රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!

Stein

Member
Jul 29, 2016
67
30
0
රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!



රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය...!


ශ්‍රී ලංකාව තුළ ආගම්වාදය සහ ජාතිවාදය තරම් ප්‍ර‍සිද්ධ මාතෘකාවක් නොවන නමුත් රහසිගතව ක්‍රියාත්මක වන කුලවාදය අවසන් කිරීමට කාලය උදාවී තිබේ. නව ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්ථාව අරභයා ඇතිවෙමින් පවතින බහුත්වවාදී කතිකාව හුදෙක් ජනවාර්ගිකත්වය ඉලක්ක කරගනිමින් ගොඩනැගීම වෙනුවට සියලු පීඩිත ජනයාගේ අභිලාෂයන් ඉටු කරගැනීමට යොදාගත හැකි බව මාගේ අදහසයි. බහුත්වාදී දේශපාලන පරිකල්පනය කුලය මගහැරයාම පිළිබද වික්ටර් අයිවන් මහතා දක්වන අදහස මෙසේය: කුල අසමානතාව පිළිබද මාතෘකාව ආරම්භයේ සිට අද දක්වාම දේශපාලන ප්‍ර‍තිසංස්කරණ පිළිබද න්‍යාය පත්‍ර‍ට ඇතුළත් කිරීමට පීඩකයා පමණක් නොව පීඩිතයාද කැමති නැත. කුල ක්‍ර‍මය ඇති කර තිබෙන උස් පහත් භේදයෙන් පීඩා ලබන අය පවා ඊට එරෙහිව අනියම් ලෙස මිස සෘජු ලෙස සටන් නොකරති.
කුලය පිළිබද සමාජ අවධානය ගිලිහී යාමෙන් ලංකාවේ කුල ක්‍ර‍මය අහෝසි වන බව මුසාවකි. මන්ද ශත වර්ෂාධික කාලයක් පුරුද්දක් හා උරුමයක් ලෙස පුහුණු කරන ලද කුල ක්‍ර‍මය පවත්වාගෙන යාමට මිනිසුන් දක්වන ආශාව සතිඅන්ත පුවත්පත්වල මංගල දැන්වීම් කියවීමෙන් ඔබට වැටහෙනු ඇත. එමනිසා කාලයාගේ ඇවෑමෙන් කුලභේදය අහෝසි වනතුරු නොසිට ඊට අවශ්‍ය දේශපාලන ප්‍ර‍තිසංස්කරණ පිළිබද කතිකාව ඉදිරියට ගැනීම ජාතික වැදගත්කමකින් යුක්තය. වැඩවසම් යුගයේ සිට වර්ථමානය දක්වා මෙරට සමාජ ආර්ථික ක්‍රියාවලියට කුලය විසින් කරන ලද බලපෑම අධ්‍යනය කිරීම මෙන්ම දේශපාලනය තුළ කුල ධුරාවලියෙහි හැඩගැස්ම අධ්‍යනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. මෙහි අවසානයෙහි කුල ක්‍ර‍මය අහෝසි කරනු වස් නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා ප්‍ර‍තිසංස්කරණ ඉලක්ක කරගනිමින් රාජ්‍ය වෙත ඉදිරිපත් කරනු ලබන අදහස් හා යෝජනා කිහිපයක්ද අඩංගු වෙයි.

ඉතිහාසය

කුල ක්‍ර‍මය අසල්වැසි ඉන්දියාවෙන් අපට දායාද කරන ලද දෙයක් වුවද ඉන්දීය කුල ක්‍ර‍මය පැනනැගී ඇත්තේ ආගමික මූලයන්ගෙනි. එය චතුර් වර්ණ ලෙස හදුන්වයි. නමුත් ලංකාවෙහි කුල ක්‍ර‍මයට පදනම් වී ඇත්තේ ශ්‍ර‍ම විභජනය හෙවත් රැකියාවෙහි ස්භාවයයි. ලංකාවේ කුල මූලිකව කොටස් දෙකකට බෙදී ක්‍රියාත්මක විය. එනම් කෘෂිකර්මාන්තයෙහි නියැලෙන ජනතාව සහ කෘෂිකාර්මික නොවන කර්මාන්ත වල නියැලෙන ජනතාව වශයෙනි. ලාංකිකයන්ගෙන් බහුතරය කෘෂිකර්මාන්තයෙහි නිරත උසස් කුල වලට අයත් වු අතර කෘෂිකර්මාන්තයෙහි නොයෙදුනු ජනතාව හීන හෙවත් තත්වයෙන් පහත්කොට සළකනු ලැබීය. නමුත් මෙම කුල ධුරාවලියෙහි අනුපිළිවෙල මෙන්න කුල ගණන පිළිබදවත් විවිධ මත පවතී. රොබට් නොක්ස්ගේ ලේඛන වලට අනුව ලංකාවේ කුල ගණන දොළහකි. ජනවංශයට අනුව එය විසි හයකි.
ඊට අනුව ඉඩම් හිමි ගොවියන් සහ ගව පාලනයෙහි නිරතවුවන් ගොවිගම කුලය ලෙසත් මසුන් මැරීමේ නිරතවුවන් කරාව කුලය ලෙසත් කුරුදු තැලීමේ රැකියාවෙහි නිරතවුවන් සලාගම කුලය ලෙසත් රා මැදීමේ නිරතවුවන් දුරාව කුලය ලෙසත් හදුන්වනු ලැබීය. එමෙන්ම අලුහුණු කර්මාන්තයේ නිරතවුවන් හුණු කුලය ලෙසත් ආචාරි/ගල්ලද්දු හෙවත් ලොකුරු වැඩවල නිරතවුවන් නවන්දන්න කුලය ලෙසත් රෙදි ඇපිල්ලීම තම ජීවිකාව කොටගත් අය හේන හෙවත් රදා කුලයට අයත් වුවන් ලෙස සළකනු ලැබීය. ඊට අමතරව හකුරු සෑදීමේ නිරතවුවන් වහුම්පුර හෙවත් හකුරු කුලය ලෙසත් වලං සෑදීමේ නිරතවුවන් කුඹල් හෙවත් හඩහැල කුලය ලෙසත් ශ්‍රී මහා බෝධිය රැක ගැනීම නිරතවුවන් සහ ඇත්ගොව්වන් දුර කුලය ලෙසත් නැටුම් සහ නක්ෂත්‍ර‍ වැඩ වල නිරතවුවන් නැකති හෙවත් බෙරවා කුලය ලෙසත් හැදින්විය. සේවකයන් සහ බර උසුලන්නෝ අයත් වුයේ බත්ගම හෙවත් පදු කුලයටයි. මල බෙර ගැසීම ගහල කුලයට සහ පැදුරු විවීම කින්නර කුලයට අයත් රැකියා විය. හිගමනින් ජීවත්වු ජනතාව අයත් වුයේ රොඩී කුලයටයි.
1832 වසරේ කොල්බෘක් ප්‍ර‍තිසංස්කරණ හරහා රාජකාරි ක්‍ර‍මය අහෝසි කිරීමත් සමග කුලය මත පදනම් වු වැඩවසම් සේවා ක්‍ර‍මය වෙනුවට තමන් කැමති රැකියාවක නිරතවීමේ හැකියාව උදාවිය. එමෙන්ම නීතිය ඉදිරියෙහි සියලුදෙනාම සමානයන් ලෙස සලකන ප්‍ර‍තිපත්තියක් ක්‍රියාත්මක වු බවද පතපොතෙහි සදහන් වේ. නමුත් බහුතරයක් මෙරට වැසියන් සිය සම්ප්‍රදායික රැකියාවල නිරතවීමට කැමැත්තක් දැක්වු නිසාත් වෙනත් රැකියාවලට යොමු වු අයට දිගින් දිගටම කුල භේදය බලපෑම් කළ නිසාත් බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුවට පවා කුලය ක්‍රමය නොසළකා රාජ්‍ය පාලනය ගෙන යාමට නොහැකි විය. බ්‍රිතාන්‍ය පාලකයින්ද සම්ප්‍ර‍දායට ගරු කරන මුවාවෙන් ව්‍යාපාර අයිතිය සහ දේශපාලන නිදහස සමාජයේ ඉහළ කුලවලට ලබාදෙන ලදී. පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙහි සහ කොටි සංවිධානයෙහි අරගලවලට මෙම කුල පීඩනය හේතුවක් වු බව ඉතිහාසයේ සදහන් වේ.

පවුල සහ කුලය

පවුල ආදරය එක්රැස් කරන ගබඩාව මෙන්ම කුල ක්‍රමයෙහි මුලික ඒකකයද වෙයි. කුලය සහ පවුල පිළිබද කුමාරි ජයවර්ධන දක්වන්නේ මෙවන් අදහසකි: ක්‍රියාකාරීවීමේ සහ පක්ෂපාතිත්වයේ ඒකකයක් ලෙස පවුලේ එකමුතුව සහ පවුලේ ගරුත්වය පිළිබද සංකල්පය කුල ගරුත්වයත් කුලවාදී හැගීමත් එක්තරා දුරකට කුල ධුරාවලියක් පවත්වාගෙන යාම සදහා ක්‍රියාත්මක වෙයි. පවුල්වාදයෙන් තොරව ලංකාවේ කුලය ආරක්ෂා නොහැකිව තිබින. පවුල් බලය ආරක්ෂා කරගැනීමට එදා මෙන්ම අදත් විවාහ කටයුතු වලදී කුල රීති දැඩිව ක්‍රියාත්මක වෙයි. සිය කුලයෙන් බැහැරව හිර ගනුදෙනු තහනම් වන අතර කුලහීනයෙකු සමග විවාහවීම පවුලෙන් නෙරපීමට තරම් හේතුවකි. වර්ථමානයේ මෙවැනි සිදුවීම් සුලබ නොවුනද කුල පීඩනය හේතුවෙන් විවාහ පත්වීම ප්‍ර‍මාද වු සහ කුල ගැටලුව හේතුවෙන් අසරණ වු පවුල් විශාල ප්‍ර‍මාණයක් ඇත.

