මචන් දන්නා කෙනෙක් කියනවද GitHub කියන්නේ මොකක්ද එකෙන් අපිට තියෙන ප්රයෝජනය මොකක්ද එකෙන් කොහොමද අපි වැඩ කරන්නේ කියල
GitHub කියන්නෙ Git Repository Hosting සර්විස් එකක්. (වැඩිපුර ම ප්රචලිත සර්විස් එක කිවුවොත් නිවැරදියි. )
Git හා Github කියන දෙක වෙන් නොකර තියෙන ප්රයෝජන කිහිපයක් මං මෙතන කියන්නම්.
1. එක්තරා හොස්ටින් සර්විස් එකක් නිසා අපේ Programming, Web Development etc. ෆයිල් ගබඩාකරන්න පුළුවන් වීම එක වාසියක්.
2. එහෙම ගබඩාකරන ෆයිල්ස්වල විවිධ කොපි තබාගැනීමට පහසුකම තියෙනව. අපි Project එකක් පටන් ගත්ත තැන සිට පිලිවෙලට කරන වෙනස්කම් වලට අදාල කොපි තියාගන්න පුළුවන්. (ගොඩක් Programming, Web Development සඳහා භාවිතා කරන IDE/Editors වල local විදියට ඒ පහසුකම් තියෙනව.) අපිට පරණ කරපු තැනකට නැවත යන්න පුළුවන් ඒක නිසා.
3. එම ෆයිල්ස් අතර තියෙන වෙනස්කම් බැලීමේ පහසුකම තියෙනව. ඔන්ලයින් වුණත් බලන්න හරි ලේසියි වෙනස්කම්.
4. අපගේ දැනුම දියුණු කරගැනීමටත් මෙය හොඳ ස්ථානයක්. විවිධ කණ්ඩායම් හා පුද්ගලයන් නිර්මාණය කරන විවිධ Programme/ Web Project etc. නොමිලේ ලබාගන්න, ඒව නිර්මාණයකර ඇති අයුරු බලාගන්න හැකියාව තියෙනව.
5. තමන්ගේ දක්ෂකම් ලෝකයට පෙන්නනත් හොඳ තැනක්. තමන් කරන Programming, Web etc. Project මෙහි පළකරන්න පුළුවන්.
6. තව විවිධ දක්ෂතා ඇති අය එකට එකතුවෙන තැනක්.
තමන්ගෙ Private Project අනිත් අයට නොපෙනෙන විදියට තියාගන්නනම් මේ සර්විස් එකට යම් මුදලක් ගෙවන්න ඕන. නැතිනම් ඒක ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මුදල් නොගෙව ඒ වගේ තියාගන්න පුළුවන් වෙනත් සර්විස් තියෙනව.
https://bitbucket.org/
https://gitlab.com/
ඒවලින් කීපයක්.
මේකේ බන් Issues & pull request කියන්නේ මොනාද?
pull request කියන්නෙ අනිත් අයට තමන් කරපු වෙනස්කම් පෙන්නන එක ඒ Repository එකේ.
Issues කියන්නෙ ඉතින් Bugs වගේ ඒව Track කරන්න තියෙන එකක්. එක එක අයට තියෙන Bugs, අලුතින් ඇඩ් වෙන්න ඕන ඒව වගේ දේවල් සම්බන්ධ සාකච්චා කරන්න පුළුවන්.
මේකේ බන් Issues & pull request කියන්නේ මොනාද?
මේකේ බන් Issues & pull request කියන්නේ මොනාද?