පොත ලිව්වට පස්සේ පබ්ලිෂර් කෙනෙක් ගාවට අරගෙන යන්න ඕනේ. ගොඩගේ, දයාවංශ ජයකොඩි වගේ පබ්ලිෂර්ලා ඉන්නවා. ඔවුන් ගාවට පොත ගෙනච්චම විස්තර අහලා බාරගන්නවද නැද්ද කියලා තීරණය කරනවා. ඊට පස්සේ ඔවුන් පොත මුද්‍රණය කරන්න බාරගන්නවා. ලියපුකෙනාට හම්බවෙන්නේ පොතක මිලෙන් සියයට දහයයි. ගොඩක් වෙලාවට පබ්ලිෂර් ඇඩ්වර්ටයිසිං කරන්නේ නැහැ. එහෙම කරන්නේ ගොඩක් වෙලාවට ඉහළ පෙළේ නමක් ඇති පොත් විකිණෙන කර්තෘවරුන්ට විතරයි. කර්තෘට ලැබෙන ගාණ නැතිනම් කර්තෘභාගය වෙනුවට තමන්ගේ පොත් ලබාගන්න පුළුවන්. එතකොට කර්තෘටම තමන්ගේ පොත් විකුණලා කර්තාභාගයට වඩා වැඩි ගණනක් හොයාගන්න පුළුවන්. මොකද ඔහුට පොත් ලැබෙන්නේ පබ්ලිෂර් බුක්ෂොප්වලට දාන ගාණට. ගොඩක් වෙලාවට පබ්ලිෂර්ලට ඔවුන්ගේ බුක්ෂොප් හරි ඔවුන් බුක්ෂොප්වලට පොත් දාන වැඩපිළිවෙළක් තියෙනවා. නවක කතුවරු ගොඩක්වෙලාවට කරන්නේ කර්තෘභාගය වෙනුවට පොත් අරගෙන තමන්ම පුද්ගලිකව විකුණන එක. හැබැයි එකක් මතක තියා ගන්න පොත් ප්රකාශකයන්ගෙන් සමහරක් අය (මෙහි නම සදහන් කරන්න අකමැතියි) පොත අල්ලේ තියාගෙන බර බලලා තමයි සමහර විට තිරණය කරන්නේ පොත මුද්‍රණය කරනවද නැද්ද කියලා. හැබැයි ඔබ නවකයෙක්නම් ආදායම ගැන නොහිතා පොත මුද්‍රණය කරන ප්‍රථමයෙන් නමක් හදා ගැනීමට උත්සාහ කරන්න. මේ මුකුත් නැතිනම් තමන්ම පොත ලියලා, මුද්‍රණය කරලා කර්තෘ ප්රකාශනයක් විදිහට විකුණන්නත් පුළුවන්. එතකොට තමන්ට මුද්‍රණයේ සිට පොත විකුණලා සල්ලි ගන්න එක දක්වා කරන්න වෙනවා. බුක්ෂොප් ගානේ පොත් කරගහගෙන රස්තියාදු වෙන්න වෙනවා. බලු කතා අහන්න වෙනවා. ගොඩක් වෙලාවට පොත් විකුණනත් සල්ල ගන්න වෙන්නේ පොතේ ගානට වැඩිය වියදම් කරලා රස්තියාදු වෙලා.