ධනවාදය සහ කුලය

සුචරිතවාදය සුඛ පරමවාදය මගින් ඉවත්කොට වෙළද දැන්වීම් මගින් සමාජ මානසිකත්වය හසුරවන සහ ජාතිය, ආගම, ලිංගිකත්වය, පන්තිය හා කුලය වැනි සමාජ බෙදීම් අභාවයට ගොස් ඒ වෙනුවට භාණ්ඩ හිමිකාරිත්වය ආදේශ කර නිදහස හා සමානාත්මතාවය තීරණය කොට ඇති යුගයක ධනවාදයේ පැවැත්මට කුලවාදයෙහි බලපෑම අවම වනු ඇත. නමුත් අවසාන ධනවාදය මෙතෙක් ප්‍රාග්ධනය මැදිහත් නොවු සංස්කෘතිය හා කලාව වැනි විෂයන් වෙතට ගලායමින් පවතින හෙයින් නව ලිබරල් ධනවාදයෙහි පැවැත්ම තහවුරු කිරීමට සිංහලේ මෙන්ම කුලේ වුවද භාවිතා කිරීමේ අවධානමක් පවතී. අතීතයේදී මෙන් ඉඩම් හිමිකාරිත්වයට සහ ව්‍යාපාර බලපත්‍ර‍ ලබාගැනීමට මෙන්ම රැකියාවකට ඇතුල්වීමට කුල සාධකය තීරණාත්මක නොවුවද සියයට සියයක් ආර්ථික ක්‍රියාවලිය කුල ධුරාවලිය නොසළකා හැර නොමැති බවද සදහන් කළ යුතුය.

දේශපාලනය සහ කුලය

කුල ක්‍ර‍මය අවසන් කිරීමට ඇති මුලික බාධාව ලංකාවේ දේශපාලනයට කුලය විසින් ඇති කරන බලපෑමය. ධනේෂ්වර කදවුර මෙන්ම වාමාංශික කදවුරද දේශපාලනයේදී කුල සාධකය තීරණාත්මක කොට ගනිති. ලංකාවට සර්ව ජන ඡන්ද බලය හදුන්වා දිය යුතු බවට යෝජනා වු පළමු අවස්ථාවේදී ලාංකීය කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස හැදින්වෙන ඊ. ඒ. ගුණසිංහ හැර ඩී. ඇස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක හා පොන්නම්බලම් රාමනාදන් වැනි සියලු ප්‍ර‍ධාන දේශපාලන පක්ෂවල නායකයින් ඊට විරුද්ධ විය. ඊට මුලික හේතුව කුල භේදය බව අමතක නොකළ යුතුය. නිදහසේ සිට අද දක්වාම දේශපාලන බල පොරය පැවතින්නේ ගොවිගම කුලයට අයත් පවුල් කාටල අතර බවට වික්ටර් අයිවන් දක්වන අදහසෙහි සත්‍යතාවක් තිබේ. අදටත් දේශපාලන පක්ෂ මැතිවරණ සදහා නාමයෝජනා ලබාදීමේදී කුලයට බර තබන අතර වත්මන් පාර්ලිමේන්තු සංයුතියද එහි ප්‍ර‍තිළුලයකි.
ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ අරගලයන්ට මෙම කුල පීඩනය හේතුවක් වු බව ඔප්පු කිරීමට වික්ටර් අයිවන් කරුණු ඉදිරිපත් කරන්නේ මෙසේය: ජවිපේ හා එල්ටීටීඊයේ ව්‍යාප්තිය හා වර්ධනය කෙරෙහි සිංහල හා දෙමළ සමාජයේ පවත්නා කුල ප්‍ර‍ශ්ණය බලපෑවේය. මෙම ව්‍යාපාර දෙකෙහිම ඔලුව සමන්විත වුයේ කරාව කුලයෙන් වුවද කද සමන්විත වුයේ පීඩිත කුලවලටද වැඩි තැනක් ලැබෙන ආකාරයට සකස් වු මිශ්‍ර‍කුල සංයුතියකිනි. මෙම ව්‍යාපාර දෙකම ඔවුන්ගේ සටනට අවශ්‍ය පාද සෙබලුන් වැඩි කොට ලබාගත්තේ පීඩිත කුල වලිනි. මෙම ව්‍යාපාර දෙක අතින් මරණයට පත් වු වැඩි පිරිස සිංහල සමාජයේ ගොවිගම හා දෙමළ සමාජයේ වෙල්ලාල කුලවලට අයත් වන විට ආරක්ෂක හමුදා අතින් මරණයට පත් අයගෙන් වැඩි පිරිස අයත් වුයේ සිංහල හෝ දෙමළ සමාජයේ පීඩිත කුලවලටය. ඉහත සංවිධාන දෙකම කුල භේදයට එරෙහිව අනියමින් ගෙනගිය සටන අසාර්ථක වුයෙන් අදටත් දේශපාලනයට වැදගත් සාධයක්ව කුලය පවතින බව මෙහිලා සදහන් කළ යුතුය.

අදහස් හා යෝජනා

කුල ක්‍ර‍මය සම්බන්ධයෙන් දිගු අධ්‍යනයක නිරත රාවය පුවත්පතෙහි ප්‍රධාන කතෘ වික්ටර් අයිවන් මහතා සිය ලේඛන හරහා අවධාරණය කරන්නේ කුල භේදය හේතුවෙන් පීඩාවට පත් වු ජනයාට සහන සලසන වැඩපිළිවෙළක් පිළිබදවය. ඔහු සිය දේශපාලනයේ පවුල හා කුලය ග්‍ර‍න්ථය හදුන්වා දෙමින් යෝජනා කරන්නේ ජනගහනයේ කුල අනුපාතයන්ට අනුව පාර්ලිමේන්තු නියෝජනත්වයක් හිමි වියයුතු බවයි. දිගු කාලයක් පුරා කුල ධුරාවලිය සමාජ ගැටලු රාශියකයකට හේතු වු හෙයින් කුල පීඩනයෙන් අසාධාරණයට ලක් වු අයට යුක්තිය ඉටු කිරීමේ අරමුණින් එම යෝජනාව ඉතාමත් වැදගත්ය. නමුත් එයින් කුලයට වටිනාකමක් ලැබෙන හෙයින් අවස්ථාවාදී දේශපාලකයින්ට එය වාසි සහගත විය හැකි මෙන්ම නැවත කුලය ස්ථාපිතවීමට මාර්ගයක්ද විය හැකිය. එමනිසා අප කුල ක්‍ර‍මය සපුරා අහෝසි කරන ක්‍ර‍මවේදයකට යා යුතු බව මාගේ යෝජනාවයි.
ලංකාවේ කුලය හදුනා ගන්නේ පවුලේ නම හෙවත් වාසගම මගින් ය. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක සහ සත්හඩ පුවත්පතෙහි ප්‍ර‍ධාන කතුවරයා ලෙස කටයුතු කරන දීප්ති කුමාර ගුණරත්න මහතා වරක් යෝජනා කළ පරිදි සියලු පහළ කුල යැයි කියන වාසගම් ව්‍යවස්ථාපිත නීතියක් මගින් වෙනස් කිරීම මෙම කුල ගැටලුව අවසන් කිරීමට ගත හැකි වේගවත් සහ පහසු පියවරකි. එය නව උප්පැන්න සහතිකයක් ලබාදීමෙන් සිදු කළ හැකිය. ඊට කුලවාදය අවසන් කිරීම වැනි විප්ලවීය තීන්දුවක් ගැනීමට වත්මන් දේශපාලන නායකත්වයට උවමනාවක් තිබිය යුතුය. කුලවාදය පවත්වාගෙන යාමෙන් තමන්ට හිමිවන වාසි නොතකා ඊට එරෙහිව සටන් කළ යුතුය. සමාජය සංවිධානය කරමින් සිවිල් සමාජය එයට අවංක දායකත්වය සැපයිය යුතුය. ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නාමයට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ පුරවැසියන් වන අප සතු වගකීමකි.



තුසිත බාලසූරිය- සමබිම පුවත්පත
 
Last edited:
  • Like
Reactions: HSgems and ruwper

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    I don't have a problem with cast system in general society. But I am really surprised to see (even today) high ranked Buddhist chapters like MALWATHU, ASGIRI only allow high cast men or children to become Buddhist monks under their patronage. So, ARE THEY REALLY REPRESENT LORD BUDDHA'S PHILOSOPHY ???????
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඕව නැති වෙන්නෙ නෑ බන්..... හුලගෙනුත් ඒඩ්ස් හැදෙනව කියන, පබාලව පාර්ලිමේන්තු යවන , අවුරුදු 2500ක පෞඪ ඉතිහාසයක් තියන අමුතු රටක්නි බන් ලංකාව.
     
    • Like
    Reactions: vito

    waligamaya

    Well-known member
  • "එමනිසා කාලයාගේ ඇවෑමෙන් කුලභේදය අහෝසි වනතුරු නොසිට ඊට අවශ්‍ය දේශපාලන ප්‍ර‍තිසංස්කරණ පිළිබද කතිකාව ඉදිරියට ගැනීම ජාතික වැදගත්කමකින් යුක්තය."
    :yes::yes:

    ඕක ලනකාවේ විවිහයේදී වගේම බරපතල විඉද්යට තියනවා චන්දයේදී. පිඩක යයි කියන කුලවල නියෝජිතයෝ පවා ප්‍රබල ලෙස මේක බාවිතා කරනවා තමන්ගේ ජයට. ඔවුන්ට මේක අවශ්යි ඔවුන්ගේ දේශපාලන වාසියට. මේක නියම දේශපාලන ජනතා පෙරලිය කින් තමයි වෙනස් කරන්න පුළුවන්. නැතුව මේ ඉන්න අපලකයන්ට ඔවුන් කුල පිඩක හෝ උසස් කුලවල උනත් වෙනස් කරන්න කැමති නැ.
     
