නෑ බන් එහෙම කැරි වැඩ කරන එකෙක් නෙමේ බන්. හිටපු ගමන් මගේ යටතේ ඉන්න උන්ට කෑ ගැහුවට උන් එක්ක ෆිට් එකේ ඉන්නේ හිතේ එහෙම දෙයක් නෑ මගේ. ඒත් මේ සිද්දියෙන් ටිකක් බය උනා බන් හිනා වෙලා හිටියට මුන් නයි වගේ පලිගන්නේ. මට කරපු වැඩේ මතක් වෙනකොට ඉවසන්නෑ බන් මූව දකින දකින වාරයක් පාසා මූව මරං කන්නමයි හිතෙන්නේ. පිස්සෙක් වගේ හැසිරිලා මගේ නම කැත කරගන්න බැරි නිසා ශේප් එකේ ඉන්නව. ඒත් මූ මගේ යටතේනේ ඉන්නේ අනිවා ඕකට ගේමක් මම සෙට් කරනව කුදලන් යන්නම. මුන් වගේ විසබීජ ලඟ තියාගන්න බෑ බන්. ඕකට බයික් එකට උන දේ වගේ නෙමේ ඊටත් වඩා දේවල් වලට මූන දෙන්න වෙයි ඉස්සරහට.
උබේ feeling එක තේරෙනව මචං...
ඒත් අමතක කරන්න එපා ඔය මනුස්සයටත් අහිංසක සුන්දර බලාපොරොත්තු තියෙන්න ඇති ජීවිතේ.. කසාදයක් බැඳල, ලමයි හදල, ගෙයක් හදාගන සන්තෝසෙන් ඉන්න...
ඔය මනුස්සයත් කාගෙ හරි දරුවෙක් බං, සැප දුක තේරෙන මනුස්සයෙක්නෙ..
අනික උබ පලි ගන්නවනම් ඌ කරපු දේට සමානව හෝ ඊට වඩා අඩු ලෙවෙල් එකකින් පලි ගනින්, ඌ උබේ වාහනේ driving වලට මොකුත් කරල නෑනෙ, cosmetic හානියක් විතරනෙ කරල තියෙන්නෙ.. උබ උගෙ bike එකටත් පොල්ලකින් ගහල light කුඩු කරානම් තව කමක් නෑ....
ජරා වැඩ කරන්න එපා මනුස්සයෝ.....








