අනරිය ප්‍රාණයාම භාවනා වැඩීමෙන් මගඵල ලැබි
ත‍්‍රිපිටක ධර්මයෙහි ආනාපානසති භාවනාව පිළිබඳව විවිධ තැන්වල විවිධ ආකාරයෙන් බුදුපියාණන් දේශණාකර පෙන්වා වදාරා ඇත. මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත‍්‍ර දේශණාව යන නමින්ම විශේෂ දේශණාවක් කර ඇත. මජ්ක්‍ධිම නිකායේම ආනාපානසති සූත‍්‍ර දේශණාවට අදාළවම ගිරිමානන්ද සූත‍්‍රයේත්, සේවිතබ්බා සේවිතබ්බා සූත‍්‍රයේත් මෙම කරුණුම දේශණා කර ඇත. සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තය යැයි මීට අදාළ සූත‍්‍ර ධර්ම රාශියක්ම දේශණා කර ඇත. ආනාපාන සති භාවනාව නිවැරදිව භාවිතා කිරීම, නිවන් මඟට නොවැරදීම උපකාරවන, ඒකායන කෙටිම මාර්ගය බවද බොහෝ තැන්වලදී බුදුපියාණන්ම දේශණා කර වදාරා ඇත.
මෙලෙස බුදුපියාණන් දේශණා කර වදාළ, භික්ඛූන්ට භාවිතා කරන්නට අනුදැන වදාළ ආනාපාන සති භාවනාවට අමතරව පෙර අතීතයේ පටන්ම වේද ආගම්වල, ශිව ආගම්වල හා උපනිශද් ආගම්වල පැවත ආ භාවිතා කළ අනුගමනය කළ ආනාපාන සති භාවනා ක‍්‍රමයක්ද එකල භාවිතයේ පැවති බවට පැහැදිළි වන සාක්ෂි ආනාපාන සංයුක්තයේ එන ”අරිට්ඨ සූත‍්‍රයෙන්” මොනවට පැහැදිළි වෙයි. (සංයුක්ත නිකාය – අරිට්ඨ සූත‍්‍රය)
”අහං ඛෝ භන්තේ භාවෙමි ආනාපානසතින්ති, යථා කථං පන ත්වං අරිට්ඨ භාවෙසි ආනාපානසතින්ති, අතීතේසූ මේ භන්තේ කාමේසු කාමච්ඡන්දෝ පහීනෝ. අනාගතේසු මේ කාමේසු කාමච්ඡන්දෝ විගතෝ, අජඣත්තබහිද්ධා ච මේ ධම්මේසු පටිඝසඤ්ඤා සුප්පටිවිනිතා. සෝ සතෝව අස්ස සිස්සාමි සතෝ පස්ස සිස්සාමි ඒවං ඛෝහං භන්තේ භාවෙමි ආනාපානසති”
”අත්ථෙසා අරිට්ඨ, ආනාපානසති නෙසා නත්ථිති වදාමි. අපි ච අරිට්ඨ යථා ආනාපානසති විත්ථාරේන පරිපුණ්ණා හෝති තං සුනාහි……”
”එවං ඛෝ අරිට්ඨ, ආනාපානසති විත්ථාරේන පරිපුණ්ණා හෝතිති”
අරිට්ඨ අරහතන් වහන්සේ අරහත් තත්ත්වයට පත්වන්නට පෙර ආනාපාන සතිය නම් වූ භාවනාවක් භාවිතා කළ බවත් එය භාවනා කළ නමුත් කිසිම යහපත් ඵලයක් නොලැබූ නිසාත් බුදුපියාණන් හමුවී මේ බව ප‍්‍රකාශ කර සිටියහ. අරිට්ඨ හිමියන්ගෙන් බුදුපියාණන් කරුණු අසා දැන ප‍්‍රකාශ කර සිටියේ සම්මතයේ පවතින අනරිය වූත් ලෞකික වූත් ආනාපානසති භාවනාවක්ද ඇති බවයි. ”අරිට්ඨ ඔය ආකාරයේ නිවන් මගට උපකාර නොවන, ලෞකික ධ්‍යාන ලබාගත හැකි ආනාපන සති භාවනාවක්ද ඇත. එවැන්නක් නැතැයි මම නොකියමි. මම මගේ ශ‍්‍රාවකයන්ට අනුදැන වදාළ නිර්දේශ කරන ආනාපාන සති භාවනාව වෙන එකකි” යනුවෙන් පවසා අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය විස්තර වශයෙන් දේශණා කර පෙන්වා වදාළහ. ”මෙය භාවිතා කර අරිය මඟඵල හා ධ්‍යාන පූරණය කරගන්න. අනරිය වූත්, ලෞකික වූත් ආනාපානසතිය බැහැර කරන්න.” යැයි ඉතාමත් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ.
බුදුපියාණන්වහන්සේද බෝධිසත්ව යුගයේ වසර හයක් තිස්සේම විවිධ දුෂ්කර ක‍්‍රියා කරමින් අනුගමනය කළේ මෙවන් අනරිය වූත් ලෞකික වූත් නියත ප‍්‍රතිඵලයක් ලබාගත නොහැකිවූත් ආනාපාන සති භාවනා ක‍්‍රමයකි. එය තමන් වහන්සේම අත්දැක තිබූ නිසාත් එම භාවනා ක‍්‍රමයන් ප‍්‍රාණයාම, හතයෝග ආදී විවිධ නම් වලින්ද කසින භාවනා ක‍්‍රම ලෙසින්ද එවකට ජන්බුද්වීපයේ ප‍්‍රචලිතව පැවති නිසාත් පැහැදිළිවම මේ ලෞකික භාවනා ක‍්‍රම බැහැර කළහ. තමන් වහන්සේ වසර හයක්ම අත්විඳි මහා දුක් කන්දරාව තවත් කෙනෙකුට විඳවන්නට ඉඩ නොතබනු පිණිස මෙම පිරිසිදු බුද්ධ ආනාපාන සති භාවනාව විග‍්‍රහකර තම ශ‍්‍රාවකයින්ට පෙන්වා වදාළහ.
මේ අනුව හැම කෙනෙකුම නිවැරදි ආකාරයට තේරුම් ගත යුත්තේ ආනාපාන සති භාවනාවද දෙයාකාරයකින්ම භාවිතා වන බවයි. එකක් ලෞකික අර්ථයෙන් අර්ථ ගැන්වූ පෙර පටන්ම පැවත එන හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ මෙනෙහි කරමින් පිම්බීම හැකිළීම දෙස බලා සිටින අනරිය ආනාපාන සති භාවනා ක‍්‍රමයයි.
අනික ධර්මයෙන් අර්ථ ගැන්වූ කාමයෙන් වෙන්විය හැකි, අකුසල ධර්මයන්ගෙන් වෙන්විය හැකි, සේවනය කළයුතු හා සේවනයෙන් බැහැර කළයුතු ධර්මයන් තේරුම් ගෙන ඒවා ආනාපානය කිරීමේ අරිය භාවනා ක‍්‍රමයයි. ආන යනු ඇතුළට ගැනීමයි. (ආනයන) පාන යනු පිට කිරීමයි (අපනයන). අස්ස යනු ආශ‍්‍රය කිරීමයි. පස්ස යනු ප‍්‍රහාණය කර බැහැර කිරීමයි. අස්සාස පස්සාස යන පද දෙකද හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීමට මෙන්ම, ඉන්ද්‍රියයන් හයෙන්ම ඇතුළට ගන්නා විවිධ ගති ලක්ෂණ ඇතුළට ගැනීමත් ඉන්ද්‍රියයන් හයෙන්ම පිට කර බැහැර කළයුතු දේ බැහැර කිරීමත් යන අර්ථයෙනුත් බුද්ධ භාෂිතයේ භාවිතා කළ බව ඉතාම පැහැදිළිය.
හුස්ම ඉහළට පහළට ගැනීම කෙරෙහි පමණක් සිත යොමුකර, කය දෙස බලා සිට සිතට එන අරමුණු සියල්ලම බැහැර කර දැමීමෙන්ද සිත සමථයට පත්වීම සිදුවේ. මේ ආකාරයට සිත සමථයට පත්කර ගැනීම මගින්ද රාග, ද්වේෂ සිතුවිලි වලින් බැහැරව, එවන් අරමුණු යටපත් කර, ධ්‍යානයන් ලබාගත හැකි ක‍්‍රමයක් ද තිබේ. එය ලෞකික වූත්, අනරිය වූත් බුදුපියාණන් ප‍්‍රතික්ෂේප කළ ආනාපාන සති භාවනා ක‍්‍රමයයි. මෙහිදී වන්නේ රාග, ද්වේෂ, මෝහ අරමුණු, සිතිවිලි තාවකාලිකව යටපත් කිරීමේ ක‍්‍රියාදාමයක් සිදුවීම මිස රාග, ද්වේෂ, මෝහ අරමුණු සහමුළින්ම ඉවත්කර දමා ”භව” නිරෝධ කරන අරිය ක‍්‍රමයක් නොවේ. උපාදාන නිරෝධ කර, ”භව” නිරෝධ කිරීමේත්, භව නිරෝධ කර ජාති නිරෝධ කිරීමේත් අරිය ආනාපන සති භාවනාව වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ භාවිතා කළ එකක්ද නොවේ. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ජීවමානවීමත් සමඟම මතුවී එන භාවිතයට ගත හැකි මෙම ආනාපානසති භාවනා ක‍්‍රමය භාවිතා කිරීමෙන්ම පමණක් උතුම් නිවන් අවබෝධයද පූර්ණ කර ගත හැකිය. ඒ සඳහා බුද්ධ දේශණාවෙන් ගෙනහැර වදාළ ආනාපාන සති සූත‍්‍ර දේශණාවේත්, ඊට සම්බන්ධ තවත් සූත‍්‍ර ධර්ම කිහිපයකත් ධර්ම අර්ථයම විග‍්‍රහකර යථා පරිදි පෙන්වාදී කළයුතු හා නොකළ යුතු යන දෙපැත්තම තේරුම් කර පෙන්වා දිය යුතුමය.
රාග, ද්වේෂ ගති ලක්ෂණයන් තාවකාලිකව දවාහැර, යටපත් කරදමා ලබන ලෞකික වූත්, අනරියවූත් ධ්‍යානයන් ලැබීමෙන් නිවන් අවබෝධය සඳහා මාර්ගඵල පූර්ණ කර ගැනීම හෝ ප‍්‍රඥා විමුක්තියට පත්වීම හෝ සිදුවන්නේ නැත. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසාදැන, තේරුම් ගෙන තම තමන්ගේම සිත් කිළිටි වන්නේත්, තමන්ගේ සිත තුළට රාග, ද්වේෂ, මෝහ අරමුණු ඇතුලු කරගන්නේත්, තම කැමැත්තෙන්ම බවත් ඒ කැමැත්ත අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා තමන්ම ඇති කරගත් තණ්හාව බවත් තේරුම් ගත යුතුය.
අනරිය ප්‍රාණයාම භාවනා වැඩීමෙන් මගඵල ලැබිය හැකිද ?