අපෝයි ඔව් මොන ජරා සත්තු ජාතියක්ද මන්ද. රටටම ඇහෙන්න කෑ ගහන්න ඕනිද අපිට නින්දකුත් නෑ රෑට.කොහොමද පූසො පොඩි උන් වගේ රෑට කෑ ගහද්දි මල පයිනව ඕයි![]()

මන්දපෝෂණය හැදිච්ච එවුන් ඔහොම හැසිරෙන්නේ නැතුව වෙන කොහොම හැසිරෙන්නද.අපේ එකෙක් හිටිය ඇඟේ ඇතිල්ලෙනඋගෙ සහෝදරය තමා ආඩම්බර කාරය
ඇඟේ ඇතිල්ලෙන එකාගෙන් බිම වුනත් පිස්සෑකි ඌ ඔහේ ඉන්නව කවදාවත් හපන්නෙ හූරන්නෙ නෑ




තමුසෙගේ තේජාන්විත පූසගේ තරම හිතාගන්න පුලුවන් දැන්නම් මට.මිනිස්සුන්ට එහෙම පිඹිනවද බං බල්ලන්ටයි වෙන පූසන්ටයි සර්පයන්ටයි නං එහෙම පිඹිනව දැකල තියේ අපේ එකා නං කොච්චර හැපුවත් එහෙම පිඹල නෑ![]()


කාලකණ්නි කමේ උච්චතම අවස්ථාව !


මරුසිරා. ගෙදර හදපු සතෙක් පවුලෙන් වෙන් වුණාම මාර දුකයි නේද ? මම අපේ පූසා මැරිල ඉද්දි ඇඩුවා.
![]()

තව දාන්න මේ හරකුන්ගේ මොළේ පෑදෙන්නත් එක්ක!

තව දාන්න මේ හරකුන්ගේ මොළේ පෑදෙන්නත් එක්ක!

ow .puuso unge pita, yati bada allanawata kemathi na ,සමහර උන් ඉන්නව එහෙමපෙලක් උන් ඉන්නව ඇඟේ ඇතිල්ලෙන්නෙවත් නෑ
පූසගෙ පිට අතගාද්දි හුරතල් වෙනවනං ඌ යටහත් පහත් පූසෙක්
අපේ ගෙදර හිටිය එකා එහෙම නෙමේ උගෙ අතගාන්න පුලුවන් ඔලුව විතරයි
පිට අතගෑව කියන්නෙ නියපොතු ටිකෙන් අතේ එල්ලෙනව සනීපයි
ඊට පස්සෙ හපනව
උන් ඇඟේ ඇතිල්ලෙන්නෙ කීකරු බව පෙන්නන්නලු ඇඟේ අැතිල්ලෙන්නැති පූසො හෙන ආඩම්බරයි මං ආස ඒ වගේ උන්ට
![]()


අපේ එවුනුත් කන්න දෙනකං කීකරු බව පෙන්නනව
කන්න දුන්නම ආඩම්බරේ පෙන්නනව
ආයෙ බඩගිනි වෙනකං කොහොම කතා කළත් කනක් වත් උස්සල බලන්නෙ නෑ![]()









මරුසිරා;22350512 said:පව් යකෝ බල්ලෙක් මැරෙනකන් බලන් ඉන්නේඋත් සතෙක් නේ
අපි පොඩිකාලේ හිටිය අමතක නොවෙන පුසෝ කීප දෙනෙක් .
පලවෙනි එකා පට්ට දඩයක්කාරයා . මන් කවදාවත් දැකල නැ උ බත් කනවා .ගෙදරින් බත් මලු මස් එක්ක දුන්නත් කන්නේ නැ .උ උගේ වේල දඩයම් කරන් තමයි කන්නේ
කොටින්ම ඒකාලේ මන් හිතන් හිටියේ පුසෝ බත් කන්නේ නැ කියලා
අපි ගෙවල් මාරු කරපුදා මන් උව දල තිබ්බ ගෝනිය ලිහුව විතරයි ජෙට් එක වගේ පැනල ගියා ගියාමයි ආයේ හම්බවුනේ නැ
අනිත් එකා කහි සුදුයි එකෙක් මහතායි පට්ට ලස්සනයි .පොඩි කළෙම අපේ මල්ලිගේ පස්සේ ගෙදරටම ආව .පස්සේ අපි උව තියාගත්තා .මු ලොකු වුනාම මාර වසය පොඩ්ඩ බැරිවෙන්න පන්න පන්න පනවා .හැබැයි ලාවට .ගොඩක්ම තද වුනොත් තමයි ලේ පනින්න හපන්නේ පස්සේ වැරදියි කියල තේරිලා දුවනවා .එන්නේ නැ පළාතේ
සාලේ උට වෙනම පුටුවක් තියෙනවා .කව්රු හිටියත් උට එක දෙන්නම ඕනේ .පුටුවෙන් එකයි මු ලෝම ගොඩයි අතගාන්න ආස හිතෙනවා .
මු කවදාවත් අපි කනකොට ඉල්ලන්නේ නැ බඩගිනිම වුනොත් අතින් පොඩි තට්ටුවක් දානවා .කැගහන්නේ නැ
මු මාර චරිතයක් .අපි ගෙවල් ලග පාරේ යනකොට මු අපි මග ඉන්නවා දැක්ක ගමන් හැන්ඟෙනවා
ඒකාලේ පාර දෙපැත්තේ ලොකුවට තණකොළ .මු තණකොළ බිස්සට මුවාවෙලා ඉන්නවා අපි යනකන්
මම නිදාගන්නේ නෙට් එක දාගෙන .රෑට මු හොරෙන් හොරෙන් හිමිනම එනවා ඇදට ඇවිත් ලාවට අඩිය තියල මග ලගම ඇවිත් නිදාගන්නවා .සමහර දාට මු මගේ මුණ ලගම නිදි ටයර් එක වගේ
මු මාස 2 කට සැරයක් මිසින් .මු ඒකාලේ සතියක් දෙකක් වලබහිනවා මන් හිතන්නේ
ආයේ ගෙදර එනවා සමහර වෙලාවට දැලි නාගෙන තුවාල කරන් .ඉතින් අම්මයි මායි මුව අල්ලන් නාවල තුවාල වලට බෙහෙත් දානවා
අපිත් එක්ක අවුරුදු 15 කට වඩා හිටිය .දවසක් අපේ පත්ත්ස්ට ඔය බෙහෙත් විදින එකෙක් අවා.මු අරපුටුවේ නිදන් ඉන්නකොට මමමයි අම්මත් එකකේ බෙහෙත් විදින්න අරන් ගියේ .අරු කොන්දට බෙහෙත් දෙපාරක් විද්ද බන්
එදා මු හරි අමාරුවෙන් හිටියේ .පහුවෙනිදා බැලින්නම් මු මැරිලා .
මම අදටත් පසු තැවෙනවා බන් මේකට .බෙහෙත් නොවිද්ද නම් මු තව කාලයක් ඉන්නවා අපිත් එක්ක


මරුසිරා;22350963 said:අපි පුසේක්ව අත ගනවට උන් අකමතිලු .හේතුව උන් හිතන්නේ උන්ගේ ඇග අපිරිසිදු කරනවා කියල ආර්ටිකල් එකක කියෙව්වා ඉස්සර
අපි උන්ව අතගාල ඉවරවුන ගමන් උන් මුණ එහෙම හෝදලා ඇගත් හොදගන්නේ එකලු![]()



puso kiyanne mara charitha eka ekata wenas, ape podi kale idan baraganak hitiya ganan karannath beri tharam, aran hadagena newi patawu awith genath dala. un ekka sellan karaddi patta aatal gattahaki
ඔය පූසන්ට බනින උන් පූස් පැටියෙක් අරන් හදල බලපල්ලකෝ ආතල් එක. උන්ගෙ මායම් වලට අහූනොත් ලේසි නෑ,ගෑනුමායම් පරාදයි .
මාත් ඉස්සර පූසො පේන්නබෑ, ජරාව කියල හිතන් හිටියෙ. අහම්බේන් පූසෙක් සෙට් වෙලා හැදුව, දැන් මට,ගෙදර අයට ඌව නැතුව බැ
පූසෙක් හදන්නම ඕනේ ආතල් එක දැනෙන්න, ඔලුවෙ තියෙන ස්ට්‍රෙස් ගති ඔක්කොම අමතක වෙනව පූසොත් එක්ක්ක හුරතල් වෙද්දි,![]()


මරුසිරා;22351044 said:බල්ලෝ නරක නැ එත් පුසන්ගෙන් ලැබෙන ආතල් උන්ගෙන් ලැබෙන්නේ නැ
අපිට උන් වෙනුවෙන් කාලය සල්ලි වැයකරන්න ඕනේ නැ උන් උන්ව බලාගන්නවා අපිටත් වඩා හොදින්
