Canadian Express Entry ගැන විස්තරයක්

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Canadian Express Entry ගැන විස්තරයක්

    Canadian Express Entry ගැන කට්ටිය විස්තර ඇහුව නිසා ඒ ගැන ලියන්න හිතුවා .

    Canadian Express Entry කියන්නේ කැනඩා වල වැඩ කරන්න ජිවත් වෙන්න කැමැති අයට තියෙන අවස්තාවක් . මේක point based system එකක් .ලකුණු වැඩියෙන් ගත්ත අයට invitation එක හම්බෙනවා PR apply කරන්න .මේක පටන් ගත්තේ 2015 අවුරුද්දේ

    කොහොමද ලකුණු ලැබෙන්නේ කියලා බලමු .

    1. ඔයාලගේ අධ්‍යාපනික සුදුසුකම් සදහා : උපරිම ලකුණු 110
    2. ඔයාලගේ ඉංග්‍රීසි and/or ප්‍රංශ දැනුම සදහා : උපරිම ලකුණු 160
    3.ඔයාලගේ වෘත්තීය පළපුරුද්ද සදහා : උපරිම ලකුණු 50
    4. ඔයාලගේ අධ්‍යාපනික සුදුසුකම් සදහා : උපරිම ලකුණු 150
    5.ඔයාගේ සහකරුගේ හෝ සහකාරියගේ සුදුසුකම් සදහා : උපරිම ලකුණු 40


    තව අමතර ලකුණු ලැබෙනවා කැනඩාවේ ජොබ් offer එකක් ලැබුනොත් ලකුණු 200ක් provincial nomination ලැබුනොත් ලකුණු 600 ක්. ගන්න පුළුවන් උපරිම ලකුණු ගාන තමයි 1200 .

    ඔයාට මේ ලින්ක් එකට ගිහින් ඔයාට ලැබෙන ලකුණු ගාන බලාගන්න පුළුවන් .
    http://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp

    අපි උදාහරණයක් විදිහට අවුරුදු 27 ක degree යක් තියෙන අවුරුදු 3ක් work experience තියෙන , IELTS 7.5 (Reading 8) ගත්ත තනිකඩ කෙනෙක් ගමු .

    Age = 110 (Maximum 110)
    Language = 125 (Maximum 150)
    Level of education = 120
    Skill transferability factors =38
    Total points = 393

    අපිට ලකුණු 100 ට වඩා තියෙනවනම් application එක දාන්න පුළුවන් .application දාපු කට්ටියව pool එකකට දානවා .ඒ pool අයගෙන් ටිකකට හැම මාසෙකම අඩුම ගානේ එක සැරයක්වත් invitations එවනවා . ඒ එවන ගාණ තීරණය කරන්නේ කැනඩා රජය . pool එකේ ඉන්න අයට ජොබ් offer කරන්න කැනඩාවේ companies වලට පුළුවන් . ජොබ් offer එකක් ලැබුනොත් ලකුණු 200ක් එකතු වෙනවා

    පහුගිය මාසවල එවපු invitation ප්‍රමාණය
    EEDraw80-ITAs-Issued-in-2017-002-1024x576.png


    .





    මේ invitation හම්බෙන්නේ pool එකේ වැඩිපුර ලකුණු තිබ්බ කට්ටියට .ලංකාවේ campus වල cut-off marks වගේ තමයි .2017 ඔක්තෝම්බර් 18 ගත්තොත් invitations 2757 ක් එවලා තියෙනවා . 2757 වෙනියට ඉන්න කෙනාගේ ලකුණ තමයි cut-off marks එක වෙන්නේ .මේ ලකුණට කියන්නේ minimum CRS score .Comprehensive Ranking System (CRS) .


    පහුගිය මාසවල minimum CRS score

    minimumCRS_Dec20EE-002-1024x555.png





    minimum CRS score එක තීරණය වෙන්නේ අලුතෙන් කීදෙනෙක් pool එකට ආවද , pool එකෙන් කි දෙනෙක් ගියාද ,කොච්චර invitation යවනවද කියන කාරනා මත තමයි .

    අපි example එකක් විදිහට ගත්ත කෙනාට තිබ්බේ ලකුණු 393 යිනෙ .අපි හිතමු එයා application එක දැම්මේ 2017 අප්‍රේල් 1 වෙනිදා කියලා .එතකොට එයාව 2018 මාර්තු 31 වෙනිදා වෙනකන් අවුරුද්දක කාලයකට pool එකට දානවා . .ඒකාලේ ඇතුලත minimum CRS score එක 393 ට අඩුවුනනම් හරි එයාට job offer එකක් ඇවිත් ලකුණු ගාන වැඩිවුනොත් හරි එයාට PR දාන්න invitation එක හම්බෙනවා .


    මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන් 2016 year end report එක . එකේ තියෙනවා කොච්චර application ගානක් දාල තියෙනවද ? application reject වුන ප්‍රමාණය (50%ක් විතර ) .invitation අපු ප්‍රමාණය ගණන් රටවල් අනුව ,ජොබ් එක අනුව
    https://www.canada.ca/en/immigration-refugees-citizenship/corporate/publications-manuals/express-entry-year-end-report-2016.html
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    machan Account ekak hadala online apply karana widiyath poddak dapanko,
    Points nan awlak ne above 400 thiyanawa
    uba witarane ehema ekek inne .mahansi wenawatath padui .PM ekaka or call ekak danna .help ekak karannam