පද පේළී - EK LYRICS THREAD PART 2

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
    බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිතු සෙනේ පිදු පියෙකු නොමැති ලොව
    දූ දරුවන් හිනැහී ඇතිදෝ
    උන්ගේ සිත රැදි තනිය මකන්නට
    මව්නට කවදා හැකි වේදෝ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පාන්දරින් ස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
    තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
    හනිහනිකට නුඹ යනකොට ..
    පාර කියන්නෑ තෝනෙන්.....
    පාර තියන්නෑ කෙවිටෙන්..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉරි තැලුනු වළා උඩු වියන් යටන්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන
    මොටෝ රථ රඟ සෙනඟ රවටමින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
    ඔබේ හදින් මා දෙස බැලුවා
    දෑසට නොපෙනෙන මා හද පතුලේ
    සුන්දරතාවය ඔබ දුටුවා
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    (When I first saw you, I saw love.
    And the first time you touched me, I felt love.
    And after all this time, you're still the one I love.)

    Looks like we made it
    Look how far we've come, my baby
    We mighta took the long way
    We knew we'd get there someday

    They said, "I bet they'll never make it."
    But just look at us holding on
    We're still together, still going strong
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
    ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
    ඈත දුර ගෙවා ආයේ වඩිනවා
    ඈත දුර ගෙවා ආයේ වඩිනවා
    ගී පද කී මට මාල ගිරා
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under

    And darling I will be loving you 'til we're 70
    And baby my heart could still fall as hard at 23
    And I'm thinking 'bout how people fall in love in mysterious ways
    Maybe just the touch of a hand
    Oh me I fall in love with you every single day
    And I just wanna tell you I am

    So honey now
    Take me into your loving arms
    Kiss me under the light of a thousand stars
    Place your head on my beating heart
    I'm thinking out loud
    Maybe we found love right where we are
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෙතු කඳුලු වලින් බොරු නොකර ඉඳින්
    මගෙ පුංචි නගේ රවටා දෙගුරුන්
    නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
    කිරි සුවඳ මුවින්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔබට වරම් නැති මටද වරම් නැති
    සෙනෙහස කොතැනද සැඟව ගියේ
    ඉවත ගලා ගිය කඳුලක දියවී
    ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ.
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    මෙත් මල් පිබිදේවා
    සිත් තුල මෙත් මල් පිබිදේවා
    කරුණා ගුණ දේවා
    සිත් තුල කරුණා ඉතිරේවා //

    තණ්හා අශා වෛරේ ක්‍රෝධේ
    සංකා නැති වේවා //
    පාපේ ද්වේශේ මෝහේ මානේ
    මෙලොවින් දුරු වේවා

    මෙත් මල් පිබිදේවා
    සිත් තුල මෙත් මල් පිබිදේවා
    කරුණා ගුණ දේවා
    සිත් තුල කරුණා ඉතිරේවා

    සමගිය සාමේ දෑ අනුරාගේ
    යුතුකම් රජවේවා //
    හොර බොරු වංචා බිය සැක දුරු වී
    සැමටම සෙත් වේවා

    මෙත් මල් පිබිදේවා
    සිත් තුල මෙත් මල් පිබිදේවා
    කරුණා ගුණ දේවා
    සිත් තුල කරුණා ඉතිරේවා //


    ගායනය - මොරිස් දහනායක
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දෙන්නම් මම අද පප්පලට රැජිනට යවනව කේක් එක
    ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට
    (එකක් මදි දෙකක් දානවා)

    මී පැණි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා
    පොඩි කජුමද ටිකකුත් තියලා ගම්මිරිසුත් යහමින් දාලා

    පාසානම් ටිකකුත් දාලා සීනි කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා හදනවා පදමට හැදි ගාලා
     
    අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
    මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
    තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
    බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..

    හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
    කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
    පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    මගේ හිත කරදරයි
    ලිපේ ගිණි අවුළුවා
    හැමදාම අළුයමේ
    උඹ අතින් දවන්නේ
    පඩි දා ට මං දුන්නු සොච්චමෙන්
    උඹ කොහොම හැමදාම
    ගෙදර බත උයන්නේ

    යට ගිලුණු ඇස් දෙකේ
    සෙනේහය දොවන්නේ
    ලේ නහර නිව නිවා
    මගේ ඇඟේ බුරන්නේ
    දුක් සුසුම් පවන් රැල් කර ආයේ
    සොඳුරියේ උඹ නේද හඬන්නේ

