
ඒ කාලෙ රුපියලේ අගය වැඩියි ස්මාට් පෝන් තිබ්බෙ නෑ ඉන්ටනෙට් ගියෙ නෑ sms ගැහුවෙ නෑ කෝල් ගත්තෙ නෑ වතුර ගත්තෙ ලිඳෙන් දැන් එහෙම නෑනෙ ඉතිං තාත්තලට වගේ අපිට ඉතුරු වෙන්නෑ![]()
![]()
එකපාරක් මම කොහේ හරි කතාවක් දැක්ක. ඒකෙ තිබ්බේ ජිවත් වෙලා ඉන්න කාලේ අම්මට තාත්තට සලකන්න වැඩිය හිතපු නැති අය එයාල නැති උනාට පස්සේ හාමුදුරුවරුන්ට තෝර මාළු කුකුල්මස් කවනවලු. ඉතින් එදායින් පස්සේ මම පඩි ගත්තට පස්සේ කරන්නේ අම්මට තාත්තට කන්න ආස දේවල් ගෙනියන එක. මම නොකෑවත් එයාල කනවා දැක්කම හිතට පුදුම සතුටුයි. ඒ විදියටම ඉස්සර එයාලත් මම කන බොන දේවල් දැකල සතුටු වෙන්න ඇති. කොච්චර මොනවා කලත් සල්ලි හෙව්වත් දවසක මේ දෙන්න අපිව දාල යනවා කියල හිතෙද්දි, අපිට ඒවට මුණ දෙන්න වෙනවා කියල හිතෙද්දි පපුව පැලෙන්න එනවා. අනිත් එක අම්මා තාත්ත ඇවිත් අසනීපයක් කිව්වමත් පුදුම දුකක් දැනෙන්නේ. අපිව කොච්චර උස්සගෙන ගිහින් ඇතිද පොඩි කාලේ බේත් ගන්න. ඒ කාලේ දැන් වගේ වාහනත් නෑ. අනේ මන්ද. දුක තමයි ඉතින්.


උබෙ කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි එහෙමම කියන්නත් එපා.
අපි ඉන්ටනෙට් ස්මාට්ෆෝන් වලට වියදම් කරපු සල්ලි තාත්තලා අපේ බැංකුවලට දාලා ඉතිරි කරා. දැන් ෆේස්බුක් sms කොටන්න වියදම් කරපු සල්ලි වලින්, අපි ඉස්සර අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන කතා පොත් කඩෙන් ගන්නවා. එහෙම බැලුවම එදයි අදයි ලොකු වෙනසක් නෑ. අද අපි ඇහෙන් දකින්නෙ මොනාද ඒකට සල්ලි වියදම් කරනවා. ටීවී එකේ කෑම බීම ඇඩ් එකක් දැක්කොත් ඒවට වියදම් කරනවා. හොඳ පෆියුම් එකක් දැක්කොත් දුවලා ගිහින් ඒකත් ගන්නවා. අද අපිට ජීවිතේට අවශ්‍ය දේ මොනාද අනවශ්‍ය දේ මොනාද අත්‍යවශ්‍ය දේ මොනාද කියලා හඳුනගන්නයි අරපිරිමැස්මයි අමතක වෙලාම ගිහින් තියෙනවා.
ඒවාගේම අපේ තාත්තල කරපු කැපකිරීම අද අපිට කරන්න තරම් හැකියාවක් කොන්දක් නැති වෙලා තියෙනවා. අඩුම ගානේ ඒ අය ඒ කරපු කැපකිරීම අගය කරන්න වත් පුරුදුවෙමු. තාත්තට විතරක් නෙවෙයි අම්මටත්. ඔන්න ඔවයි බන් හේතු. අපි හොඳ උන් නෙවෙයි.

රෙස්පෙක්ට් බ්රෝඑකපාරක් මම කොහේ හරි කතාවක් දැක්ක. ඒකෙ තිබ්බේ ජිවත් වෙලා ඉන්න කාලේ අම්මට තාත්තට සලකන්න වැඩිය හිතපු නැති අය එයාල නැති උනාට පස්සේ හාමුදුරුවරුන්ට තෝර මාළු කුකුල්මස් කවනවලු. ඉතින් එදායින් පස්සේ මම පඩි ගත්තට පස්සේ කරන්නේ අම්මට තාත්තට කන්න ආස දේවල් ගෙනියන එක. මම නොකෑවත් එයාල කනවා දැක්කම හිතට පුදුම සතුටුයි. ඒ විදියටම ඉස්සර එයාලත් මම කන බොන දේවල් දැකල සතුටු වෙන්න ඇති. කොච්චර මොනවා කලත් සල්ලි හෙව්වත් දවසක මේ දෙන්න අපිව දාල යනවා කියල හිතෙද්දි, අපිට ඒවට මුණ දෙන්න වෙනවා කියල හිතෙද්දි පපුව පැලෙන්න එනවා. අනිත් එක අම්මා තාත්ත ඇවිත් අසනීපයක් කිව්වමත් පුදුම දුකක් දැනෙන්නේ. අපිව කොච්චර උස්සගෙන ගිහින් ඇතිද පොඩි කාලේ බේත් ගන්න. ඒ කාලේ දැන් වගේ වාහනත් නෑ. අනේ මන්ද. දුක තමයි ඉතින්.





