තමා හිමිකරගත් ඔලිම්පික් පදක්‌කම මිලට ගැනීම සඳහා පිටරට වලින් ඉල්ලීම් රැසක් ලැබෙන අතර එම පදක්‌කම රුපියල් කෝටි 25ට වැඩි මුදලකට විකිණිය හැකි යෑයි තමා දැන ගත් බව ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය දිවයිනට ඊයේ (7 දා) ප්‍රකාශ කළාය.
මෙම පදක්‌කමේ වටිනාකම ලෝකයම දැන ගත්තත් අපේ ක්‍රීඩා ඇමැතිවරයා ඒ බව නොදැනීම ගැන තමා බෙහෙවින් කනගාටු වන බව පැවසූ ඇය මෙම පදක්‌කම මෙපමණ වටිනාකමක් තිබෙන බව දැන ගැන්නට ලැබීම ගැන තමා මහත් සේ සතුටු වන බව ද කියා සිටියාය.
ඒ අනුව මෙම පදක්‌කම විකුණා ලබන මුදලින් තමාට ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉදිරි මැතිවරණ කටයුතුවලට පවා උදව් කළ හැකි බව පැවසූ සුසන්තිකා ජයසිංහ මහත්මිය එම මුදලින් ක්‍රීඩාව නඟාලීමට පවා තමාට උදව් කළ හැකි බව ද සඳහන් කළාය.
සුසන්තිකා මෙම ප්‍රකාශය කළේ එම පදක්‌කම වෙන්දේසි කිරීමට අදහස් කළ බවට පසුගියදා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමකදී ය.

Attachments
Last edited:

හපොයි රිදී පදක්කමක් ඔච්චර දීල ගන්නවනං රන් පදක්කමක් කීයක් වෙයිද