Ghost Recon Wildlands Review At my Point of View

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Ghost Recon: Wildlands
    At my Point of View

    dykwnd.jpg
    [/CENTER]

    Ghost Recon: Wildlands කියන Game එකේ පදනම වන්නේ Bolivia හි ( South America ) ඇති Santa Blanca නමැති මත්ද්‍රව්‍යය ජාවාරම් ජාලයක් හා එය නැවත්වීම පිළිබඳවයි. එහි ප්‍රධානියා වන්නේ El Sueno යි. කතාව ආරම්භයේදී El Sueno ඔහුගේ කතාව කියනවා. මේ Game එකේ අපිට කරන්න තියෙන්නේ ඉතින් මේ Santa Blanca කියන මෙම මත්ද්‍රව්‍යය ජාලය නවත්වන්නයි. මෙහිදී අපට Karen Bowman කියන CIA තොරතුරු සපයන්නිය උදව් වෙනවා. ඇය සතුව මෙම Santa Blanca එකට අදාළ තොරතුරු රැසක් තිබෙනවා.

    2rqiyye.jpg


    16h7xuc.jpg


    අපගේ කණ්ඩායම

    hs28b5.jpg


    23jpeg1.jpg


    qslfye.jpg



    28wjlnc.jpg


    Gameplay​
    Gameplay එක ගෙන කියනවනම් කතාව නියමයි. මට දැනෙන විදිහට නම් කිසි අවුලක් නෑ. කාලෙකින් ප්ලේ කරපු හිතට වැදුණු සුපිරිම Game එකක්. El Sueno මුළු පලාතම පාලනය කරන්නේ ඔහු කොකේන් වලින් ලබන සුවිශාල ආදායම මතයි. මුලින්ම කියන්න ඕනි Ghost Recon: Wildlands කියන්නේ Open World ගේම් එකක්. විශාල ප්‍රදේශයක් පුරාවට පැතිරිලා තියෙනවා මේක. Grand Theft Auto 5 (GTA 5) එකට වඩා ආසන්න වශයෙන් 3න් ගුණයක් පමණ විශාලයි මෙහි map එක. වර්ග කිලෝමීටර 192.5 පමණ විශාලයි. විශාල වනාන්තර, තෘණ භුමි, කාන්තාර, හිම ආදී නොයෙක් ප්‍රදේශ වල අත්දැකීම ලබාගන්න පුළුවන්. අපිට රිසි සේ අත්විදින්න පුළුවන්. හැබැයි එසේ අත්විදිනවිට නම් මේ Santa Blanca Cartel එකේ ඉන්න සාමාජිකයන් මෙන්ම, Bolivia වේ Unidad යන හමුදාවට එරෙහිවත් කටයුතු කරන්න සිද්ද වෙන්වා. Unidad කියන මේ Bolivia වේ හමුදාවත් Santa Blanca Cartel එකේ දුෂිතයට ලක්වෙලා තිබෙනවා. අපිට අපේ අරමුණට එක්කෝ රහසිගතව හෝ Rambo ගේ විදිහට කරන්න පුළුවන්.
    අපිත් සමඟ මේ Snata Blanca එකට විරුද්ධව සටන් කරන්න තව Soldiers ලා 3න් දෙනෙක් ඉන්නවා. එයාලා ක්‍රියාත්මක වෙන්නේ AI මත පදනම්වයි. එයාල හුඟක් දක්ෂ නොවුනත් වෙදගත් අපිට. වැදගත් දෙයක් තියෙනවා කියන්න. ඒ මේ ගේම් එකේ Customization එක.

    Customization
    Customization එක ගෙන කතා කරනවනම් ඉතාමත් ඉහලයි. Character, Weapons Attachments, Weapons look, Skills Upgrade, Rebels Upgrade ආදී ලෙස හුගක් දේවල් අපට හැකි අයුරින් සකස් කරන්න පුළුවන්කම මෙම ගේම් එකේ දක්නට ලැබෙනවා. Weapons ගෙන කතා කරනවනම් තුවක්කු ගොඩක් තියෙනවා ගේම් එකේ. ඒවා අපිට හොයාගන්න වෙන්වා. එක එක තුවක්කුවට සුවිශේෂී attachments වෙනම තිබෙනවා.

    29urn8g.jpg


    5CsxjMo.gif


    Graphics
    Graphics ගැන කතා කරනාවානම් අවුලක් නෑ. හොදට තියෙනවා. නමුත් හොඳ Graphic Card එකක් තියෙන්න ඕනි ප්ලේ කරන්න නම්.
    System Requirements මෙන්න මෙහෙමයි ඉල්ලලා තියෙන්නේ

    MINIMUM (අවම)
    Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
    Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-4320 @ 4 GHz or equivalent
    6 GB RAM
    Graphics - NVIDIA GeForce GTX660/GTX750Ti/GTX 950 /GTX1050 or AMD HD7870/R9 270X/R9 370X/RX 460 (2GB VRAM with Shader Model 5.0 or better)VRAM or more

    RECOMMENDED (නිර්දේශිත)
    Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)
    Intel Core i7- 3770 @ 3.5 GHz or AMD FX-8350 @ 4 GHz
    8 GB RAM
    Graphics - NVIDIA GeForce GTX970/GTX 1060 or AMD R9 290X /R9 390/RX480 (4GB VRAM with Shader Model 5.0 or better)VRAM or more


    Thank You හැමෝටම !
    තව වැඩි විස්තර දෙන්න බලාපොරොත්තු වෙනවා
     

    IdealBro

    Banned
  • Apr 7, 2017
    149
    37
    28

    කසිප්පුවාට නම් දෙන්න එපා එකෙක්වත් මූ පොස්ට් එකකට comment කරන්න කිව්වා රේප් දෙන්නම් කියල පස්සේ එකේ comment කරන හැම සැරේම එක එකා ඇවිත් රේප් කපනවා.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට රිවිව් එකක්නේ... :cool::cool::cool: ගහල බලන්න ආස හිතුන.:yes::yes::yes: තාම ක්‍රැක් මොකුත් නෑ නේද.:dull:
     
    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,046
    4,831
    113
    Mama CoD okkoma gahala thiyenawa. Ath Tom Clancy ghost series eka eta wada patta ban. Mama ghost recon gahuwa.
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    patta game 1ka play karanna oni :D

    අනිවා බන්. ගහල බලපං Team එකත් එක්ක එක එක Tactics දාලා නියමෙට ප්ලේ කරන්න පුළුවන්.
     

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    Mama ooka free demo dena kaale full unlock wenakan play kara....mata hithune multiplay gahanawata wada thaniyama AI 3n dena ekka gahuwanam hodai kiyalai.....

    nathnam eka ekkena eyalata one widihata gahanawa....tactical play karala athal ekak ganna hambennema naha :D ekko lankawema set ekak ekathuwela kathakarala gahanna one