හම්වී රථය - නැඟීම සහ බැසීම

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හම්වී රථය - නැඟීම සහ බැසීම

    UkRRqT0.jpg

    වසර 30කට ආසන්න කාලයක් තිස්සේ ලොව පුරා හමුදා මෙහෙයුම් උදෙසා එක්සත් ජනපද හමුදාව යොදාගත් ජිප් රථයක් වන්නේ හම්වී රථයයි.එම කාලය තුල හමීව් රථය සංග්‍රාම භූමියේ සලකුණක් බවට පත්වූවා පමණක් නොව ලෝකයේ වැඩි දෙනක් දුටු පමණින් හඳුනා ගන්නා වාහනයක් බවටද පත්විය.නමුත් නූතන සංග්‍රාම හමුවේ තම සෙබලුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නට හම්වී රථයට නොහැකිබවට විවේචනයන් එල්ල වීම නිසා එක්සත් ජනපද හමුදාව ඒ වෙනුවට ආදේශකයක් යොදාගන්නට සැලසුම් කලේ කාලයක පටන්ය.මෙය හම්වී රථයේ අවසානයද?නැත්නම් ...

    v3YKutV.jpg
    රළු භූමිවල ධාවන කිරීමට ඇති හැකියාව නිසා එක්සත් ජනපද හමුදා අතර හම්වී රථය ප්‍රශංසාවට ලක්වේ​

    ඔබ කිසිදිනෙක High Mobility Multipurpose Wheeled Vehicle යන රථය ගැන අසා තිබේදැයි යම් අයෙක්ගෙන් අසා බලන්න.ඔවුන්ගෙන් 99%ක් ගේම පිළිතුර වනුයේ නැත යන්නයි.ඉන්පසු හම්වී - Humvee යන නමින් රථයක් දන්නේ දැයි අසා බලන්න.අනිවාර්යයෙන්ම බහුතරයකගේ පිළිතුර "ඔව්" යන්නයි.ඊට හේතුව බොහෝදෙනා HMMWV හෙවත් High Mobility Multipurpose Wheeled Vehicle රථය දන්නේ Humvee යන නමින් නිසාය.

    iQqLDvL.jpg
    මුල් කාලීනව නිපදවන ලද හම්වී රථයක මූලාකෘතියක්​

    වසර 30කට පමණ පෙර ඇමෙරිකානු හමුදාව පාවිච්චි කල ජිප් රථය වෙනුවට ආදේශ වූ හම්වී රථය හමුදාව පමණක් නොව සිවිල් සමාජය තුලද සලකුණක් බවට පත්විය.එය පළමුවරට ජාත්‍යන්තරයට පැමිණියේ පළමු ගල්ෆ් යුද්ධය සමයේදීය.එම කාලයේදී ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ ඇමෙරිකානු යුද ශක්තිය සහ තාක්ෂණිකව ඔවුන් සතු විශිෂ්ඨත්වය පෙන්වා දීට හම්වී රථය යොදාගන්නා ලදි.

    rL4nS7u.jpg
    මුල්කාලීනව නිපදවන ලද සැහැල්ලු ප්‍රවාහන කටයුතු සඳහා යොදාගත් හම්වී රථයක්​

    හම්වී රථය මෙතරම් ප්‍රසිද්ධියට පත්වූයේ සහ එය යුද හමුදාවේ අත්‍යාවශ්‍ය යුදෝපකරණ ලැයිස්තුවට එක්වූයේ,හම්වී රථයේ පුර්වජයාට කල නොහැකි දෑ ඒ ඔස්සේ සිදුකිරීමට හැකිවීමත් සෙබලුන්ට එය තම අවශ්‍යතා සඳහා වෙනස් කර ගත හැකි නිසාත් යැ‍යි හම්වී රථ සම්බන්ධ එක්සත් ජනපද හමුදාවේ කාර්යාලයේ වැඩසටහන් විධායක නිලධාරී ස්කොට් ඩේවිස් විසින් පවසයි.

    w3RjUoD.jpg
    හම්වී රථයක් පැරෂූට් ආධාරයෙන් බිම හෙළන අයුරු​

    "අපි ජිප් රථය වෙනුවට හම්වී රථය භාවිතා කිරීම ඇරඹීමෙන් පසුව අද වන විට හම්වී රථ ලොව පුරා හමුදාවන් භාවිතා කරන බව ඔබටම දැක ගත හැකිය.විශේෂිත මෙහෙයුම් උදෙසා යොදාගත හැකි විශිෂ්ඨ සහ සැහැල්ලු උපාය මාර්ගික රථයක් ලෙස මෙය පාවිච්චි කල අතර ඉදිරියටත් එය එසේම වේවි" - ස්කොට් ඩේවිස්.

    සංග්‍රාම භූමියේ තිබෙන අනෙකුත් රථ මෙන් නොව හම්වී හි තිබෙන පළල් නොවූ ඉදිරිපස ප්‍රධාන ලාම්පු,පළල් හැඩය සහ පැතලි දේහය නිසා එය දුටු පමණින් අනෙක් වාහන වලින් වෙන් කර හඳුනාගත හැකිය.

    FhbMoRV.jpg
    පළමු ගල්ෆ් යුද්ධයේදී අරාබි කාන්තාරයේ මෙහෙයුම් සිදුකරන ඇමෙරිකානු සෙබලුන්​

    qgFsHeA.jpg
    හමර් හෙවත් හම්වී රථයේ සිවිල් සංස්කරණය​

    ගල්ෆ් යුද්ධයෙන් පසුව හම්වී රථය සිවිල් සමාජය තුල විශාල ආකර්ෂණයකට ලක්විය.එහි ප්‍රතිඵලයක් ලෙස බර වාහන නිෂ්පාදන සමාගමක් වන මගින් හම්වී රථයේ සිවිල් සංස්කරණයක්/මොඩලයක් නිර්මාණය කරන බවට නිවේදනය කලේය.ඇමෙරිකානු කායවර්ධන ශූරයෙක් සහ නළුවෙක් වන ආනෝල්ඩ් ශවර්ශනෙගර් විසින් හමර් නම් හම්වී රථය සිවිල් මොඩලයේ පළමු රථය මිල දී ගත් පුද්ගලයා බවට පත්විය.ඒ 1992 වසරේදීය.ඉන්පසු 90 දශකය පුරා ඔහු එවැනි රථ කිහිපයක්ම විටින් විට මිල දී ගත් බව සඳහන්ය.

    QKMTMEG.png
    හමර් රථයක් මිලදීගත් පළමුවැන්නා වූයේ චිත්‍රපට නළු ආනෝල්ඩ් ශවර්ශනෙගර්ය​






    හම්වී ආධිපත්‍යය පැතිරවීම

    හම්වීහි කතාව ඇරඹෙන්නේ 1970 දශකයේ අහභාගයේදීය.ඒ ක්‍රමයෙන් යල්පැන යමින් තිබූ එම්561 ගැමා ගෝට්ස් සහ එම්151 ජීප් බල ඇණිය වෙනුවට භාවිතා කල හැකි ඉහළ කාර්යක්ෂමතාවයක් ඇති රථයක් අවශ්‍ය බව ඇමෙරිකානු හමුදාව වැටහී යාමෙන් පසුවයි.හමුදාවට අවශ්‍ය වූයේ සැහැල්ලු උපායමාර්ගික රථයකි.වෙනස් රථ ගණනාවක් නිර්මාණය කල හැකි පොදු චැසියක් සහිත නව රථයක අවසන් සැලසුම් 1979 වර්ෂයේදී ගෙන එන්නේ ඇමෙරිකානු හමුදාව ක්‍රියා කලේය.

    XhUGxdV.jpg
    පළමු හම්වී රථයේ ඡායාරූපයක්​

    අත්හදාබැලීම් සඳහා හම්වී හි මූලාකෘති 11ක් සැලසුම් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට ඒ එම් ජෙනරල්,ක්‍රයිස්ලර් ඩිෆෙන්ස් සහ ටෙලිඩයින් කන්ටිනෙටල් සමාගම තෝරාගන්නා ලදි.අත්හදා බැලීම් රථ අවසානයේදී සැතපුම් 600,000 දුරක් සම්පුර්ණ කරන ලද්දේ මාර්ගවලින් පිටත,කාන්තාර සහ ආක්ටික් තත්ත්ව යටතේ ධාවනය කරමින්ය.අවසානයේදී අද අප දන්නා හම්වී රථය නිර්මාණය කිරීමට ඒ එම් ජෙනරල් සමාගමට පැවරෙන්නේ ඔවුන්ගේ රථය තරගයෙන් ජය ගැනීමත් සමගයි.1983 වර්ෂයේදී එම සමාගම හම්වී රථ 2,334ක් නිෂ්පාදනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් දිනා ගනු ලබයි.

    7xyJQwF.jpg
    FIM-92 Stinger මිසයිල විදිනයක් සවිකල හම්වී රථයක්​

    එය වසර පහක් සඳහා ආසන්න වශයෙන් හම්වී රථ 55,000ක් ලබාදීමට පොරොන්දු වූ කොන්ත්‍රාත්තුවකි.ඉන් රථ 39,000ක් යුද හමුදාවටද ඉතිරිය මැරීන් බලකාය ඇතුලු අනෙකුත් සේවාවලටද වෙන්කර තිබිණි.පළමු ගල්ෆ් යුද සමය වන විට ඒ එම් ජෙනරල් සමාගම එක්සත් ජනපදය සහ අන්තර්ජාතික ගැනුම්කරුවන් වෙනුවෙන් හම්වී රථ 72,000කට වැඩි සංඛ්‍යාවක් නිපදවා තිබිණි.හම්වී රථයේ 10 වන සංවත්සරය වන විට රථ 100,000ක් තරම් ප්‍රමාණයක් නිපදවා තිබිණි.

    Ccxp93G.jpg
    විවිධ කටයුතු සඳහා වෙනස් කරන ලද හම්වී පවුලේ විවිධ රථ​

    9/11 ප්‍රහාරයෙන් පසුව ඉහළ පෙලේ තලෙයිබාන් සහ අල්කයිඩා නායකයින් දඩයම් කිරීමට එක්සත් ජනපද සෙබලුන් ඇෆ්ගනිස්ථානයට යවන ලද්දේ හම්වී රථත් සමගයි.ඇෆ්ගනිස්ථානය මාර්ග පහසුකම්වලින් ඌණ රටක් වුවද හම්වී රථය එහි භූමිෂමතාවයට මනාව ගැලපෙන වාහනයක් විය.ටෝරා බෝරා ගුහා සංකීර්ණය අවට වැනි රථ කඳුකර ප්‍රදේශවල ගමන් කිරීමට හම්වී රථය තරම් උචිත වාහනයක් ඇමෙරිකානු හමුදාව සතු නොවීය.

    "පුර්ව IED යුගයේදී(IED - එවෙලෙහිම තැනූ ස්ඵෝටන උපාංග)බොහෝ සෙබලුන්ට හම්වී සම්බන්ධව අත්දැකීම් තිබිණි.ඔවුහු එය ආසා කලහ.එය මාර්ගවලින් පිටත ධාවනයට උචිත රථයකි"- පෝල් ෂාර් හිටපු පාබල හමුදා සෙබලෙක්,2002 වර්ෂයේදී ඇෆ්ගනිස්ථානයේ සේවය කල 75 වන රේන්ජර් රෙජිමේන්තුව.

    3f7OgB7.jpg
    පාබල හමුදාවලට වෙඩි බලය සැපයීමට හම්වී රථ යොදාගන්නා ලදි​

    IED - එවෙලෙහිම තැනූ ස්පෝථන උපකරණ/මර උගුල් නොපැවතුණු ඇෆ්ගනිස්ථානයේ මුල් කාලීන මෙහෙයුම්වලදී සෙබලුන් හම්වී රථවලට බොහෝ ඇලුම් කලහ.මක් නිසාද යත් සැහැල්ලු බව සහ අනවශ්‍ය සන්නාහයන් සහ බොහෝ අවස්ථාවල දොරවල් පවා ඉවත් කර හම්වී රථ භාවිතා කල හැකි නිසාය.එහි ප්‍රතිඵලය වූයේ රථයේ බර අඩුවීම සහ හැසිරවීම,සෙබලුන්ට වඩා හොඳ දෘෂ්‍යතාවයක් ලැබීම ආදියයි.

    5jVaNJg.jpg
    දොරවල් සහ වහලය ගලවා දැමූ හම්වී රථයක්-මේවා විශේෂ බලකා මෙහෙයුම් සඳහා යොදාගැනේ​





    ඉරාකයට ගිය හම්වී,නිමාවක ඇරඹුම

    හඳුන්වාදී වසර 20 ගතවූ තැන හම්වී රථය 2003 ඉරාක යුද්ධය වෙනුවෙන් කැදවීමක් ලබයි.නමුත් පළමු ගල්ෆ් යුද්ධයේදී එය ලබාගත් ධනාත්මක ශිර්ෂපාඨ වෙනුවට ඉරාකයේදී ලැබුණේ අතෘප්තිකර ප්‍රතිචාරයි.හේතුව හම්වී රථවලට නව තර්ජන වූ IED,බිම්බෝම්බ සහ කාර් බෝම්බ හමුවේ සෙබලුන් සුරක්ෂිතව රැගෙන යාම අපහසුවීමයි.කෙසේවෙතත් හම්වී රථය සටන් සඳහා උචිත වාහනයක් හෝ සටන් බිමකට උචිත සුවිශේෂී සන්නාහයකින් සමන්විත වූ රථයක් නොවීය.

    fhlooPV.jpg
    බිම්බෝම්බයක් මතින් ගමන් කල හම්වී රථයකට අත්වූ ඉරණම​

    IED තර්ජනයට පිළිතුරු ලෙස එක්සත් ජනපද හමුදාව සන්නාහ සන්නද්ධ හම්වී රථ සහ දැනට තිබෙන හම්වී රථවලට සවිකල හැකි සන්නාහය කට්ටල දහස් ගණනක් ඇණවුම් කලේය.නමුත් ඉරාක කැරලිකරුවන් සන්නාහය බිඳ ගෙන යා හැකි මාර්ග ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණු කලහ.2006 වර්ෂයේ පළමු මාස හතර තුල ඉරාක කැරැල්ල එහි උපරිමයට ලගා වූයේ කාර් බෝම්බ ප්‍රහාර හමුවේ හම්වී රථවල ගමන් කල ඇමෙරිකානු සෙබලුන් 67 දෙනෙකුට දිවි අහිමි කරමින්ය.ඉරාකයට යැවූ අමතර සන්නහයන් සවිකල හම්වී රථ අශෝභන මෘගයෙක් ගේ ස්වභාවය ගත් බව හිටපු පාබල හමුදා සෙබල පෝල් ෂාර් විසින් ප්‍රකාශ කරයි.

    so5zBXj.jpg
    අමතර සන්නාහයන් ආරක්ෂක පද්ධතීන්වලින් සන්නද්ධ වූ හම්වී රථයක්​

    "සන්නාහය සතුව විවිධ ප්‍රශ්න තිබිණි.අලුත් රථවල රාත්තල් සියගණනක් බර සන්නාහය දොරවල් තිබිණි.ඒවා විවෘත කිරීම පවා අසීරු විය.රථයේ මුදුනට යොදා තිබූ සන්නාහයද බරින් වැඩිය.මුල් හම්වී රථවල මුදුන් වහලයේ සන්නාහයක් නොතිබිණි.නමුත් සන්නාහය සහිත රථවල මුදුන බරින් වැඩිවීමත් සමග ආනත බිමකදී පෙරළී යෑමේ ඉහල අවධානමක් තිබිණි".-පෝල් ෂාර්

    O3tZNZS.jpg
    මර උගුල්(IED),බිම්බෝම්බ ආදිය හමුවේ සෙබලුන් සුරක්ෂිතව ප්‍රවාහනය කල හැකි MRAP රථ​

    මෙය හම්වී රථයේ සමාප්තියේ ඇරඹුම විය.2007 වර්ෂයේදී එක්සත් ජනපද මැරීන් හමුදාව ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ තිබෙන ඔවුන් සතු සියලු හම්වී රථ බිම්බෝම්බ වලට ඔරොත්තු දෙන,සැඟවී සිට කරන පහරදීවලින් සුරක්ෂිත MRAP රථවලින් ප්‍රතිස්ථාපනය කරන්නට තීරණය කරන ලදි.එසේම හදිසි මෙහෙයුම් අවශ්‍යතාවයක් වශයෙන් ඇ.ඩො. බිලියන 1ක් වටිනා MRAP රථ මිලදී ගැනීමට අදහස් කරන බව 2007 වර්ෂයේදී ආරක්ෂක ලේකම් රොබර්ට් ගේට්ස් විසින් සංඥා කරන ලදි.


    එතැන් පටන් පෙන්ටගනය ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා සහ මිත්‍ර හමුදාවලට MRAP රථ ලබාදීමට ඇ.ඩො. බිලියන 50 ආසන්න මුදලක් වියදම් කල බව සඳහන් වේ.කෙසේවෙතත් සමහර විශේෂඥයින් MRAP රථවල විශාලත්වය සම්බන්ධව විවේචනාත්මකව කරුණු ගෙන හැරදක්වයි.නමුත් තර්ජන හමුවේ සෙබලුන්ගේ ආරක්ෂාවට MRAP රථ වැදගත් වුවද චල්‍යතාවය අතින් දුර්වලය.





    හම්වී වෙනුවට එන JLTV සහ අනාගතය

    එක්සත් ජනපද හමුදාව එහි හම්වී රථවල අනුප්‍රාප්ත්‍රික වැඩසටහනේ අවසන් අධියරයේ පසුවේ.එය ඒකාබද්ධ සැහැල්ලු උපායමාර්ගික රථය - Joint Light Tactical Vehicle (JLTV) යන නමින් හඳුන්වයි.JLTV රථය හඳුන්වාදීමෙන් ඇමෙරිකානු හමුදාව සහ එක්සත් ජනපද මැරීන් හමුදාව බලාපොරොත්තුවන්නේ හම්වී රථයේ මාර්ගවලින් පිටත ධාවන හැකියාව/රළු තත්ත්ව යටතේ ධාවනය කිරීමේ හැකියාව සහ MRAP රථයේ සතු IED වලට එරෙහි අසමසම ආරක්ෂාව ඒකාබද්ධ කිරීමයි.

    xNNjqhN.jpg
    හම්වී රථයේ අනුප්‍රාප්තිකයා -AM General සමාගමේ L-ATV නම් රථය​

    හම්වීහි හැකියාවන් ඒ කාලපරිච්ඡේදයට ගැලපේ.ඉතා සුරක්ෂිත ප්‍රදේශවල සෙබලු ප්‍රවාහනය සහ චල්‍යතාවය සැපයීමට එය උචිතය.නමුත් එය ප්‍රහාරක රථයක් ලෙස කිසිදා අදහස් කලේ නැත.හම්වී රථයේ චල්‍යතාවය ගැන පමණක් සිතා ඒවා තර්ජිත පරිසරයක භාවිතා කිරීමේ සෙබලුන්ගේ ජීවිතද අනතුරේ හෙළයි.

    CrE53xH.jpg
    AM General සමාගමේ JLTV රථය​

    අවශ්‍ය වන්නේ සෙබලුන්ගේ ජීවිත ආරක්ෂා කරන චල්‍යතාවය ,හැසිරවීම සහ කාර්ය සාධනය පහළ නොදමන වැඩිදියුණු කල ආරක්ෂාවක් සහිත රථයකි.JLTV කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ලොක් හීඩ් මාර්ටීන්,ඔෂ්කොෂ් ඩිෆෙන්ස් සහ හම්වී රථයේ නිර්මාණයකරු වන ඒ එම් ජෙනරල් සමාගම තරඟ වැදිණි.ජයග්‍රාහකයාට ඇ.ඩො.බිලියන 31ක කොන්ත්‍රාත්තුවක් හිමිවන බව 2015 වර්ෂයේදී නිවේදනය කරන ලදි.ඒ අනුව ජයග්‍රාහකයා ආසන්න වශයෙන් රථ 50,000ක් වත් නිපදවිය යුතුවේ.නමුත් JLTV වැඩසටහන හම්වී විශ්‍රාම යැවීමට පැමිණි එකක් නොවේ.හම්වී රථ ඉදිරියටත් එක්සත් ජනපද හමුදාව භාවිතා කරාවි.විශේෂයෙන් ප්‍රබල තර්ජන රහිත වටපිටාවක මෙහෙයුම් සඳහා හම්වී රථ යොදාගැනීම ආර්ථික අතින්ද වාසියක් වේවි.

    P3HPPXy.jpg
    ලොක්හීඩ් මාර්ටීන් සමාගමේ JLTV රථය​

    JLTV වැඩසටහන යටතේ ඔෂ්කොෂ් සමාගම ඉදිරිපත් කල එල්-ඒටීවී රථය 2015 අගෝස්තු මාසයේදී ජයග්‍රාහකයා ලෙස තෝරාගත්තද ඊට එරෙහිව ලොක් හීඩ් මාර්ටීන් සමාගම විරුද්ධත්වය ප්‍රකාශ කරන ලදි.මෙම කොන්ත්‍රාත්තුව යටතේ JLTV රථ 16,901 ලබාදිය යුතුව තිබේ.






    ස්වයංපාලන හම්වී රථ

    මිනිසුන් රහිත ගොඩබිම් රථ තාක්ෂණය වැඩිදියුණු කිරීමට ක්‍රියාත්මක වැඩසටහන් අතරේ හම්වී රථයද 21 වන සියවසේ ලාබදායි මිනිසුන් රහිත ෆ්ලැට්ෆෝම් එකක් ලෙස නැවත උපත ලබා තිබේ.ස්වයංපාලන චල්‍යතා සැරසුම් පද්ධති වැනි තාක්ෂණයක් යොදාගෙන හම්වී රථ ඉහල චල්‍යතා ඔත්තු බැලීම් රථ ලෙස ඉදිරි පෙරමුණේ සෙබලුන් සමග යෙදවිය හැකිය.මෙය සෙන්ටර් ඔෆ් නිව් ඇමෙරිකා සෙකියුටි ඇන්ඩ් ප්‍රොජෙක්ට් හි 20 සංග්‍රාමික මුලපිරීම් හි අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන පෝල් ෂාර් ගේ අදහසකි.

    OUdppFP.jpg
    දැනට සේවයේ යොදවා ඇති හම්වී රථ අවම වශයෙන් දශකයක් වත් සහායක රථයක් ලෙස පාවිච්චි කරාවි​

    මිනිසුන් රහිත සමාකෘතියකදී ආරක්ෂාව සහ සන්නාහය සම්බන්ධව එතරම් ඉහල අවධානයක් යොමුකිරීම අවශ්‍ය නොවේ.මන්ද හම්වී රථ ධාවනය වන්නේ මිනිසුන් රහිතව වීම නිසාය.හම්වී රථ කිහිපයක් එක් අයෙකුට පාලනය කල හැකි සේ නිර්මාණය කිරීමට පුලුවනි.

    1rMOwHY.jpg

    ඇමෙරිකානු හමුදාව සතුව මේවන විටත් හම්වී රථ දහස් ගණනක් තිබේ.ඒ එම් ජෙනරල් සමාගම හම්වී රථ 281,000ක් නිපදවා ඇත.වියදම් අධික හම්වී ප්‍රතිස්ථාපන වැඩසටහන් වන JLTV ආදිය හමුවේ ස්වයංපාලන හම්වී රථ එහි උරුමය තවත් වසර ගණනක් ඉදිරියට ගෙන යාවි.





    Source:army-technology.com

    -HarshaLulzSec-
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    Military Humvee එකෙයි MRAP එකෙයි මේ දෙකේම යන්න මට වාසනාව තිබුනා :yes:



    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,923
    113
    හම්වී දැන් වෙන් වී ද?
    හමර් නං ලංකාවෙත් ඕන තරං තියෙනවා දැන්.