ගණිතය

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ගණිතය වියුක්ත සංකල්පයක් කියන්නෙ ඇයි බං ?
    සංඛ්‍යාවන් කියන්නෙ වියුක්ත සංකල්පයක්ද ?
    එක දෙක තුන කියල දෙයක් මේ ලෝකෙ ඇත්තටම නැති හින්දද එහෙම කියන්නෙ ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වියුක්ත (abstract) සහ සංයුක්ත (concrete) කියන එක දෙවිදිහකට පාවිච්චි වෙනව.
    1 වෙනි ක්‍රමේ භෞතික වස්තූන් වලට
    2 ක්‍රමේ සංකල්ප වලට

    භෞතික වස්තු වලට ගත්තොත් අපිට ඇහැට කණට පේන්න තියෙන දේවල් සංයුක්තයි (concrete) කියල ගන්නෙ. පුටුවක්, බල්ලෙක්, ගෙයක්. එහෙම පේන්න නැති දේවල් 1, 2, දෙවියො, වේගය, කාලය වගේ දේවල් වියුක්තයි (abstract) කියල ගන්නෙ.

    ගණිතය කියන්නෙ සංකල්ප ගොඩක් එතකොට ඔතන සංයුක්තය වියුක්තය වෙන් කරන්නෙ සංකල්ප වලදි සංයුක්තය වියුක්තය වෙන් කරනව විදිහට. සංකල්ප වලදි සංයුක්තයි කියන්නෙ හිතෙන් රූපයක් විදිහට මවාගන්න පුලුවන් දේවල්. මිනිහෙක් කිව්වොත් එක එක්කෙනාට එක එක විදිහට මනුස්ස රූපයක් හිතේ මැවෙනව. බස් එකක් කිව්වොත් එක එක්කෙනාට එක එක විදිහෙ බස් එකක රූපයක් හිතේ මැවෙනව. ඒත් 1 කිව්වොත් හිතේ මොනම හෝ රූපයක් මැවෙනවද ? "1" මේ සලකුණ හරි රෝම ක්‍රමේට "I" හෝ "i" කියල හරි මැවෙයි. ඒත් ඒ එක කියන සංකල්පෙ නෙමේනෙ ඒක නිරූපණය කරන්න අපි ලියන සංකේථයක්. 0 කිව්වොත් මොනම හෝ රූපයක් මැවෙනවද ? ඒ නිසා මේ සේරම වියුක්ත සංකල්ප.

    වියුක්ත සංයුක්ත භාවයත් ඉරක් ගහල මෙතනිං එහාට වියුක්ත මෙතනිං එහාට සංයුක්තයි කියල බෙදන්නත් බෑ. ගණං වල එක කිව්වොත් අපිට අඩුම ගානෙ පොල් ගස් එකක් කියලවත් රූපයක් ඇසුරින් එක තේරුම් ගත්තෑකි. භාගෙ කිව්වොත් පොල්ගස් භාගයක් කියලවත් රූපයක් ඇසුරින් තේරුම් ගත්තෑකි. ඒත් වර්ගමූල(2) කිව්වොත් ? අර තරං සරලව කොටස් බෙදල තේරුම් ගන්න බෑ. එතකොට 1 2 වගේ සංකල්ප වලට වඩා වර්ගමූල(2) වියුක්තයි.
    වර්ගමූල(2) ගත්තත් අඩුම ගානෙ පොල් ගස් කාලයි පොල් ගස් බාගයයි අතරෙ කොතන හෝ තියෙනව කියලවත් මවාගත්තෑකි ඒත් වර්ගමූල(-1) කියල ගත්තොත් එහෙමවත් මවාගන්න බෑ ඒක ඊටත් වඩා වියුක්තයි.

    සරලවම වියුක්ත සංකල්ප කියන්නෙ රූපයක් වශයෙන් හිතේ මවාගෙන තේරුම් ගන්න බැරි දේවල්.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඒ වුණාට වයිට්වෝකරයො කාලයට වියුක්ත සංකල්පයක් කියනවට මම කැමති නෑ
    කාලය කියන දේ අපි එදිනෙදා ජීවිතයෙදි කොච්චර යොදා ගන්නවද..
    මෙච්චර වෙලාවක් ගියා, ඒක හෙට වෙනව වගේ දේවල් අපිට කියන්ඩ පුලුවන් වෙලා තියෙන්නෙ කාලය ගෝචර නිසයි

    සංඛ්‍යා වලටත් වියක්ත සංකල්ප කියනවට මම කැමති නෑ
    ඕන පොඩි ළමයෙක් එක දෙක තුන හොඳට වෙන වෙනම අඳුරනව. වර්ග මූලය කියන දේත් මේකයි කියල අපිට ඔලුවට දාගන්ඩ පුලුවන්නෙ..

    අනික තමා දෙවියො. ඒකත් වියුක්තයි කියනවට කැමති නෑ.. දෙවියො දකින්ඩම  ඕනෙ නෑ. ඒත් එහෙම දෙයක් අපේ හිත්වල නිර්මාණය වෙලා තියෙනව..

    මම නං වියුක්තයි කියන්නෙ මෙච්චර කාලෙකට අපිට ගෝචර නොවෙච්ච දේවල් වලට විතරයි..
    දිග ගෝචරයි
    පළල ගෝචරයි
    ගැඹුර ගෝචරයි
    කාලය ගෝචරයි
    තව මානයක් තියෙනවනං අන්න ඒක තාම ගෝචර නෑ.. අන්න ඒ වගේ
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සංයුක්ත වියුක්ත කියන දේ මට තේරෙනව
    නැත්තං උඹල හිතයි සංයුක්ත වියුක්තවත් මට තේරෙන්නෙ නෑ කියල :rofl:
    එහෙම නැත්තං මම කියන දේට සංයුක්ත වියුක්ත කතාව පටලවගන්ඩ හොඳ නෑ..
    ගෝචර අගෝචර කියල දාගත්තනං හරි :cool:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ආදරය යනු සංයුක්ත සංකල්පයක්ද? නැත්තං වියුක්ත සංකල්පයක්ද?
    කියපල්ල බලන්ඩ
     
    පුටුව වියුක්තයි පුටුවක්, පුටු දෙකක්, පුටු තුනක් සංයුක්තයි, පුටු n ගණනක් වියුක්තයි. :yes: :yes:
    වියුක්ත සංකල්ප යොදාගන්නව තමා වියුක්තයි කියන්නෙ යොදාගන්න බැරිවීම නෙමේ පුටුවක් කියල හිතනකොට මැවෙන රූපය වගේ රූපයක් විනාඩියක් කියල හිතනකොට මැවෙනවද ? :no: :no:
    ඔරලෝසුවෙ තප්පර කට්ට වටයක් යනව මැවෙයි ඒ විනාඩියක් ඇතුලත වෙන දෙයක් මිසක් විනාඩියක් නෙමේ විනාඩියක් කියල මවාගන්න රූපයක් නෑ :no: :no:
    දෙවියො පෙරදිග ආගම් වල සංයුක්තයි ඒකයි දෙවියන්ගෙ හැඩරුවට අනුව පිලිම තියෙන්නෙ මිනිස්සු පිලිම වලට වඳින්නෙ. ඒත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතීන් වල දෙවියො වියුක්තයි දෙවියො මේ වගේ කියන්න හැඩරුවක් නෑ වියුක්ත දේවි කෙනෙක්. ඒක තමා නලීන්ද සිල්ව කට කැඩෙනකං කියන්නෙ විද්‍යාව ගොඩනැගිල තියෙන්නෙ බටහිර යුදෙව් ක්‍රිස්තියානි වියුක්ත සංකල්ප තියෙන සංස්කෘතිය මත ඒකයි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතීන් වල හැදෙන අය බටහිර විද්‍යාවේ ප්‍රවාද නිර්මාණ අතින් ඉදිරියෙන් ඉන්නේ සහ පෙරදිග සංස්කෘතීන් වල හැදෙන අය කිසිම හරි හමං ප්‍රවාදයක් නිර්මාණය කරගන්න අසමත් වෙලා ඉන්නෙ කියල :sorry: :sorry:
    සංකල්ප වල වියුක්ත සංයුක්ත භාවයයි ගෝචර වීමයි අතරෙ සම්බන්ධයක් නෑ :no: :no:

    :baffled: :baffled:
     
    හ්ම් වියුක්ත සංයුක්ත කතාව මගේ මේ අදහසට ගැලපෙන්නෙ නෑ
    උඹ කියන වියුක්තය මට තේරෙනව
    ගෝචර සහ ගෝචර නොවන කියල මම වචන දෙකක් ඒ වෙනුවට මේකට දාගන්නව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හ්ම් වියුක්ත සංයුක්ත කතාව මගේ මේ අදහසට ගැලපෙන්නෙ නෑ
    උඹ කියන වියුක්තය මට තේරෙනව
    ගෝචර සහ ගෝචර නොවන කියල මම වචන දෙකක් ඒ වෙනුවට මේකට දාගන්නව

    ගණිතයේ තියෙන කිසිම දෙයක් අපිට ගෝචර වෙන්නෑ :no: :no:
    ගෝචර වෙන්න ගණිතයෙ තියෙන ඒව භෞතික ලෝකෙ පවතින්න එපායැ එහෙමවත් පවතින්නෑ :sorry: :sorry:
    ගණිතය කියන්නෙ තනිකරම හිතලු ගොඩක් පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් ගාවගන්නෙවත් නෑ :no: :no: