මේ කියන්න යන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ කතා කෙරෙන්නේ නැති මාතෘකාවක් ගැන. ඒ කියන්නේ ලොංෂරී ගැන. ඔව්, අහන්න මොකක්ද ඒ කුණුහරුපේ කියලා. Lingerie කියන වචනේ උච්ඡාරණය කරන්නේ ලොංෂරී කියලා, lahn-zhuh-ree නැත්නම් ඇමරිකන් විදියට lahn-zhuh-rey. ඒ නිසා මෙතන ඉඳලා අපිත් ඉංගිරිසි වචනෙන්ම ඒ ගැන ලියනවා. ඒකෙන් කියන්නේ කාන්තා යට ඇඳුම් ගැන. හැබැයි නිකම්ම කාන්තා යට ඇඳුම් වලට කියන්නෙ නෑ. බොහෝ විට ෆැෂනබල්, වැඩි සිත්ගන්නා සුළු භාවයකින් යුක්ත, සරාගී කාන්තා යට ඇඳුම් සහ නිදන ඇඳුම් වලට තමයි මේ Lingerie කියලා කියන්නේ.
දැන් ඕවා ලංකාවේ ගන්න තියෙනවද? අපොයි ඔව් තියෙනවා. හැබැයි ගොඩක් අය ගන්න යන්න ලැජ්ජයි. සමහරු Midnight Divas එක පෙනි පෙනී සපත්තුවේ ලේස් එක ලිහුණා වගේ බොරුවට පහත් වෙලා කවුරුවත් ඉන්නවද කියලා වටපිට බලලා තමයි ෂොප් එක ඇතුළට යන්නේ. හැබැයි ඇත්තටම Lingerie කියන්නේ ගෑල්ලමයිවත්, පිරිමි ළමයිවත් ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඉතින් අපි මේ කියලා දෙන්න හදන්නේ කොල්ලෙක්ට හිතේ අවුලක් නැතුව ගිහිල්ලා තමන්ගේ බිරින්දෑට හරි වෙන්ඩ බිරින්දෑට හරි Lingerie තෝරාගෙන එන්න වැදගත් වෙන උපදෙස් කීපයක් ගැන තමයි.
1. දැන් ගෑල්ලමයින්ට මොකටද ඕවා?
ගෑල්ලමයි මේවා අඳින්න ආසයි තමයි. හැබැයි පිරිමි ළමයි කැමතියි ගෑල්ලමයි මේවා ඇඳලා ඉන්නවා බලන්න! ඒකනේ පුතා ඇත්ත කතාව. ඒ නිසා අහන්න ඕන ගෑල්ලමයින්ට ඕවා මොකටද කියලා නෙවෙයි. මොකක් නිසාද මේවා අඳින්නේ කියන එකයි ඇත්තටම අහන්න ඕන ප්‍රශ්නේ.
උත්තරේ සරලයි. තමන්ගේ සහ බිරින්දෑගේ ආදර ජීවිතේ තව පොඩ්ඩක් ස්පයිසි කරගන්න පුලුවන් එක ක්‍රමයක් තමයි මේක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් වයිෆ් මේ වගේ සෙක්සි ලොංෂරී එකක් ඇඳලා ඉන්නවා දැක්කහම හස්බන්ඩ්ටත් හෙන තන්තෝසයි. හස්බන්ඩ් තමන්ගේ සරාගී බව විඳිනවා කියලා දැක්කහම වයිෆ්ටත් ඩබල් තන්තෝසයි. ඉතින් ඔය තන්තෝසෙන් තන්තෝසේ නවතින්නේ සරාගී රාත්‍රියක් වෙලා නොවැ.
කොටිම්ම කිව්වොත් සෙක්ස් කියන්නේ ආට් එකක්. ඒක තවදුරටත් වර්ගයා බෝ කිරීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, මනුස්සයාට. ඉතින් ඒ ආට් එක විඳින්න තියෙන දහසකුත් එකක් දේවලින් දෙයක් තමයි ඔය ලොංෂරී කියන්නෙත්.
2. මොනවද ඔය එක එක ජා… අනේ ලැජ්ජයි ඕයි!
දැන් මෙහෙමයි. පොදුවේ ලොංෂරී කිව්වහම නානාවිධ රාත්‍රී නිදන ඇඳුම්, සරාගී කාන්තා යට ඇඳුම් වර්ග ඕකට අයිති වෙනවා. ඔය ඔක්කොම ගැන කතා කරන්න බැහැනේ හත්වලාමේ. ඒ නිසා අපි පොදුවේ භාවිතා වෙන නම් කීපයක් ගැන විතරක් කතා කරමු.
G-string / Thong: මෙතනින් Thong කියන්නේ අර සුමෝ ගහගන්න හාදයෝ අඳින්නේ. අන්න ඒ වගේ, එහෙම නැතුව සෙක්සි පෙනුමක් තියෙන ගෑල්ලමයින්ට අඳින්න තියෙන පෑන්ටීස් වර්ගයක් තමා Thong කියන්නේ. එතකොට G-string කියන්නේ Thong වර්ගයක්.
Nightie: මේක මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සාමාන්‍යයෙන් කාන්තාවෝ රාත්‍රියට අඳින නිදන ඇඳුමට කියන්නේ නයිටී නැත්නම් නයිට් ගවුම කියලා තමයි. මේක බොහොම සැහැල්ලු ඇඳුමක්.
Negligee: මේක දිග ගවුමක්. හැබැයි විනිවිද පේනවා ගොඩක් වෙලාවට. දැන් මේකත් සරාගී ඇඳුමක් විදියට ෆැෂන් ලෝකේ හැඩගස්සලා තියෙන නිසා මේ ලිස්ට් එකටම දානවා.
Hosiery: ගෑල්ලමයි අර දාන්නේ ස්ටොකින්ස් කියලා ජාතියක්. මේ කියන්නෙත් ඒවම තමයි. මේකත් එක්කම එන දෙයක් තමයි Garters කියන්නේ.
Babydoll: මේකත් එක්තරා විදියක නයිට් ගවුන් එකක්. හැබැයි මේක ඇන්දහම අර හුරතල් සෙක්සි පෙනුමක් එන විදියට තමයි හදලා තියෙන්නේ.
Costumes: මේක ටිකක් වෙනස් කතන්දරයක්. දැන් ඔය සමහරු ආසයිනේ ආදර ජීවිතේදී පොඩි පොඩි රෝල් ප්ලේ වගේ ඒවා කරන්න. අන්න ඒ වගේ රෝල් ප්ලේ වලට ගැලපෙන කොස්ටියුම් හදන්නෙත් සෙක්සි බව වෑහෙන විදියටනේ. ඒවා ගැන තමයි මේ කියන්නේ.
Robe: මේක දුහුල් රෙද්දකින් නිමවපු, ඇඟ වැහෙන්න අඳින්න පුලුවන්, ඉස්සරහින් ඇරිලා තියෙන, ගැටගහන්න පුලුවන් ඇඳුමක්. බාත් රෝබ් එකක සෙක්සි වර්ෂන් එක කියලා හිතුවත් කමක් නෑ.
ලොංෂරී කිව්වහම තව එක එක ජාතියේ ඒවා තියෙනවා. ඒවා ඉතින් වුවමනාව තියෙනවා නං දැනකියා ගන්න පුලුවන්.

3. කලින් පොඩ්ඩක් කතා කරලා කරන දෙයක් කරමු
වයිෆ්ට හරි වෙන්න වයිෆ්ට හරි මේ විදියේ දෙයක් තෑග්ගකට දෙනවා නම් එක්කෝ දෙන්නා එක්ක ඒ ගැන පොඩ්ඩක් කතා කරලා ඉන්න ඕන. එහෙම නැතිනම් වයිෆ්ගේ සිතුම් පැතුම් ආයි එයාටත් වඩා හොඳට දැනකියාගෙන ඉන්න ඕන. ඇයි අපි එහෙම කියන්නේ? ලංකාව වගේ තවමත් සාම්ප්‍රදායිකත්වයට මුල්තැන ලැබෙන රටක, තමන්ගේ හස්බන්ඩ් ඉස්සරහා වුනත් මේ වගේ සරාගී ඇඳුමක් ඇඳලා ඉන්න ගොඩක් ගෑල්ලමයි ලැජ්ජයි. ඒක අපිට තේරුම් ගන්න පුලුවන් දෙයක්නේ. ඉතින් එක්කෝ අපි හෙමිහිට හෙමිහිට දේවල් කියා දීලා කරලා එයා කැමති වෙයිද කියලා බලන්න ඕන. එහෙම නැතිනම් ඉතින් වැඩිය සැර නැති දේකින්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඳින පෑන්ටීස් සහ බ්‍රෙසියර් නැතුව ටිකක් වෙනස් විදියේ අන්ඩර් ගාමන්ට්ස් ටිකක් අරන් දීලා පටන් ගන්න. හෙමිහිට එයාගේම ලොංෂරී ස්ටයිල් එකක් හදාගන්න උදවු වෙන්න පුලුවන් අපිටම තමයි.
