දඩ කෑම

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තව සැරයක් බම්බලපිටිය හන්දියේ කහ ඉරේ හෙන වෙලාවක් නවත්තන් ඉඳලා ඉඳලා මිනිස්සු පෙනි පෙනී යන්න හැදුවා කියලා.. එදත් සෑහෙන වෙලාවක් ගියා ලයිසන් එක අරන්ම එන්න දඩේ නොලියා..:rolleyes:

    කලින් ත්‍රෙඩ් එකක මමම දාපු සීන් එකක්..:dull:

    මේක උනේ හවස ඔෆිස් ඇරිල එන ගමන් කොල්ලුපිටිය සසකාවා එකේ තිබුණ ක්ලාස් එකකටත් ගිහින් ගෙදර එන ගමන්..

    ගොල්ෆේස් පැත්තේ ඉඳන් ඇවිත් කොල්ලුපිටිය හන්දියෙන් වමට දාල ටිකක් ඉස්සරහට යද්දි තියෙන කහ ඉර ගාව මිනිස්සු වගයක් පාර පනින්න බලන් හිටියා.. එතන පාරත් හෙන පළලයිනේ.. කොහොමත් පුරුද්දක් හැටියට කහ ඉරක් ලඟදි මම ටිකක් ස්ලෝ කරනවා..:yes: අඩුම ගානේ ඇක්සලේටරේ හරි අත අරිනවා පාර කොච්චර පැහැදිලි තැනක මිනිස්සු නොහිටියත්.. ඉතින් මිනිස්සු ඉන්නව දැක්ක නිසාම මම බයික් එක නැවැත්තුවා කහ ඉරට මෙහායින්..

    ට්‍රැෆික් පොලීසියෙන් දෙන්නෙකුත් බයික් එක නවත්තන් වැරදි හොය හොය හිටියා කහ ඉරට අඩි දහයක් විතර ඉස්සරහෙන්.. එතනත් ටිකක් ලොකු වටරවුමක් වගේ තියෙනවනේ..

    මම නැවැත්තුවේ ටිකක් වම් පැත්තට වෙන්න.. ඒ කියන්නේ දකුණු පැත්තේ තව වාහන පේලි තුනක් විතර හැදුනා මම ඇවිත් නැවැත්තුවට පස්සේ.. මිනිස්සු ඔක්කොම පැන්නේ දකුණු පැත්තෙ ඉඳන්.. ඒ කියන්නේ අන්තිමට තමයි මගේ ඉස්සරහෙන් යන්නේ.. :(
    ඔන්න ඉතින් මමත් නියුට්‍රල් කරන් ඔහේ හිටියා ඔක්කොම පනිනකන් හදිස්සියකුත් නැතුව.. :dull:

    මිනිස්සු ඔක්කොම මාව පහු කරන් ගියාට පස්සේ එක මනුස්සයෙක් ආයි දකුණු පැත්තෙන් පනින්න හදනවත් මම දැක්කා.. ඒත් ඒ යකා මගේ ඉස්සරහෙන් යන්න විනාඩි 5ක් වත් යන නිසා මම ෂේප් එකේ කහ ඉර හරහා යන්න පටන් ගත්තා ඒ පැත්ත බලාගෙනම.. අම්මටසිරි මෙන්න යකෝ අර පොලිස් මාමා අත දාල නවත්තන්න කියපි..:shocked:

    මම ඒත් එච්චරම ලොකුවට හිතුවේ නෑ කහ ඉරේ සීන් එකට කියලා... මොකද මම කිසිම හදිස්සියක් නැතුව හෙන වෙලාවක් බලාගෙනත් හිටියනේ... මම ඉතින් බයික් එක නවත්තලා හෙල්මට් එක එහෙම ගලවලා ඇයි කියලා ඇහුවා.. :P

    කෝ. ගන්න ගන්න ලයිසන් එක.. කහ ඉරේ මිනිස්සු පනිද්දී ඔහොම දානවද..? අම්මටසිරි කිව්වලු..:oo: මූ ඒක නෝට් කරන් ඉඳලනේ..:shocked:
    පස්සෙ මම දඩස් ගාල එන්ජින් එකත් ඕෆ් කරලම බයික් එකෙන් බැස්සා.. ලයිසන් එක අතට දෙන ටිකත් මේකා දඩ පොත පෙරලනවා.. :baffled:පස්සේ මම ෂේප් එකේ කිව්වා, ලියන්න එපා ඉතින් මම ගොඩක් වෙලා නවත්තන් හිටියනේ.. අනික මහත්තයා ඉන්නව දැකලත් දැම්මේ මම ගොඩාක් වෙලා මිනිස්සු පනිනකන් නවත්තන් හිටිය නිසයි ඒ නිසා ලියන්න එපා කියලා..:rolleyes:

    ඒක තමයි කියන්නේ... ගොඩක් වෙලා නවත්තගෙනත් ඉඳල ඉඳලා එක්කෙනෙක් පනිනවා පෙනී පෙනී දැම්ම බක් ගාලා..:frown: එයා පනිනකන් අනිත් අය හිටියනේ.. ඔයා විතරයිනේ දැම්මේ... ඒක වැරද්දක්.. දඩයක් ලියල දෙන්න වෙනවා..:angry:
    ඔන්න ඉතින් ඕකනේ බැරි..:(

    අයියෝ.. එහෙම කරන්න එපා අප්පා.. මහත්තයත් දැක්කනේ මම හදිස්සියෙන් ආව ගමනක් නෙමෙයිනේ.. මම ක්ලාස් ඇරිලා ගෙදර යන ගමන්.. මිනිස්සු පනින්න කලින් දාන්න පුලුවන්කම තියෙද්දිනේ මම නවත්තලා ඒ අය පනිනකන් බලන් හිටියේ... අනික අර මනුස්සයාට මගේ ඉස්සරහින් යන්නත් හෙන වෙලාවක් යන නිසයි මම දැම්මේ.. මට කිසිම හදිස්සියකුත් නෑ.. කහ ඉරේ නවත්තන්නෙම නැතුව ගියානම් ලිව්වත් කමක් නෑ.. නවත්තන් හිටියා කියල දැකලත් ලියන්න එපා අප්පා කියල කිව්වා..:(

    ඔන්න පොරට පොඩී හිනාවක් ගියා.. පස්සේ ඇහුවා කොහෙද ක්ලාස් ගියේ, කොහෙද වැඩ කරන්නේ කියලා..? වැඩ කරන තැන කිව්ව ගමන් මූ ආයේ දඩපොත දිග ඇරියා කියහංකෝ ඕකෙ දාන්නෙම අපේ වැරදි විතරයි එහෙනම් දඩයක් ලියන්නම ඕනේ කියලා..:angry:
    මළ මගුළයිනේ ඉතින්.. මම ආයි කිව්වා, අනේ එහෙම කරන්න එපා දෙයියනේ කලින් දන්නවනම් මම කොන්දොස්තර කෙනෙක් හරි මොකක් හරි තැනක රස්සාවක් කියනවනේ, පඩි අරන් ක්ලාස් ෆීස් ගෙනවන්නෙත් අමාරුවෙන්, ඒ පාර වැඩ කරන තැන අහල ඒකටත් දඩ ගහන්න හදනවනේ කියලා..:lol:

    පස්සේ අනිත් ඩයල් එකත් ලඟට ආවා.. මුන් දෙන්නත් එක්ක මාව බයිට් කරන්න හදනවා ඒ පාර.. ඇවිත් ටික වෙලාවක් විස්තර කතා කර කර හිටියා හැබැයි ලයිසන් එක දෙන්නෙත් නෑ..:angry: පස්සේ මම ආයි කිව්වා ලියන්නෙ නැත්තං ඕක දෙන්නකො කියලා.. මූ ආයි ටික වෙලාවක් ලයිසන් එක තියන් පොතේ ඉරි ඇඳ ඇඳ ඉඳලා අපි ගැනත් හොඳක් දාන්න කියලා ලයිසන් එක දීල යන්න කිව්වා..:P හැබැයි විනාඩි15ක් විතර කියෝ කියෝ ඉඳලයි ෂේප් කර ගත්තේ..:rofl:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පළමු දඩය කෑවේ කඩුගන්නාව දුම්රිය පොළ හරියේදී . නුවර ව්යිෆේ ගේ ගෙදර ඉදන් කොලබ එද්දී . ඉරි කපල .
    දිනය (අප්‍රේල් මාසේ ඉරිදා දවසක්)

    නිලධාරියා :- මහත්තය වරදක් කරා . එක දන්නවද . පිළිගන්නවද ?
    මම - ඔව් රාළහාමි
    නිලධාරියා - නිලධාරියා සිනාමුසු මුහුණින් , මොකද ඒ ?
    මම - මගේ අතින් ඩබල් ඉර කැපුන , ටයර් එක පොඩ්ඩක් උඩින් ගියා රාළහාමි
    නිලධාරියා - ඔව්මහත්තය . ඇයි මේ කලබලෙන් . අද වාහන වැඩි . පොලිසියත් හැම තැනම ඉන්නවා . කල්පනාවෙන් .
    මම - හොදයි රාළහාමි
    නිලධාරියා - අපිට ඔයාට දඩයක් දෙන්නම වෙනවා .
    මම - සිනාමුසු මුහුණින්හොදයි රාළහාමි . වැරද්දක් කරොත් දුවමක් විදින්නම ඕනේ නේ . එත් අයෙත් මට මෙහෙඑන්න වෙයි නේද ලයිසන් එක ගන්න .
    නිලධාරියා - නෑ නෑ මහත්තය , අර ඉස්සරහ තියන තැපැල් කන්තෝරුව ඉරිදාත් ඇරලා . එතනින් දඩය ගෙවල පොලිසියට එන්න . මම එතනට යනවා දැන් .
    මම - හොදයි රාළහාමි . බොහොම ස්තුති .
    නිලධාරියා - මුහුණේ මද සිනහවක්

    එදා රුපියල් 600 දඩයක් ගැහුවා . එක එවෙලවේම ගෙවල ලයිසන් එක අරගෙන ඉරි නොකප ගෙදර ආව .

    මේක මගේ මුල්ම දඩය . ඉරිදා ඇරලා තියන තැපැල් කන්තෝරුව ගැන ඔයාලත් දන්නේ නැතුව ඇති . මේ තියෙන්නේ ලින්ක් එක .
    https://www.google.lk/maps/@7.2574752,80.5211254,3a,75y,251.36h,75.34t/data=!3m6!1e1!3m4!1seq8NnshPxGJaLPJKX_Wpgg!2e0!7i13312!8i6656!6m1!1e1
     
    • Like
    Reactions: Dragon Kolla

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Place: Duplicatin road eka haraha watena hatharaman handiyak :baffled:

    tikak wela balan idala damma damillak paren anith pattata:cool:(hatharaman hadiyakne ban:yes:)

    Thadi nuga gas dekak madde idan panne nathai police doubalak :eek: e kaale mata liscenuth naha. Mu ithin mata hena lecture ekak dunna :nerd: mamath ithin eka ahan idala "Bohoma Sthuthiy Ralahami mama yannam" kiyala kiuwwa witarai mu "Mama dan dadayak liuwwoth mahattayata Liscence ganna bari wenawa tikak kal yanakan:shocked:" kiyapi.

    Mu dan dada liyana pothe pituwa perarala pana thiyan ahanawa "mokada mekata karanne kiyala:D" mama shape eke Nuga gaha ainata gihin 1000/= deela aith ugen lecture ekak ahala sathutin gedara awa :lol:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ජා ඇල මිනුවන්ගොඩ පාර දිනය 2017. 03. 18 වෙලාව උදෑසන 10.30 ට විතර මට පිටු පසින් නවීන පන්නයේ කාර් රථයක් හෝන් කරල ඉඩ ඉල්ලනව මමත් 60 - 70 ට විතර යනව මට ගොඩක් අයින් කරන්නත් බෑ හෝන් ගහනව කරදරේ දුන්නෙ නෑ ඉඩ මූ කොහොම හරි මට ඉස්සර කරල ගෙමට වගේ බ්‍ර්රේක් කරල ගියා මම මූට අය ඉස්සර කලා ගේමනම් ගේම මමත් බ්රේක් කරල අය ගියා මූ මට ආයෙත් ඉස්සර කරල පාර හරස් කරල නැවැත්තුවා මට මල බැස්ස වැහුව දොර දඩාං ගාල ගියා කාර් එක ලගට එබුන කාර් එකට ඇයි මොකෝ කියල තරු විසි උනේ එතකොටයි ගම්පහ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල කෙලපන්කො ඔහොමද යකෝ වාහන එලවන්නෙ හිටපං අද උඹට කියල කථා කලා මිනුවන්ගොඩ පොලිසියට ආව පොලිසියේ ලොක්කම මම පොලිසියෙන් එනකන් කරුණු පැහැදිලි කරන්න හැදුව ඩ්‍රයිවර් අතින් කීව කටවහපන් වැඩ වරදියි කියල මම සද්ද නැතිව හිටිය. මිනුවන්ගොඩ ලොක්කම ඇවිත් ආපහු පොලිසියට අරන් ගිහිල්ල බැනල බැනල එව්ව

    ගුටි නොකා බේරැණා මදැයි.....
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න ඉතින් සුපුරුදු විදියට මම අපේ ඔපීසියේ එකෙක්ව දාගෙන බයික් එකේ මොරටුව බස් ස්ටෑන්ඩ් එකට යනවා.ඌට හෙල්මට් නෑ.මට විතරයි හෙල්මට් එකක් තිබුනේ.බීච් එක අයිනේ පාරකින් යන්නේ.මලාට ඔය පාරේ පොලීසියෙන් නෑ.මමත් අතුරු පාරකින් ඇවිත් බීච් එක පාරට දාල හෙමින් එනවා.ඒ එනගමන් නිකමට වගේ සයිඩ් මිරර් එකෙන් පිටිපස්ස බැලුවා.අම්ම ගහයි බැට් එකෙන් කියන්නේ පොලීසියේ ටැෆික් බයික් එක මගේ පස්සෙන් එනවා කියපන්කෝ.හරවලා ඇරලා දාලා යන්න පාරකුත් නෑ.මමත් ඉතින් උන්ව නොදැක්කා වගේ යනවා.උන් එකපාරටම ස්පීඩ් කරලා ඇවිත් මගේ ඉස්සරයින් නැවැත්තුවා.

    ආ මල්ලී.කොහේද යන්නේ.ගන්නකෝ බලන්න ලයිසන් එක.

    මම ඉතින් ලයිසන් එක දුන්නා.උන් දඩ කොලේ ලියන ගමන් බයික් එකේ ලයිසන්,ඉන්ශුවරන්ස් ඔක්කෝම තියෙනවා නේද ඇහුවා.මාත් ඔවු කිව්වා.හැබැයි බයික් එකේ ලයිසන් එක කල්පැනලා මාස 4ක් විතර වෙනවා එතකොටත්.වෙලාවට උන් ඒවා චෙක් කලේ නෑ.මට 500ක දඩ කොලයක් දුන්නා.මම ඒකත් අරන් ආවා.පහුවෙනිදා ගිහින් දඩේ ගෙවලා ආවා.ඕක තමයි පළවෙනි දඩකොලේ.

    මචන්ලා වාහන අාදායම් බලපත්‍රය ගන්න පුළුවන් මාස 03 කට කලින් බස්නාහිරෙන්... අනිත් පලාත් වලත් මාස 02 කට වගේ කලින් උනත් ගන්න පුළුවන්... කලින් අරන් තියාගත්තාම දඩ ගෙවන්න ඔනි නැහැනේ... නැත්නම් 10% වගේ දඩ දවස් 03 න පැන්නාම...
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    අපි කාලා තියෙන්නේ ඉතින් පුස්තකාලේ පොත් හරි දවසට බාර දෙන්න බැරි වෙච්ච දඩ තමයි :sorry::(

    ඕනි එකක දන්න.... වාහාන දඩ විතරක් නෙමෙයිනේ.... ​its ok
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    තවත් දඩ කාපු එකක් මතක් උනා බයික් එකේ අනුරාධපුරේ යනගමන් ගිය අවුරුද්දේ උනේ. මම රජරට එකේ english එක කරා .වෙනදා යන්නේ bus එකේ , එදා ඇහැරෙන්න පරක්කු උන ඒ නිසා bike එකේ ගියා , ඔය course එකේ මැඩම් කෙනෙක් ඉන්නවා හරි හොදයි , ඒ වගේම විනාඩියක් හරි පරක්කු උනොත් එදාට ඉවරයි , රජරට එකේ ඉන්න අය දන්නවා ඇති .. අනුරාධපුරේට මෙහා තියෙනවා තිරප්පනේ කියල town එකක් Nadun26 ඉන්නෙත් එහෙ මට මතක විදිද්හට , මම 80 ට විතර යනවා මට ඉස්සරහින් bus එකක් යනවා මට ඉස්සර කරන්න ඉඩ දෙන්නෙම නැ . bus එකත් 80 ට වගේ යනවා තිරප්පනේ town එකට ටිකක් මෙහා වංගුවක් තියෙනවා එතන අනිවරෙන් ට්‍රැෆික් ඉන්නවා . හැමදාම කොයි වෙලේ ගියත් එතන ඉන්නවා මම හැමදාම දකිනවා . එදා bus එකත් එක්ක රේස් ආපු හින්දා එකත් අමතක උනා . bus එක වංගුව ගන්න slow කරා මමත් වැඩකාරයා වගේ තනි ඉරත් කපාගෙන ඉස්සර කරා bus එක ඉස්සර කරනකොටම ට්‍රැෆික් මහත්තයෙක් පාර මැද . බොහොම අමාරුවෙන් බයික් එක නතර කරගත්තේ තව පොඩ්ඩෙන් යට වෙනවා bus එකත් එක පාරම බ්රේක් ගහලා නතර කරා ,මමත් ගලගැහිලා වගේ නතර කරලා හිටපු උනුත් මට බනිනවා , bus එකේ කට්ටියත් හොදට බනිනවා , ඇහුනේ නැ වගේ හිමිට bike එක පාර අයිනට කරලා නතර කරා , ට්‍රැෆික් එකේ අයටත් මොකද උනේ කියල හිතාගන්න බැ . මොකුත් කිවුවේ නැ , වාහන එහෙම ගියා උන් හිතන්න ඇති අද නම් අරු ඉවරයි කියලා . ට්‍රැෆික් දෙන්නයි හිටියේ එක්කෙනෙක් දඩ ලියනවා බයික් එකේ number එක බලාගෙන , උසාවි තමා කිවුවා , මම හා කිවුවා . හැප්පෙන්න ගියපු කෙනා කතා කරා මම ටිකක් ඩිසන් ඇදලා ගියේ , මහත්තය කොහෙද යන්නේ කියලා ඇහුවා මම විස්තරේ කිවුවේ රැකියාවත් ඇහුවා , මම එකත් කිවුවා , එදා ඉරිදා දවසක් දඩ කොළ දුන්නත් ගෙවන්නත් බැ . ඊට පස්සේ රැකියාවත් අදාල කරලා හොද දේශන්වක් පැයක් විතර දීල යන්න කිවුවා , දඩත් නැ , බැනුමුත් නැ , එත් මගේ හිතට upset මොකද එදා දඩයක් වත් නොදීපු එක හිතට හරි නැ අඩුම තරමේ බැන්නනම් එත් කමක් නැ

    සුපිරි අයත් ඉන්නවා නේද..... හ්ම්ම්
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    පළමු දඩය කෑවේ කඩුගන්නාව දුම්රිය පොළ හරියේදී . නුවර ව්යිෆේ ගේ ගෙදර ඉදන් කොලබ එද්දී . ඉරි කපල .
    දිනය (අප්‍රේල් මාසේ ඉරිදා දවසක්)

    නිලධාරියා :- මහත්තය වරදක් කරා . එක දන්නවද . පිළිගන්නවද ?
    මම - ඔව් රාළහාමි
    නිලධාරියා - නිලධාරියා සිනාමුසු මුහුණින් , මොකද ඒ ?
    මම - මගේ අතින් ඩබල් ඉර කැපුන , ටයර් එක පොඩ්ඩක් උඩින් ගියා රාළහාමි
    නිලධාරියා - ඔව්මහත්තය . ඇයි මේ කලබලෙන් . අද වාහන වැඩි . පොලිසියත් හැම තැනම ඉන්නවා . කල්පනාවෙන් .
    මම - හොදයි රාළහාමි
    නිලධාරියා - අපිට ඔයාට දඩයක් දෙන්නම වෙනවා .
    මම - සිනාමුසු මුහුණින්හොදයි රාළහාමි . වැරද්දක් කරොත් දුවමක් විදින්නම ඕනේ නේ . එත් අයෙත් මට මෙහෙඑන්න වෙයි නේද ලයිසන් එක ගන්න .
    නිලධාරියා - නෑ නෑ මහත්තය , අර ඉස්සරහ තියන තැපැල් කන්තෝරුව ඉරිදාත් ඇරලා . එතනින් දඩය ගෙවල පොලිසියට එන්න . මම එතනට යනවා දැන් .
    මම - හොදයි රාළහාමි . බොහොම ස්තුති .
    නිලධාරියා - මුහුණේ මද සිනහවක්

    එදා රුපියල් 600 දඩයක් ගැහුවා . එක එවෙලවේම ගෙවල ලයිසන් එක අරගෙන ඉරි නොකප ගෙදර ආව .

    මේක මගේ මුල්ම දඩය . ඉරිදා ඇරලා තියන තැපැල් කන්තෝරුව ගැන ඔයාලත් දන්නේ නැතුව ඇති . මේ තියෙන්නේ ලින්ක් එක .
    https://www.google.lk/maps/@7.2574752,80.5211254,3a,75y,251.36h,75.34t/data=!3m6!1e1!3m4!1seq8NnshPxGJaLPJKX_Wpgg!2e0!7i13312!8i6656!6m1!1e1

    සුපිරි අයත් ඉන්නවා නේද..... හ්ම්ම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    කහ ඉරේ ඉස්සර කරන්න ගිහිං තව පොඩ්ඩෙන් දඩයක් කනව ඊයෙ පෙරේදා...
    මොකක්ද හදිසියකට යන අතරෙ කහ ඉරේ ඉස්සර කරනකොටම මෙන්න ට්‍රැෆික් පොලිස් රාළහාමි පැනගෙන ආව කහ ඉර මැදටම... ඉස්කෝල ඇරෙන වෙලාවේ පාර මාරු කරන්නද කොහෙද ඉඳල තියෙන්නෙ පාර අයිනෙ.
    මොන අහේතුවකටද මන්ද මොකුත් නොකර යන්න දුන්න, :lol: මම හෝන් එකකින් තැන්කිවු කියල ආව

    CKchm9P.gif
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    මේකේ ගොඩක් උන් මේ කියපු කෑම කාලා ඇතිනේ...

    දාමුද බලන්න කාපු පළමු දඩේ හා දඩ කාපු හා බේරෙන්න කරපු කතා වැඩ එහෙම ඇතිනේ....
    දාමුද බලන්න එහෙම එකක් දෙකක්......

    මම කලා තියෙන මට මතක ප්‍රථම දඩේ ඉතින් රථ වාහන දඩයක් තමා ඉතින්....

    වාහනේ ගත්ත මුල් දවස් වල රාත්‍රියක එනව දඹුලු ගිහින්.... පාරත් කෙලින් වාහනත් පෝලීම.. මුන් යන්නෙත් නැහැ... එකකට ඉස්සර කලා .... දෙකයි... අවා පොඩි ගතියකුත් ඇඟට එහෙන්මම ඉස්සර කලා.... 03...04.... ගැහුවේ නැතැයි ඉස්සරහින් ටෝච් පාරක්....:P එහෙන්මම අයින් කරලා නවත්වලා කාලා අාවා....

    dan aurudu 19k wahhana elawanawa,, me wenakal dada gahala ne. ... :cool::cool: ,

    eth eka serayakwahane newettuwa iri kepuwa kiyala, mata kata karana wele matath wada iri kapagena weda dana porak passe traffic la denna giya mama hemita awa.......
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සුපිරි අයත් ඉන්නවා නේද..... හ්ම්ම්

    ඔව් බන් හැම ආයතනයකම හොද මිනිස්සු ඉන්නවා ඒ වගේම එපා කරපු මිනිස්සුත් ඉන්නවා , අඩුම තරමේ මින්ස්සුන්ට සත්තු වගේ කතා කරන අයත් ඉන්නවා .

    එහෙම කතාවකුත් තියෙනවා එකත් තව ටිකකින් දාන්නම්
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    කහ ඉරේ ඉස්සර කරන්න ගිහිං තව පොඩ්ඩෙන් දඩයක් කනව ඊයෙ පෙරේදා...
    මොකක්ද හදිසියකට යන අතරෙ කහ ඉරේ ඉස්සර කරනකොටම මෙන්න ට්‍රැෆික් පොලිස් රාළහාමි පැනගෙන ආව කහ ඉර මැදටම... ඉස්කෝල ඇරෙන වෙලාවේ පාර මාරු කරන්නද කොහෙද ඉඳල තියෙන්නෙ පාර අයිනෙ.
    මොන අහේතුවකටද මන්ද මොකුත් නොකර යන්න දුන්න, :lol: මම හෝන් එකකින් තැන්කිවු කියල ආව

    CKchm9P.gif

    ඔය වගේ වේලාවට ඕවා ලිය ලිය ඉන්න එයාලට වේලාව නැහැනේ... ඊට වඩා එයාලාට අපු වැඩේ ලොකුයි නේ.. ලමයි ටික ගැන බලන්න ඕනිනේ....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    ඔය වගේ වේලාවට ඕවා ලිය ලිය ඉන්න එයාලට වේලාව නැහැනේ... ඊට වඩා එයාලාට අපු වැඩේ ලොකුයි නේ.. ලමයි ටික ගැන බලන්න ඕනිනේ....

    ඉතිං කවුරුවත් පාරෙ හිටියෙ නෑනෙ ඉස්සර කරා :lol: රාළහාමි පාර අයිනෙ ඉඳල :no: මනුස්සය ඔය පාරට පැන්නේ මම නවත්තන්නමයි නැත්නම් කවුරුවත් පාර පනින ගමන් නෙවේ

    සමහරවිට දඩ [පොත ළඟ තියෙන්න නැතුව ඇති
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පළමු දඩය කෑවේ කඩුගන්නාව දුම්රිය පොළ හරියේදී . නුවර ව්යිෆේ ගේ ගෙදර ඉදන් කොලබ එද්දී . ඉරි කපල .
    දිනය (අප්‍රේල් මාසේ ඉරිදා දවසක්)

    නිලධාරියා :- මහත්තය වරදක් කරා . එක දන්නවද . පිළිගන්නවද ?
    මම - ඔව් රාළහාමි
    නිලධාරියා - නිලධාරියා සිනාමුසු මුහුණින් , මොකද ඒ ?
    මම - මගේ අතින් ඩබල් ඉර කැපුන , ටයර් එක පොඩ්ඩක් උඩින් ගියා රාළහාමි
    නිලධාරියා - ඔව්මහත්තය . ඇයි මේ කලබලෙන් . අද වාහන වැඩි . පොලිසියත් හැම තැනම ඉන්නවා . කල්පනාවෙන් .
    මම - හොදයි රාළහාමි
    නිලධාරියා - අපිට ඔයාට දඩයක් දෙන්නම වෙනවා .
    මම - සිනාමුසු මුහුණින්හොදයි රාළහාමි . වැරද්දක් කරොත් දුවමක් විදින්නම ඕනේ නේ . එත් අයෙත් මට මෙහෙඑන්න වෙයි නේද ලයිසන් එක ගන්න .
    නිලධාරියා - නෑ නෑ මහත්තය , අර ඉස්සරහ තියන තැපැල් කන්තෝරුව ඉරිදාත් ඇරලා . එතනින් දඩය ගෙවල පොලිසියට එන්න . මම එතනට යනවා දැන් .
    මම - හොදයි රාළහාමි . බොහොම ස්තුති .
    නිලධාරියා - මුහුණේ මද සිනහවක්

    එදා රුපියල් 600 දඩයක් ගැහුවා . එක එවෙලවේම ගෙවල ලයිසන් එක අරගෙන ඉරි නොකප ගෙදර ආව .

    මේක මගේ මුල්ම දඩය . ඉරිදා ඇරලා තියන තැපැල් කන්තෝරුව ගැන ඔයාලත් දන්නේ නැතුව ඇති . මේ තියෙන්නේ ලින්ක් එක .
    https://www.google.lk/maps/@7.2574752,80.5211254,3a,75y,251.36h,75.34t/data=!3m6!1e1!3m4!1seq8NnshPxGJaLPJKX_Wpgg!2e0!7i13312!8i6656!6m1!1e1

    Krpu waradda dannawa kiwwama u sahanayak denna tyna ida wadeeda?