ඉන්දියාව නේපාල දේශසීමාව ආසන්නයේ වනාන්තරයක වසර ගණනාවක් ජිවත් වූ වයස අවුරුදු 8 ක පමණ ගැහැණු ළමයෙක් මුණ ගැසී තිබෙනවා.
ඇයව වනාන්තරයෙන් සොයගනිද්දීත් ඇය නිර්වස්ත්‍රව සිටි බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම දැරියව වනාන්තරයෙන් එළියට ගෙන එන්න උත්සහා කරන විට ඇය දැඩි ලෙස විරෝධය දක්වා තිබෙනවා. ඒ වගේම ඇය වඳුරෙකු ලෙස කෑ ගසා තිබෙන බවත් වාර්තා වෙනවා.
මේ දැරිය එක්ක හිටිය වඳුරු රැළකුත් මේ ගැහැණු ළමයව කැලෙන් එළියට ගෙනියන්න නොදී ඉන්න ලොකු වෙහෙසක් අරන් තිබෙනවා. කොහොම නමුත් ඇයව වනාන්තරයෙන් මුදවාගත් පිරිස රෝහලක් වෙත යොමු කරලා.
රෝහලේදී ඇයට ඇඳුම් අන්ඳවා තිබෙන අතර ආහාර පානද ලබා දී තිබෙනවා. නමුත් එම දැරිය මේ සියල්ලම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රෝහලට ගෙන එන විට ඇවිදීමට හෝ වචනයක්වත් කතා කරගන්න බැරි තත්ත්වයක දැරිය සිටි බවත් සඳහන්.ඒ වගේම ඇය ඇවිද තිබෙන්නේ වඳුරන් මෙන් අත් පා සියල්ල එකට තබයි.
මේ දැරිය හැසිරෙන විදිහ අනුව ඇය යන්තම් තේරෙන වයසක සිටම ජීවත් වී තිබේන්නේ වඳුරෝ එක්ක කියලයි ඇයව පරික්ෂා කළ වෛද්‍යවරු කියන්නේ.
ඇයට කතාබහ කරන්න ඉගෙනගන්න තරමේ කුඩා දැරියක් තනියම කැලයක දිවි බේරාගෙන හිටිය කියල හිතන්න අමාරු නිසා වඳුරෝ ඇයව රැක බලාගන්න ඇති කියලත් වෛද්‍යවරු පවසනවා.
කොහොම නමුත් දැරියව ආයෙත් මනුෂ්‍යයෙක් විදිහට හැසිරෙන්න පුරුදු කරන්න හුඟක් කාලයක් ගතවන බවත් වෛද්‍යවරු පවසන අතර මේ දැරිය කාගේ කවුරුඳ කියාවත් තවම හොයාගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ
Last edited:



