ගම්මන්පිලගේ 'සාදු'

monson

Well-known member
  • May 7, 2007
    24,906
    26,953
    113
    ගම්මන්පිලගේ 'සාදු'

    පන්සලට දානය ගෙන ගිය කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පක්ෂය ඉදිරිපෙළ ක්‍රියාකාරි හිමිනමක් වන සීගිරියේ දම්මින්ද හිමියන් මීට පෙරද කාන්තාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරද පිළිගැනීම නිසා දැඩි අවවාද මත අධිකරණයෙන් ඇප ලබා සිටි හිමිනම් බව වාර්තා වේ.

    ගම්මන්පිලගේ මන්ත්‍රී හාමුදුරුවෝ 2016 වසරේදීත් කාන්තාවක් දූෂණය කරලා
    May 13, 2018

    එම සිදුවීම 2016 වසරේදී සිදුව ඇති අතර ඒ වනවිට එම හිමිනම දඹුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබීමත් මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කිරිම හේතුවෙන් ඔහුට ලැබී තිබූ දේශපාලන අනුහසත් ප්‍රයෝජනයට ගෙන නාගලවැව ප්‍රදේශයේ නිවසකට පැන එම නිවසේ කාන්තාවකට ලිංගික අතරවර සිදු කර එම කාන්තාව බලහත්කාරයෙන් දූෂණය කර තිබේ.

    ඉන් පසු තම බලය පෙන්වමින් එම හිමිනම නිරන්තරයෙන් එම නිවසට ගොඩවැදී එම කාන්තාවගේ ස්වාමිපුර්ෂයාටද බැනවදිමින් එම කාන්තාවට දිගින් දිගටම අතවර කර ඇත.

    ඉතාමත් දරිද්‍රතාවයෙන් ජීවත් වන මෙම පවුල චීවරයට ඇති ගෞරවයත් එම හිමිනමගේ දේශපාලන අනුහසට ඇති බියත් නිසා ඉවසීමෙන් කටයුතු කර ඇතත් දිගින් දිගටම ඔවුන්ට එම හිමිනමගෙන් එල්ලවන පීඩනය දරාගැනීමට නොහැකිව සීගිරිය පොලීසියට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

    ඔවුන් පොලීසියට පවසා ඇත්තේ “හාමුරුදුරන්ට කියන්න අපිට පාඩුවේ ඉන්න දෙන්න කියලා…” යනුවෙනි. ඔවුන් එසේ කීමට හේතුව කුමක්දැයි පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාල සිද්ධය අනාවරණය වී ඇති අතර ඉන් පසු එම හිමි නම දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    තමන් එම වරද සිදු කළ බවට එම හිමිනම විසින් අධිකරණයේදී වරද පිලිගෙන ඇති අතර ඉන් පසු අධිකරණය එම හිමිනමට දැඩිව අවවාද කර අැප ලබා දී ඇත.

    කරුණු එසේ තිබියදී සිගිරිය – නාගල වැව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක් ඉකුත් අප්‍රේල් මස 10 වෙනි දින දහවල් දානය රැගෙන තමා පදිංචි ගම්මානයේ පිහිටි විහාරස්ථානයට ගිය අවස්ථාවේ සැකකාර හිමිනම මෙම කාන්තාවට ලිංගික අතවර සිදු කර ඇත.

    ඒ සම්බන්ධයෙන් එම කාන්තාව විසින් සීගිරිය පොලීසියට කරනලද පැමිණිල්ල අනුව සීගිරය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙර වැරදි සම්බන්ධයෙන්ද සළකා, ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

    Sigiriye-Damminda-2018.jpg


    - http://www.lankatruth.com/si/ගම්මන්පිලගේ-මන්ත්‍රී-හාම/
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83

    මදුමාධව අරවින්දට හෙම ලෙසටම ගව්රව කරා බන් ඉස්සර (ලබ සවන් රන් පටින් සින්දුව හෙම පට්ට )

    ඒකත් සෙට් උනා නේ ඔය පොන්නම්පිල එක්ක අපරාදේ ඉතින් දැන් කලාවත් නෑ දේශපලනෙත් නෑ

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,875
    1
    56,903
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක ගෑනියෙක් දූශනය කලා කියල ආරන්චියක් තියෙද්දි දානෙ උස්සන් යන්න මේ ගෑනුන්ට අමු කැවිලද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ශාසනය විනාශ කරන්නෙ ශාසනය ඇතුලෙම ඉන්න චීවර දාරියො නිසයි.
    ගම්මන්පිල හොඳ මනුස්සයෙක් නම්, ඔය චීවරදාරියා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැතුව නීතිය ක්‍රියාත්මක කරලා උපරිම දඬුවම දෙන්න වැඩ කරන්න ඕනේ.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බය වෙන්ඩ එපා
    ටික දවසකින් ආරංචි වෙයි ඔය පවුල යූඑන්පී ආධාරකරුවෙක්ගෙ ලගම ඥාති කියල
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,764
    113
    එක ගෑනියෙක් දූශනය කලා කියල ආරන්චියක් තියෙද්දි දානෙ උස්සන් යන්න මේ ගෑනුන්ට අමු කැවිලද?

    :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,906
    26,953
    113
    ගොම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයේ ස්ත්‍රී දුෂක ධම්මින්න හිමි ගැබිණි කාන්තාවක් ඇතුළු තිදෙනෙක්ට කැති පහර දෙයි…

    සිගිරිය-හේන්වලයාගම ප්‍රදේශයේ කාන්තාවකට විහාරස්ථානයට ධානය රැගෙන ආ අවස්ථාවේ ලිංගික අපයෝජනයක් කල බවට චෝදනා ලබා ඇප මත සිටින පිවිතුරු හෙළ උරුමයේ ක්‍රියාකාරී භික්ෂුවක් වන සීගිරියේ ධම්මින්න හිමි තම විහාරස්ථානයට යාබද ඉඩමක හිමිකරු අතර ඇතිවූ බහින්බස් වීමකදී හිමිනම විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් අටමස් ගැබිණි මවක්,ඇගේ සැමියා සහ සෙහොයුරා බරපතල කැපුම් තුවාල සහිතව අද (15 ) උදේ දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

    මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ 35 හැවිරිදි රේණුකා දමයන්ති,අගේ සැමියා වන කොළඹ පොලිස් මුලස්ථානයේ අපරාධ අංශයේ පොලිස් නිලධාරියෙකු වන නුවන් මනෝජ් සේනාරත්න(36 ) හා ඇගේ සොහොයුරා වන බි.බි.විජේසිරි (31 )යන තිදෙනය.

    බි.බි.විජේසිරි යන අය විසින් පරිත්‍යාග කල ඉඩමක අදාල විහාරස්ථානය ඉදිකර තිබෙන බව හෙතෙම කියා සිටියේය.එම ඉඩමට යාබදව ඉඩමක වැඩිමල් සොහොයුරිය නිවෙසක් තනාගෙන පදිංචිව ඇත. අද (15 ) උදැසන විහාරස්ථාන භුමිය පිරිසිදු කල හිමිනම විසින් එම අපද්‍රව්‍ය යාබද ඉඩමට දැමීම නිසා දෙපාර්ශවය අතර මෙම බහින්බස්වීමක් සිදුව ඇත.

    බහින්බස්වීම දුරදිගයමෙන් පසු සීගිරියේ ධම්මින්න හිමි විසින් විහාරස්ථානය තුල තිබු කැත්තක් ගෙනවිත් තම ගැබිණි බිරිඳ ට පළමුවෙන්ම කැත්තකින් පහරදීමත් සමග ඇගේ දරු කුසට එම පහර වැදුණු බවත් තවදුරටත් පහර වලක්විමට තමා උත්සහා දැරීමේදී තමාගේ හිසට පහරක් එල්ලවූ බවත් එම අවස්ථාවේ බිරිදගේ සොහොයුරාට ද කැපුම් තුවාල ලැබූ බවත් පවසයි.


    NUwan.jpg


    - http://www.lankaleaks.net/2018/09/15/1854

    41983082_2050648568333631_3229420480054165504_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,906
    26,953
    113
    උදය ගම්මන්පිල - බුද්ධ ශාසන හා ආගමික කටයුතු (hora)ඇමැති :lol: