මැණිකා කොළඹ ආ හැටි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,695
    2
    54,291
    113
    මැණිකා කොළඹ ආ හැටි

    මැණිකා කොලඹ ආවේ මීට අවුරුදු දහයකට විතර පෙරය.එතකොට ඇයට යාන්තම් වයස 16 සම්පූර්ණ වී තිබුණාය..සාමාන්‍ය පෙල දක්වා ඉස්කෝලෙ ගිය මැණිකා කොළඹ ආවේ අල්ලපු ගෙදර බිංදුමතී අක්කා සමගය..ඒ ගාමන්ට් එකක මහන්ඩය.. ඒ මැණිකා කොළඹ දුටු පළමු වතාවය..කොළඹ මැණිකාට අමුතුය..නුහුරුය..,

    "මේක හරියට කුකුල් කොටුවක් වගේනෙ බං අක්කෙ, මට මේකෙ ටැග් ගැහෙන්න ඇහැකිය.?"

    "අනික බලපං අර වැසිකිලය,.. ඒකෙ වල වටකරලා බැම්මක් බැදලා වටේට.., හරියට වේවැල් ටික කැඩුනු පුටුවක් වගේ බැම්ම..., මැද වල,මල සමයං..!!ඒ මදිවට බාල්දියකුත් නෑ හෝදන්ඩ, වතුර ගහන්ඩ...කොහොමද බං මේවගෙ ලගින්නෙ? "
    "ඈ බං අක්කෙ උබ නාන්නෙත් අහවල් වැඩේ කොරන වැසිකිලිය ඇතුලෙමද? ඊ...යකෝ..අප්පිරියාවේ බැරුවා,ඇයි මෙහෙ ලිදක්, පීල්ලක් නැතෙයි"

    ඒ ආපු මැනිණිකා කොලඹ බෝඩිම ආ පලමු දවසේ නගපු මැසිවිලිය..

    ටිකක් කාලය ගෙවීගියේය..මැණිකාට තවමත් කොළඹ අරුමය දැනුනද ටිකෙන් ටික මැණිකා හැඩ ගැහුනාය...ඔය අතරතුර කොල්ලෙක් මැණිකා වැඩට යන අතරමග සහ බෝඩිම වටේ කැරකෙන්නට පටං ගත්තේය..නමින් රොශාන් වූ ඔහු බිංදුමතීගේද හිතවතෙක් වූ හෙයින් මැණිකා සෙට් කරදෙන මෙන් බිංදුමතීට ඇවටිලි කලේය..බිංදුමතී මැණිකාට ඔයගැන කීවාය..

    " අනේ නිකාහිටිං අක්කෙ...පගරනැට්ටගෙ හැටි.කොන්ඩෙ නිකං සූප්පපු කරපු තල් ඇටේ වගේ..හිරට හිරේ කලිසං කෑල්ලකුයි, හැට්ට කෑල්ලකුයි ඇදගෙන.."

    " එහෙම කියන්ඩ එපා මැණිකො, බලපංකො උගෙ හැඩ..ගාමන්ට් එකේ කෙල්ලොටික වහ වැටිලා ඌට"

    "චික්..වැඩේමයි..ඒ වගේද බලහංකො අපේ ගමේ මයිකල් අයියා..අර තැබිලිපාට සරම කැහැපොට ගහං, ඉස්පෝට් බයිසිකලේ නැගලා..බුලත්විටක් හප,හප පාගලා යද්දි තියන උජාරුව තියනවද බං ඔය බූටෑවගේ, ?අන්න පිරිමි!!.."

    ඒ රොශාන් ගැන මැණිකාගේ හිතේ තිබූ අදහසය..නමුත් රොශානයා වැඩේ අතෑරියේ නැතිය..දිගටම මැණිකාට ලයින් කලාය.බින්දුමතීත් පෝර දැම්මාය...

    "උබට පිස්සු බං මැණිකෝ..ඔය රොශානයා ඇග හදන්න එක්සයිස් කරනවා හවසට,බලපංකො ඇගේ ලස්සන.."

    "මොන ඇස්සයිස් කරත් බං මටනං ඒ සරීරෙ ඒ හැටි ලකයක් පෙනෙන්නෙ නෑ,ඒකට බලපං සයිමන් අයියා..අබුඩෙ ගහගෙන,දාඩිය පෙරාගෙන දිලිසි දිලිසි හේන කොටද්දි තියන ඒ සරීරෙ ලස්සන..පපු කැවුත්ත කීරි ගැහෙනවා"

    ඔහොම කිවුවත් සතියක් දෙකක් යන විට මැණිකා රොශාන්ට ටික ටික හිත වැටුනාය...අන්තිමේ මැණිකා මයිකල්ව අමතක කරදමා රොශාන්ට හිත දුන්නාය...

    දිනක් රොශාන් මැණිකාට චොක්‍ලට් එකක් ගෙනත් දුන්නේය , ඒ රොශාන් මැණිකාට දුන් පලමු තෑග්ගය...කිසිදාක චොක්ලට් කා නොතිබූ මැණිකා කෑල්ලක් කටේ දමා..

    " මේ මොන ඉලවුවක්ද බං අයියෙ මේ,කලුපාට සීනි කැට ඇන්න එන්ඩ උබට පිස්සු යැයි, පාං රාත්තලක් ගෙනාවනං අපි දෙන්නට බාගෙ බාගෙවත් කන්ඩ තිබ්බනෙ ලූනු කෑල්ලක් එක්ක හරි"

    රොශානයාට හීල්ලුනාය..ඒත් රොශානයා මද සිනහවක් පහල කර හතර විලි ලැජ්ජාවෙන් බිම බලාගත්තේය...බොහෝ නොගැලපීම් තිබුණා සේ රොශාන්ට හිතුනද පරම පිවිතුරු ආදරයේ නාමයෙන් ආදර කතාව කන්ටිනිවු විය.දවසක් දෙදෙනා චිත්‍ර පටයක් බැලීමට ගියෝය...පුංචිකාලයේ තාත්තා සමග මෙතෙක් ජීවිතේ පලමු සහ අන්තිම චිත්‍රපටය නරබා තිබූ මැණිකාට මෙය අපූරු අත්දැකීමක් විය..

    " අයියෙ මට උබ පැන්ටා කුප්පියක් අරං දෙන්නේ නැතැයි?"

    මැණිකා ඇහුවේ කැන්ටිම පෙන්නමින්‍ ය.ෆැන්ටාද ගත් දෙන්නා වාඩි වූයේ වූයේ චිත්‍රපටය බැලීමටය.

    "ඇයි අයියෙ මේක ලෑලි ගහලා වට කරලා තියෙන්නෙ, හරියට නිකං දොරක් නැති ලැට් එකක් ඇතුලෙ ඉදං පිචර් බලනවා වගේ මේක"

    ඒ මැණිකාය...චිත්‍ර පටය පටන් ගත්තේය..මැණිකා ඉතා ආසාවෙන් උනන්දුවෙන් චිත්‍රපටය බලනවාය..ඒත් රොශානයා මැණිකාට නිදහසේ බලන්ඩ දෙන්නෙ නැතිය...

    " අනේ නිකා හිටිංකො බං අයියෙ...මට මේක බලන්ඩ දීලා"

    "මොන .....$&@"

    රොශානයාද වැඩේ අරින්නේම නැතිය..අන්තිමට මැණිකාට මල පැන්නේය ...

    මැණිකා සීට් එකෙන් නැගිට්ටාය

    " මොන මගුලක්ද අයියෙ,කටම කන්ඩ හදන්නෙ.., උබ මට මේක බලන්ඩ දෙන්නෙ නැද්ද? මූට මදන විසේ..ඇයි යකෝ"

    මුලු ඕඩියන්ස් එකම චිත්‍රපටය බැලීම නවතා මුන් දෙන්නා දෙස බලා සිටින්නේය..රොශාන් මැණිකාව බලෙන්ම ඇදගෙන ගොස් බෝඩිමට ඇරලූ අතර නැවත මැණිකා ඉන්න පැත්තපලාතේ නොආවේය..! ආදර කතාව කුඩු සංසාරය.

    කාලය ගෙවී ගියේය..වසර එකහමාරකට විතර පසු රොශාන්ට බුකියේ දැකලා පුරුදු මූනක් දුටු අතර ඔහු ප්‍රොෆයිලයට ගොස් බැලුවේය...

    නම "මැණික් ස්නේහා fdo " ය..

    ඩිස්ක්‍රිප්ශන් එක " My world.. my rules " ය..

    ප්‍රොෆයිල් පික්චර් කැප්ශන් එක "Im sexy and I know It " ය..

    ප්‍රොෆයිල් පික්චර් එක ටින් කරපු කොට කොන්ඩයක් සහිත, කොට ගවුමකින් සැරසුන, ඉනට එක අතක් තියා DSLR කැමරාවකින් ගත්ත එකක්‍ ය..
    ශෙයා කර ඇති අවසාන වදන් පෝස්ට් එක,

    " මොකක් හරි කෑමක චොක්ලට් ගෑවිලා හරි තියනවනම් ඒක මගෙ ප්‍රියතම කෑමක්"

    අන්තිම ඇක්ටිවිටි එක...

    " watching Fast and furious ,feeling awesome " ය..

    අන්තිම ඉස්ටේටස් එක...

    "No place like home , I love Colombo :love: #අපිත්_කොලඹ_කෙල්ලෝ"

    අම්මටහුඩු ඒ මැනිකාය,රොශානයාට හීක් ගෑවුනාය..ඒත් සමගම ඔහුගේ පස්ස පුටුවට තියා තදකර ගත්තේය..ඒ හිනාවේ ශබ්දය වැඩි නිසාය....!!


    -Lakshan Kottage
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,122
    8,755
    113
    Dubai
    " මොන මගුලක්ද අයියෙ,කටම කන්ඩ හදන්නෙ.., උබ මට මේක බලන්ඩ දෙන්නෙ නැද්ද? මූට මදන විසේ..ඇයි යකෝ"

    :lol::lol:
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    ඒත් සමගම ඔහුගේ පස්ස පුටුවට තියා තදකර ගත්තේය..ඒ හිනාවේ ශබ්දය වැඩි නිසාය....!!


    :lol::lol::lol: