රටේ ඕනෑම නගරයක කුණු එකතුකිරීමේ වගකීම ඇත්තේ නගර සභාවටයි. ලංකාවේ විශාලතම නගරය වන කොළඹ නගරයේද ඒ එසේමය. කොළඹ නගර සභාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති අතර 1956 වී ඒ සුගතදාස මහතා එක්සත් ජාතික පක්ශයෙන් තරඟ කොට ජයග්‍රහණය කොට නගරාධිපති ලෙස පත්වූදා සිට අදවන තුරුම කොළඹ නගර සභාව පාලනය කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. 2006 නගර සභා චන්දයේදී එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂක ලැයිස්තුව ප්‍රතික්ශේප වූ විටද බලය හිමිවුයේ එකසත් ජාතික පක්ෂයේ සහය ලද ස්වාධීන කන්ඩායමකටය.
මේ අනුව අද වනතුරුත් කුණු ප්‍රශ්නයට නිසි පිලිතුරක් නැත්තේ මන්දැයි යමෙක් පලමුවෙන්ම ප්‍රශ්ණ කලයුත්තේ කොළඹ නගර සභාව එදා මෙදාතුර පාලනය කොට ඇති එක්සත් ජාතික පක්ෂයෙනි.
ඒ කෙසේ වෙතත් 2009 වසරෙන් පසු කොළඹ කුණු ප්‍රශ්ණය විස්දන්නට ඍජුවම මැදිහත් වූ අයෙකු ගැන අපි සියලු දෙනාම දනිමු. ඒ 2010 වසරේ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් වරයා වශයෙන්ද අමතර රාජකාරියක් බාරගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. කුණු ප්‍රශ්ණය නගර සභාව විසඳන තුරු බලා නොසිටි ගෝඨාභය තමුන්ම ඒ ගැන සොයාබලා නිසි තීරණ ගෙන කොළඹ කුණු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කලේය. අපිරිසිදු නගරයක්ව තිබූ අගනුවර වසර කිහිපයක් තුල ආසියාවේ පිරිසිදුම නගරයක් බවට පත් කිරීමට ඔහුට හැකි වූයේ අනුන්ගේ වගකීම්ද කරට ගෙන රටට අවශ්‍ය දේ හරියට කරන පුරුද්ද නිසාය.
කුණු එකතුකිරීමේ තිබුනු ගැටලුව විසඳූ පසු ගෝඨාභයගේ අවධානය යොමුවූයේ කුණු බැහැර කිරීමේදී ඇතිව තිබුන ප්‍රශ්ණ විසඳන්නටය.
ඉතිහාසය පුරා කොළඹ නගර සභාව පුරුදුව සිටියේ එකතු කරගන්නා කුණු කොහේ හෝ තෝරාගත් පිටියක ගොඩගසන්නටය. එක තැනක ඉඩ මදිවූ විට කුණු පිටිය ලෙස වෙනත් තැනක් තෝරාගැනුනි. අද අපට බ්ලූමැන්ඩල් හා සේදවත්තේ දකින්නට ලැබෙන්නේ කලකට පෙර නගර සභාව ගොඩ ගැසූ කුණු කන්දවල්ය. දැනට වසර ගනනාවක සිට ප්‍රධාන වශයෙන්ම කුණු ගෙන යනු ලබන්නේ මීතොටමුල්ලටය. මේ වන විට මීතොටමුල්ලේ ගොඩ ගැසී ඇති කුණු ප්‍රමාණය ටොන් මිලියන ගනනක් වන අතර කුණුකන්ද පසුගිය දිනවල මීටර් 200කටත් වඩා ඉහලට ගොඩ ගැසී තිබුනි. අලුත් අවුරුදුදා අහිංසක මිනිසුන් පිරිසකගේ හිස මතට කඩාවැටුනේ එසේ ගොඩ ගැසී ඇති කුණු වලින් කොටසකි. මෙවන් හදිසි අනතුරක් සිදු නොවූනත් කුණු කන්දෙන් නිකුත්වන අපිරිසුදු වායු හා පොලව යට ජලය අපිරිසිදු වීම නිසා පලාතේ ජනතවගෙන් 90% කටවත් විවිධ ලෙඩ රෝග සෑදෙන බව රාජ්‍ය නොවෙන සංවිධාන මගින් කල පරීක්ෂණ වලින් දැනටමත් සොයාගෙන ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත 2013-2014 කාලයේ කොළඹ හා තදාසන්න නගරවල කුණු බැහැර කිරීමේ ප්‍රශ්ණයට පිලිතුරක් සෙවීමට ලෝක බැංකුව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වී අධ්‍යයනයක නිරත විය. ලෝකයේ අනෙක් රටවල මේ ප්‍රශ්ණයට සොයාගෙන ඇති විවිධ විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
එම අධ්‍යයනයේ ප්‍රථිපලය වූයේ සමාන්‍යයෙන් යෝජනා කරණු ලබන කුණු දහනය කිරීම, කුණු වලින් පොහොර හෝ විදුලිය නිපදවීම වැනි කිසිදු ක්‍රමයකින් මෙම ගැටලුවට නිසි පිලිතුරක් නොලැබෙන බවයි. අවසාන විසඳුම ලෙස යෝජනාවූයේ ආසියාවේ බොහෝ දියුණු රටවල් විසින් භාවිත කරනු ලබන කුනු සනීපරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව බැහැර කිරීමේ ක්රමවේදයයි. මෙහිදී සිදුවන්නේ යමි පිටියක කුණු විවෘත්ව ගොඩගසනවා වෙනුවට ඒ වෙනුවෙන්ම සැකසූ ස්ථානයක විද්‍යාත්මක ක්‍රමයකට අසුරාලීමයි. මේ තුලින් විශවායු හා අපිරිසුදු ජලය පරිසරයට එක්වීම වලක්වා ගත හැකිය. දකුණු කොරියාව මෙම ක්‍රමය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන රටකි.
මීලඟ අභියෝහය වූයේ සනීපාරක්ෂක ප්‍රමිතීන්ට යටත්ව කුණු බැහැර කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමයි. ඒ අනුව පුත්තලමේ කුරුක්කාල් ප්‍රදේශයේ කලකට පෙර සිමෙන්ති නිශ්පාදනයට ලයිම් ගල් ගැනීම සඳහා හාරා තිබුන විශාල වලවල් සහිත හෙක්ටයාර් 30ක පමණ විශාල භූමි භාගයක් මේ කටයුත්තට සුදුසු බව නිර්දේශ විය. මෙම ව්‍යාපෘතියෙන් පරිසරයට වන බලපෑම පිළිබඳ කල ශක්‍යතා අධ්‍යයනයකින් පසු මේ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කරණ ලදී.
එම යෝජනාවේ අන්තර්ගතය සරලව මෙසේය.
සනීපාරක්ෂක ක්‍රමවේදයකට අනුව කුණු බැහැර කිරීම සඳහා පුත්තල කුරුක්කාල් ප්‍රදේශයේ හඳුනාගෙන ඇත් හෙක්ටයාර් 30ක භූමිය දැනට කොළබ විවිද තැන්වල ගොඩගැසී ඇති ටොන් මිලියන ගනනාවක්වූ කුණු සියල්ලත් අනාගතයේ වසර පනහක පමන කාලයක් පුරා එකතුවන කුණු බැහැර කිරීමටත් ප්රමාණවත්ය. මේ ස්ථානය පිහිටා ඇත්තේ කොළඹින් කිලෝමීටර 170ක් පමන දුරින් නිසා කුණු ප්රවාහණය කරනු ලබන්නේ දුම් රියෙනි. මේ සඳහා විශේශයෙන්ම ගෙන්වූ අඩි 20 කන්ටේනර් වල අසුරන ලද කුණු මීතොටමුල්ලේ සිට කුරුක්කාල් දක්වා දුම් රියෙන් ප්‍රවාහනය කරන්යු ලබන අතර මීතොටමුල්ල භාවිත කරනු ලබන්නේ මෙම ක්‍රියාවලියේදී දිනක හෝ දෙකක කුණු පමනක් එකතුවන අතරමැදි ස්ථානයක් ලෙස පමනි. මීතොටමුල්ලේ දැනට ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගනනාවක කුණු වලින් නිදහස් වීමට මේ අනුව ප්‍රදේශවාසීනට හැකි වෙයි.
ලෝක බැංකුවේ සහාය ඇතුව මීතොටමුල්ල හා කුරුක්කාල් ප්‍රදේශ වල ජනතා නියෝජිතයයින් දකුණු කොරියාවට කැඳවාගෙන ගොස් සනීපාරක්ෂක ක්‍රමවේදයන්ට අනුව කුණු බැහර කරනා ආකාරය පෙන්වීමට නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාකලේය. තාවකාලිකව කුණු එකතු කොට අසුරා පිටතට ප්‍රවාහනය කරන ස්ථානය තිබෙන්නේ සියොල් නගර මධ්‍යයේ බවත් විද්‍යාත්මකව සියල්ල සිදුවන නිසා ඉන් ප්‍රදේශවාසීනට හෝ පරිසරයට වන හානිය අවම බවත් ඔවුන්ට පෙන්වා දෙන ලදී. මුලින්ම කල මේ කරුණු පැහැදිලිකිරීම නිසා යෝජිත ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශවාසීන්ගෙන් විරොදතාවක් ඉදිරිපත් වූයේ නැත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් කොටස් කිහිපයක් දුම් රිය මාර්ග පද්ධතියට එක්කිරීමට අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තුමේන්තුව වහාම ඒ සඳහා අවශ්‍ය සැලසුම සකස් කොට අවසන් කරන ලදී.
ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුලු වියදම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 107ක් හෙවත් රුපියල් බිලියන් 14 ක් 2014 අගෝස්තු 14දා එවකට තිබූ කැබිනට් මන්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව 2015 වසර සඳහා අදාල වියදම 2014 නොවැම්බර් මස පසුගිය රජය මගින් අනුමත කල අයවැයෙහි අන්තර්ගතව තිබුනි.
යුද්ධයෙන් පසු වසර 4 1/2 ක් තුල මේ රටේ සිදුවූ යෝධ සංවර්ධන ව්‍යාපෘතීන හා සසඳන විට කුණු බැහැර කිරීම සඳහා වූ මේ ව්‍යාපෘතිය වසරක් හෝ දෙකක් තුල අනිවාර්යෙන්ම නිම කිරීමට පසුගිය රජය හැකියාව තිබුන බව ඕනෑම අයෙකුට වටහා ගත හැක.
පසුගිය රජයට අවශ්‍ය වූ අකාරයට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවානම් විසදෙන්නේ මීතොටමුල්ලේ කුණු ප්‍රශ්ණය පමනක් නොවේ. එය සැලසුම් කර තුබුනේ කොළඹ මෙන්ම තදාසන්නන ප්‍රදේශ රාශියක් ඉලක්ක කරගෙනය.
සියලු සැලසුම නිමකොට තිබුනද ව්‍යාපෘතිය ආරම්ඹ කිරීමට පෙර 2015 ජනවාරි මාසයේ රජය වෙනස් විය. එතැන් සිට පසුගිය වසර දෙක පුරා අපට අසන්නට ලබෙන්නේ විවිධ බලධාරීන්ගේ කයිවාරුව පමනි. ව්‍යාපෘතිය පටන් ගත් තැනමය.
මීතොටමුල්ල අනතුරෙන් මියගිය අයට අපි නිවන් සුව පතමු. අපිරිසිදු පරිසරය නිසා රෝගී තත්වයට පත්වන පලාතේ ජනතාවගේ වේදනාව අපට දැනෙන නමුත් අපට ඒ ගැන කල හැකි දේ සීමිතය.