වියුක්ත (abstract) සහ සංයුක්ත (concrete) කියන එක දෙවිදිහකට පාවිච්චි වෙනව.
1 වෙනි ක්රමේ භෞතික වස්තූන් වලට
2 ක්රමේ සංකල්ප වලට
භෞතික වස්තු වලට ගත්තොත් අපිට ඇහැට කණට පේන්න තියෙන දේවල් සංයුක්තයි (concrete) කියල ගන්නෙ. පුටුවක්, බල්ලෙක්, ගෙයක්. එහෙම පේන්න නැති දේවල් 1, 2, දෙවියො, වේගය, කාලය වගේ දේවල් වියුක්තයි (abstract) කියල ගන්නෙ.
ගණිතය කියන්නෙ සංකල්ප ගොඩක් එතකොට ඔතන සංයුක්තය වියුක්තය වෙන් කරන්නෙ සංකල්ප වලදි සංයුක්තය වියුක්තය වෙන් කරනව විදිහට. සංකල්ප වලදි සංයුක්තයි කියන්නෙ හිතෙන් රූපයක් විදිහට මවාගන්න පුලුවන් දේවල්. මිනිහෙක් කිව්වොත් එක එක්කෙනාට එක එක විදිහට මනුස්ස රූපයක් හිතේ මැවෙනව. බස් එකක් කිව්වොත් එක එක්කෙනාට එක එක විදිහෙ බස් එකක රූපයක් හිතේ මැවෙනව. ඒත් 1 කිව්වොත් හිතේ මොනම හෝ රූපයක් මැවෙනවද ? "1" මේ සලකුණ හරි රෝම ක්රමේට "I" හෝ "i" කියල හරි මැවෙයි. ඒත් ඒ එක කියන සංකල්පෙ නෙමේනෙ ඒක නිරූපණය කරන්න අපි ලියන සංකේථයක්. 0 කිව්වොත් මොනම හෝ රූපයක් මැවෙනවද ? ඒ නිසා මේ සේරම වියුක්ත සංකල්ප.
වියුක්ත සංයුක්ත භාවයත් ඉරක් ගහල මෙතනිං එහාට වියුක්ත මෙතනිං එහාට සංයුක්තයි කියල බෙදන්නත් බෑ. ගණං වල එක කිව්වොත් අපිට අඩුම ගානෙ පොල් ගස් එකක් කියලවත් රූපයක් ඇසුරින් එක තේරුම් ගත්තෑකි. භාගෙ කිව්වොත් පොල්ගස් භාගයක් කියලවත් රූපයක් ඇසුරින් තේරුම් ගත්තෑකි. ඒත් වර්ගමූල(2) කිව්වොත් ? අර තරං සරලව කොටස් බෙදල තේරුම් ගන්න බෑ. එතකොට 1 2 වගේ සංකල්ප වලට වඩා වර්ගමූල(2) වියුක්තයි.
වර්ගමූල(2) ගත්තත් අඩුම ගානෙ පොල් ගස් කාලයි පොල් ගස් බාගයයි අතරෙ කොතන හෝ තියෙනව කියලවත් මවාගත්තෑකි ඒත් වර්ගමූල(-1) කියල ගත්තොත් එහෙමවත් මවාගන්න බෑ ඒක ඊටත් වඩා වියුක්තයි.
සරලවම වියුක්ත සංකල්ප කියන්නෙ රූපයක් වශයෙන් හිතේ මවාගෙන තේරුම් ගන්න බැරි දේවල්.