අද මම කතා කරන්න හිතුවෙ අර්ශස් කියන රෝගය ගැන..මේකෙදිත් වෙනද වගෙම රෝග ස්වභාවය ,රෝග ලක්ෂණ,ප්‍රතිකාර ගැන කියන්නම්.මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ බටහිර ප්‍රතිකාර ක්‍රම ඒ නිසා සිංහල බේත් ගැන් දන්න අය අනිවාර්යයෙන් ක්මෙන්ට් කරන්න. වටිනව ඒක.
අර්ශස් කියන රෝගය හැදෙන්නෙ අපේ ගුද මාර්ගය ආශ්‍රිතව බව දන්නවනෙ.අපේ ආහාර මාර්ගය කෙලවර තියෙනව චක්‍ර පිධානයක් (එකක් නෙවෙයි දෙකක් ම)මේ වගෙන් තමයි අපේ බඩේ තියෙන ජරාව ටික බිමට වැටෙන් නැතුව නවත්තගෙන ඉන්නෙ.මේ වෑල්ව් වගේ ඒවට ඇතුලතින් මෘදු පටක ස්තරයක් තියනව (anal cushions) මේවත් අපේ ගුද මාර්ගය ලොක් කරල දාන්න වැදගත් වෙනව.ඒ වගේම මේවට ඉහල රුධිර සැපයුම කුත් තියෙනව .අපේ බඩ වේලවනව නම් කාලයක් තිස්සෙ අපි වැසිකිලි ගිහින් හොඳට තටමනව එතකොට මේ පටක තුවාල වීමට ලක් වෙලා ඒවගේ ශිරා පද්ධතිය බ්ලොක් වෙලා ලේ එකතු වෙන්න පටන් ගන්නව .මේ රුධිර වාහිනී ජාලය ටිකෙන් ටික ලොකු වෙලා ඒව සහ අපිච්චදය අල්ලන් හිටපු මාංශ පේශි ඇදිල අර හම ගුද මාර්ගයෙන් පිටතට එල්ලා වැටෙනව.මේ කොටස් තව දුරටත් තුවාල වෙලා ලේ ගලනව..ඕන්න ඕක තමයි සරලව කීවොත් ලෙඩේ හැදෙන හැටි.
අපේ රෝගීන්ගෙ ප්‍රධාන රෝග ලක්ෂණය තමයි ටොයිලට් ගියාම ලේ යනව කියන එක .ඇත්තටම කිව්වොත් මේක වෙනත් රෝග ගොඩකමත් දකින්න පුලුවන් උදාහරණයක් කිව්වොත් ගුද මාර්ගයේ පිළිකා වගේ තත්ත්ව.ඒ නිසා කොයි විදියේ ලේ ගැලීමක්ද කියල දැන ගන්න එක වැදගත්.අර්ශස් වලදි වෙන්නෙ අපි මළ පහ කලාට පසුව අලුත් ලේ බිංදු වශයෙන් පිට වෙන එක ඊට අමතරව මලපහ මතුපිට ලේ තැවරිල තියෙන්න පුලුවන් .
සමහර කෙනෙක්ට ගුදයෙන් පිටතට ආපු ගෙඩි අතට අහුවෙනව.ලෙඩේ උත්සන්න අවස්තාවෙදි අදික වේදනාව ක් ඇති වෙන්නත් පුලුවන් .
ඒ වගේම ගුද මාර්ගයෙන් ද්‍රව පිටවීම,මල නොදැන්නී පිට වීම,කැසීම,තුවාල ආදිය ඇතිවෙන්නෙ ලෙඩේ සංකූලතා විදිහට.
ලෙඩේට හේතු,
දිගු කාලීන මළ බද්දය
ගර්භිණී බව
ගුද පිළිකා
අක්මා රෝග(portal hypertension causing ano- rectala varices )
ශ්‍රෝණි කුහරයේ ගෙඩි
මේ ලෙඩේ පරම්පරාවට යනව කියල විශ්වායක් තියෙනව .
ප්‍රතිකාර
මුලින්ම ලෙඩේ වර්ධනය වෙලා තියෙන මට්ටම වර්ග කරනව එක එක ලෙවල් එකට ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනව.
1.stage 1
මේකෙදි පිටට මතුවූ ගෙඩි නැහැ
2.stage 2
මේ අවස්තාවෙදි මලපහ කරද්දි ගෙඩි පිටතට ඇවිති ඒව නිකම්ම ආපහු ගුදය තුළ්ට යනව.
3.stage 3
ඊලඟ අවදිය ලෙඩා ඇගිල්ලෙන් තල්ලු කරල අර පිටතට ආපු ගෙඩි ඇතුලට දාගන්න වෙනව.
4.stage 4
මේ කියන්නෙ අන්තිම අවස්තාව ගෙඩි පිටතට ඇවිත් තියෙනව ඒව ආපහු දාන්න බැහැ.ඊට අමතරව සංකූලතා ඇතිවෙලා තියෙන්න පුලුවන් .
පස්ස පෙන්නන්න වෙන නිසා ලෙඩ්ඩු ගොඩ බේත් කර කර ගෙවල වල ඉන්නව.නමුත් වරක් හරි ශල්‍ය වෛද්‍ය වරයෙක් මුණගැහිල තමන්ට තියෙන්නෙ අර්ශස් මද කියල හරි දැනගන්න එක වැදගත්.මොකද අර්ශස් කියල් හිතං ඉඳල පිළිකාවක් උනොත් සමහර විට බඩේ කක්ක බෑග් එල්ලන් ඉන්න වෙයි කාලයක්.
රෝහලකට ආවාම වෛද්‍ය වරය මුලින්ම ඇගිල්ලක් දාල පරීක්ෂා කරල බලනව සාමාන්‍යයෙන් අර්ශස් අතට අහුවෙන්නෙ නෑ ,ඊලඟට proctoscope කියන උපකරණය භාවිතා කරල පරීක්ෂා කරනව මේ ගමන්ම ප්‍රතිකාර කරන්නත් පුලුවන් .
කලින් කිව්ව stage 1&2 රෝගයට sclerotheraphy ප්‍රතිකාය කරන්න පුලුවන් ..මේ කෙදි රසායනිකයන් එන්නත් කිරීමක් තමයි කරන්නෙ.
Stage 3 වලින් ඉහළ ඒවට බෑන්ඩින්ග් කරන්න පුලුවන් මේකත් බහුලව කෙරෙනව.
ඊට අමතරව ශල්‍ය කර්මයකින් මේ ගෙඩි ඉවත කරල දාන්න පුලුවන්
සමහර ප්‍රතිකාර ක්‍රම වලට පස්සෙ රෝගය නැවත ඇති වීමේ අවදානමක් තියෙනව.ශල්‍ය කර්මයෙන් පස්සෙ ගුද මාර්ගය සිහින් වීම නිසා අපහසුතා වෙන්න පුලුවන් .නොදැනුවත්ව මල පිට වීම වෙන්න නම් අපි මුලින් කීව චක්‍ර පිධානයක් හානි වෙන්න ඕන ඉතා කලාතුරකින් වෙන දෙයක්.
ඉතිං ඊට අමතරව ජීවන පන්නය හරියාකාරව හැඩගස්වා ගැනීම ප්‍රතිකාර සාර්ථක කරගැනීමට වැදගත වෙනව.අපි ජාතියක් විදිහට ම වතුර බොනව අඩුයි මම හිතන්නෙ ඒ නිසා දිනකට අවශ්‍ය ප්‍රමාණය ට වතුර බොන්න ,කෙඳි සහිත ආහාර නිතර පරිභෝජනය කරන්න විශේෂයෙන් කෙසෙල් වගේ පලතුරු,ව්‍යායාම කිරීම,වැසිකිලි යාමට නියමිත වේලාවක් පවත්වා ගැනීම,දුම් පානයෙන් වැලකීම ආදී කරුණු දක්වන්න පුලුවන් .අපේ මළ බුරුල් කරන ඖෂධ තිබුණ ත් ඒව දිගු කාලීන භාවිතය සුදුසු නෑ.
එහෙමනම් ෆ්‍රෙන්ඩ්ස් වැදගත් වුණා කියල හිතනවනම් මගේ මහන්සිය අපතෙ නොයව බම්පියක් දාල යන්න.ඔය ගොල්ල දන්න ප්‍රතිකාර ක්‍රම ,ඔයාලට තියෙන ගැටලු කමෙන්ට් කරන්න පුලුවන් විදියට උත්තර දෙන්නම්.ටික කාලයක් නිවාඩුවෙන් ඉන්න නිසා එලකිරියේ ජනතාව වෙනුවෙන් මෙහෙම දේවල් දාන්න පුලුවන් .ඔයගොල්ලන්ට යම් රෝගය ක් ගැන මේ වගේ දැන ගන්න ඕනෙ නම් ඒ ගැනත් කියන්න.තෙරුවන් සරණයි !