coconut -පොල් වගාව

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ගස් කියන්නෙත් අපි වගේම තමා...
    කට්ටිය පොල් වගාව වරද්දගන්න තැන තමා පොල් හිටවන්න පටන් ගන්න ක්‍රමය..
    ප්‍රදාන ක්‍රම 2ක් තියනවා..

    1 Under palnting - පරණ වගාව තිබියදී වගා ආරම්බය
    2 Replanting - අලුතින්ම වගාවක් ආරම්බය



    1 Underplanting - පරණ වගාව තිබියදී වගා ආරම්බය
    (Planting seedlings in between existing rows of old plantation and gradual removal of them within a 5-6 year period after planting of seedlings)

    මෙන්න මේ ක්‍රමයට පරන ගස් අයින් කරන්න ඕන
    1st year after planting – 15%
    2nd year after planting – 15%
    3rd year after planting – 20%
    4th year after planting – 20%
    5th year after planting – remaining palms

    රතු කුරුමිනියා ඒක්ක බෑ..... පිදිච්ච ගස් 35-40 ඉවරයි.....
    රතු කුරුමිනියා ගහකට හානි කිරීමේ ප්‍රවනතාවය වැඩි වන සාදක තියනවා
    ගහකට සිදුවන තුවාල නිසා
    ගහක මාංශල ස්භාවය වැඩි වීම

    වෙන්නේ මෙන්න මේකයි..
    අපි පරන ගස් අයින් කරනකොට අලුත් ගස් වලට හානි සිදු වෙනව... පරන ගහක් වැදිල අලුත් ගහක අත්තක් 2ක් කැඩුනා වුනත් ඇති කුරුමිනියො එන්න...
    කුරුමිනියොත් සොම්බිලා වගේ තමා.. අර තුවාලෙන් එන ඉස්ම වල සුවදට එලවලා එන්නේ..

    වත්තේ එක ගහකට ආව කියන්නේ වැඩේ හරි..
    මොකද අලුත් ගස් වල මාංසල ගතිය වැඩී..
    ලේසියෙන්ම අනිත් ගස් වලට පහර දෙන්න පුලුවන්...

    අපිට මේ කාරනාව මුලින් ගස් හිටවන්න පටන් ගන්නකොට කලමණාකරගන්න පුලුවන්... ඒ කියන්නේ ඇදවෙලා තියන.. කපන්න අමාරු ගස් මුලින් අයින් කරන එක තමා හොදම දේ...

    කොහොමත් හානියක් වුනා කියමුකෝ...
    වුන වෙලාවෙම කලුතෙල් හෝ තාර තුවාලය වුන තැන ගාන එක තමා මුලින්ම කරන්න ඕන.. මාස තුනක් හතරක් යනකල් ගහ ගැන හොද පරීක්ශාවෙන් ඉන්න ඕන.

    අක්කර පහකට වඩා වැඩි ඉඩමක්ට කුරුමිනි උගුල් පාවිච්චි කරල කුරුමිනියව මර්දනය කරන්න පුලුවන්..

    රතු කුරුමිනියාගේ හානිය කලු කුරුමිනියට වඩා බොහොම දරුනු මට්ටමක තියනවා..
    ර්තු කුරුමිනියා හානි කරපු ගහක් බේර ගන්න තියන අවස්තාව බොහෝම අවම මට්ටමක තියෙන්නේ.. මොකද හානිය අදුරගද්දි ගහේ ගොබයට හානි කරල ඉවරයි..
    දොස්තර නලාව වගේ උපකරනයක් තියනවා ඕක ගහක කදට තියල සද්දේ අහපුහම කියන්න පුලුව්න් කුරුමිනිය ඉන්නවා නම්.. කුරුමිනියා කරන්නේ ගහ විදලා ඇතුලේ බිත්තර දාන එක... බිත්තර වලින් හැදෙන පනුවො තමා වැඩේ දරුනු කරන්නේ, මේ පනුවොත් ලොකු වෙලා කුරුමිනියො වෙනවා.. අපි දන්නේම නැතුව ලොකු අවදානමක් වත්තේ ඇතුලෙම ඇති වෙනවා..
    හොදම දේ තමා කුරුමිනි හානිය අදුරගත්ත ගහ කපල , බොඩේ, කද පලල ගින්දර තියන එක..

    තව තියනවා මොනකොටපොස් කියල තෙල් එකක් ඒක ගහට කදෙන් විදින්න පුලුවන් හැබැයි මාස 6ක් විතර පොල් පාවිච්චියට ගන්න බෑ..ඒ තර්ම ඒක විසයි..
    විස වැඩි හින්දම පාවිච්චිය සීමා කරල තියෙන්නේ..


    මේ කාලේ වැඩ පොඩ්ඩක වැඩි පින්වතුනි.. පොල් වගාව ගැන සහ කොහු කර්මාන්තය ගැන නූලක් ඉදිරියේදී දාන්න තමා බලාපොරොත්තුව..
    වගාව පිලිබද ප්‍රශ්න ඇතොත් මම හැකි පමනින් උදව් කරන්නm
    ..
     

    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    පොල් පැළයක් හිටවන නිවැරදි ක්‍රමේ දාන්න පුලුවන්ද ?
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    පොල් පැළයක් හිටවන නිවැරදි ක්‍රමේ දාන්න පුලුවන්ද ?

    පැලයක් හිටවන්න කලින් අපි සලකල බලන්න ඕන පැලේ හිටවන්න ඕන තැන පිහිටීම.. පොහොර දාන්න ලේසි, 1 මීටරයක් ගැබුරට පසේ ගල් , තද කොටස් තියනවද , පස මොනවගේද කියල..

    පොත්වල තියන ක්‍රම හැම වෙලාවෙම ප්‍රායෝගික නෑ....

    වල කපන සයිස් එක පසේ හැටියට තීරනය වෙනවා
    Sandy and Loamy soils – 3 ft x 3 ft x 3 ft
    Gravelly, Cabooky, Quartzitic soils – 4ft x 4 ft x 4ft

    වලේ යටට පොල් ලෙලි තට්ටු 2ක් දාල
    මතුපිට පස් + dolamite 1 kg + කොම්පෝස්ට්, ගොම 5kg + YPM fertilize 1 kg
    තමා පුරවද්දි දාන්නේ...

    සමහරු වල පුරවලා මාස 3-6ක් විතර තියල පැල හිටවනවා..
    එවෙලෙම හිටෙව්වත් අවුලක් නෑ..

    හිටවන්න කලින මේන්න මේ ප්‍රතිකාරෙ පැල වලට කරනවා.. වේයන්ගෙන් හා කෘමී හානි වලක්වගන්න..

    40 ml of Chloropyrofos + 10 liters of water.
    or
    20 ml of Admire + 10 liters of water.
    or
    (අමු ගොමයි, ගොම මුත්‍රා එකට දිය කරල ගන්නත් පුලුවන්)
    මේ මිශ්‍රන 3න් එකක විනාඩි කීපයක් ගිල්ලනවා පොල් ගෙඩිය තියන කොටස..

    පැලේ හිටවලා පොල් ලෙලි, පොල් අතු වලින් පැලේ වටේට බිම් වැස්මක් යොදනවා.. පසේ තියන තෙතමනේ ආරක්ශා වෙන්න .. මේකෙන් ගහ වටේ කැලේ වැවෙන එක අඩු වෙනවා
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මචං අපේ ගහක පොල් කුරුවල් වෙලා වගේ.ඒ කියන්නේ ගෙඩි ලොකු වෙන්නේ නැහැ.ඒකට හේතුව මොකක්ද?
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    Palayakbhitawanakota Parana mul kapala hitawanta onida...

    එපා එපා... පොලි බෑග් පොල් පැල හිටවන එක තමා හොදම වැඩේ. පොල් පැලේ හිටවද්දි පොලිතින් බෑග් එක අයින් කරනවා පරිස්සමට ... මුලින්ම අඩිය යටින්ම රවුමට කපලා හිමීට වලෙන් තියලා පරිස්සමට බෑග් එක උඩට උස්සනවා...

    මුල් කපනව තියා මුල් හෙලවෙන්නේ නැති තරමට හොදයි..

    ගහක් තමුන්ගේ පොෂණය ලබා ගන්නේ මුල් වලින්..මුල් නැතිව කොහොමද ගහ පසෙන් වතුර පොශනය උරාගන්නේ.. ගහ පිහිටි පොලවට අනුවර්තන වෙන්න ටිකක් කල් යනවා ඒක හින්දා වතුර එහෙම බාල්දි 2ක් තුනක් දැම්මට කමක් නෑ දවසක් ඇර දවසක්
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මචං අපේ ගහක පොල් කුරුවල් වෙලා වගේ.ඒ කියන්නේ ගෙඩි ලොකු වෙන්නේ නැහැ.ඒකට හේතුව මොකක්ද?

    කලින් හොදට හැදුන නම් ගහේ අවුලක් නෑ
    අවුල තියෙන්නේ ගහට පෝෂණය මදි කම....

    මැග්නීසියම් මදි කමක් වෙන්න පුලුවන්.. ගහක් දකින්නේ නැතුව කියන්න අමාරුයි..
    ගහ වටේට අඩි 5ක් විතර ගහට පරතරේ තියල අඩියක් පලලට රවුමට පස් අයින් කරල ගොම පොහොර කොල රොඩු කොම්පොස්ට් වගේ දෙවල් දාල වහන්න... ඩොලමයිට් කිලේ (1 නිර්දේශිත ) 1.5 වගේ උඩින් දාල පොල් අතු දාල වහන්න රවුමට...
    වියලි කාලගුනයක් නම් වතුර දන්න ...
    මාස 6කින් ගහ ගොඩගන්න පුලුවන් සුපිරියට....