විපතක_තරම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යුද්දයක් මිනිසුන්ට කළ විපතක තරම..! වසර 18 කට පසු සැමියාට බිරිඳ දරුවා හමුවෙයි: දෙගොල්ලම සිතුවේ මැරිලා කියලා

Bahidharan.jpg




යාපනයේ වැසියෙකුගේ අතුරුදහන් වූ බිරිඳ හා දරුවා වසර දහ අටකට පසුව 27 දා ඕස්ට්‍රෙලියාවේදී හමුවී තිබේ.


පී. බහිදරන් නැමති මේ පුද්ගලයා විවාහ වී වසර හතරකට පසුව එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් එම සංවිධානයට බඳවා ගෙන තිබේ.


අවසන් යුද සමය දක්වා ඔහු එල්.ටී.ටී.ඊ.සංවිධානය සමග කටයුතු කොට අවසන් කාලයේදී යුද හමුදාව වෙත බාර වී රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපනය වීමෙන් පසුව නිදහස ලබා ඇත.
නිදහස ලද දිනයේ සිට තම බිරිඳ හා දරුවා සොයමින් බහිදරන් විවිධ පළාත්වලට ගොස් ඇතත් ඔහුට ඔවුන් දෙදෙනාව හමු වී නොමැත.
ඕස්ට්‍රෙලියානු රූපවාහිනී වැඩසටහනකදී තම බිරිඳ වැනි අයෙක් දැකීමෙන් පසුව ඔහු ඕස්ට්‍රෙලියාවේ සිටින මිතුරෙකුට තොරතුරු දැණුම් දීමෙන් පසුව ඔහු එම රූපවාහිනී නාලිකාවෙන් ලබාගත් තොරතුරු වලට අනුව බහිදරන්ගේ බිරිඳ සොයාගෙන ඇත.


බහිදරන්ගේ බිරිඳට කීප දෙනෙකුම පවසා ඇත්තේ යුදධයේදී බහිදරන් මිය ගිය බවයි.


තම සැමියා තමන්ට දුරකතනයෙන් කතා කිරීමෙන් පසුව දෙදෙනාම හමුවීම පිණිස ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වී තිබේ.
බහිදරන් අවස්ථා දෙකක්ම විශාල මුදලක් ගෙවා බෝට්ටුවෙන් ඕස්ට්‍රෙලියාවට යාමට උත්සාහ කොට ඇතත් ඒ අවස්ථා දෙකම අසාර්ථක වී ඇත.
අවසානයේදී බහිදරන්ගේ ඕස්ට්‍රෙලියාවේ සිටින මිතුරා අදාල රූපවාහිනී නාලිකාවට බහිදරන්ගේ බිරිඳ හා දරුවා රැගෙන ගොස් තත්ත්වය විස්තර කිරීමෙන් පසුව බහිදරන්ට ඕස්ට්‍රෙලියාවට ගොස් සිය බිරිඳ හා දරුවා දැක ගැනීමට වසර දහ අටකට පසුව අවස්ථාව උදා වී තිබේ.
බහිදරන් විවාහ වී දින කීපයකට පසුව සිය බිරිඳ සමග ගත් ඡායාරූපයකි මේ.
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹ ගොතපු කතාවක්ද දන්නෙත් නෑ :baffled: උඹ දාල තියෙන ත්‍රෙඩ් වල හැටියට එහෙම වෙන්න බැරිත් නෑ :baffled:
 

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    උඹ ගොතපු කතාවක්ද දන්නෙත් නෑ :baffled: උඹ දාල තියෙන ත්‍රෙඩ් වල හැටියට එහෙම වෙන්න බැරිත් නෑ :baffled:
    :yes:
    Save
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,396
    1,663
    113
    Keri wesa pakaya tho neda hema thread ekakama buddhagamata agawrawa wena wididhata tag danne