මම උබගේ ඉස්සෙල්ලා පොස්ට් එකට ඔක කියන්න හැදුවා විතරයි. නිකන් හිටියේ උබ අවුල් යයි කියලා.. ලන්කාව මචන් අනිත් රටවලට වඩා වෙනස්. තෙවරප්පෙරුම මම හිතන්නේ මේක කලේ පොරගේ පෞද්ගලික දරුවෙක් නැති වෙච්ච දුකට වෙන්න් ඇති. හැබැයි උබේ අර් පොයින්ටෙකේ කතාවට මම එකගයි. ලන්කාවේ ටයිකොට් දේශපාලනය සෙට් වෙන්නේ නැ මචන්. උබට මට තව මේකේ ඉන්න ගොඩක් උන්ට ඔය ටයිකොට් දේශපාලනයේ මතක ඇති රටින් එපිට හිටපු නිසා. නමුත් ලන්කාවේ ගමේ බැහැලා වැඩ නොකලොත් කොච්චර අයිඩියොලොජිකලි සක්සෙස් බුවෙක්ට උනත් චන්ද නැ. ඒකයි කොලබැ දිනන උන් ගමට ආවොත් ඇප නැති වෙන්නේ. ලන්කාවේ දේශපාලනේ ආර්තික ප්රතිපත්ති, විදේශ ප්රතිපත්ති වගේ ගැබුරු විශයන් අදාල නැ. හාල් බෙදුවනම්, පොහොර අඩු කලානම් සහන දුන්නනම් ගොඩ ගියැකි. එද වේල ටුවර් තමා දේශපාලනය. ඇගට දැනෙන්න කරන්න ඔනා. විශන් එකට ලන්කාවේ තැනක් නැ. ඒ මොහොතේ පෙනෙන්න තීන්න ඔනා. (තෙවරප්පෙරුම ගැන නම් මම දැම්මේ, අවන්කවම මම හිතන්නේ මේ මිනිහා දරුදුක වින්ද නිසා වැඩට බැහැලා කියලා )