victor rathnayaka ge wife hashini

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වික්ටර්ගේ ආදරය දිනූ හෂිනි රත්නායක පළමු වරට මාධ්‍යට කතා කරයි

    454545.jpg

    වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි.

    මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල අතුරුගිරිය වික්ටර් රත්නායකයන්ගේ නිවසට යනවිට ඇයද නිවසේ සිටියා. අපහට තේ පිළියෙල කර දුන්නේ ද ඇයයි. ඒ සිදුවීම සිහිපත් කරමින් “ඔයා එදා අපි එද්දි හිටිය හෂිනි ද?“ මම දුරකථනයෙන් විමසා සිටියා.
    “ඔව්. ඔව්. ඒ මම තමයි.”


    “එදා මේ ගැන මුකුත් ම කීවෙ නැහැනේ.” මම විමසුවා. එතකොට ඇය මෙහෙම කීවා.

    “අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි.

    මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා. රසිකාවියක් විදිහට තමයි මම මුලින් ම වික්ටර් රත්නායක සර්ව හඳුනාගත්තේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අපේ හිත් ආදරයෙන් බැඳුණා.

    මගේ මවුපියන් පවා මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියා. ඒත් අ‍පේ සිත් නොසැලී තිබුණා. මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණත් ඒක ආදරයට, විවාහයට බාධාවක් නැහැ. අපි අවබෝධයෙන්, ආදරයෙන් ඉන්නවා.

    මුල් යුගයේ අපි පවුල් වශයෙන් එකතුයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. වික්ටර්ගෙයි, මගෙයි සම්බන්ධය ඉව වැටුණාම, ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. අවුරුදු 6ක් විතර වෙනවා අපේ සම්බන්ධයට. මගේ අම්මා කියලා තියනවා මම පුංචි කාලේ ඉඳලා ම වික්ටර්ගේ ගීතවලට ආසයි කියලා. මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ. ඒ තරමට අපි බැඳීමෙන් ඉන්නේ.

    මුලින් මගේ හිතේ ඇති වුණේ ඔහු ගැන භක්තියක්, ගෞරවයක්, මම අපරදිග සංගීතය හැදෑරුවා. දේශීය සංගීතයටත් ගොඩක් ප්‍රියයි. මම වික්ටර්ට ළංවුණේ නොදැනුවත්වම. ඒ ඇසුර ආදරයකට පෙරළුණා. කවුරුන් විරුද්ධ වුණත් අපි නොසැලී හිටියා. දැන් අපි විවාහවෙලා, අපේ සම්බන්ධයට විරුද්ධ අය වගේ ම මිතුරු සිතින් අවංකව ම සුබ පතලා ආශිර්වාද කරන අයත් ඉන්නවා.

    මම කාලයක් තිස්සේ වික්ටර්ව ඇසුරු කළ නිසා ඔහු මොනතරම් සංවේදී හිතක් තියන කෙනෙක් ද කියා හොඳින් ම දන්නවා. සංසාරෙ යම් බැඳීමක් තියෙන්න ඇති ඒකනේ මේ වගේ බැඳුණේ.

    වයස්.... පරතරය... ගැන ගැටලුවක් නැද්ද...?

    ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් කලාකරුවෝ විතරක් නෙමෙයි හුඟාක් වයස් පරතරය වැඩි අය ආදරයෙන් බැඳිලා ඉන්නවා. අපි ජීවිතය හරි සතුටින් ගෙවන්නේ. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් සේ සලකනවා.
    අනික වික්ටර්ගේ බිරිය නැතිවෙලා අවුරුදු 13කටත් වැඩියි. දරුවන්ගේ යුතුකම් ඉටුකරලානේ තියෙන්නේ. ඉතිං මම හිතන විදියට කාටවත් කිසිම ගැටලුවක් නැහැ.
    හෂිනිට...

    වික්ටර් ගැන තියෙන්නේ ආදරයක් ද? ගෞරවයක් ද? භක්තියක් ද? නැත්නම් මේ හැම දේකම සම්මිශ්‍රනයක් ද?

    ඔව් හැමදෙයකම සම්මිශ්‍රනයක් කීවොත් නිවැරැදියි. මම එයාට හොඳින් සලකනවා.
    ඔයාගේ අනාගතය ගැන බලද්දි වික්ටර් සමඟ විවාහවීමේ තීන්දුව නිවැරැදියි කියා හිතනවද?

    මගේ අනාගතයටත් වඩා මම හිතන්නේ එයාගේ සුව පහසුවයි. එයාට සලකන එක මට ලොකු සතුටක්. මම කැපවීමෙන්මයි ඒ දේවල් කරන්නේ. වික්ටර්, හැම තිස්සෙ ම පන්සල් ගියේ නැතිවුණාට ආගමික කටයුතුවලට ගොඩක් කැම­ැතියි. හදවතේ බෞද්ධ දර්ශනය පිහිටලා තියනවා එයාගේ. කවුරු මොනවා කීවත් අපි අවබෝධයෙන් සෙනෙහසින් ඉන්නේ.

    මේ තරමට බාධා - ගැටුම් එන්නේ අසම්මත ප්‍රේමයක් වූ නිසාද?

    ආදරයට, ගැටුම්, බාධා එමටයි. අපි දෙන්නට එක්වෙන්න නීතිමය බාධාවක් නැහැනේ. සිතුම් පැතුම්, අදහස් සමාන නම් දෙදෙනා අතර ගැටුමක් නැත්නම් ආදරය ජයගන්න පුළුවනි.

    වික්ටර් නැවත විවාහ වෙන බවක් එදා ‘දෛව රේඛාව’ ලිපියෙදි කියවුණේ නැහැ. අඩුගාණේ මේ ගැන හඳහනේවත් සඳහන් වෙලා තිබුණද?

    මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.

    ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා.
    අපි කිසිම මාධ්‍යයකට කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ දේවල් කතා කරන්න වික්ටර් කැම­ැතිත් නැහැ. මේක අපේ මනාපය. සමහර මාධ්‍ය මඩ ගැසීමේ අරමුණින් විවිධ දේ පළකරනවා. විවිධ දේ කියනවා.

    උපුටා ගෑනීම - සිළුමිණ පුවත්පත
     

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    "මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.

    ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා."


    මට නම් පේන විදිහට ගෑණි මොකෙක් හරි ඉන්දියන් කාරයෙක් ගෙන්නලා වික්ටර් අන්කල්ව අන්දලා වගේ. ලොල්
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    "මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.


    ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා
    ."


    මට නම් පේන විදිහට ගෑණි මොකෙක් හරි ඉන්දියන් කාරයෙක් ගෙන්නලා වික්ටර් අන්කල්ව අන්දලා වගේ. ලොල්

    :rofl:අමර සැපක් දෙනව අැති නේහ්..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    "මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.

    ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා."


    මට නම් පේන විදිහට ගෑණි මොකෙක් හරි ඉන්දියන් කාරයෙක් ගෙන්නලා වික්ටර් අන්කල්ව අන්දලා වගේ. ලොල්

    :rofl:
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ

    giphy.gif
     

    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.

    Ubala dannawada me thana ? Naadi waakiya kiyanawa.. aththa .. ubalage nama idan kiyanawa.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    17270178_10208871014347755_1338974947_n.jpg


    17199123_10208871014267753_935199920_n.jpg


    මෙන්න මේ දෙන්නට පාඩුවේ ඉන්න දීලා උඹලගේ වැඩ බලා ගනිල්ලා. උඹලත් හොයා ගනිල්ලකො මේ විදියේ කෑල්ලක් :P