අභිදර්මය...

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    විශ්වාසය මූලික පදනම කරගත්තම බුදාගමත් අනිත් ආගම් වගේ වෙනවනෙ,,,
    මුලින්ම අබිදර්මය ඉගනගන්න එක හරි නෑ කිව්වෙ ඇයි.?
    මේ හාමුදුරුවො නම් කියනවනෙ හැම ප්‍රශ්නෙකටම උත්තර ලබෙනව කියල මේ වීඩියෝස් වලින්...:(

    mama nam kianne nithara bawana karanna, ethakota godak prashna walata uththara hithata therum yay kiala.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඇග ඇතුලේ හිතක් හැමෝම කථා කරන විදිහට ආත්මයක් තියනවා එකෙන් තමයි ශක්තිය දෙන්නේ කියන මුලික දේවත් තේරම් ගන්න බැරුව නම් ලොකු මට්ටම් ගැන හිතන්න බැ

    එක කිව්වහම ඔලුව වනල ඔව් එහෙම එකක් තියෙනවා කියල කියන්න තේරෙනවා..:yes: එත් ඒ මොකක්ද කියල තමයි තේරුම් ගන්න බැරි..:yes:

    එතකොට ආත්මය කියන්නේ මේ අපේ ඇතුලේ කතා කරන හිතද? :confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එක කිව්වහම ඔලුව වනල ඔව් එහෙම එකක් තියෙනවා කියල කියන්න තේරෙනවා..:yes: එත් ඒ මොකක්ද කියල තමයි තේරුම් ගන්න බැරි..:yes:

    එතකොට ආත්මය කියන්නේ මේ අපේ ඇතුලේ කතා කරන හිතද? :confused:

    ඊළගට තේරුම් ගන්න ඕන අපි හිතන් ඉන්න ආත්මේ ස්ථිර එකක් ද කියලා, ශරීරෙ ලෙඩ වෙනවා දිරනවා පෙන වනේ, ශරීරෙ ගැනත් මිනිස්සු හිතන් ඉන්නේ ශරීරෙ මගේ කියලනේ, ශරීරෙ හැදිලා තියෙන්නේ සතර මහා බුතයන්ගෙන්, ශරීරෙ පවතින්නේ අහාර වලින් වායු වලින්, කෙස් මගේ කියලා හිතන් හිටියට කෙසුත් ගස් වැල් වගේම දෙයක් ශරීරෙට ලැබෙන අහාර වලින් තමයි පෝෂණය වෙන්නේ, කෙල මගේ කියලා හිතුවට කෙලත් වතුර වගේමයි කෙල දන්නේ නැ මම කියන්නේ කවුද කියලා ඔය වගේ ශරීරෙ මම කියන්නේ මොකක්ද කියලා බලන්න ඕන, ඊට පස්සේ හිත
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට මොකද බන් උනේ එක පාරම :oo::oo:

    ඇයි මට මොනා වෙලාද.?:oo:

    mama nam kianne nithara bawana karanna, ethakota godak prashna walata uththara hithata therum yay kiala.

    ඔව් ඒක නම් ඇත්ත... දවස් කීපයක් බාවනා කරත් සමහර දේවල් තේරෙන්න ගන්නව..

    :yes:
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    හිත කියන්නේ මොකක්ද? මනස ද? :confused:

    මට මනස කියන්නේ මොකක්ද කියලත් තේරුම් ගන්න බැරුව බන් ඉන්නේ..:baffled:

    Nikan kathakarankotanan mchn hitha kiyanneth manasata thamai.Eth manasa kiyana eka kotas kipyatakata bedenawa.eka tikak terum ganna amarui eka para.api hitha kiyala mulinma hithan inne ape oluwe katha karanwa wage hithena voice ekata.eka thama intellect kiyanne.eken karanne 5 senses yodagena hema dema wen karala terum ganna try karanawa.hithana ewa,analayze karana,mae mama,mae araya kiyala hithana ewa okoma karanne oya part eken.thawa manase gemburu awasthawal tiyenawa oya hithana eka nethiunama ethanin ehata tiyenne mulu body ekema memory ekak.karma kiyanne ekata kiyala hitannako.ipaditcha dawase idan,siyala achilage memory eka pawa hema body cell ekema tiyenawa.oya mental voice eka upadinne oya memory eka uda thama.

    ethanin ehata giyama chitta kiyala awasthawak tiyenawa.methana thamai store house eka,siyaluma mathakayan,pera athama mathakayan,okoma experiance methana store wela tiyenawa.uba hithin hituwath nathath karapu kiyapu hemadema methana record wela tiyenawa.mea memory ekata anuwa thama aye ipadenne.

    ethanin ehata giyama kisima memory ekak ne.siyalu dema ekai.methana thamai nirwana awasthawa.ithin manasa kiyana eka atthatama infinite deyak.api denata podi ramuwakata kotu wela innawa ape tiyena podi memory eka anuwa.mae memory eka hinda api hithnawa api wenama ekenek,athmayak kiyala deyak tiyenawa kiyala.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඊළගට තේරුම් ගන්න ඕන අපි හිතන් ඉන්න ආත්මේ ස්ථිර එකක් ද කියලා, ශරීරෙ ලෙඩ වෙනවා දිරනවා පෙන වනේ, ශරීරෙ ගැනත් මිනිස්සු හිතන් ඉන්නේ ශරීරෙ මගේ කියලනේ, ශරීරෙ හැදිලා තියෙන්නේ සතර මහා බුතයන්ගෙන්, ශරීරෙ පවතින්නේ අහාර වලින් වායු වලින්, කෙස් මගේ කියලා හිතන් හිටියට කෙසුත් ගස් වැල් වගේම දෙයක් ශරීරෙට ලැබෙන අහාර වලින් තමයි පෝෂණය වෙන්නේ, කෙල මගේ කියලා හිතුවට කෙලත් වතුර වගේමයි කෙල දන්නේ නැ මම කියන්නේ කවුද කියලා ඔය වගේ ශරීරෙ මම කියන්නේ මොකක්ද කියලා බලන්න ඕන, ඊට පස්සේ හිත

    එල මචන්...ස්තූතියි :):yes:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඊළගට තේරුම් ගන්න ඕන අපි හිතන් ඉන්න ආත්මේ ස්ථිර එකක් ද කියලා, ශරීරෙ ලෙඩ වෙනවා දිරනවා පෙන වනේ, ශරීරෙ ගැනත් මිනිස්සු හිතන් ඉන්නේ ශරීරෙ මගේ කියලනේ, ශරීරෙ හැදිලා තියෙන්නේ සතර මහා බුතයන්ගෙන්, ශරීරෙ පවතින්නේ අහාර වලින් වායු වලින්, කෙස් මගේ කියලා හිතන් හිටියට කෙසුත් ගස් වැල් වගේම දෙයක් ශරීරෙට ලැබෙන අහාර වලින් තමයි පෝෂණය වෙන්නේ, කෙල මගේ කියලා හිතුවට කෙලත් වතුර වගේමයි කෙල දන්නේ නැ මම කියන්නේ කවුද කියලා ඔය වගේ ශරීරෙ මම කියන්නේ මොකක්ද කියලා බලන්න ඕන, ඊට පස්සේ හිත

    ඔය ඉන්නේ බන අහපු කෙනෙක් ..... :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මුලින්ම ශරීරෙ එකක් හිත තව එකක් කියලා තේරුම් ගන්න ඕන, ශරීරෙ කියන්නේ කිසිම දැනීමක් නැති දෙයක් හිතින් තමයි ශරීරෙ මෙහෙයවන්නේ කියලා තේරුම් ගන්න ඕන, මේ ශරීරෙට හිත සම්බන්ද උනේ කොහොමද කියලා හිතන්න ඕන, ශරීරෙට හානියක් උනොත් හිතට මොකද වෙන්නේ කියලා හිතන්න ඕන

    අභිධර්මේ සමහර කරුණු තේරුම් ගන්න අමාරුයි එක පාරට. මම කරන්නේ විදර්ශනා භාවනාවට ගිහින් ඒ කරුණු, අවබෝධ කරගත්ත අනෙක් කරුණු එක්ක සසඳ සසඳ බලනව. එතකොට සමහර වෙලාවට එක පාරම කරුණ click උනා වගේ හැඟීමක් එනව කොයි පැත්තෙන් බැලුවත් පරස්පර නොවෙන විදිහට. සමහර ඒවට සති ගණන් ගිහින් තියනව. හැබැයි ඒ click වෙනකොට ඇතිවෙන සතුට විස්තර කරන්න අමාරුයි.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    owa wdak na bn....... oya set eke mada hariyata yaddi oya hamuduruwoth eka kiyanawa..... othan hamuduruwonta ugannanna ona wela thiyenne bhawana kramayak..... ekata minissu gennanna thamai abhidharimaya tikakuth karanne........ oya set eka blpn...... ela......... :)
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දම්මචක්ක පැවතුම් සූත්‍රය නිවැරදිව විග්‍රහ කලොත් මුලු ධර්මයම ඒතුල තියෙනව. 84000ක් වන හැම සූත්‍රයකම නිවන්මග පෙන්වා තියෙනව.මේ ධර්මය මහා ගැබුරින් සිතුවොත් අවබෝද කරගැනීම දුෂ්කරයි. තෙරුවන් සරනයි෴
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    බෞද්දාගම ගැන වැඩි දනුමක් නැති කෙනෙක් මුලින්ම අභිදර්මය ඉගනගන්න එක තේරුමක් තියනවද.? මම අර අබිදර්මය ගැන යූ ටියුබ් එකේ තියන සීරිස් එකේ පලවෙනි වීඩියෝ එකේ විනාඩි 50ක් විතර බැලුව. සෑහෙන්න ලොජිකල් ගතියක් තිබුන මුලදි, ඒත් අර බුදුහාමුදුරුවො තවුතිසාවෙ බණ කියපු එක ගැන කිව්ව දේ ටිකක් පිලිගන්න අමාරුයි... එතනදි කිව්ව time dilation එක නම් ගොඩක් logical ඒත් ඔය කතාව විශ්වාස කරන්න ඔයිට වඩා කරුණු තියෙන්න ඕනෙ...

    මට දැනගන්න ඕනෙ ඔය සීරීස් එකේ වීඩියොස් ඔක්කොම බැලුවම හැම ප්‍රශ්නෙකටම තාර්කික උත්තර ලැබෙනවද කියන එක...?

    මම දන්නව සුලු ප්‍රමානයක් හරි විශ්වාසය මත පදනම් වෙලා තමයි ඕව තේරුම්ගන්න වෙන්නෙ කියල ඒත් වැඩි ප්‍රමානයක් තර්කය මත පදනම් වෙන්න පුලුවන් නම් ගොඩාක් දුරට ඇත්ත කියල හිතන්න පුලුවන්

    බුද්ධ දේශනාව වඩාත්ම ඉලක්ක කරගෙන තියෙන්නේ සත්වයගේ තෘශ්නාව නැතිකර දැමීමය්, තවත් විදියකින් කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝද කරවීමයි.

    තවත් දෙයක් , රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්ගේ පොතේසදහන් පරිදි, පරමාර්ථ ධර්මයෝ .. චිත්ත /චෛතසික/ රුප/නිබ්බාන ලෙස කොටස් 4කි.

    චිත්ත, චෛතසික යටතේ 89ක් වු, සත්ව සන්තානයේ පහලවන කුසල්, අකුසල් සිත්,ජවන ,චුති පටිසන්ධි,කුසල් විපාක වශයෙන් පහල වන සිත් අදී වශයෙන් විවිධාකාරයෙන් විස්තරවේ. තවද සිත් පහලවීමේ ව්විධ නියමයන් ආදියද කියවේ. ( කට්ටිය මේව දන්නවා ඇති )

    රුප කොටස යටතේ, 28ක් වු රුපයන් ද
    ඉන්ද්‍රිය /ධාතු/ආයතනයන් පිලිබදව විස්තර කෙරේ..
    ඉන්පසු, එක් එක් ඉන්ද්‍රියන් තුල පහලවන රුප බෙදා දක්වයි.. (රුප 28 අතුරින්)

    ඉතින් අද අපට බුදුකෙනෙකුගෙන් සාමුක්ඛ්න්සික දේශනාවක් අසන්නටනොහැක, ඒනිසා සමථ විපස්සනා වඩා සසර ගමන කෙටිකරගැනීම වඩාත් ප්‍රායෝගිකය.

    දැන් කසුන් උබ අහපු ප්‍රශ්නයට , පිලිතුරක් හොයාගන්න පුලුවන් බන්..

    මේ අභිදර්මයේ කියන ඔක්කොම කාරනා අපිට තර්කයෙන් , ඔප්පුකරගැනීමට විදියක්නෑ(ඔබ කිව්ව භුමි අතර කාල වෙනස වගේදේවල්). ඒක විශේශ පුද්ගලයෙකුට විතරක් ගෝචර වෙලා වදාරපු දෙයක් නිසා. නමුත් කෙනෙක්ට සසර කෙටිකරගැනීම සදහා විපස්සනා වඩද්දී අභිධර්මයෙන් උගත්, ධාතු-ඉන්ද්‍රිය-ආයතන පිලිබද බෙදෑවෙන්කැර බැලීමේ දැනුම විදර්ශනා භාවනාවට ලොකු සපෝර්ට් එකක් කරගන්න නම් පුලුවන්. මේකෙදී ශ්‍රද්ධාවත් උවමනා වෙනවා. ශ්‍රද්ධාව නැතිකෙනෙක් ඔයදේවල් ඉගනගත්තගමන්, තර්ක කරල කරල අන්තිමට නිකන් ඉග්නො කරලා දාන එකතමයිවෙන්නේ.

    මට කියන්න තියෙන්නේ, අභිධර්මය ඉගෙන ගෙන විදර්ශනාවට පාදක කරගමු කියලයි (කවදා හරි වඩන ).එනම් ශ්‍රද්ධාවෙන් පිලි අරන් , විපස්සනාවට ඉන් ප්‍රවෝජනයක් අරන් දහම් ඇස පහල කරගමු කියලයි.එවිට අර ඔබට ආව කාලය ගැන ගැටලුවලටත් පිලිතුරු හම්බෙන්න පුලුවන්.

    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    විනාඩි 10ක් විතර බැලුවා. පට්ට බොරු කියන්නෙ

    අන්න ඔය හේතුව ඒනිසා වෙන්න ඇති බුදුරජුන් ඒක මෙහේ දේශනා නොකලේ.මිනිස්සුන්ට තේරෙන බන විතරක් කිව්වෙ..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න ඔය හේතුව ඒනිසා වෙන්න ඇති බුදුරජුන් ඒක මෙහේ දේශනා නොකලේ.මිනිස්සුන්ට තේරෙන බන විතරක් කිව්වෙ..

    බුදුන්ට අනාගතය පේනවනෙ... ඉතින් මේ කාලෙදි බටහිර විද්‍යාව හොයාගන්න දේවල් ඔක්කොම ටික එක කාලෙ කියන්න තිබ්බනෙ,, එහෙම උනා නම් දැන් ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු බුදු දහම ඇත්ත කියල තේරුම් අරගෙන නිවන් මාර්ගයට ප්‍රවේශ වෙනවනෙ....:confused:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    බුදුන්ට අනාගතය පේනවනෙ... ඉතින් මේ කාලෙදි බටහිර විද්‍යාව හොයාගන්න දේවල් ඔක්කොම ටික එක කාලෙ කියන්න තිබ්බනෙ,, එහෙම උනා නම් දැන් ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු බුදු දහම ඇත්ත කියල තේරුම් අරගෙන නිවන් මාර්ගයට ප්‍රවේශ වෙනවනෙ....:confused:

    එහෙම කලානම් ,එහෙම වෙයිද?
    හැබැයි එහෙම වෙනවා කියලා බුදුරජුන් දුටුවනම් එහෙමත් කරයි, මිනිස්සු ගැන අනුකම්පාවෙන්.

    හේතුව උන්වහන්සේ අපිව දුකින් මුදවන්න, මේ එක බනපදයක් වෙනුවෙන් අසීමිත දුක් කන්දරාවක් වින්දනිසා. භවයේ සැරිසරමින්, නිරයන්ට වැටෙමින් දුක් විදින සත්වයාගැන අනුකම්පාවෙන් උන්ව ඉන් එතරෙකරන්නට හිතුන මහා කරුනාව නිසා. එහෙම නොතිබෙන්න දීපන්කර පාදමුලයේම උන්වහන්සේට මාර්ගඵල ලබන්න තිබුනා කියනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කලානම් ,එහෙම වෙයිද?
    හැබැයි එහෙම වෙනවා කියලා බුදුරජුන් දුටුවනම් එහෙමත් කරයි, මිනිස්සු ගැන අනුකම්පාවෙන්.

    හේතුව උන්වහන්සේ අපිව දුකින් මුදවන්න, මේ එක බනපදයක් වෙනුවෙන් අසීමිත දුක් කන්දරාවක් වින්දනිසා. භවයේ සැරිසරමින්, නිරයන්ට වැටෙමින් දුක් විදින සත්වයාගැන අනුකම්පාවෙන් උන්ව ඉන් එතරෙකරන්නට හිතුන මහා කරුනාව නිසා. එහෙම නොතිබෙන්න දීපන්කර පාදමුලයේම උන්වහන්සේට මාර්ගඵල ලබන්න තිබුනා කියනවා.

    ඇයි නොකර හිටියෙ.? ඒක තමයි ප්‍රශ්නෙ... පිලිගන්න පුලුවන් සාදකයක් අනාගත මිනිස්සුන්ට ඉතිරි කරානම් හැමොම බෞද්ද වෙන්නෙ නැද්ද.? සන්සාරයෙන් එතර වීම ගැන කොච්චර දේශනා කරත් ඒ සන්කල්ප ඇත්ත කියල මිනිස්සුන්ට ඔප්පු කරන්න ඇයි එතුමා මීට වඩා දෙයක් කරේ නැත්තෙ...

    මම බුදු දහම බොරු කියල කියනව නෙමෙයි , ඒක අනිත් ආගම් වලට වඩා ගොඩ 'තර්කානුකූලයි' , ඒත් පරම සත්‍ය කියල පිලිගන්න හේතුසාදක මදී,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි නොකර හිටියෙ.? ඒක තමයි ප්‍රශ්නෙ... පිලිගන්න පුලුවන් සාදකයක් අනාගත මිනිස්සුන්ට ඉතිරි කරානම් හැමොම බෞද්ද වෙන්නෙ නැද්ද.? සන්සාරයෙන් එතර වීම ගැන කොච්චර දේශනා කරත් ඒ සන්කල්ප ඇත්ත කියල මිනිස්සුන්ට ඔප්පු කරන්න ඇයි එතුමා මීට වඩා දෙයක් කරේ නැත්තෙ...

    මම බුදු දහම බොරු කියල කියනව නෙමෙයි , ඒක අනිත් ආගම් වලට වඩා ගොඩ 'තර්කානුකූලයි' , ඒත් පරම සත්‍ය කියල පිලිගන්න හේතුසාදක මදී,

    තර්කානුකූල කියන්නේ මොකක් මතද බන්? (not to argue)

    මට හිතෙන විදිහට අපි දන්නා අනිත් ආගම් (කතෝලික, ඉස්ලාම්...) වලට වඩා ශාස්තෘවරයාගේ ඉගැන්වීම් සම්පූර්ණ බවක් තියෙනවා..ඒ කියන්නේ ගොඩක් දේවල් දේශනා කරලා තියෙනවා..ඉතින් එකෙන් එකකට එකක් ගැලපීම් තියෙනවා..අනිත් එක ත්රිපිටිකය මෙහෙ රහතන් වහන්සේලා තමයි එකතු වෙලා ලිව්වේ..එතකොට එක හරියට ගලපලා හදල තියෙනවා....කතෝලික දහමේ නම් ජේසුස් වහන්සේ අවුරුදු 3යි නේ දේශනා කරේ...මට හිතෙනවා ජේසුස් වහන්සේත් අවුරුදු 40ක් වත් දේශනා කරානම් අපිට මීට වඩා ලොකු දෙයක් දැනගන්න තිබ්බ..:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තර්කානුකූල කියන්නේ මොකක් මතද බන්? (not to argue)

    මට හිතෙන විදිහට අපි දන්නා අනිත් ආගම් (කතෝලික, ඉස්ලාම්...) වලට වඩා ශාස්තෘවරයාගේ ඉගැන්වීම් සම්පූර්ණ බවක් තියෙනවා..ඒ කියන්නේ ගොඩක් දේවල් දේශනා කරලා තියෙනවා..ඉතින් එකෙන් එකකට එකක් ගැලපීම් තියෙනවා..අනිත් එක ත්රිපිටිකය මෙහෙ රහතන් වහන්සේලා තමයි එකතු වෙලා ලිව්වේ..එතකොට එක හරියට ගලපලා හදල තියෙනවා....කතෝලික දහමේ නම් ජේසුස් වහන්සේ අවුරුදු 3යි නේ දේශනා කරේ...මට හිතෙනවා ජේසුස් වහන්සේත් අවුරුදු 40ක් වත් දේශනා කරානම් අපිට මීට වඩා ලොකු දෙයක් දැනගන්න තිබ්බ..:yes:

    තර්කානුකූලයි කිව්වෙ අනිත් ආගම් වලට සාපේක්ශව ඉන්දීය ගෝචරව දේවල් අත්දකින්න බෞද්ද ආගමෙන් පුලුවන් නිසා... කතෝලික , මුස්ලිම් ආගම් වල පදනම තියෙන්නෙ 'විශ්වාසය' මත ඒත් බෞද්ද පදනම තියෙන්නෙ 'තමාගේ අත්දකීම' තුල... කතෝලිකයෙක්ට/මුස්ලිම් කෙනෙක්ට කවදාවත් තම්ගේ ආගම ඇත්තද කියල දැන්ගන්න වෙන්නෙ නෑ (මැරෙන්න කලින් ) ඒත් බෞද්ද කෙනෙක්ට තමන්ගෙ ආගම ඇත්තද කියල 'යම් අවබෝදයක්' ලබන්න පුලුවන් ජීවිත කාලය තුලදි