    Last edited:

    Stein

    Member
    Jul 29, 2016
    67
    30
    0
    ඕව නැති වෙන්නෙ නෑ බන්..... හුලගෙනුත් ඒඩ්ස් හැදෙනව කියන, පබාලව පාර්ලිමේන්තු යවන , අවුරුදු 2500ක පෞඪ ඉතිහාසයක් තියන අමුතු රටක්නි බන් ලංකාව.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕවා නැති වෙන්නේ නැ මිනිස්සුන්ගේ ලේ ජාන වල කා වැදිලා තියෙන්නේ, ශ්‍රී ලංකාව කියන්නේ සමාජීය වශයෙන් ෆේල් වෙච්ච රටවල් ගොඩේ තියෙන රටක් :dull:

    ඩොක්ටස්ලා ස්ට්‍රයික් දවසටත් මිනිස්සු බෙහෙත් ගන්න එන රටක් ලංකාව අඩු බුද්දිමත් කම වැඩි ලංකාවේ
    :dull:
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මේවගේ පකේ රටවල්වල තමයි ඔය කුලවාද තියෙන්නේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Kula kramaya kohomath nathi wenna hoda naha.. adu kule un laga adatath, thamath e pahath gathi thiyenawa..
    Salli thibbai kiyala paddonge, kara yakkunge wenasak na.. dan manik wikunan posath wechcha pado kochchara innawada.. un ge thamath hasireema paddo wagemai.. ethakota kara un inne hodata salli thiyena.. eth unge hati balapan..dan wage thiyenne hama adu kuke ballama boruwata surname wenas karagannawa...
    Adukule unta kawadawath nagitinna denna hoda na... nagittaa inna danne na un.. premadasaya penne nadda..
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    Kula kramaya kohomath nathi wenna hoda naha.. adu kule un laga adatath, thamath e pahath gathi thiyenawa..
    Salli thibbai kiyala paddonge, kara yakkunge wenasak na.. dan manik wikunan posath wechcha pado kochchara innawada.. un ge thamath hasireema paddo wagemai.. ethakota kara un inne hodata salli thiyena.. eth unge hati balapan..dan wage thiyenne hama adu kuke ballama boruwata surname wenas karagannawa...
    Adukule unta kawadawath nagitinna denna hoda na... nagittaa inna danne na un.. premadasaya penne nadda..

    හුලගෙනුත් ඒඩ්ස් හැදෙනව
     

    waligamaya

    Well-known member
  • ඔය ලංකාවේ කුල ක්‍රමය ඉන්දියාව වගේ ඉතිර දෙයක් නෙවෙයි. එක එක කේ යුගවල ආර්ථික දේශපාලන බලය නිසා කලලදී උසස් වූ කල කලකදී පහත වෙලා කලල්කදී උස්ස පහත කලකදී උසස් වෙලා තියනව. දැනට තියන කුල ක්‍රමය සමාජ විද්‍යා පර්යේෂණ අනුව මහනුවරදී වුන කුල පෙරලිය්න් හා ඉංග්‍රීසි පාලනය නිසා ඇතිවූ කුල පෙරළියෙන් ප්‍රතිපලයක්.

    ලංකාවේ පරදන කුල පෙරලි වුනු අවස්ථා තමයි විජයගේ අක්‍රමණය, පසුව මහනුවර යුගය, ඉංග්‍රීසි පාලනය.


    වර්තමානයේ ගොඩක් පහත කුල පැරණි පාලක හා ස්වේදේශිය ජනය. නමුත් අකර්මන හා දේශපාලන බල මාරුවේදී එවකට බලයේ සිටි ජන කණ්ඩායම් පහත වෙලා නව බල කණ්ඩායම උසස් වෙනවා.


    බොහොවිය මිනිස්සු අතර මතයක් තියනවා පහත කුලවල මිනිසුන්ට පසුගාමී ච්රිත කාශන තියනවා කියල. උදාහරණයක් විදියට එක කුලයක මින්සූ සොරකම් කරනවා කියල මතක් තියන. එකට හේතු වූ කරණය තමයි වකට බලයේ ඉදලා බල පෙරළියෙන් අසරණ වීම නිසා තම ජීවිකාව සදහා සේරකම වැනි දෙයකට යොමුවීම. එක බොහොම ස්මන්න්ය දෙයක්.

    මෙතැනදී අපි දැනගන්න ඕන ඔය කුල ක්‍රමය තියෙන්නේ බලය මත. එක නිසා එක ස්ථිර දෙයක් නෙවෙයි එය අතීතයේ වුන ලෙසම වෙනස් වෙනවා.

    නුතන්යේදී වෙළද පොළ ආර්ථිකය හා අද්ද්යපනය නිසා කුල වෙනස් වෙලා තියනවා

     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,462
    6,276
    113
    Kula kramaya kohomath nathi wenna hoda naha.. adu kule un laga adatath, thamath e pahath gathi thiyenawa..
    Salli thibbai kiyala paddonge, kara yakkunge wenasak na.. dan manik wikunan posath wechcha pado kochchara innawada.. un ge thamath hasireema paddo wagemai.. ethakota kara un inne hodata salli thiyena.. eth unge hati balapan..dan wage thiyenne hama adu kuke ballama boruwata surname wenas karagannawa...
    Adukule unta kawadawath nagitinna denna hoda na... nagittaa inna danne na un.. premadasaya penne nadda..


    thoge kathawa aththa.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    FYI

    Castes-in-SL-aniwa-02.jpg
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ගොවි පරපුරෙන් ඇවිල්ල මුළු ජාතියකට කෙනෙහෙලි කම් කරන රජෙක් ඉන්න රටක, අබ මල් රේණුවක තරම් මොලයක් ඇති එකෙක් තමන්ගේ කුලේ ගැන දොඩවයි ද??

    මට නම් හොදට එක්ස්පිරියන්ස් මට බදින්න උනේ ගෙදරට හොරෙන් අම්ම තාත්ත කැමති උනේ නැහැ හේතුව කුලේ. මම අම්මලට කිව්වා එහෙමනම් මාව ඉස්කෝලේ යවල හොද නරක කියන දේවල් උගන්වන්නේ නැතුව ඉන්න තිබුන කියල. ජිවත් වෙලා මැරිලා ටිකට මොන කෙහෙ මලකට ඕව එක්ක නටනවද මම නම් දන්නේ නැහැ මචන්. කොහොම උනත් දැන් අපේ පවුලේ හැමෝටම තේරුම් ගිහින් ඉවරයි මම කල දේ වැරදි දෙයක් නෙවේ කියල. එකෙන් ඉතින් දෙමව්පියන් උනත් දැන් පසුතැවෙනවා. නමුත් හැමෝම කලබලයක් නැතිව හොදින් ඉන්නවා.
    :P
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ගොවි පරපුරෙන් ඇවිල්ල මුළු ජාතියකට කෙනෙහෙලි කම් කරන රජෙක් ඉන්න රටක, අබ මල් රේණුවක තරම් මොලයක් ඇති එකෙක් තමන්ගේ කුලේ ගැන දොඩවයි ද??

    මට නම් හොදට එක්ස්පිරියන්ස් මට බදින්න උනේ ගෙදරට හොරෙන් අම්ම තාත්ත කැමති උනේ නැහැ හේතුව කුලේ. මම අම්මලට කිව්වා එහෙමනම් මාව ඉස්කෝලේ යවල හොද නරක කියන දේවල් උගන්වන්නේ නැතුව ඉන්න තිබුන කියල. ජිවත් වෙලා මැරිලා ටිකට මොන කෙහෙ මලකට ඕව එක්ක නටනවද මම නම් දන්නේ නැහැ මචන්. කොහොම උනත් දැන් අපේ පවුලේ හැමෝටම තේරුම් ගිහින් ඉවරයි මම කල දේ වැරදි දෙයක් නෙවේ කියල. එකෙන් ඉතින් දෙමව්පියන් උනත් දැන් පසුතැවෙනවා. නමුත් හැමෝම කලබලයක් නැතිව හොදින් ඉන්නවා.
    :P

    :confused::confused::confused::confused:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,660
    13,392
    113
    ඔයාගේ caste එක මොකක්ද?


    මා වරක් ඉන්දියාවේ වැඩමුළුවක් පවත්වන අතර එක් දිනක් රාත්‍රී භෝජනය සඳහා වැඩසටහනට සහභාගී වූ කිහිප දෙනෙක් මට ආරාධනා කලෝය. සවස හතට පමණ ඇරඹි අපගේ හමුව අවසන් වන විට උදෑසන 2 පමණ වී තිබුණි. පසුදා මුළු දවසම මට දේශණ පැවැත්වීමටත්, එතැන් සිටි අනෙක් අයට දේශණවලට සහභාගී වීමටත් නොතිබුණා නම් අප පසුදින දහවල් වන විටත් කතාව අවසන් කර නොතිබීමට ඉඩ තිබුණි.

    එය මා සහභාගී වූ ඵලදායීම සුහඳ සාකච්චාවකි. මුලින් ක්‍රිකට් පිටියට සීමාවී තිබු අපේ කතා බහ කොතැනකදී හෝ ඉන්දියාවේ පවතින කුලවාදය වෙතට යොමුවිය. කතාව රසවත් සහ තිව්‍ර වුයේ එතැන් සිටයි. උපන්දා සිට තමාගේම ජීවන මගෙන් අත්දැකීම් එකතුකර ගත් විවිධ කුල වලට අයත් වූ මේ උගත්, බුද්ධිමත් මහතුන්ගෙන් මම පතපොතින් හෝ අන්තර්ජාලයෙන් සොයාගත නොහැකි කරුණු රාශියක් ඉගෙන ගතිමි.

    රැකියාව මත පදනම් වූ කුලවාදය දකුණු ආසියාව පුරා පැතිරී ඇත්තේ වසර දහස් ගණනකට පෙර සිටය. මට ඉන්දියානු මිතුරන්ගේ කරුණුවලින් පෙනී ගියේ යම් යම් කාල වකවානුවලට සාපේක්‍ෂව එහි වාසි සහ අවාසි පැවතුන බවයි. කුලවාදයේ ඇති වාසි මොනවාදැයි ඔබට සිතුනොත් පුදුමයක් නොවේ. ජනගහණය අඩු යුග වලදී සමහර කර්මාන්ත හා ශිල්ප (උදාහරණ ලෙස කම්මල් කර්මාන්තය සහ බෙර වාදන ශිල්පය) නොනැසී පවත්වා ගැනීමට කුලවාදය පිහිට වූ බව ඔවුන්ගේ අදහස විය.

    බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන කාලය වන විට කුලවාදය වැඩවසම් සමාජ ක්‍රමයේ කෘරතම ඵලය වෙමින් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පිළිලයක් මෙන් ඔඩු දුවා තිබුණි. ඉස්ලාම් ධර්මය නිසා පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ (මේ රටවල් ඉන්දියාවට අයත් වකවානුවේදීම) කුලවාදය ක්‍රමයෙන් වියැකී ගියේය. වජ්‍රයාන බුදුදහමේ අභාෂය නිසා භූතානයේ කුලවාදය හිස එසේව්වේම නැත. කුලවාදයේ නිර්මාතෘ වන හින්දු ධර්මය රාජ්‍ය ආගම වූ නේපාලයේද කුලවාදයේ අඩුවක් නොවීය. පිරිසිඳු, නිර්මල බුදු දහම පවතින ලංකාවේ සිවිල් සමාජය පමණක් නොව භික්ෂු සමාජය තුලටද කුලවාදය තදින් කා වැදී තිබුණි.

    නිදහසින් පසු ලංකාවේ කුල ක්‍රමය කෙමෙන් බිඳ වැටීමට හේතු වූ කාරණා කිහිපයක් ඇතිවිය. ඒ අතරින් අධ්‍යාපනයේ නිදහස, 60 දශකයේ ඇරඹි නව වෙළඳ ආර්ථික රටාව, බ්‍රිතාන්‍යය ක්‍රමයේ ආභාෂය, අඳ ගොවි පනත සහ ඉඩම් පනත ප්‍රධාන සාධක වෙයි.

    අද වන විට ලංකාවේ නව පරපුර කුලවාදයෙන් සෑහෙන්න ඈත් වී ඇත. නාගරික සමාජයේ බොහෝ දෙනෙකුට තමාගේ කුලය පිළිබඳව හෝ අදහසක් නැත. දැනට තලතුනා වියේ පසුවන පිරිස් විවාහය යන කරුණ සම්බන්ධව පමණක් තවමත් කුලය යන මාතෘකාව ඉදිරියට ගෙනෙති. හණමිටි කරේ තබාගත් තරුණ පරපුරේ කොටසක්ද ඇතත් එය සුළුතරයකි. ඔවුන් සමහර විට තම ගම් ප්‍රදේශයේදී කුලවාදී මාන්නය අවට සිටින්නන්ට පෙන්වනවා විය හැක. එහෙත් නගරබද ව්‍යාපාරික හෝ අධ්‍යාපන පරිසරයේදී ඔවුන් තම කුලය ගැන දෙඩීමට පවා ලජ්ජා වෙයි. "ඔයාගේ caste එක මොකක්ද?" කියා ඇසීමට තරම් අනුවණ පිරිස් අද ඇත්තේ අතලොස්සකි. මේ පිරිසද ක්‍රමයෙන් වියැකී යනු ඇත.

    ලංකාවේ සිදු වුයේ රැකියාව මත පදනම් වූ කුල ක්‍රමය බිඳ වැටී, ඒ වෙනුවට ආර්ථික තත්වය මත පදනම් වූ පන්ති ක්‍රමයක් බිහි වීමයි. කුල ක්‍රමයට වඩා මේ පන්ති ක්‍රමයේ මූලික සාධනීය කරුණක් ඇත. එනම් කුලය උපතින්ම ලැබෙන බැවින් එය කිසිසේත් වෙනස් කල නොහැකි හංවඩුවක් වීමත්, පංතිය කෙනෙකුගේ ධෛර්ය, ඥානය, අධිෂ්ඨානය, කඩිසරකම (වාසනාවද ඇතුළුව) වැනි කාරණා මත වෙනස් කරගත හැකි වීමත්ය.

    නමුත් ඉන්දීය රජයේ ක්‍රියා මාර්ගය මීට වෙනස් විය. කුලබේදය කොතරම් ඔඩු දුවා තිබුනේද යත් ඔවුනට යම් රැඩිකල් තීරණ ගැනීමට සිදු විය. ඒ අනුව 1950 ගණන් වලදී කුලය මත පදනම් වූ කෝටා ක්‍රමයක් නීතිගත විය. උසස් අධ්‍යාපනය, රජයේ රැකියා ලබා ගැනීම සහ උසස් වීම් ලබා දීම ආදී කාරණා වලදී අඩු කුලවල ජනතාවට වැඩි අවස්ථාවක් ලබා දෙන ලදී. මෙය අද දක්වාම ඉන්දියාවේ බල පැවැත්වෙයි.

    මෙම කෝටා ක්‍රමය කුල බේදයට සාධාරණ විසඳුමක් වුවා දැයි දැන් බොහෝ දෙනෙක් ප්‍රශ්ණ කරති. මෙහිදී ඇත්තටම සිදු වුයේ කුල බේදය නීතිගත කිරීමයි. විසි එක් වන ශතවර්ෂයේ දෙවන දශකය පසු කරමින් සිටින අද දවසේද ඉන්දියාවේ කුලවාදය සමාජයේ සියලුම ස්ථරවල ගැඹුරටම මුල් බැස ඇත. ඉන්දියාවේ පමණක් නොව බටහිර රටවල්වල පසුගිය දශක දෙක තුනක් ජීවත් වූ ඉන්දියානුවන් තුල පවා මෙම කුල බේදය ඉහලින්ම පිළිබිඹු වේ. මෙහිදී උගත් බුද්ධිමත් සමාජ ස්ථර කිහිපයක් හැරුණු කොට අනෙක් බොහෝ සමාජ කොටස් තුල කුල බේදය මත පදනම් වූ දැඩි සමාජ වෛරයක්ද පවතී. බිහාරය වැනි නුගතුන් බහුල ප්‍රාන්ත වල මේ සමාජ වෛරය සමහර විට බිහිසුණු සමුහ ඝාතන ආකාරයෙන් එලි බසී.

    ඉන්දියානු චිත්‍රපට පවා බොහෝ විට පදනම් වන්නේ මෙම කුලවාදය උත්කර්ෂයට නංවන ආකාරයෙනි (වීරයා අඩු කුලයේ කර ඉහළ කුලයට අයත් ප්‍රධාන කාන්තා චරිතය ඔහුට පෙම් බැඳ වීමෙන්). ඊට හේතුව මෙම චිත්‍රපට බලන බහුතරය අඩු කුලවලට අයත් දුප්පත් ගැමියන් වීමයි. මෙමගින් සිදු වන්නේ කුල පදනම් අතර වෛරය සහ පරතරය තවත් වැඩි වීමයි. එය චිත්‍රපට නිෂ්පාදකයාට හොඳ අනාගත ආයෝජනයකි.

    නේපාලයේ පවා කුලවාදය හීන වී ගොස් ඇති අද දවසේ ඉන්දියාව තවමත් වැඩවසම් යුගයේය.

    සමාජයේ ඍණාත්මක ආකල්ප දුරලිය හැක්කේ එය ස්ථාපිත කිරීමෙන් නොව එය ක්‍රමයෙන් වියැකී යන පරිදි දීර්ඝ කාලින වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙනි. කුලවාදය නිල වශයෙන්ම පිළිගැනීමෙන් ඉන්දියාව කල වරද මීට හොඳ උදාහරණයක් සපයයි.

    මම යමක් ඔබගෙන් අසමි. ඔබ අද දින කුලවාදය වියැකී යන ලංකාව පිළිබඳව සතුටු වනවාද නොඑසේ නම් ඉන්දියාවේ මෙන් එය ස්ථාපිත වූ ලංකාවක් නොලැබීම ගැන දුක් වෙනවාද?

    ඔබේ පිළිතුර දුප්පත්කම කෙරේද අදාළ කරගන්න.

    කුලවාදය, දුප්පත්කම, චන්ඩිකම, ගෝත්‍රවාදය උත්කර්ෂයට නංවන සමාජයක් ඔබට අවශ්‍ය නම් එය ඔබගේ තේරීමයි....

    ඔබ වැපුරූ ධාන්‍ය ඵල ලන විට, ඔබම නෙලාගන්න. අමු වපුරා වී අස්වැන්නක් ලැබුණේ නැතැයි කියමින් අන් අයට දොස් නොතබන්න.

    Source http://chandimagomes.blogspot.com/2017/03/caste.html
     
    • Like
    Reactions: waligamaya