අද මට මාරම අප්සට් වැඩක් උනා බං.මම ඉස්කෝලේ යන දවස් වල ඉඳන් අඳුනන යාළුවෙක් ඉන්නවා.උෟට ඒ කාලේ සල්ලි නැහැ.මමයි උෟට සල්ලි දෙන්නේ හැමදාම ඉන්ටවල් ඵකට කන්න.දැන් උෟට හොඳට සල්ලි තියෙනවා.ලොකු කාර් සේල් ඵකක් තියෙනවා..මම ඉන්නේ රට.උෟ සල්ලි කාරයෙක් වෙන්න කලිනුත් මම ලංකාවට අාපුවහම හැම සැරේම whiskey bottle ඵකක් ඵහෙම අරන් යනවා උෟව බලන්න.දැනට මාස පහකට කලිනුත් ඵහෙම ගියා.ඒත් මම උගෙන් කිසිම උදව්වක් ඉල්ලල නැහැ අද වෙනකන්.මාස පහකට උඩදී මම ගිය වෙලේ උෟ කිව්වා උෟ දැන් සල්ලිත් පොලියට දෙනවා කියලා උගේ වාහන බිස්නස් ඵකට අමතරව.මම ඵදා උෟට කිව්වා මටත් සල්ලි ටිකක් ඕන පොලියට ගේ හදන වැඩේට දැම්ම නෙමෙයි තව මාස 5කින් වගේ කියලා.උෟ කිව්වා හරි හරි ඒක කරගන්න පුළුවන් කියලා..මම අැත්තටම යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න කැමති නැහැ.ඒක නිසා මම කෝකටත් වෙන කෙනෙක්ගෙන් පොලියට සල්ලි ගන්න අැහුවා.ඒත් ඵයාගෙ පොලිය වැඩියි.ලක්‍ෂ 10කට 3%ක් මාසෙකට..මම ඊට පස්සෙ මගේ යාළුවට කෝල් කරලා කිව්වා මට සල්ලි දියන් පොලියට මම අනිවා මාසෙට 80000ක් ගානේ ගෙවනව කියලා.උෟ ඊට පස්සේ කියනවා උෟ දැන් සල්ලි පොලියට දෙන්නේ නැහැලු.උගේ යාළුවෙක්ගෙන් අහලා කියන්නම් කියලා.මම ඊට පස්සේ කිව්වා මම කෙනෙක්ගෙන් අැහුවා ඵයාගෙ පොලිය මෙච්චරයි කියලා.උෟ කියනවා උගේ යාළුවගේ පොලිය ඊටත් වැඩි නිසා මම දන්න කෙනාගෙන්ම ගන්න කියලා.මට මාරම අප්සට් වැඩේට.මම ok මචං කියලා ෆෝන් ඵක කට් කරා.අැයි බං අපේ උන් මෙහෙම කරන්නේ.මට මේකේ දෙන්නෙනක් (kasunDP,50KG) මාව දැකලත් නැතුව දවසක් උදව් කරා ලෙටර් ඵකක් english වලට translate කරගන්න උදේ පාන්දර..ඒත් මාව හොඳටම දන්න යාළුවෙක් මම අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලපුවහම මඟ අැරියා.මටම ලැජ්ජයි මේ වගේ උන් ඵක්ක මේ තරම් කල් හිටිය ඵක ගැන.අනික මම උගෙන් සල්ලි ඉල්ලුවේ නිකන් නෙමෙයි සාධාරණ පොලියකට.උෟට 18න් ඩ්‍රයිවින් ලයිසන් ඵක ගන්න ඕන වෙලා ඒකටත් උදව් කරේ මම.ඵහෙම කරලත් උෟට මට පොලියටවත් සල්ලි ටික දෙන්න බැරි උනා.උඹලටත් ඉන්නවද බං මෙහෙම යාළුවෝ.මේ වගේ යාළුවො තවත් තියාගන්න ඕනද.




.