US warships deployed to Korean peninsula

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    කොරියානු කලාපය දෙසට යාත්‍රාකරන ලෙසට එක්සත් ජනපද හමුදාව තම නාවික ප්‍රහාරක කණ්ඩායමකට නියෝග කරයි.මෙම නියෝගය නිකුත් වුණේ උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන ඉදිරියට යමින් තිබියදී ය.කාල් වින්සන් නමින් හැඳින්වෙන මෙම ඇමරිකානු නාවික ප්‍රහාරක කණ්ඩායම ගුවන්යානා ප්‍රවාහක නෞකාවක් සහ තවත් යුද නෞකා කිහිපයකින් සමන්විත ය.

    මේවනවිට ශාන්තිකර සාගරයේ බටහිර කලාපය දෙසට ගමන් කරමින් සිටින අතර එක්සත් ජනපද ශාන්තිකර බලඇණිය මෙම පියවර හැඳින්වූයේ කල්තියා සුදානම්වීමක් ලෙසටය.උතුරු කොරියාවෙන් එල්ලවන න්‍යෂ්ටික තර්ජනයට මුහුණ දීම සඳහා ඇමරිකාව "තනිවම ක්‍රියාකරනු ඇති" බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.

    Financial Times පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ "උතුරු කොරියාවේ ප්‍රශ්නය විසඳීමට චීනය පියවර නොගන්නේනම් එක්සත් ජනපදය එය විසඳනු ඇති" බවය.
    ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ චීන ජනාධිපති සී ජින්පිං හමුවීමට දින කිහිපයක් තිබියදීය.


    _95558458_5b14dce1-9dd9-4c6c-a3c2-6504a647d517.jpg


    _95558461_148a5c58-93e1-4a6c-b39e-ce9a83636aa5.jpg


    BBC​
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    මොකක්ද බන් මෙතන වෙන්නේ :dull: මුන් කෙලගන්නද හදන්නේ :rolleyes: නැත්තම් show off ද :baffled:
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,279
    3,556
    113
    Maligawatta
    North Korea ekka yuddayak aavoth South korea vai Japan yai Americavata ida denawa unge ratawalvala idhala gahanna, ethakota north koreava gahanawa unge Nuclear weapon walin south korea vatai Japan yatai, ethakota ape raten Korea vata giya dhahas ganan tharunayanta Job nethuwa aaye lankawata enna wenava.......
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,180
    113
    Forest
    ගහනවනන් ගහන්න කියපන් බන්. ඉස්කෝලේ යන කාලේ පන්ති වලියක්වත් ඔච්චර චාටර් උනේ නෑ. බලහන්කො ගහනවා ගහනවමයි කියනවා විතරනේ :lol: