මම තාම වෛද්‍යවරයෙක් නෙවෙයි, එ හින්දා මට අත්දැකීමකින් උත්තර දෙන්න බැහැ, මම දන්න ටිකෙන් පැහැදිලි කරන්නම්.
මෙහෙමයි මචන්. දැන් වෙන ලෙඩක් නම් Blood test එකක් scan එකක් කරන්න කියල අඩුරගන්න පුලුවන්, මානසික රෝග එහෙම බෑ, එනම් කොහොමද අදුරගන්නේ කියලානෙ අහන්නේ..
මොන ලෙඩෙ උනත් මානසික උනත් කායික උනත් රෝගයක් අදුරගන්න මූලිකම අවස්තාව තමයි ප්‍රශ්න ඇසීම මගින් රොග නිශ්චය..
අපි වෛද්‍යවරු විදිහට මුලිම ඔලුවෙ තියාගන්න ඔනෙ දේ තමයි රෝගියගෙ විශ්වාසයන්ට, ඉල්ලීමට මුල් තැන දීම, එතකොට රෝගියෙක් ඇවිල්ල මට මැරෙන්න හිතෙනව කිව්ව ගමන් කලබල වෙන්න වත්, පවුලෙ අයට කියන්න වත් අපිට අයිතියක් නැහැ.
දැන් ඔයා සිය දිවි හානි කර ගැනීමේ හේතුව කොහොමද නිශ්චය කරන්නේ කියල අහන්නෙ.
ඔයා අහල තියෙන ප්‍රශ්නෙම ඒකට උත්තරේ තියනවා. අපි මුලින්ම කල යුත්තේ රෝගියා කියන සෑම දේටම අහුන්කම් දීම, රෝගියට අපිට ඕනෙ දෙයක් කියන්න පුලුවන් කියන විශ්වාසෙ ගන්න ඕනෙ.. අපි ඊලගට සිය දිවි හානි කරගන්න එක අමතක කරල මෙයාට තියෙන රොගය අදුරගන්න ඕනෙ.. එක කරන්නේ අපිට ඒ පුද්ගලයා කියන දෙවලින් හා අනෙකුත් රෝග ලක්ශන වලින්.. අපි බලන්න ඔනේ කත කරනකොට අංග චලන, හුස්ම ගැනීම, දාඩිය දැමීම, මේ හැමදේම උපයෝගී වෙනව රෝගයක් නිශ්චය කරන්න.
ඉතින් අපි අදුරගන්නවා මානසික රෝගයක් තියෙයිද නැත්නම් මේ පුද්ගලයා නීරෝගීද කියන එක. මානසික රෝගයක් තිබේනම් දිවි නසා ගන්නට හේතුව ඒකයි කියලා අපිට හිතන්න වෙනවා.
අනික් දේ තමයි මානසික රෝගයක් නැතිඋනත් දිවි නසා ගැනීමට මානසික බලපෑමක් තිබීම අනිවාර්යයි නේද??? මොකද එක අපිට එන සිතුවිල්ලක්, මානසික බලපෑමක් නැතුව එහෙම හිතෙන්නෙ නෑ..
හිතන්න කෙල්ල දාල ගිය, නැත්නම් විභාගෙ ෆේල් උන, ඔන්න අපි හිතනවා දිවි නසාගන්න.. ඒක මානසික රෝගයක් නිසා නොවුනට මානසික බලපෑමක් නේද??
ඕනෑම මානසික බලපෑමකට මානසික පුහුනුව (Psychotherapy) කරන්න පුලුවන්...
සාරාංශය විදියට කියන්න තියෙන්නේ දිවි නසාගන්නවා වගෙ එකක මුල් වෙන්නෙ මොක්ද්ද කියල හොයගන්න හොදම විදිය තමයි රෝගිය හා වෛද්‍යවරයා අතර විශ්වාසය සහ හොද interpersonal conversation එකක් තබාගැනීම..