GitHub පිලිබදව

isurutmv

Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    මචන් දන්නා කෙනෙක් කියනවද GitHub කියන්නේ මොකක්ද එකෙන් අපිට තියෙන ප්‍රයෝජනය මොකක්ද එකෙන් කොහොමද අපි වැඩ කරන්නේ කියල
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    මචන් දන්නා කෙනෙක් කියනවද GitHub කියන්නේ මොකක්ද එකෙන් අපිට තියෙන ප්‍රයෝජනය මොකක්ද එකෙන් කොහොමද අපි වැඩ කරන්නේ කියල

    issella GIT kiyana eka balapan.. https://git-scm.com/book/en/v2/Getting-Started-Git-Basics

    Github kiyanne GIT provider kenek. Bitbucket, github, codeplex wage thawa ewa thiyenawa.. owa use karanne source control walata
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    GitHub කියන්නෙ Git Repository Hosting සර්විස් එකක්. (වැඩිපුර ම ප්‍රචලිත සර්විස් එක කිවුවොත් නිවැරදියි. )

    Git හා Github කියන දෙක වෙන් නොකර තියෙන ප්‍රයෝජන කිහිපයක් මං මෙතන කියන්නම්.

    1. එක්තරා හොස්ටින් සර්විස් එකක් නිසා අපේ Programming, Web Development etc. ෆයිල් ගබඩාකරන්න පුළුවන් වීම එක වාසියක්.

    2. එහෙම ගබඩාකරන ෆයිල්ස්වල විවිධ කොපි තබාගැනීමට පහසුකම තියෙනව. අපි Project එකක් පටන් ගත්ත තැන සිට පිලිවෙලට කරන වෙනස්කම් වලට අදාල කොපි තියාගන්න පුළුවන්. (ගොඩක් Programming, Web Development සඳහා භාවිතා කරන IDE/Editors වල local විදියට ඒ පහසුකම් තියෙනව.) අපිට පරණ කරපු තැනකට නැවත යන්න පුළුවන් ඒක නිසා.

    3. එම ෆයිල්ස් අතර තියෙන වෙනස්කම් බැලීමේ පහසුකම තියෙනව. ඔන්ලයින් වුණත් බලන්න හරි ලේසියි වෙනස්කම්.

    4. අපගේ දැනුම දියුණු කරගැනීමටත් මෙය හොඳ ස්ථානයක්. විවිධ කණ්ඩායම් හා පුද්ගලයන් නිර්මාණය කරන විවිධ Programme/ Web Project etc. නොමිලේ ලබාගන්න, ඒව නිර්මාණයකර ඇති අයුරු බලාගන්න හැකියාව තියෙනව.

    5. තමන්ගේ දක්ෂකම් ලෝකයට පෙන්නනත් හොඳ තැනක්. තමන් කරන Programming, Web etc. Project මෙහි පළකරන්න පුළුවන්.

    6. තව විවිධ දක්ෂතා ඇති අය එකට එකතුවෙන තැනක්.

    තමන්ගෙ Private Project අනිත් අයට නොපෙනෙන විදියට තියාගන්නනම් මේ සර්විස් එකට යම් මුදලක් ගෙවන්න ඕන. නැතිනම් ඒක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මුදල් නොගෙව ඒ වගේ තියාගන්න පුළුවන් වෙනත් සර්විස් තියෙනව.

    https://bitbucket.org/
    https://gitlab.com/

    ඒවලින් කීපයක්.
     
    මේකේ බන් Issues & pull request කියන්නේ මොනාද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකේ බන් Issues & pull request කියන්නේ මොනාද?

    pull request කියන්නෙ අනිත් අයට තමන් කරපු ‍වෙනස්කම් පෙන්නන එක ඒ Repository එකේ.

    Issues කියන්නෙ ඉතින් Bugs වගේ ඒව Track කරන්න තියෙන එකක්. එක එක අයට තියෙන Bugs, අලුතින් ඇඩ් වෙන්න ඕන ඒව වගේ දේවල් සම්බන්ධ සාකච්චා කරන්න පුළුවන්.
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    pull request කියන්නෙ අනිත් අයට තමන් කරපු ‍වෙනස්කම් පෙන්නන එක ඒ Repository එකේ.

    Issues කියන්නෙ ඉතින් Bugs වගේ ඒව Track කරන්න තියෙන එකක්. එක එක අයට තියෙන Bugs, අලුතින් ඇඩ් වෙන්න ඕන ඒව වගේ දේවල් සම්බන්ධ සාකච්චා කරන්න පුළුවන්.

    pull request ekak kiyanne umba karapu changes develop branch ekata merge karanna illana illemak.. pull request ekak code review ekakin passe complete karanawa..
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    මේකේ බන් Issues & pull request කියන්නේ මොනාද?

    Issue එකක් සාමාන්‍යෙයන් හදුන්වන්නෙ ඒ repo එකේ ලබාදීල තියෙන කෝඩ් එකේ අවුලක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් feature request වුනත් issue එකක් විදියට open කරන්න පුළුවන්.

    ඊලඟට pull request එකක් කියන්නෙ, අපි ඕන කෙනෙක්ට පුළුවන් ඕනම public repo එකක් fork කරගන්න. fork කරනව කියන්නෙ අපෙ ගිණුමට කොපියක් දාගන්නව වගේ වැඩක්. ඒක අපිට අළුත් දෙයක් එකතු කරන්න තියෙනව නම්, උදා - ෆන්ක්ෂන් එකක් තියෙනව අංක දෙකක එකතුවක් ලබාදෙන. අපි මේක වෙනස් කරනව අංක ඕනම ගානක array එකක එකතුව හොයන්න. දැන් අපිට ඕනෙ මේක මුල් repo එකට ලබාදෙන්න.

    ඒකට පුළුවන් අපිට අපි වෙනස් කරපු කෝඩ් එකට සරලවම pull request එකක් ඕපන් කරන්න. එතකොට අර මුල් repo එක කරන කෙනා merge conflict නැතිනම්, test pass වෙනවනම් වගේ දේවල් සලකලා pull request එක accept කරනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මේකේ බන් Issues & pull request කියන්නේ මොනාද?

    Issues කියන්නෙ අදාල රිපොසිටරි එකේ තියන ප්‍රොජෙක්ට් එකේ හරි කෝඩ් එකෙ හරි තියන අයිඩෙන්ටිෆයි කරගනිපු ප්‍රශ්න, ඒ ප්‍රොජෙක්ට් එක මේන්ටේන් කරන අය ඔය Issues බලලා හදනවා එහෙම නැත්නම් ඒවට සොලූශන් දෙනවා

    Pull request කියන්නෙ, අපිටත් පුලුවන් ඔය රිපොසිටරි වල තියන කෝඩ් එකේ තියන ප්‍රශන හදන්න හරි අලුත් ෆීචර්ස් හදන්න, හැදුවට ඒව ඔය රිපෝ එකේ තියන කෝඩ් එකට එකතුවෙන්නෙ නැහැ (Merge) ඒකට අපි ඒ කරපු චේන්ජ් එක පුල් රික්වෙස්ට් එකක් මාර්ගයෙන් රිපොසිටර් එක මේන්ටේන් කරන කෙනෙක්ට දෙන්න ඕන එතකොට ඒ පුද්ගලයා අපි කරපු කෝඩ් එක රිවීව් කරලා ඒක හොද නම් ඔරිජිනල් රිපෝ එකට මර්ජ් කරනවා
    (ප්‍රැක්ටිකලි මේක කරද්දි ස්ටෙප් ගොඩක් තියනවා, ඒවා තේරුම් ගන්න GIT ගැන අවබෝධයක් ඕන වෙනවා)

    සරලව කිවුවොතින් Pull Request කියන්නෙ GIT වල කෝඩ් රිවීව් කරන්න හදලා තියන මිකැනිසම් එකක්