Ghost Recon: Wildlands
At my Point of View
[/CENTER]At my Point of View
Ghost Recon: Wildlands කියන Game එකේ පදනම වන්නේ Bolivia හි ( South America ) ඇති Santa Blanca නමැති මත්ද්‍රව්‍යය ජාවාරම් ජාලයක් හා එය නැවත්වීම පිළිබඳවයි. එහි ප්‍රධානියා වන්නේ El Sueno යි. කතාව ආරම්භයේදී El Sueno ඔහුගේ කතාව කියනවා. මේ Game එකේ අපිට කරන්න තියෙන්නේ ඉතින් මේ Santa Blanca කියන මෙම මත්ද්‍රව්‍යය ජාලය නවත්වන්නයි. මෙහිදී අපට Karen Bowman කියන CIA තොරතුරු සපයන්නිය උදව් වෙනවා. ඇය සතුව මෙම Santa Blanca එකට අදාළ තොරතුරු රැසක් තිබෙනවා.
අපගේ කණ්ඩායම
Gameplay
Gameplay එක ගෙන කියනවනම් කතාව නියමයි. මට දැනෙන විදිහට නම් කිසි අවුලක් නෑ. කාලෙකින් ප්ලේ කරපු හිතට වැදුණු සුපිරිම Game එකක්. El Sueno මුළු පලාතම පාලනය කරන්නේ ඔහු කොකේන් වලින් ලබන සුවිශාල ආදායම මතයි. මුලින්ම කියන්න ඕනි Ghost Recon: Wildlands කියන්නේ Open World ගේම් එකක්. විශාල ප්‍රදේශයක් පුරාවට පැතිරිලා තියෙනවා මේක. Grand Theft Auto 5 (GTA 5) එකට වඩා ආසන්න වශයෙන් 3න් ගුණයක් පමණ විශාලයි මෙහි map එක. වර්ග කිලෝමීටර 192.5 පමණ විශාලයි. විශාල වනාන්තර, තෘණ භුමි, කාන්තාර, හිම ආදී නොයෙක් ප්‍රදේශ වල අත්දැකීම ලබාගන්න පුළුවන්. අපිට රිසි සේ අත්විදින්න පුළුවන්. හැබැයි එසේ අත්විදිනවිට නම් මේ Santa Blanca Cartel එකේ ඉන්න සාමාජිකයන් මෙන්ම, Bolivia වේ Unidad යන හමුදාවට එරෙහිවත් කටයුතු කරන්න සිද්ද වෙන්වා. Unidad කියන මේ Bolivia වේ හමුදාවත් Santa Blanca Cartel එකේ දුෂිතයට ලක්වෙලා තිබෙනවා. අපිට අපේ අරමුණට එක්කෝ රහසිගතව හෝ Rambo ගේ විදිහට කරන්න පුළුවන්. අපිත් සමඟ මේ Snata Blanca එකට විරුද්ධව සටන් කරන්න තව Soldiers ලා 3න් දෙනෙක් ඉන්නවා. එයාලා ක්‍රියාත්මක වෙන්නේ AI මත පදනම්වයි. එයාල හුඟක් දක්ෂ නොවුනත් වෙදගත් අපිට. වැදගත් දෙයක් තියෙනවා කියන්න. ඒ මේ ගේම් එකේ Customization එක.
Customization
Customization එක ගෙන කතා කරනවනම් ඉතාමත් ඉහලයි. Character, Weapons Attachments, Weapons look, Skills Upgrade, Rebels Upgrade ආදී ලෙස හුගක් දේවල් අපට හැකි අයුරින් සකස් කරන්න පුළුවන්කම මෙම ගේම් එකේ දක්නට ලැබෙනවා. Weapons ගෙන කතා කරනවනම් තුවක්කු ගොඩක් තියෙනවා ගේම් එකේ. ඒවා අපිට හොයාගන්න වෙන්වා. එක එක තුවක්කුවට සුවිශේෂී attachments වෙනම තිබෙනවා.
Graphics
System Requirements මෙන්න මෙහෙමයි ඉල්ලලා තියෙන්නේ
MINIMUM (අවම)
Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-4320 @ 4 GHz or equivalent
6 GB RAM
Graphics - NVIDIA GeForce GTX660/GTX750Ti/GTX 950 /GTX1050 or AMD HD7870/R9 270X/R9 370X/RX 460 (2GB VRAM with Shader Model 5.0 or better)VRAM or more
RECOMMENDED (නිර්දේශිත)
Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
Intel Core i7- 3770 @ 3.5 GHz or AMD FX-8350 @ 4 GHz
8 GB RAM
Graphics - NVIDIA GeForce GTX970/GTX 1060 or AMD R9 290X /R9 390/RX480 (4GB VRAM with Shader Model 5.0 or better)VRAM or more

Thank You හැමෝටම !
තව වැඩි විස්තර දෙන්න බලාපොරොත්තු වෙනවා