අද උදේ ස්මිත් ලොක්කා ලීෆ්ලට් එකක් උස්සගෙන දුවගෙන ආවා මේ පැත්තේ සරමත් කරේ තියාගෙන.
ඇවිල්ල මූ කියනවා කෝටිපතියෙක් වෙන්න ආස එවුන් එන්ඩලු,
සල්ලි ටිකක් හොයාගෙන ගොඩයන්න කල්පනා කරන එවුන්ට ගොඩක් වැදගත් කාරණයක්ලු මේක,
මේ හෑන්ඩ් බිල අපේ ගෙවල් පැත්තේ ටවුන් එකේ බෙදල තිබුන එකක්ලු,
මගේ යාලුවෙකුට හම්බවෙලා පොර මේ නම්බර් එකට කතාකරල මේ කියන CD එක ගෙන්නාගෙන තිබුනලු,
පොර අහල මූටත් දුන්නලු අහන්න,
ඌත් ඇහුවාලු,
මේ සර්ගේ වැඩසටහන් ප්රසිද්ද ටවුන් වල තිබිල තියනවාලු,
හැබැයි ගිය එකෙක් මලාට කියන්නේ නැලු,
ඒක තමයි අපේ කුහක සිංහල එවුන්ගේ හැටිලු,
ඌ වයස විසිඅට වෙද්දී ණය නොවී ඌටම කියල ගේකුත් හදාගෙන ..ණය නොවී වාහනෙකුත් අරගෙන පිළිවෙලක් වෙච්ච එකෙක්ලු,
ඒක හින්ද ඌට තව එකෙක් දියුණු වුනා කියල ඉරිසියාවක්වත් .ප්රශ්නයක්වත් නැලු,
ඒකයිලු මේක එළකිරියේ දාන්න හිතුවේ,
ඔන්න ඔහොම කියල මෙතුමා මාකටින් පාරට එන්ටර් වුනා.....
මේ සර් ලංකාවේ සල්ලි ටිකක් හොයාගෙන දියුණු වෙන්න පුළුවන් ගොඩක් එවුන් වැඩිය හිතන්නේ නැති ක්රම ගොඩක් කියල දෙනවාලු,
ඌ මේ කියන CD එක ඇහුවලු,
සල්ලි ටිකක් හොයාගන්නේ කොහොමද ?ගොඩයන්නේ කොහොමද ?කියල කල්පනා කර කර ඉන්න එවුන්ට ගැලපෙන පට්ටම ක්රම කියල දෙනවාලු,
සල්ලි තියන එවුන්ටත් වටිනවාලු,
සමහර එවුන් හිතන් නැති ක්රම වලින් අවුරුද්දෙන් දෙකෙන් කෝටිපතියෝ වෙච්ච හැටි කියනවාලු,
බ්ලා... බ්ලා... බ්ලා... බ්ලා...කියල බයිලා ටික කියල
ඊට පස්සේ එළකිරියේ සමහර උන් හෙන කුහකයි කියල තව බයිලා ටිකක් දාල තිබ්බ මෙන්න මෙහෙම.....
මේ ටිකත් කියන්නම ඕනි ..මේ එලකිරියේත් ඇතුළුව ගොඩක් එවුන් ඉන්නවා කුහකයෝ .ටික දෙනයි ඉන්නේ තව එකෙකුට දියුණු වෙන්න කියල දෙනකොට සතුටු වෙන එවුන් මට එකපාරක් ඕනි උනා මගේ කාර් එක ටුවරිස්ට් කරන්න දාගන්නේ කොහොමද කියල දැනගන්න එළකිරියේ එක අහල දැම්මම එකෙක් දෙන්නෙක් ඇර දකින එවුන් කියන්නේ ඕක හරියන්නේ නැ ..ඕක කරන්න බැ කියල ..ඒ උනාට පාරට බැස්සම පරණ කාර් වලිනුත් පට්ට විදියට ටුවරිස්ට්ල අදිනවා.එකට හේතුව තමයි මේකේ ඉන්නවා ටුවරිස්ට් කරන එවුන් උන් කැමැති නැ උන්ගේ ෆීල්ඩ් එකට වෙන එකෙක්වත් එනවට.උන් දුවගෙන ඇවිල්ල බොරු ගහල,වැඩේ එපා කරවනවා ..ටික දෙනෙක් ඉන්නවා එළකිරියේ අවංකව උදවු කරන යාලුවෝ .එක හින්ද බුද්දීමත්ව වැඩ කරපල්ලා.මම මේක මහන්සිවෙලා ටයිප් කරලා දැම්මෙම මම අවුරුදු ගානක් එළකිරියේ පල්වෙලා හොදටම දන්නවා එළකිරියේ ඉන්නවා අවන්කවම ගොඩයන්න උත්සහ කරන අහිංසක කොල්ලෝ සෙට් එකක්.අන්න උන් වෙනුවෙන් .
අනික තමන්ගේ දියුණුව වෙනුවෙන් කියක්වත් වියදම් කරන්නේ නැතුව ඕනිම එකක් හොරෙන් ගන්න බලාගෙන ඉන්න එවූනුයි . හැමදේම නිකම් හම්බවෙනකම් බලාගෙන ඉන්න එවුනුයි මේවා අහල තේරුමක් නැ ..උන්ට කවදාවත් ගොඩයන්නත් අමාරුයි ..එක හින්ද කවුරුහරි ගොඩයයිනෙ කියල හිතන එවුන් බම්ප් එකක්වත් දාල පලයල්ලා ..
උබල ඔක්කොටම ජයවේවා ...!!!
අන්තිමට මෙතුමා මෙන්න මෙහෙමත් දානවා.
(හෑන්ඩ් බිල scan කරලා දැම්මේ ටිකක් size වැඩි ඇති )
එහෙම කියල මූ දානවා මුම ඩිසයින් කරලා JPEG වලට export කරපු ඉමේජ් එකක්, හැබැයි ඌ කියන්නේ ඌ ඒක අයන් කරලා ඊට පස්සේ ස්කෑන් කරලා දැම්ම කියල.
ඊට පස්සේ ඉතිං මොනාද මෙත්තා පදනමේ නිර්මාතෘ, සද්ගුණවත්,සකල කළා වල්ල (එක්කෝ ඒක ඕනේ නැහැ) කෝටිපති ව්යාපාරික, නුවන් චතුරංග වර්ණකුලසූරිය මැතිතුමා නානවා නෑමක් ආයේ නෑ නැට්ටේ ඉඳන් ගොම....
ඔන්නෝකයි ආයිබෝවන්ඩ සාරාංශේ..........
අයියෝ හැමිනෙනවා









