‘පද්මාවත්’ ප්‍රදර්ශනය නවතී
‘පද්මාවත්’ ප්‍රදර්ශනය නවතී
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත ‘පද්මාවත්’ බොලිවුඞ් චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීමට නියමිතව තිබුණත්, කලහකාරී විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත හතරක චිත්‍රපටය ප්‍රදර්ශනය නොවිණි.
චිත්‍රපටය ප්‍රදර්ශනය නොවුණේ රාජස්ථාන, ගුජරාඨ, හර්යානා සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්රාන්තවලය. ‘පද්මාවත්’ චිත්‍රපටය සම්බන්ධයෙන් ජනතාව උසි ගන්වමින්, ඊට විරෝධය පළ කරන්නේ අන්ත දක්ෂිණාංශික හින්දු අන්තවාදී කල්ලිය.
දිල්ලි ප්‍රාන්තයේ ගුර්ගෝන් නුවර කලහකාරීව හැසිරුණු පිරිස් බස් රථවලට පහර දී ගිනි තබන්න වූහ. ඔවුහු පාසල් බස් රියකට ද පහර දුන්හ. වාසනාවකට එහි සිටි දරු දැරියන්ට කිසිදු අනතුරක් සිදු නොවුණු බව ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.
පද්මාවත් චිත්‍රපටය සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වෙන්නේ හින්දු අන්තවාදීහු චිත්‍රපටයට ප්‍රදර්ශනය කිරීමට නියමිත සිනමාහල්වලට පහර දී ඇතැයි ද වාර්තා වේ. සිනමාහල් රැසක් ගිනිබත් වී ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළත්, එල්ල වන ප්‍රහාර සැළකිල්ලට ගනිමින්, තමන් ‘පද්මාවත්’ චිත්‍රපටය ප්‍රදර්ශනය අත්හිටවූ බව සිනමාශාලාහිමියන් පවසා ඇත.

?