සංසර්ගයේ යදෙන හැටි
ගොඩක් දෙනෙක්ට තේරුනේ නැතුවට අමරදේව මාස්ටර් මේ සින්දුවෙන් කියන සැගවුන අරුත් මේ සීන් එක තමා බං... දැං මට දෙහිකපන්නෙ නැතිව පොඩ්ඩක් වචන එකින් එක ඇනලයිස් කොරල බලහං බොරුද කියල
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩපැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලින් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කළු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිදු නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න
ගලා හැලෙන වැහි වතුර වගේ උඹ
හිනාවෙයන් කළු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්
සියලු මෝඩයන්ගේ අවදානය පිණිස උපුටාගැනීමක්...
"වක්කඩ ලඟ දිය" ගීතයට දීල තියෙන තේරුම වැරදියි. කව්ද ඒක එහෙම කියල කිව්වෙ? ඒ ගීතයේ කියවෙන්නෙ ගම්බද පවුලක් ගැන. අම්මා තාත්තා සහ පොඩි දරුවා. දවසක් අම්මයි තාත්තයි කවදාවත් නැති තරම් ලොකු රණ්ඩුවක් වෙනව. ඒ රණ්ඩුවෙන් පස්සෙ දෙන්න දෙමහල්ලො අමනාපයෙන් කාලය ගත කරනව. පුන්චි පුතා අතේ තමයි පණිවුඩ හුවමාරු කරගන්නෙ. අම්ම බත් බෙදල පුන්චි පුතා අතේ පණිවුඩය යවනව තාත්තාට කෑම බෙදල තියෙන්නෙ කන්න කියල. ඔය විදියට දෙන්න අමනාපෙන් දුරස් වෙලා ඉන්නකොට දවසක් අම්මා කුස්සියෙ ඉඳලා එනකොට තාත්තාව මූනට මූන මුන ගැහෙනව. දෙන්නම කල්පනා කරන්න ගන්නව ඇයි රණ්ඩුසරුවල් වෙලා මෙහෙම ඉන්නෙ කියල. එහෙම හිතල තාත්තා අම්මාව ආදරෙන් බදා ගන්නව. ඒ වෙලාවේ ඒක දැකපු පුන්චි පුතා සන්තෝසයෙන් උඩ පැන පැන කෑ ගහනව සතුට වැඩි කමට. මොකද එහෙම දෙයක් කලින් කිසි දිනෙක පුන්චි පුතා දැක තිබුනෙ නැති නිසා. පුන්චි හිතේ සතුටක් ඇති වෙනව අම්ම තාත්තා විරසක වෙලා හිටපු කාලය ඉවරයි කියල. ඒක තමයි වැස්සට පස්සෙ තිත්ත පැටව් නටන එකට සමාන කරල තියෙන්න.
මහගමසේකරයන් ඉතා දක්ෂ කලා කරුවෙක්. මේ ගැන කතිකාවක් පහු ගිය දිනක රූපවාහිනි නාලිකාවක ප්‍රචාරය වුනා. ඒකෙන් තමයි මමත් මේ ගීතයේ සෑබෑ අර්ථය දැන ගත්තේ. විද්වතුන් ගොඩක් සහභාගී වුන මේ වැඩසටහන තුල මේ වගේ ගීත රාශියක් ගැන අර්ථ කථනයන් දුන්න. Admin, ඔබ තුමා මේ දීල තියෙන අර්ථ කථනය වැරදියි. මේ වගේ වටින ලස්සන ගීතයකට මේ වගේ බොරු අර්ථ කථනයක් දීම අසාධාරණයි. කරුණාකර නිවැරදි කරන්න. ගීතයක අර්ථය පිලිබඳ විග්‍රහයක් කරන්න කලින් හරි හැටි හොයල බලල කලොත් හොඳයි කියල මම හිතනව. ස්තුතියි..!
Yasitha Perera
https://www.youtube.com/watch?v=snIC_bRXkXU