වාහන හින්ද කාපු කටු ...3

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිසාන්ලා රෙනෝල්ට් ගත්තා නෙමේ රෙනෝල්ට්ලා නිසාන් ගත්තා නේද? රෙනෝල්ට් එකේ CEO නේ ළඟක් වෙනකං ම බ්‍රෑන්ඩ් තුනේ ම CEO වුණේ (Renault, Nissan, Mitsubishi) උනුත් VW වගේ හදන්න යන්නෙ උන්ගේ ගෘප් එක

    කොරියන් පැවැත්මෙන් මොන ජරාව උනත් දැන් කොරියන් ඩිසයින් පට්ට, ඒකට ගහන්න නිසාන්ලත් හොද කාර් ගහනවා. ඒත් මිට්සුබිශි උන් අවුට්ඩේටට් ප්ලැට්ෆෝම් උඩ නානවා. ටොයොටා ස්පේස් ශටල් වගේ ඒවා හදනවා
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    hmmmmm................

    1bOEYz8.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Mama first step eka ta pitstop ekata call kara..

    Wahane modle Direct Injection huta pate man kiwwata passe hotline eken kiwwa eka ahanna wenne service engineer gen kiyala mobile no eka dunna..

    Man call karata passe eng.kiwwa puluwan prashnayak na kiyala. Roughly 15k yai kiwwa 4 hours wage. Air filter eka danna unoth ita wada chuttak yai kiwwa.

    Booking one na kiwwa udema enna kiwwa.

    So far so good.. kata karapu dennagema nam loku sho na.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    thanks mchn
    rep+++

    bt service ekedi oya tika krnwa neda:confused:

    අපෝ නෑ පිස්සුවක් ඇතේ. වැකියුම් කරලා ඔය දිලිසෙන්න තෙල් වගේ මොනාදෝ ගානව ඇතුල නම්. වැක්ස් එහෙම කොහොමත් කෙරෙන්නෙ නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න බොලේ කාලෙකින් කට්ටක් ලියන්නයි යන්නේ.
    මේක වාහන හින්ද කාපු කටු 3 ත්‍රෙඩ් එක සදහා මම ලියන පළවෙනි කට්ට. :D

    ඔන්න පිංවතුනි මගේ සුපුරුදු සනියේ යටගිය දවසක ඇති උන රේඩියේටර් කට්ටක් මේක. කට්ටක් කිව්වට කටුක අද්දැකීම් නම් නෑ. වාහනේ මාව කටුක අද්දැකීම් වලින් ඈත් කරලා තමයි මේ කට්ට මට දුන්නේ. :love:


    හරිදු මල්ලි වගේ මාත් ගිය සතියේ එක දවසින් කිලෝමීටර් 200+ ගිහින් ආයිත් 200+ ආවා සිහලු. නිකං නෙවෙයි දඩ හපුතලේ කන්දත් එක්ක. මේ රූට් එක වාහනේට නුපුරුදු රූට් එකක් නෙවෙයි. ඌ ඉදලා හිටලා මේ විදිහට මේකේ යනවා එනවා.

    ඔන්න පිංවතුනි කට්ට ඇතිවෙන්නේ පහුවෙනිදා... ඩ්‍රං ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රං.. ඩ්‍රං ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රක ඩ්‍රං..

    මම සුපුරුදු පරිදි ගෙදරින් කිලෝමීටර් 3 ක් ඈතින් තියන රැකියා ස්ථානයට යනවා. අවට සිරි නරඹන ගමන් වාහනය රථවාහන පෝලිම දිගේ ඉදිරියට ඇදෙනවා. කිලෝමීටර් තුනක් උනාට මේකෙන් කිලෝමීටර් 1.5 ක් යන්න මේ වෙලාවේ හැටියට විනාඩි 20+ යන එක නම් අව්වේ කට්ට කන පොලිස් රාලහාමිලට නෙවෙයි පැරෂුට් මාමටවත් කරන්න බැරි වැඩක් පිංවතුනි.

    කොහෙමෙන් කොහොමන් හරි හෙමින් හෙමින් රැකියා ස්ථානයට ටොමා ආවා කියමුකෝ. හැබැයි වෙනදා වගේ නෙවෙයි වාහනේ මොකක් හරි අමුත්තක් මගේ ඇගට දැනෙනවා. ඒ අමුත්ත මොකද්ද කියලා තීරණය කරන්න ඒ වේලාබෑ. මොකද රැකියාවේ ස්වාභාවය අනුව මූඩ් එක වෙනස් කරගෙන බෑ පිංවතුනි.

    වැඩ ඉවර වෙලා ආපහු වාහනයට ආපු මට අර දැනිච්ච අමුත්ත අමතක උනා කියහංකෝ. දැන් සුපුරුදු පරිදි වාහනය ස්ටාට් කරගත්තු මම ආයිත් එනවා. ඒ වෙලාවේ හැටියට අර කිලෝමීටර් තුන යන්න ආපහු අර වගේම වෙලාවක් සෙට් වෙනවා. ගෙදරට කිලෝමීටර් බාගයක් විතර තියලා මට පේනවා පිංවතුනි බොනට් එක ඉස්සරහින් ජලවාෂ්ප සහිත දුමක් යනවා. :baffled:

    තත්පරයක් ගත වෙන්න කලින් මගේ ඇස් යන්නේ හීට් කට්ට දිහාවට. නමුත් මේ වෙලාවේ උඹලත්, ඒ වෙලාවේ මමත් හිතපු දේට වඩා තත්වය සාමාකාමී. හීට් කට්ට නෝමල්. :D කියහංකෝ... ඔන්න ඉතිං පල්ලම සෙට් උන නිසා අර දුමත් නැතිවෙලා ගියා. මම ගෙදරට බොහෝම ලග නිසා නිව්ටල් පාර ගහගන පල්ලම බහිනවා.

    ඒත් වාහනය ගෙදරට ගන්නවත් එක්කම මෙන්න බොලේ ආයිත් දුම දානවා. හීට් කට්ට කිසි කරදරයක් නැතුව සාමාන්‍ය ගානටම තියනවා. සුපුරුදු තැන වාහනය නතර කරපු මම බොනට් එක එක ඇරලා බලන්නේ හෝස් එකක් පුපුරලා ඇති කියන පූර්ව නිගමනයෙන්.

    ඒත් සිංහලු කිසිම දවසක පැට්‍රල් කාර් එකක රේඩියේටර් හෝස් එකක් පුපුරලා ලබපු අත්දැකීමක් මට නෑ. මොකද පැට්‍රල් කාර් එකක රේඩියේටර් හෝස් එකක් යනවා කියන්නේ සෑහෙන්න දුර්ලභ සිදුවීමක්. මේක මගේ වාහන අත්දැකීම් වලින්ම දන්න දෙයක්. ඒත් බොලේ අද නම් මොකක් හරි අලයක් වෙලා තියනවා.

    මේ වෙනකොටත් එන්ජම හොදට නාගෙන ඇත. කොහේ නමුත් ගැලවිලා තියන බටයෙන් හැමතැනකටම වතුර විසිවී ඇත. ඊට හපං කූලන්ට් රත් උනාම එන ගද සිහලු. :nerd: හෝස් වල කෙලවරවල් වලට ඉක්මනින් දෑස් යොමු කළ මා හට දකින්නට ලැබෙන්නේ සිතට සතුටු දායක දසුනකි. හෙටද කාර් එකෙන් මට වැඩට යන්නට පුළුවන. වී ඇත්තේ රේඩියේටර් එකෙහි ලෝවර් හෝස් එක එන්ජින් එකේ බටයට ක්ලිප් වෙන තැනින් ගැලවීයාමයි.

    ලෝවර් හෝස් එක මොකසද්ද කියලා දන්නෙ නැත්තං මේ රූපේ බලන්න.
    cooling-system.gif

    රස්නේ නිවපු වතුර රේඩියේටර් එකේ පහල ටැංකියේ ඉදලා එන්ජින් එකට එන්නේ මේකෙන් තමයි.

    දැන් පිංවතුනි හෝස් එක උඩ අන්තය මගේ අතේ. හෝස් එක කැඩිලා බිදිලා මොකුත් නෑ. ලස්සනට ක්ලිප් එකෙන් ගැලවිලා. ශෝක් නේ... :D

    ඉතිං බලාපල්ලකෝ මේ කාර් එක මාව අර කිලෝමීටර් 400+ ගිහින් ආපු ගමනෙවත්, අද කිලෝමීටර් 6 ගිහින් ආපු ගමනේ වත් රස්තියාදු කලේ නෑනේ. :love: ඕනි නම් මූට තිබුනා මට මගදි වදයක් වෙන්න. මගදී වදයක් දෙන්න කොච්චර නම් හැකියාවක් තිබුද කියලා උඹලට මේ කතාවේ ඉතුරු ටිකෙන් තේරෙයි.

    හෝ...... මට මහන්සී. ඒ නිසා මේ අනුග්‍රාහක දැන්වීම් ටිකක් බලමු පිංවතුනි.

    ටිං ටිං ටිං
    ඔබේ සියලුම පරිගණක අවශ්‍යතා සදහා අදම පිවිසෙන්න ටෙක්ස්මාට් ලංකා....
    ඒජන්ත වරුන්ගේ වගකීම සහිතව ලැප්ටොප් මිලදීගන්න, ඩෙස්ක්ටොප් මිලදී ගන්න, අලුත් වැඩියාවට, වැල ඩීවීඩී මිලදී ගන්න අදම හමුවන්න බඩා මහතා......

    167/7D නව නුවර පාර, පිට්ටුගල, මාලඹේ..



    රැදි සිටියාට තුති. නැවතත් සුපුරුදු කට්ට.
    දැන් ලොකු සීන් එකක් නෑනේ. ගැලවිලා තියන්නේ මේ රූපේ රව්ම් කරලා තියන තැන ක්ලිප් එකත් එක්ක හෝස් එක.

    Motor_GA16_DE.jpg


    එන්ජින් එකත් දැන් රත්වෙලා තියන එකේ හෙට උදේ හයි කරලා දානවා කියලා හිතපු මම කාර් එකේ බොනට්ටුව වසා දැම්මා.

    කූල් එකේ ක්ලිප් එක හයි කරලා ගොඩයන්න හිතපු මට පහුවෙනිදා බොනට් එක ඇරලා බලපු ගමන් තරු විසි වෙන්න ගත්තා.

    හුටා පටස්. ක්ලිප් එක සවි විය යුතු තැන දිරා ගොසිිනි. කාලාන්තරයක් ක්ලිප් එකත් ඇලුමිනියම් මිස්‍ර බටයත් අසල වතුර රැදීමෙන් මෙය මෙසේ දිරා ගොසින් විය යුතුය. දිරලා කිව්වට මේක ඇත්තටම මලකඩ කාලා දිරලා නෙවෙයි. සිහින්වෙලා දියවෙලා වගේ ගිහින් තියන සිද්ධියක් තියන්නේ. ඔන්න ඒ සොදුරු මොහොතේ උඹලට පෙන්නන්න කියලා ගත්ත ෆොටෝ කෑල්ල.

    ra.png


    හොදම වැඩේ කියන්නේ ඕකේ තව ටිකක් ඇතුලට හෝස් එක ඔබලා ක්ලිප් එක දාන්න බෑ. මොකද ඔතනම බ්‍රැකට් කෑල්ලකට ඔය යකඩ බටේ හයි වෙලා තියන්නේ. නැත්තං බටේ නම් ඇති තරම් දිග තියනවා. ඔය යකඩ බටේ රව්ම් බාගයක් විතර එන්ජින් එකවටේ ගිහින් තියනවා. වෙන කොහෙවත් දිරලා නෑ. දිරලා තියන එකම තැන ඔය බටේ සෙට් වෙන තැන විතරයි. එව්නාට හෝස් එක හයි කරන්න තරම් යකඩ බටේ ඉඩ නෑනේ. :dull:

    රේඩියේටර් හෝස් එක මෙච්චර දවසක් මේකට ක්ලිප් වෙලා තිබුන එක තමයි පුදුමේ. බලපංකෝ ඒක දිරලා තියන විදිහ. ඕනි නම් කාර් එකට ලේසියෙන්ම තිබුනා අර කිලෝමීටර් 400+ රව්මෙදි මට කට්ටක් දෙන්න. ඒත් මූට මං හොදට සලකන නිසාද කොහෙදෝ මට මග වදයක් දෙන්නේ නැතුව ගෙදර එනකල්ම ඉදලා. :love:

    දැන් ඉතිං මොකද කරන්නේ. මුලින්ම හිතට ආපු දෙයක් තමයි බ්‍රැකට් එකට පිටිපස්සෙන් යකඩ බටේ කපලා හෝස් එක කිසි ගින්නක් නැතුව ක්ලිප් කරන එක. නමුත් එතකොට යකඩ බටේට ආධාරකයක් නෑ. ඒක හෙලවෙන්න ගන්න පුලුවන්. ඒ නිසා මම ඒ විකල්පයට කොහෙත්ම යන්නෙ නෑ.

    එහෙනම් මොකද්ද කරන්නේ. එන්ජිම දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න මට අදහසක් දෙන්න පියානන් එතනට එනවා. තාත්තාගේ අදහස වෙන්නේ මේ යකඩ බටේ ඇතුලට තවත් යකඩ බට කෑල්ලක් බැසවීම. වෙලාව කියන්නේ ගෙදර තිබිලා බට කැබැල්ලකුත් මට ලැබෙනවා.

    ලැබුනට පිංවතුනි මේ යකඩ බටය අර කියපු ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේට වඩා ටිකක් සිහින්. මේ නිසා ලෝවර් හෝස් එකේ බටේ ඇතුලට මේක ගියාට ටයිට් ෆිට් හිර වෙන්නෙ නෑ. :growl: දැන් මේකර හිකරගත යුතුමයි :P

    ඒකට යොදපු විකල්පය තමයි රත් කරපු පීවීසී බට කෑලි දෙකක් මේ පහල රූපයේ පේනවා වගේ යකඩ බටේ දෙපැත්තට ටයිට්ෆිට් බස්සන එක.

    b.jpg


    මේකෙන් එක පැත්තකට ලිස්සා නොයන විදිහට හෝස් එක හයි කර ගන්න පුලුවන්. අනිත් පැත්ත ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේ ඇතුලට හිරවෙන විදිහට බස්සන්න පුලුවන්.

    මුලින්ම කරපු වැඩේ ඕකේ ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේ ඇතුලට හිර කරන අන්තයේ high temperature glue එකක් ආලේප කරපු එකයි. මේ ග්ලූ එක පිංවතුනි මේකටම කියලා ගත්ත එකක් නෙවෙයි. එක දවසක් මම මල්ටිබෝන්ඩ් එකක් කියලා වැරදිලා ගෙදර උස්සගන ගියපු එකක්.

    ඉතිං ඕක ගාලා පොඩි මිටියකින් තට්ටුවකුත් දාලා ලෝවර් හෝස් එක එක සෙට් වෙන බටේ ඇතුලට අර හදාගත්ත අලුත් බට කෑල්ල බැස්සුවා. බැස්සා කියන්නේ පිංවතුනි ආයි ඇද්දත් ඒක ගැලවෙන්නෙ නැති තරමට ෆිට්. දැන් අනිත් අන්තයට හෝස් එක බස්සලා ක්ලිප් එකේ ඇනේ තද කරා.

    හ්ම්... කෝස් එක ඉවරයි. නිදහසේ ගිහින් රැව්ල කපලා නා ගත්තා කියහංකෝ..
    අවසාන වශයෙන් උදේ කෑම කන්න කලින් රේඩියේටර් එකට කූලන්ට් දාලා ස්ටාට් කරලා තිබ්බා. යනව නං හීට් උනාම පලයං කියලා. ඒත් පිංවතුනි කියන්න සතුටුයි වතුර බින්දුවක් වත් ලික් නැ. ඔන්න ඔහොමයි හදිස්සියට ඔය කට්ට ගොඩ දාගන එදා වැඩට ගියේ. :)

    කස්ටියටම කට්ට කියෙව්වට බොහෝම ස්තූතී ඈ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    ඔන්න ඔහොමයි හදිස්සියට ඔය කට්ට ගොඩ දාගන එදා වැඩට ගියේ. :)

    කස්ටියටම කට්ට කියෙව්වට බොහෝම ස්තූතී ඈ.


    කටු ත්‍රෙඩ් එකේ කට්ටක් දැක්කා කියන්නේ ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තා වගේ තමයි. :lol:

    එනිවේස් මරු කට්ට... කූලන්ට් දිගටම පාවිච්චි කළා නම් ඕක ඔහොම දිරන එකක් නෑ නේද :dull:

    TFS Rep+++++
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කටු ත්‍රෙඩ් එකේ කට්ටක් දැක්කා කියන්නේ ෆෝන් එකෙන් කෝල් එකක් ගත්තා වගේ තමයි. :lol:

    එනිවේස් මරු කට්ට... කූලන්ට් දිගටම පාවිච්චි කළා නම් ඕක ඔහොම දිරන එකක් නෑ නේද :dull:

    TFS Rep+++++

    තැංකූ තැංකූ වේවා.
    ඔව් හරි කූලන්ට් එකක් දිගටම පාවිච්චි කළා නම් ඔහොම වෙන්න තියන චාන්ස් එක අඩුයි මොකද ඔහොම වෙන්නේ බටේ ක්ලිප් එක වටේ රැදෙන වතුර ටික පද්ධතියේ සංසරණය නොවී දීර්ග කාලයක් තියන නිසා.
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ඔන්න බොලේ කාලෙකින් කට්ටක් ලියන්නයි යන්නේ.
    මේක වාහන හින්ද කාපු කටු 3 ත්‍රෙඩ් එක සදහා මම ලියන පළවෙනි කට්ට. :D


    කස්ටියටම කට්ට කියෙව්වට බොහෝම ස්තූතී ඈ.

    Kalekata passe kattak kiyewwa :)
     
    • Like
    Reactions: Mr.Tom

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    ඔන්න බොලේ කාලෙකින් කට්ටක් ලියන්නයි යන්නේ.
    මේක වාහන හින්ද කාපු කටු 3 ත්‍රෙඩ් එක සදහා මම ලියන පළවෙනි කට්ට. :D
    බොහෝම ස්තූතී ඈ.


    :yes:thanks tom ayya kattata...meke dan katu wetennema neee...aluth wahana nisada manda....;)oka fb14 neda???
     
    • Like
    Reactions: Mr.Tom

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න බොලේ කාලෙකින් කට්ටක් ලියන්නයි යන්නේ.
    මේක වාහන හින්ද කාපු කටු 3 ත්‍රෙඩ් එක සදහා මම ලියන පළවෙනි කට්ට. :D




    11.gif
    කලකට පසු කට්ටක් , එල, tfs+6
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මම ඊයෙ දැන්මා ටියුනප් එකට කියන්න දෙයක් නෑ මට තිබ්බ විදිහට වත් මගෙ වාහනේ අද ගන්න ලැබේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා. මේ වගේ කට්ටක් නම් මන් අඹ ගහ යට ගරාජ් එකකින් වත් බලාපොරොත්තු උනෙ නෑ.

    පස්සෙ කියන්නම් විස්තරේ. දැනට කියන්න තියෙන්නෙ මම ජී.ඩී.අයි එන්ගිමක බලාපොරොත්තු උන කාර්බන් බිල්ඩප් එකක් මගෙ එකේ තිබ්බෙ නෑ.

    අඩුමගානෙ ඉන්ජෙක්ටර්ස් වල වත් මහලොකු කාර්බන් තිබ්බෙ නෑ. සිලින්ඩර් 1,2 කාර්බන් තිබ්බා ඉන්ජෙක්ටර්ස් වල. මන් කලින් ඉදන් ම කියන්නෙ මෙතන මට ඕනෙ උනේ ඔන්න ඔය ප්‍රශ්නය විසදගන්න.

    ඕක හරියට විසදගත්තනම් මම දන්නවා ඕකෙ ෆුඑල් කරන එක තව වැඩි වෙනවා. එන්ගිම තව ස්මූත් වෙනවා පර්ෆෝමන්ස් වැඩි වෙනවා කියලා.

    හ්ම්ම්... ඉන්ජෙක්ටර් 4 ගැලෙව්වට පස්සෙ වැඩ කරපු අයගෙන් ඇහුවා මොන ඉන්ජෙක්ටර්ස් ද අව්ල් කියලා. පුදනකොටම කාපි යකා කියලා. කාර්බන් තිබ්බ 2 පෙන්නුවා කියපන් කො. එහෙම කියන්නෙ කොහොමද? අනික් දෙක බ්ලොක් වෙලා 02 සෙන්සර් එකේ රීඩින්ග්ස් අනුව ෆුඑල් වැඩිපුර ඩම්ප් කරන නිසා අනික් දෙක රිච් වෙන්න බැරිද කියල මන් ඇහුවෙ නෑ ඉතින්.

    එහෙම කියන්න බෑ ඉතින්. බෙන්ච් එකට දාල හරියට ඕක බලන්න ඕනෙ. එහෙම පහසුකම් නෑ. ඉතින් කියල වැඩක් නෑ. ඊබේ එකේන් ඉන්ජෙක්ටර් 4ම ගන්න පුලුවන් මීට වඩා හොද ඒවා වගකීමත් එක්කම ඔ.ඊ.එම්.

    වැඩක් නෑ කියල වැඩක් නෑ.



    me wage service ekak lankawe nedda.. man dannawa diesel wala nam mehema thama karanne




     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom