බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

    බෝල රෝසා ගැන කියපු පලවෙනි බස් කතාවෙන් පස්සේ අද ලියන්න යන්නේ අපේ අල්ලපු රටේ එහෙමත් නැත්නම් මහා භාරතයේ ( සිංහලෙන් කිව්වොත් ඉන්දියාවේ ) නිෂ්පාදනයක් ගැන.

    බෝල රෝසා ගැන බලපු නැති අය එකත් බලල එන්න

    http://www.elakiri.com/forum/showthread.php?p=22298558#post22298558

    ලංකාවේ පලවෙනි අධිවේගී මාර්ගය වන කොට්ටාව ගාල්ල අධිවේගී මාර්ගය විවෘත වෙනවත් එක්ක අධිවේගී මාර්ගයේ බස් ධාවනයත් පටන්ගත්ත. අද කියන්න යන බස් එක ලංකාවේ ජනප්‍රිය උනේ මේ අධිවේගී මාර්ග ප්‍රවාහන සේවය එහෙමත් නැත්නම් හයිවේ බස් එක්ක තමයි.

    බස් එක තමයි Ashok Leyland Viking A/C එහෙමත් නැත්නම් Luxury මාදිලිය ..


    40711a.jpg



    දැකල ඇතිනේ මෙයාවනම් ඕනි තරම් .. අන්න එයා ගැන තමයි අද කියන්න යන්නේ.

    මාදිලි වලින්ම පටන්ගත්තොත් බෝල රෝසා වගේ මේ බස් එකේනම් මාදිලි සැහෙන ගානක් අවේ නැ . එත් ආසන ගණන අනුව බැලුවොත් අදිවේගී මාර්ගයේ ධාවනය කරන ගොඩක් මේ වර්ගයේ බස් වල ආසන 49ක් වගේ ගානක් තමයි තියෙන්නේ (වගේ ගානක් කිව්වේ ඇයි කියලත් ඉස්සරහට කියන්නම්) එත් ඊට අඩු ආසන ගණනක් තියෙන මාදිලිත් තියෙනවා. තව ප්‍රධාන එන්ජිමේ පිහිටීම ගැන ගත්තොත් එකෙත් වර්ග දෙකක් තියෙනවා. ඉදිරිපස එන්ජිම සහ පසුපස එන්ජිම විදිහට . කොහොමත් ඉන්ජිම ඉස්සරහින් එන මාදිලිය තමා ලංකාවේ 99.9% ක් ම දකින්න ලැබෙන්නේ . එන්ජිම පිටිපස්සේ තියෙන බස් මමනම් ඇත්තටම දැකල තියෙන්නේ එකයි .

    ඔය උඩින් දාල තියෙන පින්තුරේ ඉස්සරහ එන්ජිම තියෙන මාදිලියේ එකක්. එතකොට මෙන්න මේක පිටිපස්සේ එන්ජිම තියෙන එකක්. (මම ගියෙත් මේ පාටම එකක , මෙකෙමද මන්ද )

    12m-Rear-Engine-AC-inn1.jpg



    ඊළඟට සැප පහසුව

    A/C එක ගැන කියලම පටන්ගන්නවනම් ඉතින් කියන්න තියෙන්නේ A/C තියෙනවා ගල් වෙන්නම. ඉන්දියාවේ තියෙන අධික උෂ්ණත්වයට උනත් හරියන්න නේ හදනවා ඇත්තේ . හැබැයි ඉතින් මේ A/C එක ජපන් බස් වල වගේ මුළු බස් එකටම එක විදිහට දැනෙන්නේ නම් නැහැ . ඒ කියන්නේ පිටිපස්සේ යන කෙනෙක්ට ඇන්ටාක්ටිකාවට ගියා වගේ හැගිමකුයි ඉස්සරහ ඉන්න කෙනෙක්ට සහරා කාන්තාරේ ඉන්නවා වගේ හැගිමකුයි එකම වෙලාවේ දැනෙන්න පුළුවන්.කෙටියෙන්ම කිව්වොත් ඉස්සරහ කොටසට A/C මදි එත් පිටිපස්සට ඔනිවටත් වැඩියි. ඒ නිසා තමන්ට ගැලපෙන තැනක ඉඳගෙන යන්න.

