අනෙක් උපක්‍රෙම් කැලැන්ඩරේ කතිර ගහන ක්‍රමේ Calendar method ... මේ ගැන කතා කරන්න ඉස්සර වෙලා ඩිම්බ සෛලය ගැන , ආර්තව චක්‍රය ගැන පොඩ්ඩක් කියල ඉන්න වෙනවා . අපි දන්නවා සාමාන්‍යෙයන් ආර්තව චක්‍රය දින 28ක් වශයෙන් චක්‍රීයව සිදුවන්නක් , නමුත් එය පොඩ්ඩක් එහා මෙහා වන අවස්ථා නැතිව නොවෙයි , අපි මේ දින 28ක ආර්තව චක්‍රය ගැන සැලකුවොත් , එහි ආර්තවය , නැත්නම් රුධිර වහනය ආරම්භ වූ දින සිට දින අටක් විතර යනකම් සිද්ද වෙන්නේ ගර්භාෂයේ ඇතුළු බිත්ති කැඩිලා ඉවත් වෙලා අළුත් පටකවලින් එය නැවත සකසා ගන්න එක ( මේ දවස් ටිකේ ලිංගිකව එක්වුනා කියල ගැබ් ගැනීමේ අවදානම අඩුයි , 9,10,11 වගේ දවස් වල ගර්භාෂය අළුත් බිත්ති හදාගෙන ඉන්නවා අළුතින් එන ඩිම්බ සෛලය පිළි ගන්නට , නමුත් සාමානයෙන් ඩිම්බ සෛලය නිකුත් වෙන්නේ 12-15 අතරේ දවසක ...මේ නිසා මේ දවස් ටික නම් හරිම භයානකයි .....නෑ නෑ ..භයානකයි කීවේ මේ දවස් වල ලිංගික එක්වීමක් වුනොත් අනාරක්ෂිතව , ශුක්‍රාණු මුදා හැරීමක් වුනොත් ගැබ් ගැනීමක් වීමේ අවදානමක් තිබෙනවා .. මොකද මේ අතරේ මොන වෙලාවේ ඩිම්බ සෛලය ඒද දන්නේ නැති නිසා ( සාමාන්‍යෙයන් 13, 14 වගේ දවසක එය ඩිම්බමෝචනය සිදුවුනත් , එය වෙනස්වීමට ඉඩ තිබෙනව) ඒ නිසා ආර්තවය ඇරඹීම පළමු දිනය කියල ගත්තොත් ඉන් 9-15 විතර කාළ සීමාව අනාරක්ෂීතව ඒක වීම ගැටළුවක් ඇති කරන්නට පුළුවන් . දැන් මේ ආපු ඩිම්බය දවස් දෙකක් විතර බලන් ඉඳල , ශුක්‍රානුවක් එන්නේ නැති පාටයි නම් මොකද වෙන්නේ ...ඩිම්බය හැකිළිලා අක්‍රිය වෙලා යනවා ... ඒ කීවේ 14 වෙනිදා ඩිමබය ආවනම් ..එයා තව දවසක් විතර බලාගෙන ඉඳීවි ..ඒ කියන්නේ 16 වෙනි දවසෙන් පස්සේ සංසේචනයක් වෙන්නට හැකියාවක් එයට නැහැ . තව විදියකින් කිව්වොත් , ඔන්න ආයෙත් “නිදහස් කළාපයක් !“ ...මෙතැනි ඉඳල නැවත ආර්තවය ඇරඹෙන තුරු අනාරක්ෂීත ලිංගික එක්වීමක් වුනා කියල කරදරයක් වෙන්න ඉඩ අඩුයි .මේ ක්‍රමය හරියන්නේ ආර්තව චක්‍රය නිසි රටාවකට සිදුවන කාන්තාවන්ට විතරයි කියනවා වගේම මෙහි සාර්ථක භාවය 70%ක් විතර වෙන්න පූළුවන් . ඒත් හොඳට මතක තියා ගන්න මේ ක්‍රමය මඟින් සමාජ රෝග වැනි තත්ත්ව වලින් ආරක්ෂාවක් නොලැබෙන බව සහ 100%ක ආරක්ෂාවක් නොලැබෙන බවත්, නමුත් ශාරිරිකව කිසිදු හානියක් නොවන “හොඳ ක්‍රමයක්“ ....මේ විදියටම ඇයගේ දේහ උශ්නත්වයේ වෙනස , ගැබ් ගෙලේ පවතින තෙතමනය වැනි දේ පවා මේ වගේ රටාවකට වෙනස් වන නිසා ඒවත් “හොඳ කාළෙ“ හොයාගන්න යොදා ගන්න පුළුවන් වුනත් , ඒව ප්‍රායෝගික බවින් අඩුයි , ඒ නිසා ඒ ගැන කතා නොකර ඉමු .