Rain & Flood Situation 2017 (Updating...)

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    ඔව් බන්..අවදානමක් තියෙනවා..වෙලා තියෙන්නේ එක ලොකු කරලා දාන එක :dull::dull:

    හෙටයි,අනිද්දයි වැස්සොත් නම් ලොකු අවදානමක් එනවා..එත් මට හිතෙන්නේ වහින එකක් නැහැ..
    ඒ තරම් අපේ මිනිස්සු පව් කරලා නැතුව ඇති ;)

    දියවන්නාවේ කට්ටිය කරපු පව් ටික හොදටම ඇති බන්
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අද හවස් වෙද්දී මාතර තත්වේ
    ගිහින් බලල ආව තවම වතුර නම් බැහැල නෑ අකුරෙස්ස පාරේ එහෙම හිත්තැටිය පන්සලෙන් එහා වතුර පිරිලා
    තුඩාවෙත් එහෙමයි

    තුඩාව
    18699770_1851505628421937_5326653609413416791_n.jpg



    මනහනාම පාලම

    18700066_1851505648421935_2253714122545773692_n.jpg



    මෝය කට
    18670867_1851505688421931_7227691392604028744_n.jpg


    සුජතේ කිට්ටුව
    18740419_1851505721755261_871675058070383645_n.jpg


    අකුරෙස්ස පාර - හිත්තැටිය පන්සලෙන් එහා

    18740717_1851505781755255_6681394341862797102_n.jpg


    තුඩාව
    18740508_1851505841755249_7867071455879019453_n.jpg
     
    • Like
    Reactions: geethq

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    අද හවස් වෙද්දී මාතර තත්වේ
    ගිහින් බලල ආව තවම වතුර නම් බැහැල නෑ අකුරෙස්ස පාරේ එහෙම හිත්තැටිය පන්සලෙන් එහා වතුර පිරිලා
    තුඩාවෙත් එහෙමයි

    තුඩාව
    18699770_1851505628421937_5326653609413416791_n.jpg



    මනහනාම පාලම

    18700066_1851505648421935_2253714122545773692_n.jpg



    මෝය කට
    18670867_1851505688421931_7227691392604028744_n.jpg


    සුජතේ කිට්ටුව
    18740419_1851505721755261_871675058070383645_n.jpg


    අකුරෙස්ස පාර - හිත්තැටිය පන්සලෙන් එහා

    18740717_1851505781755255_6681394341862797102_n.jpg


    තුඩාව
    18740508_1851505841755249_7867071455879019453_n.jpg

    Wathura bahina patak nedda bn??
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,511
    761
    113
    near my sudu
    Mokada Ban eka Parata lankawata une? Wadiya Wasseth na ne. dawas 2i wasse ..

    ඇයි යට උනේ?.......
    මුලින් කියන්න ඕන මම කාලගුණ විද්‍යාව දන්න කීපදෙනෙක්ගෙන් අහගෙන මේ ලිපිය ලියන්නේ. විශේෂයෙන් මගේ තාත්තට ස්තූති කරන්න ඕන ලංකාවේ මෝසම් හා සංවහන වර්ශා හැදෙන හැටි කියලා දුන්න එකට....
    පෘථිවිය ගෝලාකාරයිනේ. ගෝලාකාර පෘථිවිය තමා වටා සෑම පැය විසිහතරකටම වරක් කැරකෙනවා. එහෙම කැරකෙද්දී පෘථිවියේ මතුපිට එක ස්තානයක් පැයට කිලෝමීටර දහසකට අධික ප්‍රවේගයෙන් කැරකෙනවා. මේ ප්‍රවේගය නිසා පෘථිවියේ සාගරමත බලයක් ඇතිවෙනවා. මේ බලයට කියනවා කොරෝලියස් ඵලය කියලා.
    ඒවගේම සමකය ආසන්න සාගර සාගර, ධ්‍රැව ආසන්න සාගර වලට වඩා උශ්ණත්වය අතින් ඉහලයි. උනුසුම් ජලයේ ඝනත්වය ශීත ජලයේ ඝනත්වයට වඩා අඩුයි. 4°C දි තමා ජලය උපරිම ඝනත්වයට එන්නේ (1000kgm^-3). මේනිසා නිතරම සීතල ධ්‍රැවාසන්න සාගර හා උනුසුම් සමකාසන්න සාගර අතර ජලය හුවමාරු වීමක් වෙනවා. මේ විදිහට උශ්ණත්වය රැගෙන යන්නේ සාගර දියවැල් විසින්. මෙවා හරියට මුහුද යට ගංග වගේ කියලා කියන්න පුලුවන්. ඒහැටි වැදගත්කමක් නොපෙනුනාට මේවා තමා ලෝක දේශගුනය පාලනය කරන්නේ. උශ්ණත්වය යාමනය වෙන්නේ මේවා නිසා.
    අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමා උනුසුම් වායූන් උඩට යනවා කියලා. ඒකට හේතුව තමා උශ්ණත්වය ඉහලයාම නිසා වායුවේ ඝනත්වය පහල යාම. මේ නිසා තමා උනුසුම් වායුබැලුන් උඩයන්නේ.
    මතකනේ පහුගිය මා‍ර්තු වල පට්ට රස්නේ. ඒතමා ලංකාව සූර්‍යා සමග සරල රේඛාවක ගමන් කිරීම. මේකට තමා හිරු මුදුන් වෙනවා කියන්නේ. ලංකාව හරහා හිරුගේ රේඛාව යනවා අප්‍රේල් 5 සිට 15දක්වා. දෙවුන්දර සිට පේදුරු තුඩුව දක්වා. සැප්තැම්බර් වල ඕකම අනිත් පැත්තට ඒකිව්වේ පේදුරු තුඩුවේ ඉදන් දෙවුන්දර තුඩුව දක්වා යනවා.
    මේ නිසා ලංකාවේ පොලොව රත් වෙනවා. ඒ එක්කම ඒ ආසන්නයේ තියන වායුගෝලයත් රත්වෙනවා. ඒ රත් උනු වායුන් ඉහල ඇදීයනවා. එහෙම ඉහල ගිහින් වායුපීඩනය අඩුවෙනවා.
    හිරු ලංකාව හරහා යන්නේ දකුණු මුහුද හරහා ඇවිල්ලනේ. ඉතින් ලංකාවේ වායුගෝලය රත් වෙන්න කලින් අර මුහුදු මතුපිට වායුගෝලය රත්වෙනවා. ඒවත් උඩ ගිහින් එතනත් වායුපීඩනය අඩුවෙනවා.
    මොකෝ වෙන්නේ ඉතින්? ලංකාවේ අවපීඩන පුරවන්න මුහුද පැත්තෙන් ජලවාෂ්ප බහුල වායුව ඇදිලා එනවා. ඒවගේම මුහුදේ හිඩස පුරවන්න ලංකාවේන් දකුණට වායු ගලනවා. (ලංකාවේ ඉදන් ගලන වායු ධාරා වල වැඩිම ප්‍රමාණය එන්නේ රත්නපුර දෙණවක ද්‍රෝනිය හා බදුලු නිම්නය නිසා). මේ වායු ධාරා 2ක ගමන් ගන්නේ 2kmක් විතර උඩින්. නමුත් මේ වායු ධාරා වල ඝනත්ව වෙනස්. උශ්ණත්ව වෙනස්. මේ දෙක දෙපැත්තට මාරු වෙන්නේ එකිනෙකට මීටර් 200ක පරතරය සහිතව. මේ මුහුද පැත්තේ ඉදන් එන ජලවාෂ්ප සහිත වායූන් නිසා ඉහල වායුගෝලයේ වලාකුළු ඇතිවෙලා වර්ශාව ඇතිවෙනවා. ඒවගේම වායු ධාරා දෙකේ උශ්ණත්ව වෙනස නිසා අධික අකුණු ඇතිවෙනවා.
    මේ තමා සංවහන වර්ශා කියන්නේ. මං පැහැදිලි කල හේතු වලට අනුව හිතුවොත් තේරේවී මේවර්ශා ඇතිවෙන්නේ දවල් 1ත් 3ත් අතර කියලා. බක්මහ අකුණු කියන්නේ මේවට. පැයක පමණ අධික වර්ශාපතනයන් ලැබීම තමා සංවහන වර්ශාවේ ලක්ශනය.
    අර සූර්‍යා ඉන්දියාව උඩින් යන්නේ මැයි මාසයේදි. ලංකාවට වඩා විශාල නිසා අතිශය විශාල වායු ධරාවක් රත් කරලා උඩයවන්න පුලුවන් ඉන්දියාවට ඉර මුදුන් උනාම. ඒනිසා අතිවිශාල අවපීඩන ඇතිවෙනවා. ඉන්දියානු සාගරයේ ඉදන් මේ අඩුව පුරවන්න දැවැන්ත වායු ඇදී එනවා. මේ වායූන් යන්නේ ලංකාව හා අප්‍රිකාව අතරින්. නමුත් මං මුලින් කිව්ව කොරෝලියස් ඵලය නිසා මේ වායුධාරා ලංකාව දෙසට හැරිම සිදුවෙනවා.
    මේක වෙන්නේ හරියටම ලංකාවට සංවහන වර්ශා තියන කාලෙමයි. මේ නිසා අර රත්නපුර දෙණවක ද්‍රෝනියේ හා බදුල්ල ඉදන් එන සුලං ධාරා එකවර ගැටීම සිදුවෙනව. නමුත් නිරිත දිග ඉදන් එන ප්‍රභල සුලං නිසා ඒවා කෙලිනම ගිහින් ඉහල කදුකරේ වැදිලා ඉහලට ගිහින් වලාකුළු හැදිලා අධික වර්ශාපතනයන් ලැබෙනවා. හැබැයි සංවහන වර්ශාවත් මේ අතරෙම වෙනවා. ඒනිසා අකුණු ඇතිවීමත් වෙනවා. නිරිත ඉදන් එන සුලං නිසා ඇතිවන මෝසම නිසා මේකට කියන්නේ නිරිතදිග මෝසම කියලා.
    මේ වර්ශා රටා දෙකම ගැටීම නිසා සාමාන්‍යයෙන් පැය 48ක් ඇතුලත ලංකාවේ තෙත්කලාපයට ලැබෙන්න පුලුවන් උපරිම වර්ශාපතනයන් ලැබෙනවා. ඒක තමා මේ පහුගිය දවස් වල උනේ. එකවර ලැබුනු වර්ශාපතනයන් නිසා සියලු ගංගා උතුරා ගියා.
    මේ වර්ශා දෙක ගැටෙන්නේ දින කිහිපයක් විතරයි. ඊට පස්සේ සංවහන වර්ශාව අක්‍රීය වෙනවා.
    නමුත් මද්‍යකදුකරෙන් එහා පැත්තේ ප්‍රදේශයට වැස්ස ලැබෙන්නේ නෑ. අනුරාධපුර,මඩකලපුව වගේ පැතිවලට වහින්නේ නෑ. හේතුව තමා මධ්‍ය කදුකරය තාප්පයක් ලෙස ක්‍රියා කිරීම. මේ නිසා තමා බලංගොඩ ආසන්නයේ තියන සමනල වැව උතුරලා ගියේ නෑ. නමුත් ඊට කිලෝමීටර කීපයක් රත්නපුර පැත්තේ තියන කුකුලේගග ජලාශය වාංදාලා කලුතර පහත්බිම් යටඋනා.
    මේවගේ දැවැන්ත වර්ශාවක් ලැබෙන්නේ වර්ශා රටා දෙක ගැටෙන්නේ දින කිහිපයක් තුල විතරක් උනාට නිරිතදිග මෝසම සැප්තැම්බර් 15දක්වා ක්‍රියාකරනවා විටින් විට. අකුණු ගැසීම අඩුවෙනවා මොකද ලංකාවේ පොලොව සිසිල් වෙලා සංවහන වර්ශාව නතරවෙන නිසා.
    සූර්‍යා ආපහු ඉන්දියාව පැත්තේ ඉදන් ඇවිල්ලා සැප්තැම්බර් 21 සමකයට මුදුන් උනාම ඒ පැත්තේ මුහුද රත්වෙලා ඒ ආසන්න වායුගෝලය රත්වෙලා අවපීඩන ඇතිවෙනවා. මේ කාලේ වෙනකොට උතුරේ තියන ලංකාව,ඉන්දියාව,බංග්ලාදේශය වගේ ගොඩබිම් සිසිල් වෙලා තියෙන්නේ. ඒනිසා ඒ ප්‍රදේශ වල ඉදන් පහලට සුලං ඇදී එනවා.
    ඉතින් මේ සුලං යන්නේ කෙලින්ම ලංකාව උඩින්. මේ සුලං වල ජලවාෂ්ප අඩුයි. ඒ කෙටි සාගරයක් වන බෙංගාල බොක්කහරහා එන නිසා. මේ සුලං ඊසාන ඉදන් එන්නේ. මේ සුලං ලංකාවේ මධ්‍යකදුකරේ ඊසාන ප්‍රදේශයේ ගැටිලා ඉහල ගිහින් වලාකුළු හැදෙනවා. මේ වලාකුළු නිසා මඩකලපුව, අම්පාර,අනුරාධපුර වගේ ඊසාන ප්‍රදේශවලට වර්ශාව ලැබෙනවා. මේ ඊසානදිග මෝසම නොවැම්බර් ඉදන් දෙසැම්බර් වෙනකන් තියෙනවා.
    ඊසාන පැත්තේ තියන කදුවල හැඩය නිසා අර සුලං යම් ප්‍රමාණයක් දකුණු ප්‍රදේශය හරහා යනවා. කිලෝමීටර 2ක් වගේ උඩින් යන නිසා ඒකේ බලපෑමක් නෑ.
    දැන් කතාකරන්න ඕන මොකද මේ ශතවර්ෂ ගානක් උනදේ පහුගිය වසර කිහිපයක තුල ජීවිත බිලගන්න පටන් ගත්තේ කියලා.
    මීට වසර ගානකට කලින් ලංකාවේ අඩි 5000ට ඉහල කදුවල කැලය විශාල ලෙස තිබ්බා. මේනිසා වැස්සෙන ලැබෙන ජලය ක්‍රමයෙන් පොලොවට වැටිලා උරාගෙන සෙමින් ගංගා වලට එකතු උනා. නමුත් දැන් ඒ වනාන්තර තිබ්බ තැනක්වත් හොයාගන්න බෑ. තේ වතු නිසා. කෙලින්ම ගංගාවලට ජලය එකතු වෙනවා. නිකන් නෙවෙ පොලොව හූරගෙන එන මඩත් එක්ක. මේවා ගිහින් මෝයකටේ රැදිලා ගග උතුරනවා
    ඒවගෙම තමා ඉස්සරත් ගංගා උතුරායාම උනා. නමුත් මෙච්චර හානි උනේ නෑ. මේකට හේතුව තමා ගංගා මුහුදට වැටෙන ප්‍රදේශ වල තියන තෙත්බිම්
    තෙත්බිම් වලින් වෙන්නේ උතුරන ගගේ ජලය රදවාගෙන පසුව මුහුදට සෙමින් ගමන් කරවීම.
    ලංකාවේ සෑම ප්‍රධාන ගංගාවක්ම මුහුදට වැටෙන ප්‍රදේශ වල තෙත්බිම් තියෙනවා. ඒක හැදෙන්නේ ගග උතුරලා ලැබෙන ජලය නිසා
    නිල්වලා ගග - කිරල කැලේ
    කලුගග - කැලිඩෝ වෙරල
    කැලණිගග - මුතුරාජවෙල
    මේ තමා ගංගා කිහිපයක තෙත්බිම් ටික. කණගාටුව තමා මේ සියලු තෙත්බිම් ගොඩකරලා එක එක ඉදිකිරීම් කරලා.
    අක්කර 4000ක් විතර තිබ්බ කිරල කැලේ දැන් අක්කර 2000යි. මාතරට මොකද උනේ?
    මුතුරාජවෙල ගොඩකලා. කොලඹට මොකද උනේ?
    කැලිඩෝ වෙරලේ හෝටල් ගැහුවා. පාලින්දනුවර මොකෝ?
    මේවා නිසා තමා ලංකාවේ මේ විපත් උනේ.......
    තෙත්බිම් ගොඩකිරීම තාම වෙනවා. කිසිකෙනෙක් ඒවා නවත්තන්න උත්සහ ගන්නෙ නෑ!. මෙහෙම ගියොත් කණු උඩ තමා බිල්ඩින් හදන්න වෙන්නේ!


    Source
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පානදුර පැත්තට සුළඟක් එක්ක සැරින් සැරේ වහිනවා. (3.38 AM)
    කමක් නෑ මෙහෙට වැස්සත් උඩහට වහින්නේ නැතුව.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    කඩවත දැන් වැස්ස පටන් ගත්තා සුළගත් එක්කම .... දිගටම වහින පාටක් තියෙන්නේ ....

    වැස්ස සැරයි බන්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    හයිවේ එකේ තත්වය කොහොමද ? පාරයටවෙලද? වාහන 6 ක් ගෙනියන්න තියෙනවා . DRIVE කරගෙන ගෙනියන්නේ . UPDATE එකක් දෙන්න. NEWS වලට පෙන්නුවා හයිවේ එක යටවෙලා.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    හයිවේ එකේ තත්වය කොහොමද ? පාරයටවෙලද? වාහන 6 ක් ගෙනියන්න තියෙනවා . DRIVE කරගෙන ගෙනියන්නේ . UPDATE එකක් දෙන්න. NEWS වලට පෙන්නුවා හයිවේ එක යටවෙලා.

    EXIT වෙන්නේ කොට්ටාව. කඩවතින් . එලියට දාන්න විතරයි තියෙන්නේ