    නුඹෙ ළයට තුරුළු වී
    මගේ පැටව් සුව නින්දේ
    මුදියමේ කොහොම මං
    නුඹේ නිදි දැහැන බිඳින්නේ
    දුක් සුසුම් පවන් රැල් කර ආයේ
    සොඳුරියේ උඹ නේද හඬන්නේ

    මගේ හිත කරදරයි
    ලිපේ ගිණි අවුළුවා
    හැමදාම අළුයමේ
    උඹ අතින් දවන්නේ
    පඩි දා ට මං දුන්නු සොච්චමෙන්
    උඹ කොහොම හැමදාම
    ගෙදර බත උයන්නේ


    ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිදු හිමි
    පෙවුවේ උතුම් සදහම් මී
    පුත නුඹටත් පොවමි එ මී

    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිනි පහනක් වේ
    එයා රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    උස තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකුවෙන්නේ..

    කාටත් හිමි පොදු දේ නම්
    නැතිබැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම
    පෑම තමයි සුරුවිරුකම්

    :love::love::love:
     
    මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
    එය වැරදී ළඳුනේ
    නිතරම කඳුලෙනි මා පසුවන්නේ
    මට අයිතිය කඳුලයි
    මට අයිතිය කඳුලයි.....

    පාළුව තනිකම මට වද දෙන විට
    කෙලෙසද ඉවසන්නේ
    කියන්න සොඳුරිය
    කියන්න සොඳුරිය
    ඇයි මට මෙහෙම උනේ

    මා සතුටින් බව ....

    මා අමතක කොට ඔබ ගත නව මග
    ඔබ හට සුව දෙයි නම්
    කුමක් උනත් මට ඒ ගැන කම් නැත
    තනිවම මා ඉන්නම්
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    බින්දු බින්දු රන් ගෝමර මාලා
    බන්දා ගෙල වට ඔමරි ලතාවට
    කන්දෙන් පාවී ලන්දට බසිනා
    රන්වන් රන්වන් මගේ රන් කිකිළි
    රන්වන් රන්වන් රන් කිකිළි

    රන්වන් රන්වන් රන් කිකිළි

    කුණ්ඩ සමන් පෙති සුවඳ ගලාගෙන
    රන් හිරුරැස් කෙඳි දෙරණ සිඹිනකොට
    මන්දැයි තවමත් ලන්දට නාවේ
    රන්වන් රන්වන් මගේ රන් කිකිළි
    රන්වන් රන්වන් රන් කිකිළි

    රන්වන් රන්වන් රන් කිකිළි
     
    සුවඳ දැනි දැනී දැනෙනවා
    උදා හිරි එළියේ අලුත් ඉරක් දෝ මේ
    හිතට ගලනවා හීත බිඳු බිඳු
    හීන් පිනි හුළගේ හිනස්සා හිත හැඟුම්
    සුවඳ දැනි දැනී දැනෙනවා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සුදු මල් පොකුරක් අතින් දරා මා
    ඔබේ සොහොන ළඟ තනි වී
    රහසේ ගලනාකඳුලැලි සඟවා
    සිහි කරමී මගේ පියාණෙනි..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
    මහදේ සොඳුරු අහසේ අනාගතේ //
    සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
    මහදේ සොඳුරු අහසේ අනාගතේ

    පැණි සොයමින් බඹරුන් එනවා
    පැණි බී යළි උන් ඉගිලෙනවා
    පැණි සොයමින් බඹරුන් එනවා
    පැණි බී මල වට ඉගිලෙනවා

    තනි වුණු කතරක මා ඉන්නේ
    කෙළෙසද පිය මැන පිටවන්නේ
    තනි වුණු කතරක මා ඉන්නේ
    ඔබ සමගිනි මා පිටවන්නේ

    සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
    මහදේ සොඳුරු අහසේ අනාගතේ
    සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
    මහදේ සොඳුරු අහසේ අනාගතේ

    හදවත විල් දිය චංචල වේ
    ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ
    හදවත විල් දිය චංචල වේ
    ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ

    සැතපෙන කල දුටු නිදි යහනේ
    එළි වෙයි දෝ මේ දුටු සිහිනේ
    සැතපෙන කල දුටු නිදි යහනේ
    එළිවෙනවා රෑ දුටු සිහිනේ

    සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේ දෝ
    මහදේ සොඳුරු අහසේ අනාගතේ
    සිතුම් පැතුම් සඳ ආදරේ උදා වේවා
    මහදේ සොඳුරු අහසේ අනාගතේ

    මහදේ සොඳුරු අහසේ අනාගතේ ///


    ගායනය - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක