Mage uda comment eke edit eka balapan ko.. 2c engine ekak tiyena corolla ekek tibba eka udeta start karahama mara widihata vibrate wenne.. ara heater plug keduneth oya magule lede hadanna gihin.. antimata head eka gelewwa.. engine eka gewilath na..
පම්ප් එකයි ඉන්ජෙක්ටර් ටිකයි චෙක් කරාද බන්. වයිබ්රේට් වෙන්නෙ නම් නෑ මචෝ. දවල්ට නම් එලියට සද්දෙ තියෙන්නෙ හොඳට මේන්ටේන් කරපු පරණ පෙට්රල් එන්ජින් එකක ගාන විතර තමා.
කේස් දෙක තුනක් තියනව. එකක් පම්ප් එක හරි ගානට ඇඩ්වාන්ස් රිටාර්ට්ඩ් වෙලාද කියල බලන්න. තැන් දෙකක් තියනව එජස්ට් කරන්න. එකක් පම්ප් එකේ තියනව වෝටර් ලයින් එකක්. එතනින් ඇදන ලීවර් එකක් තියනව ඒක හරි ගානෙ එජස්ට් වෙලා තියෙන්න ඕනෙ. ඒක තියෙන්නෙ එන්ජිම හීට් වුනාම පම්ප් එක හරි ගානට ඇඩ්වාන්ස් වෙන්න. ඒක අස්සට නියනක් ගහල බලන්න පුලුවන් සද්දෙ වෙනස් වෙනව. අනිත් එක පම්ප් එක හයිවෙන තැනින් එජස්ට් කරන්න පුලුවන්.
ඔය දෙක අවුල් වුනොත්නම් බන් අදින්නෙ නෑ සද්දෙ වැඩියි දුම දානව පට්ට යන්න.
අනිත් එක බන් ඕකෙ හීටර් එක ස්ටේජ් දෙකකට තියෙන්නෙ. පොඩි ECU එකක් වගේ එකක් එනව. යතුර දැම්මම හීටර් ලයිට් එක පත්තුවෙලා නිමෙනව ටිකකින්. එතකොට තමා ස්ටාර්ට් කරන්නෙ. හැබැයි කූලන්ට් ටෙම්පරේචර් එක අනුව සමහරවෙලාවට හීටර් ප්ලග් ඕෆ්වෙන්නෙ නෑ තව ටික වෙලාවක් අල්ලන් ඉන්නව එන්ජිම ස්ටේබල් වෙනකම්. තව බන් හීටර් ප්ලග් බාගෙට රත්වෙන සීන් එකකුත් තියනව. ඒ කිව්වෙ රෙසිස්ටර් එකක් එක්ක සීරීස් ඔන් කරනව හීටර් ප්ලග් එක. ඔය ටිකේ කම්බිනේෂන් එකක් දුවන්නෙ ස්ටාර්ට් වෙද්දි. තව ඉන්ටේක් එයාර් හීටර් එකකුත් තියනව බන් මැනිෆෝල්ඩ් එකේ.
ඔය ටික අවුල් ගියොත්නම් එන්ජිම ස්ටාර්ට් වෙන්නෙ නෑ බන් ස්මූත්. 2C එකක් හරියට දුවන්න නම් හීට් වෙන සිස්ටම් එක හරියට දුවන්න ඕනෙ.
රත්වෙලත් අවුල් වගේනම් බන් ටයිමින්, පම්ප්, ඉන්ජෙක්ටර් බලන්න වෙයි. තව ටැපට් කොහොමද කියලත්. මොකද බන් මේ එන්ජිම ටයිමින් බෙල්ට් එක පම්ප් එකෙන් කට්ටයක් එහාමෙහා වුනත් දුවනව සමහරවෙලාවට. (එකපාරක් වෑන් එකට වුනා)