හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය නවතියි
හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට දුම්රිය සේවකයින් තීරණය කර තිබේ.
දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට සහභාගී වන බවයි.
2017 සැප්තැම්බර් 20 වන දා සියලු සංගම් හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවති සාකඡාවට අනුව රුපියල් 300ක වැටුප් දීමනාව මෙම මස වැටුපට එක් කර නොතීබීම හේතුවෙන් මෙම ඒකමතික තීරණය ගන්නා බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ආරියරත්න මහතා පවසා සිටියේ, මෙම මස වැටුප තිබු ප්‍රමාණයටත් වඩා අඩු වී ඇති බවත්, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ නියෝගය පිළිනොපැදීම හේතුවෙන් මෙම වර්ජනය සිදු කරන බවත්ය.