1. මචංලා, මම පොඩියට ගෙයක් හදන්න පටන් ගන්න ඉන්නේ. දැනටනම් එච්චර ලොකු සල්ලියක් නෑ, අනික මම ඉන්නේ ලංකාවෙත් නෙවෙයි. ඒත් නිවාඩුවට එන්න ඉන්නේ. ඒ ආපුවාම ගෙදරකට ප්ලෑන් එකක් ඇඳගන්න කියලා තමයි ඉන්නේ. මට කියනවාද වාස්තු විද්‍යානුකූලව ප්ලෑන් එකක් අන්දවගන්න හොඳ තැනක්, හෝ කෙනෙක්ව.
2. මගේ ඉඩම පර්චස් 7යි (සමතලා පොලොව), කාමර තුනයි (පහල එකයි, උඩ දෙකයි) සාලෙයි, කුස්සියයි, බාත් රූම් දෙකයි තමයි හදන්න හිතං ඉන්නේ! ගෙවල් හදන ඒව්වා ගැන කිසිම දෙයක් මම දන්නේ නෑ... මට දැනගන්න ඕනේ, ඔය කියපු විදිහේ ගේකට අත්තිවාරම දාන්න කීයක් විතර යයිද?
මොකද ගේ හදන්න පටන් ගත්තොත්, ඒක ටික ටික ඉවරයක් කරන්න පුලුවන්. නැත්තන් තවත් බොරුවට කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ!