writing,publishing & selling a book in Sri Lanka

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    මචන්ලා,

    පොතක් ලියල මුද්‍රණය කරලා විකුණන process එක දන්නා කෙනෙක් ඉන්නවද?

    කොහොමද publisher කෙනෙක් හොයා ගන්නේ
    කොහොමද මිල තීරණය වෙන්නේ
    advertisement කරන්නේ publisherමද
    කඩවල් වලට දාන වැඩේ කරන්නේ කවුද?

    මේ වගේ විස්තර ටිකක් දීපල්ලකෝ දන්නා කෙනෙක්

     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පොත ලිව්වට පස්සේ පබ්ලිෂර් කෙනෙක් ගාවට අරගෙන යන්න ඕනේ. ගොඩගේ, දයාවංශ ජයකොඩි වගේ පබ්ලිෂර්ලා ඉන්නවා. ඔවුන් ගාවට පොත ගෙනච්චම විස්තර අහලා බාරගන්නවද නැද්ද කියලා තීරණය කරනවා. ඊට පස්සේ ඔවුන් පොත මුද්‍රණය කරන්න බාරගන්නවා. ලියපුකෙනාට හම්බවෙන්නේ පොතක මිලෙන් සියයට දහයයි. ගොඩක් වෙලාවට පබ්ලිෂර් ඇඩ්වර්ටයිසිං කරන්නේ නැහැ. එහෙම කරන්නේ ගොඩක් වෙලාවට ඉහළ පෙළේ නමක් ඇති පොත් විකිණෙන කර්තෘවරුන්ට විතරයි. කර්තෘට ලැබෙන ගාණ නැතිනම් කර්තෘභාගය වෙනුවට තමන්ගේ පොත් ලබාගන්න පුළුවන්. එතකොට කර්තෘටම තමන්ගේ පොත් විකුණලා කර්තාභාගයට වඩා වැඩි ගණනක් හොයාගන්න පුළුවන්. මොකද ඔහුට පොත් ලැබෙන්නේ පබ්ලිෂර් බුක්ෂොප්වලට දාන ගාණට. ගොඩක් වෙලාවට පබ්ලිෂර්ලට ඔවුන්ගේ බුක්ෂොප් හරි ඔවුන් බුක්ෂොප්වලට පොත් දාන වැඩපිළිවෙළක් තියෙනවා. නවක කතුවරු ගොඩක්වෙලාවට කරන්නේ කර්තෘභාගය වෙනුවට පොත් අරගෙන තමන්ම පුද්ගලිකව විකුණන එක. හැබැයි එකක් මතක තියා ගන්න පොත් ප්‍රකාශකයන්ගෙන් සමහරක් අය (මෙහි නම සදහන් කරන්න අකමැතියි) පොත අල්ලේ තියාගෙන බර බලලා තමයි සමහර විට තිරණය කරන්නේ පොත මුද්‍රණය කරනවද නැද්ද කියලා. හැබැයි ඔබ නවකයෙක්නම් ආදායම ගැන නොහිතා පොත මුද්‍රණය කරන ප්‍රථමයෙන් නමක් හදා ගැනීමට උත්සාහ කරන්න. මේ මුකුත් නැතිනම් තමන්ම පොත ලියලා, මුද්‍රණය කරලා කර්තෘ ප්‍රකාශනයක් විදිහට විකුණන්නත් පුළුවන්. එතකොට තමන්ට මුද්‍රණයේ සිට පොත විකුණලා සල්ලි ගන්න එක දක්වා කරන්න වෙනවා. බුක්ෂොප් ගානේ පොත් කරගහගෙන රස්තියාදු වෙන්න වෙනවා. බලු කතා අහන්න වෙනවා. ගොඩක් වෙලාවට පොත් විකුණනත් සල්ල ගන්න වෙන්නේ පොතේ ගානට වැඩිය වියදම් කරලා රස්තියාදු වෙලා.
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    සන්ථව ප්‍රකාශකයෝන්ට දියන්... අලුත් උන්ට සප් එක දෙනවා උන්.. කවි පොත් එහෙම කරන්නේ උන් තමා


    0773 527 337 / 0113 476 740

    68A/116,
    Isuru Mawatha,
    Gampaha Road,
    Yakkala.
    11870
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    tronic pothak thamayi. not sure though

    ආසාවට කරනවානම් කමක් නැ ...නැත්නම් දන්නා විදියට අතින් කාල අනුන්ගේ හරක් බල ගන්නවා වගේ වැඩක්...:)දැන් කලේ එවුන් පොත් කියවන්නේ න බන්...​