4. ගන්න ඕන සයිස් හරියට දැනගන්න
දැන් අපි ගෑල්ලමයට හරි වයිෆ්ට හරි ලොංෂරී ගන්න ගිහින් මොකෝ අපි ඇඳලා බලලා අරගෙන එන්නද? ඒ නිසා එයාගේ සයිස් ගැන දැනගෙන ඉන්න එක සෑහෙන වැදගත්. මේක කොහොමත් පෙම්වතෙක්, ස්වාමි පුරුෂයෙක් දැනගෙන ඉන්න ඕන දෙයක්. සාමාන්‍යයෙන් සයිස් එක කිව්වහම බලන්නේ අර බොඩි ස්ටැට්ස් කියන සම්මතේ තමයි. ඒ කියන්නේ උඩුකය/පියයුරු ඇතුළත් වට ප්‍රමාණය, ඉණ වට ප්‍රමාණය සහ උකුල වට ප්‍රමාණය. ඔය ගවුමක් එහෙම මහන්න දෙනකොට සයිස් කියන්නේ 32, 28, 34 කියලා. ඒ කියන්නේ ආන්න ඒ සයිස් එක තමයි. ඒ විතරක් නෙවෙයි, එයාගේ බ්‍රා සයිස් එක සහ කප් සයිස් එකත් හරියට දැනගෙන ඉන්න ඕන.
හැබැයි ගෑල්ලමයගේ සයිස් අර මොඩ්ල් කරන අයගේ වගේ සිහින් සයිස් නොවුණට බය වෙන්න එපා. ලොංෂරී ගන්න ගියහම ප්ලස් සයිස් ඒවත් ඕනෑ තරම් තියෙනවා හොයාගන්න!
5. කොලිටිය, පාට සහ මැටීරියල් එකත් වැදගත්
මේක ඉතින් ගොඩක් වෙලාවට ගෑල්ලමයි තමයි වැඩිය දන්නේ. දැන් ලොංෂරී ගන්න කොට හොඳ කොලිටියේ ඒවා ගන්න හොඳම ක්‍රමයක් තමයි හොඳ වෙළෙඳ නාමයකින් තෝරාගන්න එක. ගොඩක් වෙලාවට ඔය ලොංෂරී වලටම වෙන් වුණු ෂොප් වල තියෙන්නේ ඒ විදියේ කොලිටියක් තියෙන හොඳ වෙළඳ නාමයක බඩු තමයි. හැබැයි ඔය සමහර ලොකු සාප්පු වලත් ගොඩ ගහලා කෑල්ලක් දෙසීයයි කියලා විකුණන ලොංෂරීස් වගේ කාන්තා යට ඇඳුම් තියෙනවා. ඒවා නම් කොලිටි ඕකේ වෙන්නත් පුලුවන්, අන්තිම වෙන්නත් පුලුවන්.
පාට ගැන හිතුවොත් ඉතින් ගොඩක් වෙලාවට ලොංෂරීස් එන්නේ රෝස, රතු සහ කළු පාටවලින් සහ ඊට සමාන පාටවලින් තමයි. හැබැයි මේ කාරණාව ගොඩදාගන්නත් වයිෆ්ගේ හරි ගෑල්ලමයගේ හරි ආස කරන පාට ගැන දැනගෙන ඉන්න වෙනවා.
මැටීරියල් එක ගැන කියනකොට ඉතින් අල්ලලා බැලුවහම අතට දැනෙනවනේ මේක ඇඟට සනීප මැටීරියල් එකක්ද කියලා. මොකද ලොංෂරී එක කොයි තරම් සරාගී පෙනුමක් තිබුණත් වැඩක් නැහැ ඒක ඇන්දට පස්සේ ඇඟට සැහැල්ලු, ප්‍රියජනක, සුවපහසු හැඟීමක් නැත්තං. මොකද ලොංෂරී එකකින් ඉටු වෙන මෙහෙයන්ගෙන් ඒකත් එකක්.
6. දෙන්නටම රස විඳින්න පුලුවන් දෙයක්!
අපි උඩිනුත් කිව්වනේ ලොංෂරී සෙට් එකක් ගන්නේ ඇයට වුනාට, ඇත්තටම ඒක රසවිඳින්නේ දෙන්නම එකතු වෙලා කියලා. ඒ නිසා ඇත්තටම පිරිමියෙක්ට මෙතනදී සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා දෙන්නගේම අදහස් වලට, ආසාවන්ට ගැලපෙන්න දෙයක් තෝරගන්න. උදාහරණයක් විදියට හස්බන්ඩ් පොඩ්ඩක් කෝර්සෙට් වගේ දෙයක් වයිෆ් ඇඳලා ඉන්නවට කැමති වෙන්න පුලුවන්. හැබැයි වයිෆ් ඒ තරමට දුර යන්නෙ නැතුව, සරල සැහැල්ලු නයිට් ගවුන් එකකින් සැරසිලා ඇඳට එන්න ආස වෙන්න පුලුවන්. දැන් මෙතනදී එක්කෝ දේවල් දෙකම අරගෙන දෙන්නගේම කැමැත්ත ඉෂ්ට කරගන්න හිතෙන්න පුලුවන්. ඒත් ඇත්තටම වයිෆ් කෝර්සෙට් අඳින්න ආසම නැතිනම්? අන්න එතකොට හස්බන්ඩ්ට වෙනවා පොඩ්ඩක් නම්‍යශීලී වෙන්න. මොකද මේක අරගෙන හස්බන්ඩ්ට අඳින්න බැහැනේ.

7. ලංකාවේ කොහෙද ඕවා ගන්න තියෙන්නේ?
ලංකාවේ ලොංෂරීස් වලට බොහොම ප්‍රසිද්ධ සාප්පු කිහිපයක්ම කොළඹ අවට තියෙනවා. ඒ සමහරක් සාප්පු වලින් ඔන්ලයින් ඕඩර් කරලා, ගෙදරටම ඩිලිවර් කරගන්න පහසුකම් ලබාදීලා තියෙන එකත් බොහොම සතුටට කාරණාවක්. මොකද තවදුරටත් එතකොට ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී ෂොප් එක ඇතුළට යන්න ඕන වෙන්නෙ නැහැනේ.
ලංකාවේ කොලිටි ලොංෂරී ගන්න තියෙන තැන් කීපයක් අපි පහළින් දානවා. ආටිකල් එක කියවලා ඒකේ තියෙන කරුණු කාරණා හිතට ගත්තනං, වෙලාවක ගිහින් තෝරලා බලලා අරගෙන එන්න තමයි තියෙන්නේ.
Midnightdivas
දුරකථන අංක: 0727003003
Triumph LP Boutique
දුරකථන අංක: 0112301845
Amanté Boutique
දුරකථන අංක: 0112682828
Gali’s Lingerie
දුරකථන අංක: 0115299499
Triumph MC Boutique
දුරකථන අංක: 0112595669
Triumph Kzone Moratuwa
දුරකථන අංක: 0112641845
IMG]http://3.bp.blogspot.com/_WLMwdPtmp_U/TTqlPZuH8XI/AAAAAAAAan8/u2OvOeVqaMk/s1600/bollybreak_com_the-triumph-show-2011-55.jpg[/IMG]

























SORRY IF THIS IS RE-POST & COMMENTS ARE WELCOME
අනිවා එකෙන් ගත්තේ aniwa.lk
Last edited:








