ඇමෙරිකා-උතුරු කොරියා අර්බුදය
අප්‍රේල් 15දා යෙදී තිබෙන උතුරු කොරියාවේ හිටපු නායක සහ ආදිකර්තෘ වූ කිම් ඉල්-සුන් ගේ උපන්දිනය දා න්‍යෂ්ඨික අවියක් අත්හදා බැලීමට පියොන්ජියෑන් පාලනය සැලසුම් කර තිබෙන බවත් ඔවුන් එය ක්‍රියාවට නැංවුවහොත් උතුරු කොරියාවට එරෙහිව ඒකපාර්ශ්වික හමුදා මෙහෙයුමක් දියත් කරන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුලු එක්සත් ජනපදයේ මුල් පෙළේ නායකයින් පසුගිය සති කිහිපය පුරා කියමින් සිටි දෙයකි.කලින් හිරුගේ දිනය නමින් හැඳින්වූ මෙදින උතුරු කොරියාවේ අතිශය වැදගත්ම නිවාඩු දිනයක් වේ.පියොන්ජියෑන් පාලනය මෙම දිනය යොදාගන්නේ ඔවුන්ගේ යුද ශක්තිය ලෝකයා හමුවේ විදහා දැක්වීමටයි.මෙම වසරේ ඔවුන් සමරන්නේ කිම් ඉල්-සුන්ගේ 105 උපන්දින සැමරුමයි.මෙවර පියොන්ජියෑන් නුවර කිම් ඉල් සුන් චතුරස්රයේ පැවැත්වෙන මහා පරිමාණ හමුදා පෙළපාලියට නවතම අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල එක් කර තිබිණි.
ට්‍රම්ප්ගේ පත්වීමත් සමග උතුරු කොරියාව සම්බන්ධව දැඩි තීරණයක් ගැනීමට තරම් සාධක ක්‍රමයෙන් නිර්මාණය වන්නට විය.දෙරට අතර විරසකය සිඝ්‍ර වර්ධනයක් පෙන්වූයේ උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් කිහිපයක්ම සිදුකිරීමත් සයවන න්‍යෂ්ඨික අත්හදා බැලීම සඳහා සූදානම් බවට ප්‍රකාශ කිරීමත් සමගයි.මෙම සිද්ධි දාමයේ ප්‍රතිඵලයක් වශයෙන් 'උපායමාර්ගික ඉවසීම' යන ප්‍රතිපත්තියට අවසන් තිත තැබීමට වොෂින්ටන් පාලනය තීරණය කලේය.
ඊට අමතරව එක්සත් ජනපද නාවික හමුදාව කාර්ල් වින්සන් නම් ගුවන් යානා ප්‍රවාහන නෞකාව ප්‍රධාන කොටගත් ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපය ආසන්නයට පිටත් කර හරින ලදි.පසුගිය සතියේදී පෙන්ටගනය විසින් අනපේක්ෂිත සහ කිසිම බලයක් නොමැතිව සිරියානු අරාබි හමුදාවේ හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.ඒ අතරවාරයේ ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ උමං මාර්ග සංකීර්ණයක් ඇතුලු පුහුණු කඳවුරු භූමියකට ලොව දෙවන විශාලතම න්‍යෂ්ඨික නොවන බෝම්බය හෙළීමට ඇමෙරිකාව ක්‍රියා කල අතර එම ප්‍රහාරය උතුරු කොරියාවට කල අනතුරු ඇඟවීමක් ලෙස උලුප්පා දක්වන්නට සමහරුන් ක්‍රියා කලහ.
උතුරු කොරියාව යුද්ධය තෝරාගත හොත් ඔවුන්ට එරෙහිව මෙහෙයුමක් දියත් කරන්නට ජපානයේ යොකොසුකා හි මූලස්ථානය පිහිටා ඇති හත්වන බලඇණියට සහ ජපානයේ,කොරියාවේ සිටින ගොඩබිම් මූලික සහ ගුවන් හමුදා බලකා යොදාගැනීමට ඇමෙරිකාවට හැකියාව තිබේ(ආසන්න වශයෙන් 70,000ක් පමණ එක්සත් ජනපද සෙබලුන්).එක්සත් ජනපද ගුවන් හමුදාව කොරියානු අර්ධද්වීපයට ඉහළින් නිරන්තරයෙන් ගුවන් මුර සංචාරවල යෙදේ.කාර්ල් වින්සන් ප්රමුඛ නාවික හමුදා ප්‍රහාරක කණ්ඩායම දැනට ජපානයේ බටහිර වෙරළේ කියුෂු දූපත ආසන්නයේ තිබෙන බව වාර්තා වේ.එම නාවුක ප්‍රහාර කණ්ඩායම කොරියානු සමූද්‍ර සන්ධිය ඔස්සේ උතුරු කොරියානු වෙරළ දෙසට ගමන් කරමින් තිබේ.බහුකාර්ය න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන ටොමහොක් මිසයිල වලින් සන්නද්ධව මෙම නෞකා කණ්ඩායම සමග ගමන් කරමින් ඇත.
ඊට අමතරව බොයින් බී-52 ස්ට්රාටොෆොට්රස්,රොක්වෙල් බී-1 ලාන්සර් සහ බී-2 නෝර්ත් රූප් ගෲම්මන් බී-2 ස්පිරිට් උපාය මාර්ගික බෝම්බ හෙළන යානා පැසිෆික් සාගරයේ ගුවාම් දූපතේ පිහිටා ඇති එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරේ සූදානමින් පවතියි.කලාපය තුල අමතර බල සේනා යෙදවීමකින් තොරව උභයචර මෙහෙයුම් දියත් කිරීම සහ මහා පරිමාණයේ ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව එක්සත් ජනපදය සතුය.වසර 25කට පෙර එක්සත් ජනපදයට යැවූ න්‍යෂ්ඨික බෝම්බ යළි දකුණු කොරියාවට රැගෙන ඒමට පෙන්ටගනයේ සැලකිල්ල යොමුවී තිබේ.උතුරු කොරියානු නායකයා මරා දැමීම,විශේෂ බලකා යොදවා උතුරු කොරියානු හමුදාවට පහර දීම සහ න්‍යෂ්ඨික බලාගාර පහසුකම් කඩාකප්පල් කිරීම ඇමෙරිකානුවන්ගේ අනෙක් අභිප්රායන් වනු ඇත.
යුදමය හැකියාවන් වර්ධනය කරගැනීමට සහ ආත්මාරක්ෂාව වෙනුවෙන් විශාල වශයෙන් ආයෝජනය කරන්නට පසුගිය සමයේ පියොන්ජියෑන් පාලන තන්ත්රය ක්‍රියා කලේය.කොරියානු මහජන හමුදාව(උතුරු කොරියාව) දළ වශයෙන් මිලියන 1ක් පමණ වේ.එය කොරියානු ජනරජ සන්නද්ධ හමුදාව(දකුණු කොරියාව) මෙන් දෙගුණයක් තරම්ය.ග්ලෝබල් ෆයර්ෆවර් වෙබ් අඩවියට අනුව උතුරු කොරියාව සතුව යුද ටැංකි 4,200ක්,සන්නාහ සන්නද්ධ ප්‍රහාරක රථ 4,100ක් සහ මල්ටිපල් රොකට් ලෝන්චර්ස් 2,400ක් තිබේ.කොරියානු මහජන ගුවන් හමුදාව සතු ගුවන් යානා ගණන 944ක් බවත් එහි ෆයිටර්ස් සහ ඉන්ටර්සෙප්ටර්ස් වර්ගයේ යානා 458ක් පමණ තිබෙන බවත් කියවේ.කොරියානු මහජන හමුදා නාවික බලකාය සතුව වෙරළාරක්ෂක නෞකා 211ක්,සබ්මැරීන 70ක් තිබේ.ඊට අමතරව frigates වර්ගයේ නෞකා 3ක් සහ corvettes වර්ගයේ නෞකා 2ක් උතුරු කොරියාව සතු බව පැවසේ.
වඩාත් වැදගත් කරුණ වන්නේ ඔවුන් දිගින් දිගටම බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ඨික අවි නිපදවමින් සිටීමයි.මාර්තු මාසයේදී උතුරු කොරියාව බැලස්ටික් මිසයිල 4ක් ටොන්ග්චැන්ග්-රි කලාපයේ සිට ජපාන මුහුදට දියත් කරන ලදි.මෙම මිසයිල ආසන්න වශයෙන් කි.මී.1000(සැතපුම් 620)ආවරණය කරන බව කීවද ඒවායින් තුනක් ජපාන වෙරළේ සිට කි.මී.300ක් දුරින් පතිත විය.
පසුගිය වසරේදී පියොන්ජියෑන් රජය සබ්මැරීනවල සිට දියත් කරන බැලස්ටික් මිසයිලය්ක් සින්පෝ නම් මුහුදුබඩ නගරය ආසන්න මුහුදේ අත්හදා බලන ලදි.මෙම මිසයිලයට කි.මී.500ක දුරක් ආවරණය කල හැකිබව කියවුනද එහි උපරිම පරාසය ආසන්න වශයෙන් කි.මී.1000ක් වන බව සඳහන් වේ.
උතුරු කොරියානු මිසයිල දැනට කි.මී.1000කට අවම දුරක් පියාසර කලද ඒවා සබ්මැරීන ඔස්සේ දියත් කල හොත් දුරින් පිහිටි ඉලක්ක වලට පවා පහරදීමට පියොන්ජියෑන් රජයට අවස්ථාව ලැබේ.ඒ අනුව එවැනි සබ්මැරීනයකට ජපානයේ ස්ථාන ගත කර තිබෙන ඇමෙරිකානු යුද කඳවුරු ඉලක්ක කිරීමට හැකිය.උතුරු කොරියාව මුහුදේ සිට දියත් කල හැකි මිසයිල අත්හදා බලන්නට වැඩි අවදානයක් දී තිබෙන්නේ මේ නිසාය.
'එක්සත් ජනපදය අපට එරෙහිව සාහසික කුපිත කිරීමක් සිදුකල හොත්,අපගේ විප්ලවාදී බලය එකෙණෙහිම විනාශකාරී ප්‍රහාරයක් දියත් කරනවා සහ අපගේ ප්‍රතිචාරය මහා පරිමාණ යුද්ධය සහ අපගේ ශෛලියේ න්‍යෂ්ඨික යුද්ධයකි.'යනුවෙන් උතුරු කොරියානු මුල් පෙළේ නායකයෙක් වන චොයි රයොන්ග් හේ විසින් පෙළපාලියේදී කියා සිටියේය.
Source:sputniknews.com
-HarshaLulzSec-

සීඝ්රයෙන් වර්ධනය වන අර්බුදය

කොරියානු අර්ධද්වීපය දෙසට යැවූ ඇමෙරිකානු නාවික ප්‍රහාරක කණ්ඩායම
වොෂිංටනයේ ප්‍රහාරක හැකියාව

උතුරු කොරියාවේ හැකියාවන්

අප්‍රේල් 15 පැවැත්වූ හමුදා පෙළපාලියේ රැගෙන ගිය මිසයිල

Last edited: