ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳ වෙබ් අඩවි

mekaushi

Member
Oct 4, 2012
645
74
0
home
ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳ වෙබ් අඩවි

අද කාලෙ හැම දෙනෙක්ටම වගේ තමන්ගේ නිවසේ Desktop පරිගණකයක්, තමන්ට ලැප් ටොප් එකක් ඔය දෙකම නැත්නම් තමන්ගේ අතේ Smart Phone එකක් හරි තියෙනවාමයි. ඉතින් ඔය හරහා අන්තර්ජාලයට පිවිසිලා එහි ඇති ඉගෙනුම් ආධාරක මගින් ඔබේ දැනුම වැඩි දියුණු කරගැනීම එතරම් අපහසු කාරණයක් නෙවෙයි. මුලදී යම් අපහසුවක් දැනේවි. එහෙත් ඔබට උනන්දුව හා කැපවීම තිබෙනවානම් මේක හරිම සුළු දෙයක්. දවසින් පැයක් වගේ කාලයක් මේකට වෙන් කරගන්න පුළුවන් වුණානම් හොඳටම ඇති.

අන්තර්ජාලයේ ඇති ලක්ෂ ගණනක් වූ වෙබ් අඩවි අතරින් ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාර කිරීම වෙනුවෙන්ම සැකසී ඇති වෙබ් අඩවි කිහිපයක් ගැන තොරතුරුයි අපි ඔබට මේ ලිපියෙන් කියවෙන්නේ.

MyEnglishTeacher.eu

1.png

මෙම වෙබ් අඩවියෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කළ යුතු ඉතාම ලෙහෙසි Tip, සරල භාෂාවෙන් ඇති Module ආදිය ලබා ගත හැකියි.

PhraseMix
2.jpg

මෙම වෙබ් අඩවිය ඉතා සරලව, ආකර්ෂණීයව සහ පරිශීලනය කිරීමට පහසු වෙන ආකාරයෙන් තමයි සැකසී තියෙන්නේ. ඉංග්‍රීසි වාක්‍ය තනන හැටි ඉගෙන ගන්නට මේ වෙබ් අඩවිය කදිමයි.

About.com
3.png

මූලිකම ඉංග්‍රීසි දැනුමේ සිට සංකීර්ණ මට්ටම් දක්වා යන්නට මෙහි පහසුකම් තියෙනවා. Module වගේම වීඩියෝත් මෙහි අඩංගුයි. ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගන්නා අය වෙනුවෙන්මයි මෙය සැකසී ඇත්තේ.

Voice of America
4.png

ඇමරිකානු ඉංග්‍රීසි ඉගෙන ගන්නා අයට මෙය වටිනා වෙබ් අඩවියක් වනු ඇති.

English Central
5-770x407.jpg

මෙහි බොහෝ පාඩම් ඉදිරිපත් කර ඇත්තේ කෙටි වීඩියෝ දෙබස් ආකාරයෙන්. ඉංග්‍රීසි කතා කරන ආකාරය ඉගෙන ගන්නට, උච්චාරණ විධි ඉගෙන ගන්නට එය ඉතාම පහසුවක් වනු ඇති.

Holmwoods
6.jpg

කියවීමට හා සවන්දීමට හැකි ආකාරයෙන් පාඩම් ඉදිරිපත් කර තිබීම මෙම වෙබ් අඩවියේ සුවිශේෂ ලක්ෂණයක්.

News In Levels
7.jpg

එදිනෙදා පුවත් කියවීමත් ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කරගත හැකි හොඳම ක්‍රමයක්. මේ වෙබ් අඩවිය ඒ සඳහා ඔබට උපකාර කරනු ඇති. සරල බසින් ලොව පුරාම නවතම පුවත් මෙම වෙබ් අඩවියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. ඔබේ වචන කෝෂය (Vocabulary) වැඩි දියුණු කරගැනීමටත් මෙය උපකාරී වේවි.

How do you do?
8.jpg

මෙය ඉතා සරලව සැකසී ඇති වෙබ් අඩවියක්. ඉංග්‍රීසි බස කතා නොකරන රටවල පරිශීලකයන් සමඟ අදහස් හුවමාරු කරගනීමට මෙම වෙබ් අඩවිය ඔබට පහසුකම් සලසනවා.