මං මොකද බය වෙන්නේ........"......
    මං එහෙම කිව්වා ගමන් සීයා ඇස් කරකවලා මන් දිහා බැලුවා. ඒ බැල්මේ තිබුනේ උඹ මාව මුරුංගා අත්තේ තියන්වා වගේ හැගීමක්. ඒත් මං ඒක හිතට එකගව අවංකවම කිව්ව දෙයක්. මොකද සීයා එක්ක මේ වගේ වැඩ වලට මං කලින් ගිහින් තියෙන අත්දැකීම් එක්කයි ඔහුගේ දැනුම ගැනත් මට සැකයක් තිබුනේ නැති නිසා.
    ..............."...........ඒත් පුතේ මෙතනදී උඹේ ආරක්ෂාව උඹටම තමයි බලා ගන්න වෙන්නේ..මං නිකමට හරි ජීවමේදී නැගිට්ටොත් ගුරුකම අහෝසි වෙනවා.උඹට තියෙන්නේ මං කියන විදිහට මගේ ලගට වෙලා ඉන්න එක විතරයි........"...................
    සීයා එහෙම කියාගෙන නැගිටලා යන්න ගියා. මං මලු දෙක අතුලේ මොනවහ්ඩ තියෙන්නේ කියලා බලන්න ඇදලා බැලුවා..පළතුරු, කැවිලි, සම්බ්‍රනී, දුම්මල, වැනි දෑ වලින් මල්ල පිරිලා තිබුනේ. බඩු දැක්කම තමයි තේරුනේ වැඩේ පොඩි දෙයක් නෙමේ කියලා. හවස් වරුවේ සීයා පන්සල පැත්තට ගිහින් එන්නම් කියලා ගියා. ඊට පස්සේ මේ ගැන කථාවක් ඇති උනෙත් නැහැ. රෑ සියා සීයාගේ පරණ පොත් ටිකක් පෙරලලා මන්ත්‍ර කීපයක් නැවත් මතක් කරගන්නවා වගේ දෙයක් කලා. ඒදා වැඩිය රෑ වෙන්නේ නැතුව මං නිද ගත්තා.
    පහුදා මං නැගිටිනකොට සීයා ගෙදර හිටියේ නැහැ. සියා අවේ ටිකක් දවල් වෙන්න වගේ. මං ආපු ගමන් අහුවේ කෝහෙද ගියේ කියලා.
    ......".....මං ගියා පන්සලට, ලොකු හාමුදුරුවෝ හම්බවෙන්න. උන්වහන්සේ අවසර දුන්නා........"........
    මුලක්, මැදක්, ඇගක් තේරුම් ගන්න බැරිව හිටියේ මං.
    ....."......ඒ මොකටද...?......".........
    සියා ටික උත්තර නොදීම කාමරෙට ගියා. ටික වෙලාවකින් අවේ පරණ පොතක් අරගෙන..
    ....".....මෙහෙට වඩිවියන්කෝ..මට තියෙන ලොකු කථාවක් කියන්න.. අද අපිකරන්න යන වැඩේ බොහෝම වැදගත් වැඩක්. මං මේක මීට කලින් තනියම එකපාරයි කරලා තියෙන්නේ. හැබයි මගේ ගුරුන්නන්සේ දෙපාරක්ම කරලා තියෙනවා, ඒ දෙපාරම මං අතුදව්වට ලග ඉදලත් තියෙනවා. ඒ හින්දා මට විශ්වාසයි මට මේක තනියම කරන්න පුලුවන් කියලා........".........
    සියා තනියම කරන්න යන වැඩේ මොකක් උනත් ලොකු විශ්වාසයකින් වැඩේට අතගහන්න යන්නේ කියලා මට තේරුනා. විශ්වාසය කියන දේ මේ ගුප්ත විද්‍යාවට අවශ්‍යම දෙයක්.
    ......".....හරි සීයේ. මං සියා කයන දෙයක් කරන්නම්, ඒත් දැන් හාමුදුරුවන් හම්බෙන්න ගියේ ඇයි.?.....".......
    ........"........ හාමුදුරුවන් හම්බෙන්න ගියේ බං අවසරය ගන්න, බෝමැඩ ඉදන් තමයි මේ වැඩේ කරන්නේ. රෑ 9 පස්සේ පන්සලට එන්න කිව්වා.මං හාමුදුරුවන්ට විස්තරේ කිව්වා. උන්වහන්සේ මේ ගැන කාටවත් කියන්න යන්නේ නැහැ..........".........
    ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් හා සීයා අතර තිබුනේ බොහෝම සමීප ඇසුරක් තිබුනේ.
    ......"......ඇත්තටම මොකක්ද සීයේ අපිකරන්න යන්නේ.......".....
    වේලාව බලලා මන් ප්‍රශ්නය දැම්මා ඉස්සරහට. අපායට යන්න උනත් දැනන් ඉන්න එක වටිනවනේ කියලා...සීයා කථා නොකර කාමරයට ගියෙන් පොඩි තෙල් කුප්පියක් අරන් ආවා..
    ........"......පුතේ උඹ දන්නවද මේ මොකක්ද කියලා.....මේ තමයි @#$# කියන තෙල (තෙලේ නම මතක නැහැ, grin emoticon ඒ නිසා ඒ ගැන අහන්න එපා මගෙන්) මන් හිතන් ඉන්නේ මේක ජීවම් කරලා තියා ගන්න.........."...........
    තෙල් කුප්පිය අතට අරන් බලන්නත් බය හිතුනා. හැබැයි ලා නිල් පාටට හරි කොල පාටට හුරු වර්ණයක් තමයි මට පේන්න තිබුනේ..ඒදා වෙද සියා මේක තමයි රහසින් සියට දීලා තියෙන්නේ.
    ......".....ඕකෙන් මොකක්ද සීයේ වෙන්නේ.........."....
    ......"........ මේක බොහෝම බලසම්පන්නයි පුතේ. සර්වජන වශීයට කියාපුම දෙය.දන්නවද මේක දිශ්ටි කරන්න ඕන කාටද කියලා........."..........
    .........".......නෑ සීයේ....................".........
    .........".......මේ සම්බුද්ධ සාසනය භාර වූ ලෝකපාලක විශ්ණු දෙවිහාමුදුරුවන්ට........."............
    සියා එහෙම කියද්දී තමයි මේකේ තියෙන බරපතල කම මට තේරුනේ.ගොඩක්ම භය දැනුනේ මං විතරක් අද අවතේව වැඩ වලට ඉන්න එක ගැනයි. පොඩ්ඩක් වැරදුනෝත් මං කියලා මොනවා කරන්නද? ඒ කාලයේදී මා දන්නා දැනුමෙන් වැරැද්දක් උනෝත් නිවරදි කරගන්න මට හැකියාවක් තියේවිද...? ඔය වගේ ප්‍රශ්ව ගොඩාක් හිතට ආවේ.
    හවස හතරට පමණ අපි පන්සලට ගියා බඩු ටිකත් උස්සන්..ගිහින් බණ මඩුවේ තැනක් ඒවා තියලා හිටියා.පස්සේ රෑ 7 විතර වෙනකල් ටිකක් ඉදලා යහන් හදන්න ගත්තා...එදා රෑ අටට විතර වෙනකොට පන්සලේ කවුරුත් හිටියේ නැහැ. පන්සලේ හමුදුරුවොයි, අබිත්තයයි, මමයි සීයයි විතරයි ඉතුරු උනේ.
    ........".......පුතේ දැන්නම් පන්සලේ කවුරුවත් නැහැ වගේ....."....
    ......."........ඕව් සීයේ......."..........
    අපෙ හිමින් බෝ මැඩට ගියා..ගිහින් ආසනය එතන තියලා වැඩේට අව්ශ්‍ය විදිහට ලෑස්ති උනා. මෙහෙමයි ඒ ගැනත් පැහැදිලි කරන්නම්කෝ. කට්ටිය දැකලා තියෙනවා නේද බොහෝ වෙලාවට බෝධිය වටේ ප්‍රාකාරයක් තියෙන්වා.. බෝ මැඩදී මතුරන්වා කියන්නේ අර ප්‍රාකාරයට ඇතුලෙන් ඉදන් මතුරනවා කියන එක. මෙතනදී තව ගොඩක් දේවල් තියෙන්වා කියන්න.සමහර ඒවානම් ගුරු රහස්.
    ........".........පුතේ දැන් හොදට මේ දේ මතක තියා ගන්න. මන් පහන් 8ක් පත්තු කරනවා ප්‍රකාරය වටේ. මොනොම හේතුවක් නිසා ඒ සීමාවෙන් එලියට යන්න බැහැ. හොදට මතක තියා ගන්න. අපි දෙන්නා විතරයි පන්සලේ ඇහැරන් ඉන්නේ. හාමුදුරුවන් හෙට උදේ වෙනකල් මේ සීමාවට එන්නේ නැහැ. මේ සීමාව ඇතුලට ඉන්නකල් අපිට මුකුත් වෙන්නේ නැහැ.......ඒ නිසා මං ලගින්ම ඉන්න.........."........
    සීයාගේ අවවදයෙන් මට ටිකක් බයත් හිතුනා.ඒත් කියන විදිහට හිටියනම් ප්‍රශ්නයක් නැහැනේ කියලා හිත හදාගත්ත..ආසනය මත අර වෙද සීයා දුන්න තෙල් කුප්පිය තැබුවා. දෙපාරක් විතර පුජා බඩු හරිද කියලා බලනවා වගේ එකින් එක පරික්ශා කලා. මගේ අතර තෙල් බෝතලයක් දිලා බෝ ප්‍රකාරයේ අට දිසාවට පහන් පත්තු කරන ලෙසටත් එළිවෙනකල් ඒ පහන් නිවෙන්න දෙන්න එපා කියලා. මං හිතන්නේ ඒ තෙල් වලට මතුරලා තිබුනේ. මං හිතන්නේ රෑ 9 විතර තමයි පහන් පත්තු කරලා වැඩේ පටන් ගත්තේ. මටත් මේ ගැන උනන්දුවක් තිබුනු නිසාඅ ලගටම වෙලා මම හිටියා. කියන මන්ත්‍ර ස්ත්‍රොත්‍ර ගැන මම අවදානයෙන් හිටියේ. සාමාන්‍ය ක්‍රමයට පටන් අරගෙන සර්ව දේව දිෂ්ටියෙන් මතුරන්න ගත්තා. පසුව ස්ත්‍රොත්‍ර ඒක් දෙවියෙන් පමණක් මූලික කරන එක දිගටම කියන්න ගත්තා. ඒතකොට මං තේරුම් ගත්තා මේ වැඩේ කවුරු ප්‍රදාන කරන් කරන්න යන ගුරුකමක්ද කියලා....ඒකම රිද්මයකට කියන් ගිය මන්ත්‍ර වලත් වේගය කෙමින් කෙමින් වේගය වැඩි උනා.......
    ............."...................ඕං හ්‍රීං පූරණ ඒං ආරූඩ ධරණේ තහංචි විද්‍රාසනේ රාමස්වාමිනේ ආවීනේ වාමිනේ වේලාමනේ කදිරමනේ මාමුන දිෂ්ටියට එනේන් ආරූඪ ශ්ක්‍ය කුල දිෂ්ටි වාරුං වාරුං වාරාඩි ගිඩි ගිඩි මෙත්තා වානේ එං ඒං නමස්කාර නමෝ නමහං..............."..............
    එක දිගටම මතුරනවා. වේලාවත් රෑ 12 පහුවෙලා තිබුනේ මට හිතෙන විදිහට ඒ වෙනකල් කිසිම වෙනසක් තිබුනේ නැහැ. මාන් නැගිටලා වටේ පහන් වලට තෙල් ටිකක් දන්න කියලා ගියා. මට අහුනා කවුරුහරි පන්සලේ විහාර ගෙයි පැත්තෙන් කථා කරන්වා වගේ. හරියට දෙන්නෙක් කථා කරනවා වගේ. මන් ටිකක් ඒ ගැන අවදානයෙන් ඉදන් ආපහු සියා මතුරන තැනට ලංවෙලා හිටියා. සීයට මෙලෝගානක් නැහැ. ඒක දිගටම ඇස් දෙක වහන් මතුරනවා. මෙහෙම ටික වෙලාවක් යද්දී මට මිනිස්සු ගොඩක් බෝධිය වටේ ඉන්නවා වගේ දැනෙන්න ගත්තා. පහන් එලියත් හදේ ඉළියත් ඈතින් තිබෙන එළියත් ඇරෙන්න කිසිම ආලෝකයක් තිබුනේ නැහැ. ඒත් මේ වෙලාවේ පන්සලේ කොහෙන්ද මිනිස්සු. නැත්නම් පන්සලේ ඉදන් මෙහෙම වැඩක් කරනවා කියලා දැනගෙන ගමේ මිනිස්සු වත් අවිල්ලද?...මම අයේත් සීයා දිහා බැලුවා. සීයට ගානක් වත් නැහැ එක දිගටම මතුරන්වා....හැබයි කවුරුවත් මම දැක්කේ නැහැ. මට අහුනේ සද්දේ විතරයි.මෙහෙම ටික වෙලාවක් ගියා. බෝධිය වැට අයිනට වෙන්න ගිහින් ටිකක් රබර් ඇහැදාලා බැලුවා. සද්දේ විතරයි, කවුරුත් නැහැ. ඒක පාරටම ඈතින් කවුද එනවා වගේ දැක්කා. අවාස ගේ පැත්තේ ඉදන් එනනේ. තනියම නෙමේ දෙන්නෙක් එන්නේ. අදුරගන්න ටිකක් අමාරු උනා යම් සීමාවකට එනකල්. අප්පට සිරි..ලොකු හාමුදුරුවොයි, පොඩි හාමුදුරුවොයි, අතේ උණුවතුර බෝතලයක් අරන් මට අදුරගන්න පුලුවන්, ඒ කියන්නේ පේන මානයේ ඉන්නවා. මං ටික වෙලාවක් ඒ පැත්ත බලන් හිටියා. හැබයි එක සීමාවක නතර වෙලයි හිටියේ. ඒතනින් එහාට අවේ නැහැ. සම්හර විට අපිට තේ ටිකක් හදන් අවිල්ලද දන්නේ නැහැනේ. මන් සීයා ලගට ලං වුනේ සංඥාවක් දිලා හාමුදුරුවෝ ඉන්න පැත්තට යන්න. මං සීයා ලගට ලංවෙන ක්ට සීයා ඔලුව උස්සලා මං දිහා බැලුවා. ඔලුව දෙපැත්තට වැනුවා. මට සංඥා කලා ලගින් වාඩි වෙලා ඉන්න කියලා. මාත් සීයා ලගින් වාඩි උනා.....
    ..........."..................රෙගු කර්තනේ නීලද්දර සු මිද්ධවා වම්මර වකුන්තවා සනීය සනීය මේ ගුර්තවා මදන ගෝපාලනේ වදනා රූසිලනේ කුංජරම් මෙත්ත පුඩි පංච කම් නත්තවා අලුල් උලිත්තවා අල්ල රම් බත්තිනා ජානෙයි දක්ෂිණාවාගුල් පක්ෂනේ යෙළු සූරියල් නීබු.......................".............
    ජීවම වෙනස් කලා සීයා. මෙහෙම මිනිත්තු 45 විතර එක දිගටම මතුරගෙන යද්දී හරි අමුතු දෙයක් උනා. පැෂ් ලයිට් එකක් පත්තු උනා වගේ බෝ ගහ මුදුනෙන් ලයිට් එකකින් එන එළියක් වගේ අලෝකයක් ආවා. හරියටම ලයිට් එකක් දැම්මා වගේ තමයි. මට එතකොටයි කල්පනාවට ආවේ හාමුදුරුවෝ හිටන් ඉදලා බැරිම තැන ලයිට් එක දලා මේ පැත්තට එන්න හදනවද දන්නේ නැහැ කියලා. ඒත් බෝ ගහ මුදුනේ ලයිට් එකක් තියෙන කථාවක් මම දැනැන් හිටියේ නැහැ. ඒක වෙන්නත් බැරි දෙයක්. මන් වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා පොඩ්ඩක් එහට ගියා. මං දැකපු දේ නිසා මටම මගේ ඇස් අදහා ගන්න බැරි උනා. ලොකු හාමුදුරුවොයි පොඩි හාමුදුරුවොයි තව ලොකු පිරිසක් එක්ක මං දිහා බලන් ඉන්නවා මට අදුරගන්න පුලුවන් මට්ටමේ. මං දිහා මලං ඉදලා උණුවතුර බෝතලය දික් කලා. මගේ හිතට නුපුරුදු ගතියක් ආවා. මේ දකින දේ වෙන්න පුලුවන්ද? කවුද මේ ඉන්න අනික් මිනිස්සු, එක්කෙනෙක්ගේ වත් මූන පේන්නේ නැහැ. පේනවානම් අදුරගන්න තිබුනා. ඇයි කවුරුත් ලගට එන්නේ නැත්තේ. මේක මායවක්ද? ඔය වගේ සිතුවිලි මගේ හිතට ආවේ. ඇත්තම කියනවානම් උතුර දකුණ මාරු වෙලා හිටියේ. මේක මායාවක් වෙන්න ඕන. මේ වගේ අවස්ථාවක කරන්න ඕන දෙවල් මම හොදට දැනගෙන හිටියේ. මොකද මන්ත්‍ර සාස්ත්‍රය මම ඉගන ගන්න නිසා. ශිව සැරයක් මතුරුවානම් හරි කියන එක ඔලුවට ආවට ඒකෙන් සමහර විට සීයා සිදුකරන කාර්යයේ බල බිදෙන්න පුලුවන්. ඒ නිසා ඒ අදහස මම අයින් කර ගත්තා. හාමුදුරුවෝ මට මොනවද මට කිව්වා. ඒත් පැහැදිලිව අහුන් නැහැ මට. මං "මොකක්ද හමුදුරුවනේ" කියා අහුවට හාමුදුරුවෝ මට ඒකට උත්තර දුන්නේ නැහැ.
    ............මතු සම්බන්දයි..............

    Original Author: Dumith



    පට්ට කතාව. ඉතුරු ටික දාපන් මචන්
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සමහර විට කතාව දිග වෙයි මොකද ඇත්ත ලියද්දි කෙටිටෙන් ලියන්න විදියක් නෑ..
    මම ලියන පලවෙනි කතාව මගෙ ජීවිත අත්දැකීම..ඒ වගේම මම ආසම දෙයක් මේක... විශ්වාස කරන අය පිලිගන්න...
    පිලිගන්නේ නැති අය නිකම් ආතල් එකට කියවන්න..
    මුලින්ම කියන්නම් මේක බොරුවට ගොතල කියන කතාවක් නෙවෙයි මොකද සමාජ ජාලා රසාස්වාදය වෙනුවෙන් මගෙ පව්ලෙ උදවියව මම යොදා ගන්නේ නෑ. ඉතින් මට බොරුවක් වෙනුවෙන් මගේ පවුලෙ අයව විහිලුවට ලක් කරන්න ඕනේ කමක් නෑ..
    හරි ඔන්න එහෙනං,,,,,,,
    මට පුන්චි කාලේ ඉදලම පොඩි පොඩි අමුතු දේවල් පෙනුන.ඒ කියන්නේ ඔය ගෙදර කට්ටිය ඉතින් අන්ජනම් සාස්තර අනම් මනම් බලන්න ගියාම ගොඩක් තැන්වල අය කියන්නෙ මේ ලමයට අන්ජනම් පේනව කියල. ඒ කාලෙ බැලුවට එතරම් තේරුමක් නෑ. මට කිව්වා අන්ජනම් වරම ගන්න කියල. ඒත් පොඩි කමට මගෙ එතරම් කැමත්තක් තිබුනෙ නෑ ඒවට, අවුරුදු 14 ක් වෙද්දි (2005)මගේ තාත්ත නැති උනා. ඊට අපි මාස ගානකට පස්සෙ අන්ජනම් බැලුව. මම බැලුවම මට තාත්තව පෙනුන. මම ඒකින් බය උනා..එදයින් පස්සෙ මම බලන්න ගියේ නෑ.
    2015 ජුනි මාසෙ මගෙ යාලුවෙක්ගෙ අම්ම නැති උනා. ඒ මලගෙදර මිනිය උස්සන දවසේ පොටෝ ගැහුවේ මං,ඉතින් පොටෝ ගහල මල ගෙදරට ආව එහෙමම. ඇවිත් යාලුවො දෙතුන් දෙනෙක් එක්ක ඒ ගහපු පොටෝ බැලුව. මට ඒ එක පොටෝ එකක අමුත්තක් දැනුන.මිනිය ඉස්සරහ සුදු පාට චායාවල් 3ක් තියෙනව. මා ගාව අදටත් ඒ පොටෝ එක තියෙනව...අනේ මන්ද ඒව නිකම්ම චායාවල් නෙවෙයි මිනිස් රූප වගයක්. හිතා ගන්න බෑ..ඊට පස්සෙ දවසක මට හිතුන අයේ අන්ජනම් බලන්න යන්න.අන්න ඒ විදියට තමයි ආයෙ අන්ජනම බලන්න මම යොමු උනේ.... හුගක් අය කිවුවේ අන්ජනම් වරම ගන්න එපා කියල.මොකද ඒක ගත්තම කරදරයි කියල. ඒ කියන්නේ හීනෙකින් දේවාල වලට යන්න කිව්වම යන්න ඕනෙලු ඉතින්.ඒවට නොගිහින් ඉන්න බැහැලු එහෙම කිව්වම. කෝම කෝම හරි නෑදෑ හිත මිතුරන්ගෙ අකමැත්ත පිට මම අන්ජනම බලන තැනකට ගියා ඒකල,කොටුගොඩ පැත්තේ මගෙ අම්මත් එක්ක,එතනින් ගියාම එතනිනුත් කිව්ව මට තියෙනව කියල වරමක්.අපි කිව්වා මට වරම ගන්න ඕන කියල. ඊට පස්සෙ ඒ අන්ජනම් බලන ගෑනු කෙනා අන්ජනමින් බලල මට දවසක් කිව්ව එන්න කියල ඇස් වලට දෙහි කපල අන්ජනම පේනවද කියල බලන්න එන්න. මම ඒ දවසට ගියා. එදා ඇස් වලට දෙහි කපල මතුරල මව අදුන ඉස්සරහ ඉන්දුව. මට අන්ජනම පේනව ඒත් පැහැදිලි නෑ. මොකද මට කිසිම අදහසක් නෑ මොනාද මේ පේන්නේ කියල...ඊට පස්සෙ මට දවස් හතක් එක දිගට අන්ජනම බලන්න එන්න කියල කිව්ව ඒ අන්ජනම් බලන ගෑනු කෙනා...අයේ මට කිව්ව අද රෑට ඔයාට මොකක් හරි වෙනසක් දැනෙයි,ඒ කියන්නෙ මට වරම දීපු දේවතාව ගැන පෙනෙයි හරි ඉගියක් හරි දෙයි කියල. එදා රෑ මම සුපුරිදු පරිදි නින්දට ගියා. මගෙ අම්මත් ඉන්නේ මගෙ කාමරේමයි,කාමරෙ AC නිසා දාල තියෙන්නෙ 75% කැටයම් වීදුරු සහිත දොරක්.පාන්දර මට මගෙ කාමරේ දොරෙන් නිකම් මොණරගෙ නිල් පාටට වගෙ එලියක් පේනුන..ඒක හීනයක් නෙවෙයි. මම උදේ නැගිටම්ම අම්මට ඒ ගැන කිව්ව. වැඩේ කියන්නේ අම්මටත් ඒහෙම එලියක් පෙනුනලු. පස්සෙ එදා හවසත් ගියා අන්ජනම් බලන්න එදා තමයි පලවෙනි දවස.ඉතින් සුපුරුදු පරිදි බුලත් තියල වැඩේට බැස්ස. ඉතින් මට එක එක ඒව පේනව ඉතින්. දෙවනි දවසත් ගියා ඒ වගේම. මට කියල තිබුනේ නොවරදවා දවස් 7 එන්න කියලයි.. 3 වෙනි දවසේ මට යන කම්මලි හිතුන. මම ඉතින් අම්මට කිව්ව මට ඇගට උන වගේ ඒ නිස අද යන්න බෑ කියල. කොම හරි එදා රෑ නිදාගත්ත. උදේ නැගිටිද්දි පපුවට යටින් බඩට පැත්තෙන් අතුලෙන් මාර කැකකුමයි. බේත් ගත්ත හරියනේ නෑ. අවිදගන්නවත් නෑ මට ඒ තරම් කැක්කුමයි. හුස්මගන්නවත් බැරිතරමට. ඊට පස්සෙ ආයේ බේත් ගත්ත ඒ හරියන්නේත් නෑ.ඩොක්ටස්ල කිව්ව අක්මාවෙ (liver) මොනා හරි වෙන්න ඇති කියල scan ගත්තා ඒත් කිසි වෙනසක් නෑ ඇගෙ කිසිම ලෙඩක් නෑලු. පස්සෙ දවස් දෙකකට විතර පස්සෙ අර අන්ජනම් බලන ඇන්ටිට කෝල් කරල අම්ම විස්තරේ කිව්ව. එයා කිව්ව එන්න කියල. මම කිව්ව එන්න බෑ අමරුයි ඒ තරමට කියල ,,ඒත් කොහොම හරි එන්න කිව්ව. ඉතින් කෝම කෝමහරි අමරුවෙන් 3වීල එකක ගියා,මට අන්ජනම බලන්න කිව්වා. මට අහන්න කිව්ව ඇයි මේ අසනීපෙ කියල. එදා තමයි මුලින්ම මගෙ කනට අහුනේ දෙයක්.එදා කිව්ව මම අර කලින් දවසේ බොරු උණක් කියල ආපු නැති නිසා ඒකට දඩුවමක්ලු මේ අසනීපෙ. මම ඒක අර අන්ජනම බලන ගෑනු කෙනාට කිව්වම එයා කිව්ව සමාව අරගෙන ආයෙ දවස් 7 මුල ඉදන් එනව කියල පොරොන්දු වෙන්න කියල. මම ඉතින් පොරොන්දු වෙලා ගෙදර ආව. මට කිසිම කැක්කුමක් වේදනාවක් නෑ. මම යද්දි ගියේ පුදුම වේදනවකින් කැක්කුමකින් ඒත් ගෙදර එද්දි කිසිම අමාරුවක් නෑ මට. මටම පුදුමයි ඒ ගැන,ඒක නිකම් හාස්කමක් වගේ..අයේ මම ගියා පහු වෙනිද මට එදා තමයි පැහැදිලිව පෙනුනේ. එදා මට මගෙ නැති උන තාත්ත අන්ජනමට පෙනුනා. එයා මං එක්ක කතා කලා. මම ඒ කියන කියන ඒව අර අන්ජනම බලන ඇන්ටිට කියනව. එයා අහන්න ඕන ඒව මට කියනව අන්ජනමට වැඩල ඉන්න කෙනාගෙන් අහන්න.. ඉතින් එදා ඉදන් මට මගෙ තාත්තව දැනෙනව.එහෙම දවස් 7 ගෙවුන. 8 වෙනි දවසේ හලාවත මුන්නේසරම් කෝවිලට ගිහින් විශ්ණු දෙවියන්ට පූජා වට්ටියක් පූජ කරල පොල් ගහල වරම
    සම්පූර්ණයෙන් ලබා ගත්ත.ලබා ගත්ත කියන්න සාක්ෂි නම් නෑ.එහෙමයි කියල විශේෂ වෙනසක් දැනුනෙ නෑ..
    ඔන්න ඔහොම දින සති මාස ගනන් ගෙවුන. ඒත් මට එන්න එන්නම අමුතු දේවල්
    දැනුන. ඒ කියන්නේ සාමන්‍යෙන් සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන දේවල් පෙනුන දැනුන. විශේෂයෙන් මට මගෙ තාත්ත්ව පෙනුන ඒවගේම එයා ලගට එනව වගේ දැනුන. හිරිගඩු පිපුන එයා ලගට එද්දි. ඒත් බයක් දැනුනෙ නෑ කිසිම.එත් මගෙ අම්ම ගොඩක් බය උනා මොකද මම තාත්තත් එක්ක කතා කරද්දි. මට විතරක් පෙනුන දැනුන නිසා මම එයත් එක්ක සාමන්‍ය විදියට කතා බහ කරනව,ඒත් බලන අයට පේන්නේ මම තනියම කතා කරන විදියටයි. මගෙ අම්මට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට උනත් ඉතින් බය හිතෙනවනේ මැරුණු කෙනෙක් එක්ක කතා කරනව කියද්දි. මොකද ගෙදර ඉන්නේ අම්මයි මමයි විතරයි අයිය රට නිසා..අම්මට හයියකට ඉන්නේ මම,මම තනියම විකාර දොඩවද්දි එයා බයයි.මම කද්දි පවා වෙනම කෑම පිගානකට දානව ආ තාත්තේ කන්න කියල. අනේ මන්ද මේව ඔයාලට විකාර වගේ දැනෙනව ඇති. ඒත් මේක තමයි ඇත්ත. මම තාත්තගෙන් ගොඩක් උදව් ගත්ත.ඒ කියන්නේ මම ගොඩක් දේවල් කරගත්ත..මට ඒ කියන්නේ කාගෙ හරි හිතක් වෙනස් කරන්න පුලුවන් හා සමාන දේවල් කරගන්න පුලුවන් උනා...කාගෙ උනත් හිතක් නම්ම ගන්න පුලුවන් උනා..මේව නිකම් චිත්‍රපටි වල කෑලි වගේ වෙන්න ඇති අහද්දී,ඒත් මේක තමයි මට පුලුවන් වුන දේ...ඒත්
    පස්සෙ මට තේරුනා මට තාත්තව විතරක් නෙවෙයි පේන්නෙ කියල. මොකද මට තව තව අයව පෙනෙන්න ගත්ත. මම අර කලින් කිව්වේ අම්ම මැරුන යාලුව ගැන. එයාලගෙ ගෙදර යද්දි මට එයාලගෙ අම්මව පේන්න දැනෙන්න ගත්ත. මම එයාලට කිව්වට එයාල ඒක පිලිගත්තෙ නෑ. කොහේ ගියත් මට අමුතු අමුතු දේවල් පෙනෙන්න ගත්ත.එයින් මම දැනගත්ත මට තාත්තව විතරක් නෙවෙයි තව අයව පේනව කියල.මම දවසක් අපේ පුන්චිලගෙ ගෙදර ගියා,ඒ ගියාම එහෙ සාලෙ මට අමුත්තක් දැනුන. කලු කෙට්ටු මිනිහෙක් දැක්ක මම.
    මම පුන්චිලාට කිව්ව ඒ ගැන.. ඒ ඉන්නේ පුන්චිලාගෙ අල්ලපු ගෙදර මැරුණු කොල්ල. මම ඉපදෙන්නත් කලින් මැරුණු කෙනෙක් එයා.මම කියපු හැඩරුව 95% සමානයි.
    ඒත් ඔහොම සති මාස ගෙවෙද්දි මට මේක කරදරයක් වෙන්න ගත්ත. ඒ කියන්නේ තාත්ත මට කරදර කලා. කරදර කියන වචනේ ගැලපෙන්නේ නෑ මෙතනට ඒත් ගැලපෙන වචනයකුත් නෑ එතනට යොදන්න. කරදර කරනව කියන්නේ නිතරම මගෙ ඇගට එනව මගෙ තාත්ත.මාව ආරූඩ වෙන්නේ එහෙම නෑ. ඇගට එනව කියන්නේ මගෙ කරට නගිනව වගේ දැනෙනව,මට ඇවිද ගන්න බරි තරමට ඇගට බර වැටෙනව. කිලෝ 80ක් 90ක් විතර කරේ තියල වගේ.මට හරිම කරදරක් උනා මේක,රෑට නින්දක් නෑ,ඇග කැක්කුමයි,අන්තීමේට මටම තේරුනා තාත්ත උනත් මැරුන කෙනෙක්.මැරුන අයත් එක්ක අපට ගනුදෙනු අමාරුයි. එහෙම කරනවනම් අපි කැප වෙන්න ඕන මීට වැඩියෙ. මොකද මම තරුණ කොල්ලෙක්,කොල්ලෙක්ට මේ සෙල්ලන් ගැලපෙන්නෙ නෑ කියල තේරුන මට..මම අම්මට මේ ගැන කිව්ව. ඒත් මට ලෝබයි අයින් කරන්නත් මේක..මොකද මම ගත්තු උදව් මමයි දන්නේ..ඒත් ඉතින් දරාගන්න බැරිම තැන තීරණය කලා මේ දේවල් වලින් ඈත් වෙන්න. ඉතින් අම්ම අදුනන ඇන්ටි කෙනෙක් ඉන්නව කතෝලික ආගමෙන් ඔය එක එක දෝශ ඉවත් කරන. ඉතින් අකමැත්තෙන් හරි ඒ ඇන්ටිට කියල මගෙන් තාත්තව අයින් කලා.එදයින් පස්සෙ මට අද වෙනකම් තත්තව දැනිල නෑ පෙනුනෙත් නෑ..අන්ජනම් පේනවද බලන්න ගියෙත් නෑ.ඒත් ලගදි ඉදන් මට අමුතු අමුතු දේවල් ටිකක් දැනෙනව ආයෙ,,ඒත් තාත්තගෙන් බලපෑමක් නෑ කියල හොදටම දන්නව..දැන් ඉතින් ලෝබයි මට අයින් කරපු එක ගැන මතක් වෙද්දි මට තිබ්බ බලපුලුවන්කාරකම් ගැන...
    අනේ මන්ද ඉතින් සමහර මිනිස්සුන්ට මේව විකාර වගේ පෙනෙයි,සමහර මගෙ යාලුවො මේ පෝස්ට් එක දැකල මං පිස්සෙක් කියල හිතයි ඒත් ඒ අවදානමත් බාරගන්න බලාගෙනම තමයි මං මේ පෝස්ට් එක දැම්මේ.
    අනික මේ වගේ පෝස්ට් දිරවන්නේ නැති අය මේකට කොමෙන්ට් ලයික් නොදැම්මට කමක් නෑ..
    ඒත් කියවපු අයට හුගක් ස්තූතියි!


    Source:www.facebook.com
     
    කපුවාගේ වැඩ කිඩ...

    සතියක් තිස්සෙ එල කිරි බූත කොටුව කියෙවුවා රෑ නිදාගන්න කලින්. (හම්මේ දැනෙන සනීපෙ) ඉතින් මුලින්ම රොබොට් අයියට මෙහෙම බූත කොටුවක් පටන්ගත්තු එකට ස්තූති කරලම මං මගේ අත්දැකීමක් මෙතනට එකතු කරන්නම්.


    නම් ගම් මනක්කල්පිතයි, 100% සත්‍ය සිදූවීමකි.

    රොෂාන්, තිමිර, නදීක, නුවන්, හා මා අප පස් දෙනා ගමේ විසූ හොඳම මිතුරන් පස්දෙනෙකු වූයෙමු. මේ කාල වකවානුව වන විට අප සිවු දෙනෙක් සාමාන්‍ය පෙල අවසන්ව නිවෙස්වල සිටි අවධියයි. නුවන්ද උසස්පෙලින් පසුව නිවසට වී සිටි කාලයම විය. එසේම නුවන් හා රොෂාන් එකම නිවසේ සහොදරයන්ද විය. කෙසේ හෝ මේ කාලවකවානුව තුල උදෑසන නිවසින් එලියට බහින අපට වල බැහීමට වඩා වෙනත් රාජකාරියක් නෙවීය. (දවල් කෑමට පවා ඉස්පාසුවක් නැති තරම් වැඩය :D:D ). වැවේ නාන්න යෑම, බෝට්ටු පැදීම, වෙල ඔබ්බෙන් වූ කැලෑ ඉඩමේ හොර කුරුම්බා කැඩීම, කොහේ හෝ සෙට් වී ඕමි බැලීම අපේ විනෝදාංශ අතර ප්‍රමුඛතම කාර්යයන් විය.

    කෙසේ හෝ අප පස් දෙනා අතුරින් තරමක මංදගාමී, කුලෑටි ගති පැවතුම් වූ චරිතයක් වූයේ රොෂාන්ගේ අයියා වූ නුවනා ය. අපි හොරෙන් කුරුම්බා කඩන්න කැලෑ පැන්න විටදී වුවත් තරමක් තැතිගැන්වී අවට වටපිටාව ගැන වැඩිපුර සෝදිසියෙන් සිටීම ඔහුගේ සාමාන්‍ය කාර්ය්‍ය විය. නුවනාගේ මේ අසීමිත බිය ගැන අප හොඳින්ම දැනසිටි කරුණකි. දිනක් අප පස්දෙනා උදේ වරුවම සෙට් වී ඕමි බලා දහවල් 12 ආසන්න වන විට කුරුම්බයක් බීමේ අදහසින් වෙල අයිනේ වූ කැලෑ ඉඩමට ගෑටුවෙමු. (මේ ඉඩම අක්කර 15ක 20ක විතර ලොකු ඉඩමක්, වෙල දිහාවට යන පුංචි අඩි පාරක් ඇරුනහම තනිකරම වදුල වැවිලා. කාලයක් ඔය කැලේ කසිප්පු පෙරුවා කියන එකත් තවත් ප්‍රසිද්ධ රහසක්. ඉඩමෙ අයිතිකාරයෝ ඊට ටිකක් උඩින් තියන පට්ට පරන ගෙදර තමයි ඉන්නෙ. කුනු ලෝබ යක්කු ටිකක් :angry: ) ඉතින් කොහොම හරි ඒ යන අතරවාරයේ එකෙකු බයිට් කර ෆන් ගත්තේ සුපුරුදු ලෙසින්මයි, මෙවර බයිට වූයේ නුවන් කාරයායි. :yes::yes:

    * නුවනා උඹ දන්නවද මේ ඉඩමේ ජේවීපී කාලේ කොල්ලො ටයර් දාලා පුච්චලා මරලා තියනවලු, උන් විලාප දීපු සද්දෙ තාම මේ කැලේ රෑට ඇහෙනවලු. මම නුවනාගේ බය අවුසන්නට කථාවක් ගොතන්නට වුනෙමි. ;)
    * බොරු කියන්නැතිව ඉඳහන්. මේකෙ මොන හොල්මන්ද? උඹ තමා හොල්මන. නුවනා ස්වයං අස්වැසීමක් ලබන්නට මෙන් කියන්නට විය. :angry:
    * බොරු නෙවෙයි ඩෝ, මේකේ තමයි අල්ලපු ගමේ අබිලිං මාමව මරලා තියෙන්නෙත්. ඌට වෙඩි තියලා බාගෙට පන තියෙද්දි පුච්චලා. ඒ තරහට අබිලිං හොල්මන මේ කැලේ රෑට ඇවිදිනවලු. මා ආරම්භ කල කථාව ඉදිරියට ඇදගෙන යාමට තිමිර හා නදීක ස්වේච්චාවෙන්ම ඉදිරිපත් විය. :P එසේම තවත් බිය උපදවන හොල්මන් කථා කියමින් කුරුම්බා ගසක් පා මුලට අප සේන්දු වුනෙමු.
    * මං බය අබිලිං මාමගෙ හොල්මනට. :angry: නුවන් කාරයා සැබැවින්ම යම් තාක් තැතිගැන්වී තිබුනත් ඒ බව අපෙන් සඟවා සිටින්නට උත්සහ කරන්නට විය.

    කෙසේ හෝ දැන් නුවනා අතහැර දමා කුරුම්බයක් බීමට අපි සූදානම් වුනෙමු. අපේ ගස් කාපර් නදීකයා වෙයි. නදීකයා ගසට නැග ගෙඩි 6ක් 7ක් බිමට නොවැටෙන සේ මා අතට පාස් කලේ ශබ්ද නොනැගෙන සේය. ඒ අතර රොෂාන් හා තිමිර වෙල අයිනේ වූ බෝවිටියා පඳුර සුද්ධ කරන්නට විය. සුපුරුදු පරිදි නුවනා මා අසල හිඳිමින් ඔත්තු බලන්නට විය.

    ඒ අන්න අතන කවුද බලන් ඉන්නවා, අඩෝ අන්න එනවා දුවපං...!! නුවන් කාරයා එකවරම කෑ ගසා දුවන්නට විය. :oo:
    හත්තිලවුවයි...!! ගහ උඩ සිටි නදීකයා අැසි පිය ගහන සැනෙන් ගසෙන් බැස ගත්තේ එක් ක්ශනයක් තුලයි. තිගැස්සුනු අප සිවු දෙනාම කැඩූ කුරුම්බාද බිම දමා දුවන්නට වූයේ වත්තේ අයිතිකාරයා වත්තට බැස ඇතැයි සිතමිනි. :angry: :angry:
    කෙසේ හෝ අප වෙලෙන් එගොඩහ රබර් වත්තට වෙනකල් දිව ගියේ විදුලි වේගයෙනි. (හත්වලාමේ අයිතිකාරයා ගෙදර උන්ට කිවුවොත් අපි හොර කුරුම්බා කැඩුවා කියලා බඩු මුට්ටු ටිකත් අරන් පාරට බහින්න තමා වෙන්නෙ. :angry: ) නමුත් කිසිවෙකු අප පසු පස හඹා එන බවක් අපට නොදැනින.

    *අඩෝ, උඹ කාවද බං දැක්කෙ. වත්තෙ අයිතිකාරයද? හති අරිමින් රබර්වත්තේ නැවතුනු අප නුවනාගෙන් විමසුවේ තැතිගැනුනු සිත් ඇතිවමය.
    * දන්නෑ බං. හරියට දැක්කෙ නෑ. උඩහ කජු ලන්ද පිටිපස්සෙන් ආවෙ. නුවනයා හති අරිමින් කියන්නට විය.
    * යකෝ තෝ හරියට දකින්නෙ නැතිවද කෑ ගැහුවෙ හු#$@. :angry::angry::angry: නුවනා සමඟ ඇති වූ කේන්තියට හොඳ කුනුහරුප සංග්‍රහයක් තෑගි වශයෙන් පිරිනමන්නට මා කෘතඥ පූර්වක වුනෙමි.
    * අඩෝ නෑ බං මං දැක්කා කජු ගහ එහාපැත්තෙන් එකෙක් ඉන්නවා. සත්තයි. නුවනයා දිවුරා සපථ කරන්නට විය.
    * මූ අබිලිං මාමව දැක්කද දන්නෑ. තිමිරයා නුවනාව බයිට් කරන්නට විය.
    * නෑ යකෝ. සිරා කියන්නෙ. මං දැක්කා. නුවනා කියන්නට විය.
    * දැක්කා තෝ ල*&. වරෙන් යන්න ආපහු. මම නැවත ආපසු හැරෙන්නට මූලිකත්වය ගත්තේ සිදුවූ දෙය බලා ගැනීමේ ආශාවත් බියත් මුසු හැඟීමෙනි.
    අප හොර ගල් අහුලමින් හෙමීන් සීරුවට වෑවර ගහ ලඟට ගෑටුවේ හොරා පොලිස් සෙල්ලම කරන්නාක් පරිද්දෙන් විමසිල්ලෙනි. ගස මුල අප දමා ගිය වෑවර එහෙමමය, කිසිවෙකු සිටි හෝඩුවාවක් එහි නොවිනි.
    * මූ අබිලිං මාම දැකලා තමා. මදක් අස්වැසුනු සිතින් යුතුව මා කුරුම්බා ගෙඩියක් අතට ගනිමින් කීවෙමි.
    * නෑ බං අන්න අතන හිටියා බං. නුවනයා එකම දේ නැවත නැවතත් දිවුරමින් කියන්නට විය.
    * හිටියා හිටියා. දැන් කුරුම්බෙ බීහන්. ලොඳ එපා නම් මට දියන්.
    කොහොමින් හෝ අපි කැඩූ කුරුම්බාද සප්පායම් වී නැවත එන්නට විය. ඒ අතර තුර මේ සිදුවීම නිසා නුවනයා අපේ පට්ටම බයිට විය. අප එන මග කජු ගහ පසු කරද්දී පවා "මචන් දවල් දොලහ පහු වෙලා කිරි ගස් යටින් යන්න හොඳ නෑ. අබිලිං මාමා මැරුවෙ ඒ කජු ලන්දෙ" ආදී වශයෙන් නොයෙකුත් දේ කියමින් ඌව බයිට් කිරීම අපට ආතල් එකක් විය. එදින සවස් වී අප නිවෙස් වෙත ගියත් සතියක් පසු වන තුරුත් නුවනාගේ හෝ වෙනත් කිසිවෙකුගේ කිසිඳු වෙනසක් නොවීය.

    පසුව ගෙවෙන සතියේ ගමේ ලමා සමිතියක් හා අන්යෝන්‍යාධාර සමිතියක් විසින් කරන්නා වූ අවුරුදු උත්සවයක් විය. ඉතින් ගමේ ඉන්නා (පොඩිම සෙට් එක :yes::yes: ) වුනු අපි සෙට් එක මේ සඳහා බැහැලා වැඩ කලේ කිසිඳු යටි අරමුණකින් තොරවමය. කෙසේ හෝ අවුරුදු උත්සවය පවත්වන්නට තෝරාගෙන තිබුනේ වෙලටත්, පෙර කී කැලෑ ඉඩමටත් මායිම්වූ කමතක් ලෙසින් විටෙක භාවිතා කරන්නා වූ පිට්ටනියකි. මඩුව ගැසුයේ කැලෑ ඉඩමේ මායිමට වන්නටය. ඉතින් රාත්‍රිය පුරාවට මේ මඩුව මුරකිරීමට අප පස් දෙනා ඉදිරිපත් වූයේ කොළුකම, මුරන්ඩුකම, අත්දැකීම් වලට වූ අසාව ආදී නොයෙකුත් ආසාවන් නිසාය.

    රාත්‍රිය එලඹිනි. අප පස් දෙනා හැරෙන්නට මඩුවේ මේ වන විට කිසිවෙකුත් නැත. ෆුල් බිත්තර කොත්තු තුනක් හා, බැදපු මාළු කූරීන් 5ක් අපේ රාත්‍රී ආහාරය විය. තවත් රැය පහන් කිරීමට නදීකයා නියම බඩුවක් ගෙනැවිත් තිබිනි. ඒ, ඔය කියන සමයේ ෆේමස් මෝදකයකි (සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක්) කාඩ් පැක් එකෙන් ඕමි බලන අතර තුර නුවනා හැරෙන්නට අප සිවු දෙනාම ඒ මෝදකය නිසා මෝල් වී සිටියෙමු. එකෙකු යමක් කියද්දී අනෙකාට හිනා වෙන්නට හේතුවක් අවැසි නොවිනි. රාත්‍රී 1 පමණ වන විට මෝල් හතරගාතෙන්ම අපිට කුරුම්බා බෑමට සිතට අාවේ කොළු කමට එහා ගිය දඩබ්බර කම නිසාදෝ යැයි මෙය ලියන මට අද වන විට සිතෙයි.

    ඉතින් මහ රෑ කුරුම්බා බෑමට මා ගෙනා යෝජනාව තිදෙනෙකුම අනුමත කරද්දී නුවනයා පමණක් විරුද්ධ විය.

    *මචන් මේ රෑ සත්තු ඇති ඔය කැලේ, පිස්සු කෙලින්න එපා. නුවා විරුද්ධ විය.
    * ඇයි මචන් අබිලිං මාම. තිමිරයාගේ ඒ කුප්ප කථාවට මෝල් ගුලි කා සිටි අපට හිනාව නවත්වා ගැනීමට නොහැකි විය.
    *උඹලා ඕන මගුලක් කරහල්ලා, මං එන්නෑ. නුවාට නහුතයටම මල පැන ඇති බවක් පෙනෙන්නට තිබිනි.

    ඒ අවසරයෙන් අප සිවු දෙනා මහ රාත්‍රියේ කැලෑ පාළුවට සූදානම් වුනෙමු. මේ වන විට නහුතයටම මල පැන තිබූ නුවා තනිවම ස්ටේජ් එකට වී අප එන තුරු සිටින්නට විය. කෙසේ හෝ කුට්ටි කැපිය හැකි ඝන අඳුරේම ගහක් සුද්ද කරගෙන අප මඩුව වෙත එද්දී අපේ නම් අමතා නුවනයා කෑ ගසනු ඇසින. ක්ශනිකව අප මඩුව වෙත පා නැඟුවෙමු.

    *මොකද මොකද මචන්, අප නුවනයාගෙන් ඇසුවෙමු.
    * අතන කවුරු හරි ඉන්නවා මචන්, වහලෙටත් ගල් ගැහුවා. බයෙන් බිරන්තට්ටු වී සිටි නුවනයා වෙල් නියර දෙසට වෙවුලන අතේ ඇඟිල්ල දිගු කරමින් පෙන්නන්ට විය.
    *කෝ මොකෙක්වත් නෑනෙ බං. උඹ බොරුවට බය වෙලා.
    * නෑ නෑ. අර ඉන්නවා. අර ඉන්වා. නුවනයා දැඩි භීතියකින් වෙවුලමින් බෙරිහන්දෙන්නට විය. නමුත් අපට පේන මානයක බල්ලෙකුවත් සිටියේ නැත.
    තත්වය තරමක දරුණු බව මට ඉවෙන් මෙන් වැටහිනි.
    * මචන් අපි ගෙදර යමු. නුවනාද කැටුව අපි සිවු දෙනාම නුවනා ගෙදර ගෙන යන්නට යන්නට තීරණය කලෙමු. ඒ යන අතරතුර නුවනයා යාන්තමින් කූල් ඩවුන් වනු දැකීම අප සිවු දෙනාගේම මහත් අස්වැසිල්ලකට හේතු විය.

    නුවන්ව ගෙදරට ඇරලවූ අප සිදුවූ කිසිවක් ඔහුගේ මා පියන්ට නොකියා ඔහුගේ සොයුරු රොශාන්ටද නිවසේ නවතින ලෙස දන්වා නැවත අවුරුදු උත්සවය කරන ස්ටේජ් එකට යන්නට වුනෙමු. එහෙත් එහි ගිය අපට සිත් වල ඇතිව තිබුනේ මහත් වූ කැලඹීමකි. රාත්‍රිය පහන් කර නැවත අවුරුදු උත්සවය වෙනුවෙන් අප එහි යද්දී නුවනයා හා රොශාන් ද කැටුව යන්නට ඔවුන්ගේ නිවසට ගියත් නුවනයා දැඩි ලෙසින් උන රෝගයකට ගොදුරු වී සිටින බව දැන ගන්නට ලැබිනි. නුවනයා නිදා සිටි බැවින් ඔහුට විවේක ගැන්මට සලස්වා රොශාන් ඇතුලු අප සිවු දෙනා අවුරුදු උත්සවයට ගියෙමු. ඒ අතර තුර රොෂාන් අප හා පැවසුවේ රාත්‍රිය පුරාවට අයියා තනිව කියවමින් සිටි බවයි.

    අවුරුදු උත්සවය අවසානයේ අප ගෙදර යද්දී නුවනයා ගෙදර යකා නටා ඇත. ඒ පණිවිඩය නිසා ඔහුගේ පියාද නිවසට පැමිණ සිටියේය. නුවනයා විටෙක සිහියෙන් සිටින බවක් පෙණින. තවත් විටෙක අර කවුද අර කවුද යැයි කෑගසමින් අවසිහියෙන් දඟලන්නට විය. මෙය ප්‍රේරේත දෝශයක් බව පූර්ව නිගමණයකට ඔහුගේ දෙමවුපියන් හා අසල්වාසීන් සියළු දෙනා තීරණය කර තිබිනි. ඉතින් ගමේ යකදුරු මහතෙකුගේ පිහිට පැතීමට ඔවුන් කටයුතු කරන්නට විය.

    යකදුරු මහතා නිවසට පැමිණ නූලක් මතුරා අතෙහි බැඳ තෙල් ටිකක් මතුරා හිසෙහිද ගා මේ දරුවා ප්‍රේත බැල්මකට හසුව ඇති බව කියන්නට විය. එය ඉවත්කිරීමට නම් ශාන්ති කර්මයක් කල යුතු බවත් එතෙක් ඔහුව තනි නොකරන ලෙසත්, බුදුන් වැඳිම හෝ ගථා කීම නොකරන ලෙසත් පැවසීය. එසේ පවසා තෙල් කුප්පියක්ද මා මිතුරාගේ පියා අතට දී යකදුරු මහතා නිවසින් බැහැර විය.

    නමුත් යලිත් පැයක් ගතවන්නට මත්තෙන් මා මිත්‍රයාගේ තත්වය තවත් නරක අතටම හැරින. මෙවර ඔහු මහා අමුතු භයංකාර හඬකින් ( බෙල්ල මිරකා ගොරවන්නාක් මෙන් ) ශබ්ද නඟන්නට විය. අත් පා දර දඞු කරගෙන බිම වැතිරෙන්නට විය. අප ඔහුව ඔසවා ඇඳට ගෙන යන්නට උත්සහ කලත් ඔහු එසවීමට අපහසු තරම් බරකින් යුතු විය. කෙසේ හෝ වෑයම් කර ඔහුව ඇඳට දමා ගත් අප ඔහු වෙනුවෙන් මාරුවෙන් මාරුවට ආවතේව කම් කරන්නට වීමු. (හිතපල්ලකො යකෙක් වැහිච්ච එකෙක්ට තනි රකිද්දි කොහොමද එන ආතල් එක කියලා)

    පසුව දිනයක් නියම කරගෙන ශාන්තිකර්මය පැවැත්වීමට සියළු කටයුතු ලහි ලහියේ සූදානම් විය. එදින හවස් යාමයේ උඩහ හංදියේ බුදු මැදුර ලඟ පීකර් වලින් පිරිත් දමා තිබිනි. යාන්තමින් මෙන් අප මිතුරාගේ නිවසටද මේ ශබ්දය ඇසෙන්නට විය. තත්වය ක්ශනයක් තුල වෙනස් විය. පෙරටත් වඩා භයංකාර හඬකින් ඔහු ගොරවන්නට විය. එසේම දඟලන්නට විය. එසේ දඟලන ඔහුව පාලනය කරගැනීමට තරුණයන් 4කු වූ අප සිවුදෙනාටවත් නොහැකි විය. ඔහු නිවස තුල යකා නටන්නට විය. යකදුරු තුමාගේ තෙල් වලින්ද ඒ අවස්ථාවේ පලක් වූයේ නැත. එ වෙලාවෙහිම නිවසට පැමින සිටි අපේ තවත් මිත්‍රයෙක් බුදුමැදුර අසලට ගොස් කාරණය පවසා එය නවත්වන්නට කටයුතු සැලැස්වූ බැවින් නුවනයා යම් තාක් දුරට යථා සිහියට පැමිණුනි. නමුත් ඔහු,
    *උඹලා මාව එලවන්න...!! මාව එලවන්න...!! හිතුවා මදි. මං මේකව අරං මිසක යන්නෙ නෑ කියමින් සිට ටිකකින් ඔහු සංසුන් විය.

    යකා එලවන වැඩේ දැන් සූදානම්ය, කුකල් නාම්බෙකුද ඉදිරියේ තබාගෙන යකදුරු තුමා මතුරන්නට විය. කට්ටකුමන්ජල් සුවඳ හා විටෙක දියගොඩ මස් පුච්චන පුළුටු ගඳින් අපේ නාස් දැඩිව පීඩාවට පත්ව තිබුනි. පන්දම් රැගෙන යකදුරුතුමා දුම්මල ගහන විට නුවනයා හූ තියන්නට වෙයි. මහා බර හඩකින් ගොරවන්නට වෙයි. මල් තටුවට මෙහායින් ඇති කුකුල් නාම්බා දෙසට පනින්නට ඔහු උත්සහ කලත් ඔහුට මල් බුලත් තටුව ඇති සීමාවට පැමිණිය නොහැකි බව අපට තේරුම් ගත හැකි විය. මැතිරීම අතර වාරයේ යකදුරු තමා මා මිතුරාගෙන් උඹ කවුද කියා අසන්නට විය.

    * උඹ කවුද කියපිය.
    නුවනයා ඔළුව කරකවනවා මිස කිසිඳු ප්‍රථිචාරයක් නැත.
    * පුච්චන්න කලින් කියාපිය උඹ කවුද? දුම්මල මිටක් හා පන්දම අතැතිව ගුරුන්නාන්සේ තදින් අසන්නට විය.
    * මං සරණපාල. නුවනා ගොරහැඬි හඬකින් පිලිතුරු දෙන්නට විය.
    *තෝ මොන සරණපාලද? කියපිය. යකදුරු නැවත ඇසීය.
    *එගොඩහ වෙල අද්දර කජු ලන්දෙ සරණපාල. මදක් හිස කරකවමින් හිද නුවනයා නැවත පෙර ලෙසම ගොරහැඬි හඬින් පිලිතුරු දුනි. (හුටා..!! මූ කියන්නෙ අපේ කුරුම්බා පොට් එක ගැන. අපි උපදින්නටත් අවුරුදු ගානකට පෙර ඔය කියන කුරම්බා වත්තේ කජු ගහේ සරණපාල කියලා මනුස්සයෙක් එල්ලී මැරුනු බව පසුව අපිට දැනගන්නට ලැබුනා. ඔහු දැනට වත්ත හිමිකරුගේ ඥාතියෙක්ලු.)
    *මොන එහෙකටද තෝ මේ දරුවගෙ අඟට රිංගුවෙ. යකදුරු මහතා නැවත විමසීය.
    *මූව මං අරං යනවා. මං අරං යනවා. නුවනයා තීව්ර හඬකින් පවසමින් නැවත දඟලන්නට විය.
    *එහෙම කොහෙද තෝ මේ දරුවා අරං යන්නෙ. හිටපිය. කියා යකදුරු තුමා නැවත මතුරන්නට විය.
    * තෝ මේ කුකුල් බිල්ල අරන් යනවද? යකදුරු මහතා නැවත අසන්නට විය.
    * මං මේකව අරං යනවා. හූ....!! නුවනයා හූතියමින් බෙරහන් දෙයි. බය බිරාන්තව අප පසෙකට වී සිදුවීම බලා හිඳී
    * එවිට මතුරමින් යකදුරු ගැසූ දුම්මල පහරින් මුළු පලාතම ආලෝක විය.
    *යන්නම් යන්නම්. මට මිනිස් බිල්ලක් දීපියවු. නුවනයා ගොරවන්නට විය.
    *තොට දෙන්න මිනිස් බිලි නෑ. කුකුල් නාම්බා අරන් පල. කියමින් ගුරුන්නාන්සේ තරවටු කරන්නට විය.
    * යන්නම්. යන්නම්...!! නුවනයා කුකුලා දෙසට නැවත නැවතත් පනින්නට වෑයම් කලත් ඔහුට මල් අසුන පැන කුකුලා ඇල්ලීමට නොහැකි විය.

    * ගුරුන්නාන්සේ කටුවක් ගෙන කුකුලාගේ කරමලය විද ලේ ටිකක් ගෙන ගොටුවක් සාදා ඒ තුලට දමා මල් අසුනේ තබන්නට විය. නුවනයා සිහිසුන්ව වැටෙන්නට විය. පසුව මතුරමින් යකදුරු තුමන් මේ පෙරේත තට්ටුව නිවසෙන් බැහැරව ගෙන යන ලෙසත් තවත් සිවු දෙනෙකුට වත්තේ සිවුකොන ආරක්ශාවන් වලලන ලෙසත් උපදෙස් දුන් අතර අප 8දෙනෙක් පමණ පෙරේත තටුව රැගෙන කුනුහරුප කියමින් පන්දම වනමින් පෙරේත තටුව බෝක්කුවක් අසලට ගෙන යන්නට කටයුතු කරන ලදී. එය දමා නැවත පැමිනෙන විට පාරේ අයිනේ සිට තරමක් උස මහත මිනිහෙකු පාර මාරු වනු අපට දිස් විය. නමුත් අප ඒ අසලට පැමිණුනත් එහෙම මිනිසෙකු එහි නොවීය. මොකෙකු වුවත් ඒ පාර පැන්න මිනිහාට යාමට කිසිඳු පාරක් ඒ අසල නොවීය. කොහොමින් හෝ මේ කටයුත්ත කර අප නිවසට පැමිනෙන විට කහ වතුර හා දෙහි ගා අපව පිරිසිදු කර නිවස මායිමට ගන්නා ලදි.

    පසුදින දෙහි කැපීමක් සිදු කල අතර ඉන්පසු යකදුරුතුමා යන්නට පිටත් විය. නමුත් නුවනාගේ හැසිරීම පෙර පරිදි නොවීය. තනිව කියවමින් විටෙක සිනාසෙමින් ඔහු නැවත නැවතත් දොඩවන්නට විය. (හත්වලාමේ යකා ගිහන් නැද්ද? අපට ඇති වූ ලොකුම ගැටළුව එයයි.)

    කරන්නට දෙයක් නොමැති තැන ඔහුගේ දෙමවුපියන් පංසලේ කළු හාමුදුරුවන් මුණගැසෙන්නට තීරණය කලේය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගැන හසල දැනුමක් ඇති යළුිවරයානන් නමකි. උන්වහන්සේ මා මිත්‍රයාගේ හිසෙහි ගාන්නට මැතිරූ තෙල් කුප්පියක් දුන් අතර එය හිසෙහි ගා පංසලට කැඳවාගෙන එන්න යැයි පවසන ලදී. කී ලෙසින්ම අප ඔහුව පංසල වෙත කැඳවාගෙන ගියෙමු. පසුව බුදුන් වැඳ වතාවත් කර මා මිතුරාගේ ගෙලෙහි යන්තරයක් බැඳ සෙත් පැතා මලවුන්ට පිං දී කටයුත්ත අවසන් කරන ලදී. බුදුගුන බලයෙන් මා මිතුරා සුව ලැබීය. පසුව දැනගන්නට ලැබුනේ මෙය, අර කපුවා උගේ වැඩ පෙන්වීමට නුවනයාට බංධනයක් සිදු කර නිවැරදිව එය කපා ගත නොහැකි වීමක් බවයි. කීමට ඇති වැදගතම දෙය නම් ඕන යකෙකු බුදු ගුනට යට බවයි...

    ඉතින් ටිකක් දිගට ලිවුවා. මහන්සී...!! එහෙනම් රොබා අයියා ඇතුළු භූත කොටුවේ සැමට ජය....!!
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සමහර විට කතාව දිග වෙයි මොකද ඇත්ත ලියද්දි කෙටිටෙන් ලියන්න විදියක් නෑ....


    Source:www.facebook.com





    නම් ගම් මනක්කල්පිතයි, 100% සත්‍ය සිදූවීමකි.


    ඉතින් ටිකක් දිගට ලිවුවා. මහන්සී...!! එහෙනම් රොබා අයියා ඇතුළු භූත කොටුවේ සැමට ජය....!!

    11.gif
    11.gif
    11.gif
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    සතියක් තිස්සෙ එල කිරි බූත කොටුව කියෙවුවා රෑ නිදාගන්න කලින්. (හම්මේ දැනෙන සනීපෙ) ඉතින් මුලින්ම රොබොට් අයියට මෙහෙම බූත කොටුවක් පටන්ගත්තු එකට ස්තූති කරලම මං මගේ අත්දැකීමක් මෙතනට එකතු කරන්නම්.

    [/COLOR]

    මේක කියවපු මුල් සතියේ පට්ට ආතල් තමයි :D:D

    එල තව අත්දැකීම් තියනවා නම් කොටහන් :yes::yes:;)
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    බූත කොටුව තාමත් බම්ප් වෙනවද? :shocked::shocked: මේවා කියවල බයවෙන උන්ට යක්කුන්ගෙම පිහිටයි.
    හූ ..... හූ ......හූ.....

    රොබොට් අයියා
    :frown:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,775
    19,732
    113
    බූත කොටුව තාමත් බම්ප් වෙනවද? :shocked::shocked: මේවා කියවල බයවෙන උන්ට යක්කුන්ගෙම පිහිටයි.
    හූ ..... හූ ......හූ.....

    රොබොට් අයියා
    :frown:

    මෙන්න යකෝ ආයිත් රොබාඅයිය ඇවිත්