    අනික මේ බස් වල ඔය climate control A/C එහෙම නෑ . කිසිම control එකක් නැතුව සුළි සුලන් වගේ එන A/C එකක් තමයි තියෙන්නේ . හැබැයි උෂ්ණත්වය පාලනය කරන knob එක ටිකක් මැද හරියට වෙන්න කැරකුවාම කූල් එක වැඩි වෙනකොට A/C Compressor off වෙලා Blower විතරක් වැඩ කරනවා , ආයේ රත් වෙනකොට ඔන් වෙනවා. පරණම විදිහේ සිස්ටම් එකක්

    A/C කවුළු ගැන කියනවනම් ගොඩක්ම බාල තත්වයේ තියෙනවා කියල කියන්න පුළුවන් . මොකද අපිට උවමනා පැත්තට හරවගත්තට මේක එක දිගට ඒ පැත්තට හැරිලා තියෙන්නේ නෑ . ඒ වගේම තමයි මේ කවුළු වල පැවැත්මත් ගොඩක්ම දුර්වල තත්වයක තියෙන්නේ. මිට අවුරුද්දකට දෙකකට කලින් ගෙනාපු බස් එකක උනත් දැන් තියෙන තත්වය බැලුවොත් A/C කවුළු කැඩිලා ඒ නිසා ඒවාට කොළ ගුලි ඔබල තියෙනවා ගොඩක් බස් වල බලාගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි දැන් තත්වය

    21731359_10213108294638504_7411199437701266950_n.jpg


    අනිත් දේ මෙතන මේ පෙන්න තියෙනවා වගේම එක එක ආසනයට වෙනම on off කරගන්න පුළුවන් විදිහේ reading lamps තිබුනට දැන් නම් ගොඩක් ඒවා වැඩ කරන්නේ නැ .

    හැබැයි දැන් දැන් සමහර බස් වල ලේලන්ඩ් mitr, Lynx වගේ මාදිලි වලට එන A/C කවුළු දාල අලුත්වැඩියා කරලා තියෙනවා, සමහරු ජපන් බස් වලට එන A/C කවුළු එහෙමත් දාල තියෙනවා. ඒ අතරින් මම දැකපු මේ A/C කවුළු සෙට් එකනම් හොඳටම හොඳයි කියන්න පුළුවන්,

    IMG_20170922_065604.jpg


    තව අලුතෙන් එන එන්ජිම පිටිපස්සේ තියෙන මාදිලියේ වෙනස්ම ආකාරයක A/C කවුළු සෙට් එකක් එනවා. පොඩි තද ගතියක් ඇරෙන්න ඒවගෙත් ලොකු වැරද්දක් නම් පෙන්න නැ . ෆොටෝ එකක්නම් හොයාගන්න නැ .

    ඊළඟට සිට් ගැන කියනවනම් ඉතාමත්ම හොඳ තත්වයේ සිට් සෙට් එකක් තියෙනවා මේ බස් වල. ජපන් බස් කොච්චර ලස්සන උනත් හොඳ උනත් ඒවගේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි සිට් පොඩි වීම . හැබැයි මේ බස් එකේනම් එහෙම නැ . දෙන්නෙක් ඉන්දගත්තම අනිත් කෙනාගේ උරහිසේ තමන්ගේ උරහිස වැදෙන්නේ නැතුව බොහොම පහසුවෙන් යන්න පුළුවන්. අනික මේ බස් වල සිට් adjustable එහෙම කියල පොඩ්ඩක් පාතට කරපු ගමන් පිටිපස්සේ සිට් එකේ ඉන්න කෙනාගේ දණහිසේ වදින්නේත් නැ . සිට් අතර හොඳ පරතරයකුත් තියෙනවා. තව සිට් එකේ දෙපැත්තට සහ මැදින් arm rest තියෙනවා , මේවා අකුලන්නත් පුළුවන්

    offerhut.lk_ANNAI_MUTHUMARI_TRAVELS_sri_lankan_best_offer_912016_11_14_05_25_03452.jpg


    ඔය arm rest එකට යටින් තියෙන පොඩි ලිවර් එකෙන් තමයි සිට් එක adjust කරන්නේ

    IMG_20171020_074437.jpg


    මේ උඩ ෆොටෝ එකේ පේනවා වගේ කකුල් දෙක තියාගන්න foot rest එකකුත් එනවා. වැඩි ලස්සනක් නැති උනාට අවශ්‍ය වැඩේ වෙනවා ගානට.

    ඊළඟට වැදගත්ම දේ suspension. මේකේ ඉස්සරහට පස්සට දෙකටම එන්නේ Air suspension ඒ නිසා ඒ අතිනුත් සැප පහසුව නම් හොඳ මට්ටමක තියෙනවා කියන්න පුළුවන්.

    දැන් බලමු මේ ජාතියේ බස් එකක යන්න ලැබුනොත් කරන්න ඕනි දේවල්

    ඉඳගන්න තැන. - කලිනුත් කිව්වා වගේ මේකේ A/C එකනම් බැලන්ස් නැ . ඒ නිසා මම වගේ සීතලට ගොඩක් කැමති අය පිටිපස්සට යන්න. සිතල පෙන්නන්න බැරිනම් ඉස්සරහම පේලියේ වගේ ඉඳගන්න.

    21740627_10213108299198618_5927413707895555218_n.jpg


    photo එකේ පෙන්න තියෙනවා නේද වහලේ මැදින් තියෙන A/C යුනිට් එකේ හුලන් ඇතුලට අදාල ගන්න තැන. අන්න එතනින් පිටිපස්සට වෙන්න තියෙන සිට් එකක ඉඳගන්නවනම් සිතල ටිකක් වැඩියි .

    අනිත් වැදගත්ම දේ , කරන්නම දෙයක් නැත්නම් මිසක් අන්තිම සිට් එකේනම් යන්න එපා. හේතුව අපේ කට්ටිය කරන වැඩක් . මේ බස් එකේ අන්තිම පේලියට එන්නේ `සිට් 5යි එත් අපේ බස් අයියල ඒවා ලඟින් ලඟින් හයි කරලා සිට් 5 , 6 ක් කරනවා arm rest එහෙම ගලවනවා මේ වැඩේට . එහෙම සිට් එකක ගියාම දෙපැත්තෙන්ම තැලිලා පොඩිවෙලා යන්න තමයි වෙන්නේ. හම්මෝ දවසක් සුපිරි කට්ටක් සෙට් උන අන්තිම සිට් එකේ ගිහින් මහරගම ඉඳන් මාතරට යනකන්. තව ඔය අන්තිම සිට් එකේ දෙපැත්තේ තියෙන සිට් දෙක හරියට recline කරන්න එහෙමත් බෑ.

    bag අරන් යන අයට කියන්න තියෙන්නේ මේ බස් එකේනම් ඇති තරම් luggage space තියෙනවා . බස් එකේ එළියෙන් තියෙන මේ ඉඩේ ඕනි ලොකු bag එකක්, තව ලොකු පාර්සල් එහෙම අරන් යන්න පුළුවන් .

    12m-Front-Engine-AC-inn3.jpg


    12m-Front-Engine-AC-inn4.jpg


    තව පොඩි bag තියෙනවනම් ඇතුලේ සීට් වලට උඩින් තියෙන රැක් එකේ දාගන්න. ටිකක් විතර ලොකු bag එකක් උනත් මේකේ ලේසියෙන් දාගන්න පුළුවන්. හැබැයි සමහර හයිවේ බස් වල මේ රැක් එකේ බඩුගෙනියන්න දෙන්නේ නැහැ මොකද මේ රැක් එක ඇතුලෙත් A/C කවුළු තියෙනවා , ඒවා වැහෙන නිසා . ඒ ගැනත් පොඩ්ඩක් අවධානයෙන් යන්න .

    මොනවද මේ බස් එකේ තියෙන අවුල්

    අවුල් නම් සැහෙන්න තියෙනවා. පලවෙනි එක තමයි පැවැත්ම ඉතාමත් නරක වීම . උඩින් කිව්වා වගේ A/C කවුළු තමයි ප්‍රධානම ලෙඩේ. තව වහලේ තියෙන A/C එකෙන් වතුර වැටෙන එකත් ලෙඩක්. තව වැස්ස වෙලාවට මේකේ ජනෙල් අයිනෙ බීඩින් වලින් ඇතුලට වතුර ලීක් වෙනවා .

    IMG_20171019_073136.jpg


    පැහැදිලිව පේනවද මන්ද . මේ ටිකක් හොඳ අවස්තාවක්. මීට වඩා ලීක් වෙන වෙලාවලුත් තියෙනවා.

    ජපන් බස් වලට සාපේක්ෂව ඉතාමත් ඉක්මනින් බස් එකේ බොඩි එක සවුත්තු වෙලා , interior සවුත්තු වෙලා අවුරුදු දෙක තුනකින් බස් එකට හොඳටම පරණ පෙනුමක් එනවා. සීට් උනත් ඉරිතලල කැත වෙනවා මේ බස් වල.

    තව ඩ්‍රයිවර් , සහ කොන්දොස්තර ඉන්න කොටසට A/C වදින්නෙම නැහැ . බස් එකේ මීටර් පැනල එක , එන්ජිමේ සද්දේ උනත් සාමාන්‍ය ලේලන්ඩ් බස් එකකට වැඩිය කිසි වෙනසක් නැ .

    මේ දේවල් නිසා මේක මෙලෝ රහක් නැති බස් එකක් කිව්වත් වරදක් නැ ඉතින් .

    මේ වගේ හේතු නිසා හයිවේ එකේ බස් දුවන ගොඩක් අය අලුතෙන් බස් ගනිද්දී youtong, sunlong, higer , golden dragon වගේ chinese බස් ගන්න පෙළඹෙනවා . ඒ බස් ගැනත් දවසක ලියන්නම්

    අන්තිමට කියන්න ඕනි බස් එකක පැවැත්ම බස් එකේ නිෂ්පාදකයා , අයිතිකරුවා අතම නෙවෙයි බස් වල යන මගියෝ වන අපේ අතෙත් තියෙනවා. ඒ නිසා බස් විනාස කරන්න එපා. තව කෙනෙක්ට යන්න පුළුවන් වෙන්න මේ බස් පරිස්සම් කරගන්න. ගොඩක්ම හයිවේ එකේ යන බස් වල A/C කවුළු කැඩෙන්න හේතුව මගියෝ මේවා පාවිච්චි කරන විදිහ , ඒ වගේම ලඟදි දවසක මම දැක්ක වීඩියෝ එකක් මේ ජාතියේම බස් එකක යන මගී බූරුවෙක් curtain එකෙන් හොටු පිහදානව . ඒ වගේ වැඩ වලින් වැළකිලා ඉන්න කියල හැමෝගෙන්ම ඉල්ලනවා . එහෙනම් සුභ ගමන්



    12m-Front-Engine-AC-inn1.jpg


    ගත්තේ සුපුරුදු පරිදි මගේම බ්ලොග් එකෙන්

    https://kimbulkotuwa.blogspot.com/

    edit

    ඔන්න හොටු පිහදාන වීඩියෝ එක

    https://www.facebook.com/PhoneHoraReturn/videos/362375717519090/
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Yutong බස් මරු නේද.....
    මමනං ගිහින් තියෙන්නෙ කොළඹ කටුනායක හයිවේ බස් වල විතරයි.
    ඔය ඕන තරං තියෙන්නෙ පිටිපස්සෙ එන්ජිම එන බස් :confused:
    එන්ජිම ඉස්සරහ තියෙද්දි සද්දෙ වැඩියි.
    පිටිපස්සෙ සීට් වල එහෙම අවුලක් නං මෙහෙ නෑ..
     
    • Like
    Reactions: ucakila

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Yutong බස් මරු නේද.....
    මමනං ගිහින් තියෙන්නෙ කොළඹ කටුනායක හයිවේ බස් වල විතරයි.
    ඔය ඕන තරං තියෙන්නෙ පිටිපස්සෙ එන්ජිම එන බස් :confused:
    එන්ජිම ඉස්සරහ තියෙද්දි සද්දෙ වැඩියි.
    පිටිපස්සෙ සීට් වල එහෙම අවුලක් නං මෙහෙ නෑ..

    Chinese බස් නම් තියෙනව ඉන්ජිම පිටිපස්සෙ තියෙන. මම කිව්වෙ මේ ජාතියේ ලේලන්ඩ් ගැන. Youtong, higer වගේ chinese බස් නම් පට්ට තමයි

    +15
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    [ඔ්ක එහෙම්පිටින්ම volvo bus එකක කොපියක් බං.

    කොපියක්ද කියල හරියටම කියන්නත් බෑ මොකද ඔය කියන volvo එකත් දැන් හදන්නෙ ඉන්දියාවෙමයි. බොඩිඑක හදන්නෙත් මේ ලේලන්ඩ් බොඩි එක හදන උන්මද කොහෙද