BSC, BB, PB වගේ ඒවාත් එක්ක කූඹියෝ කම්පයාර් කරන්න එපා මචන්. ඒ රටවල් වල සංස්කෘතියට සාපේක්ෂව අපේ රටේ වෙනස්. අපේ රටේ නිශ්පාදකවරුන්ට බන්ධනාගාර වල ගේම් ගහන උන්ට දිරි දෙන්න ගියොත් ඕවා ලියන උන්ව සීඅයිඩී එකෙන් උස්සයි, ඩ්රග් ලෝඩ්ලට පනදීලා ක්රිස්ටල් කුක් කරන චරිතවලට පනපොවන්න බෑ. ජෙහාන්ට ගහලා හොස්පිටල් එකේ ඉන්නකොට හිරුනි බබා කියලා කියන එක වෙන රටක නම් තත්පර 10-15ක තොලක් යන සීන් එකක්. යුරේනිට ඕවා නතින්ග් උනත් අපේ නිශ්පදකවරුන්ට ඒවා කරන්නත් බෑ. සමාජයට වැරදි ආදර්ශ දෙන්නත් බෑ. එහෙම දෙයක් දුන්නොත් අපේ රටේ මිනිස්සු ඒවා ගෙදරදි අත්හදා බලන්න යනවා. ඒ නිසා අපේ රටේ නිර්මාණ වලට යන්න තියෙන පරාසය ගොඩක් ලිමිට් වෙලා තියෙනවා. එහෙම ලිමිට් වෙච්ච වටපිටාවක මෙච්චර දුරක් ඇඟ බේරගෙන සදාචාරයත් රැකගෙන යන්න පුළුවන් විදිහට ස්ක්රිප්ට් එකක් ලියන එක පිටරට ලියන ඒවට වඩා අමාරුයි බන්.