පුළුවන් නම් ඔයගොල්ලො ආණ්ඩුවක් පිහිටුවා ග

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පුළුවන් නම් ඔයගොල්ලො ආණ්ඩුවක් පිහිටුවා ග

    මෛත්‍රිගෙන් සැර ප්‍රහාරයක්

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදීම ආණ්ඩුවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කොට පුළුවන් නම් තනිව යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි ප්‍රකාශයක් කොට කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පිටව ගොස් තිබේ.
    ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පෙරවරුවේදී ආරම්භ වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමන් පොළොන්නරුවේ සිට දේශපාලනයට පැමිණි ආකාරය සිහිපත් කරමින් මෙසේ අවධාරණය කොට තිබේ.

    ජනාධිපතිවරයා කතාව ආරම්භ කොට තිබෙන්නේ කෝ හරීන් ඉන්නවද? ආ නෑ නේද කියමිනි.
    "එ.ජා.ප.යේ හරීන් ප්‍රනාන්දු, මරික්කාර්, නලීන් බණ්ඩාර සහ සුජීව සේනසිංහ තැන් තැන්වලදී මට දැඩි වාග් ප්‍රහාර එල්ල කරනවා. ඒත් මම බැඳුම්කර විමර්ශන කොමිසම පත් කළ එක වැරැදිද? මට කියන්නේ දඬුවම් කරන්න එපා කියලද? මම කියපු ඒවා ඇහුවා නම් මේ ප්‍රශ්න එකකටවත් මුහුණ දෙන්න වෙන්නේ නැහැ. මම කියපු දේ ඇහුවේ නැති නිසා තමයි මේවා සිදු වෙමින් තිබෙන්නේ. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන්න මම එපා කිව්වා. ඇහුවද? රවි මුදල් ඇමැති ලෙස පත් කරන්න එපා කිව්වා. ඒත් කවුරුත් ඇහුවේ නැහැ. මම මේ ලයින් එකේ තමයි එදා ඉඳලා හිටියේ. මම දූෂණයට විරුද්ධව 2012දී මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට කතා කෙරුවා. ඒ ඇති වෙච්ච ප්‍රශ්නය නිසා තමයි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණයක් ගත්තේ. ඒ අනුව තමයි මම අදත් ගමන යන්නේ. අද මට යූ.ඇන්.පී. අය ජනාධිපතිගේ ටෝක්. ජනාධිපති පික් පොකට් ගහනව කියනවා. මේක බැලුවම මේගොල්ල කියනවද? නැති නම් මේගොල්ල ලවා කියවනවද? බැලුවම නම් පේන්නේ මේ ගොල්ලෝ ලව්වා කියවනවා වගෙයි.
    මෙහෙම නම් කතා කරන්නේ මට ගනුදෙනු බේරා ගන්න බැරි නැත්තේ නැහැ. එහෙම දාලා මම කොහේද යන්නේ. බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.? මම 2015දී රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ ඇයි? අපි හොරකම්, දූෂණ වංචා නවත්වනවා කියලයි පොරොන්දු දුන්නේ. මම මේ ගමන ඒ විදියට යන්න කැමැතියි." ජනාධිපතිවරයා එසේ අවධාරණය කරමින් තම මේසය මත තිබූ හඬ පටිගත කරන යන්ත්‍රය ඇමැතිවරුන්ට ප්‍රදර්ශනය කරමින් වැඩිදුරටත් මෙසේ ද පවසා ඇත.

    "මම කතා කරන දේ මට වටිනවා. ඒකයි රෙකෝඩ් කරන්නේ. මම යූ.ඇන්.පී.යට විරුද්ධ නැහැ. මම බොහෝ දේවල් කැප කරලා ජීවිතය පරදුවට තියලා මරණ මංචකයට යන්න හිටි මොහොතක පවුලත් පරිත්‍යාග කරලයි ආවේ. මට බලයට එන්න යූ.ඇන්.පී.ය උදවු කළ බව මම දන්නවා. මේ රටේ කිසිම ජනාධිපතිවරයකු අගමැතිවරයකුට නොදුන් බලතල මේ අගමැතිතුමාට දුන්නා. මා එසේ කළේ මේ ආණ්ඩුව කරගෙන යන්නයි. මම දන්නවා මම යූ.ඇන්.පී.ය පාවලා දෙන්නෙත් නැහැ. යූ.ඇන්.පී.යට විරුද්ධත් නෑ. නමුත් මහ බැංකු හොරකමට ඉඩ දෙන්න කියලද කියන්නේ? මට ඒක කරන්න බැහැ. මගෙන් ඒවද බලාපොරොත්තු වෙන්නේ? මම දන්නවා නඩු යට ගහන්න ගිය හැටි. ආණ්ඩු දිගටම කරගෙන යනවද කියලා හා කරන විදිය ඔයගොල්ලෝ සාකච්ඡා කරලා තීරණයක් අරන් මට දැනුම් දෙන්න. "පුළුවන් නම් ඔයගොල්ලො යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි" පවසා ඇත. විනාඩි 35කට ආසන්න වේලාවක් එසේ උණුසුම් හා දැඩි ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.

    ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම ඇතුළු එ.ජා.ප.යේ සහ ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි ජනාධිපති නිල කාමරයට ගොස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්ඡා කොට ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමට ආපසු කැඳවාගෙන ඒමට ක්‍රියා කර තිබේ. ඒ ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් අගමැති ප්‍රමුඛ එ.ජා.ප.ය අනවශ්‍ය ලෙස විවේචනය නොකිරීමටත් එ.ජා.ප. මැති ඇමැතිවරුන් අනවශ්‍ය ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීල.නි.ප. විවේචනය නොකිරීමටත් එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවය.

    ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ. දෙවැනි වරටත් කැබිනට් මණ්ඩල රැස්වීම පටන් ගෙන ඇත්තේ ඉන් පසුවයි.


    Source
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පරා මාලු කෑවානම් විදවාපන් හිටන්......()
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ"

    :P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,900
    10,496
    113
    In the eyes of my girl
    හිටන් කෙලින් වැඩ කරා නම් හරි යන එවුන්ට යන්න කියල .. හැම සක්කිලියම දා ගත්ත නිසා තමයි හිටන්ට කෙල උනේ .. ඔහොමවත් කොන්ඩ කෙලින් කතා කර එක ලොකු දෙයක්
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    "අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ"

    :P
    කොහොමද ඒක
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    "අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ"

    :P

    27.gif

    හික්... හික්... හික්... හික්... මට මැවිල පේනව බන් සිද්ධිය...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    "අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් අල්ලා ගෙන යළිත් කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ"

    :P
    :P:P:P:P:P:P
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,289
    9,156
    113
    Dubai
    ආන්ඩි හත් දෙනාගේ කැද හැලිය වගේ තමයි ඉතින් ඕක
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනාධිපතිකම නැමති ගැරඩි සැව අලුයම ලූ කෙල පිඩක් සේ ඉවතලා හිටන් තුමන් විජයග්‍රාහීව චෞර ඇමතියන් හැරදා යාමට සුදානම් වූ ඒ සොදුරු මොහොත.........
     
    • Like
    Reactions: malakadss

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොහොමද ඒක

    27.gif

    හික්... හික්... හික්... හික්... මට මැවිල පේනව බන් සිද්ධිය...

    ඉහි .. ඉහි .. මට බෑ රනිල් අරගොල්ලෝ මට අනං මනං කියනවා.. ඉහි..මට බෑ මම යනව යන්න ඔලුව හැරිච්ච අතේ.. :(

    යන්න එපා සුදු මම ඉන්නකන් ඔයාට කතා හදන්න දෙන්නේ නෑ ඔය එක පරයෙක්ට.. සත්තයි ..මාව විස්වාස කරලා එන්න යන්න.. කෝ ඔය කඳුළු පිහදාගන්න .. ගන්න මගේ අත.. හා දැන් යමු අපි දෙන්න..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජනාධිපතිකම නැමති ගැරඩි සැව අලුයම ලූ කෙල පිඩක් සේ ඉවතලා හිටන් තුමන් විජයග්‍රාහීව චෞර ඇමතියන් හැරදා යාමට සුදානම් වූ ඒ සොදුරු මොහොත.........

    ඒ වුනාට පහ හය කරගන්න තමා ට්‍රයි කලේ. ඌ යන්නේ නෑ. ඌ කියන්නේ යු ඈන් පී එවුන්ට යන්න කියලා. ++
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,275
    113
    Gotland
    හිටං හරි මිනිහෙක් නං පොනිල් ව අයින් කරලා පාලිමන්ට් එකේ බහුතර කැමැත්ත තියෙන සොන්නයෙක්ව අගමැති කරන්න ඕනා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හිටන් කෙලින් වැඩ කරා නම් හරි යන එවුන්ට යන්න කියල .. හැම සක්කිලියම දා ගත්ත නිසා තමයි හිටන්ට කෙල උනේ .. ඔහොමවත් කොන්ඩ කෙලින් කතා කර එක ලොකු දෙයක්

    Ehema kalama kelawenne siratama thamai.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,670
    2,439
    113
    හිටං හරි මිනිහෙක් නං පොනිල් ව අයින් කරලා පාලිමන්ට් එකේ බහුතර කැමැත්ත තියෙන සොන්නයෙක්ව අගමැති කරන්න ඕනා
    rajitha :lol: