සයිවර් කඩයකටත් වඩා අන්ත වූ රාජගිරිය KFC කෙරුවාව.
ඊයේ දින රාත්රී 7.30 ට පමන මාත් මිතුරෙක් සහ පවුලේ පිරිසක් සමග KFC එකට ගියේ kentacky මහතාගේ chicken කෑමේ අශාවක් සංසිදුවා ගැනීමේ අදහසිනි.ඇතුලු වන විටම පැමිනි දුර්ගන්ධයක් සමග වට පිට බැලූ විට පෙනී ගියේ පැයකටත් වඩා වැඩි කාලයකින් පිරිසිදු නොකරන ලද ඉතිරි වූ කෑම අවන්හලේ මේස මත විසිරී ඇති අයුරුය.(see the pictures ) මිනිත්තු 20ක් පමන ප්රමාදයකින් අපගේ ඇණවුම ලද අතර.එය රැගෙන ඉහල මාලයට ගියද එහි තත්වයද වෙනසක් නොවීය..ඉන් පසු ice cream ඇණවුම ලබා දීමට නැවත පැමිනි අතර ඒ සදහා counter එක අසල මිනිත්තු 20ක් රැදී සිටියද එය ලබා ගැනීමට කිසිවකුත් නොවීය.තව දුරටත් බලා සිටිය නොහැකි බැවින් restaurant Manager ට පැමිනිලි කල විට ඔහු සේවකයකුට order එක බාර ගන්නා ලෙස පැවසුවද ඔහුගේ පිලිතුර වූයේ තමන් orders ගැනීමට නොදන්න බවයි.බල්ලාගෙ වැඩේ බූරුවාට කිව්වා සේ ඔහු තවත් සේවකයකුට පැවසූ විට එම බූරුවාගේ පිලිතුර වූයේ"එයාට ටිකක් ඉන්න කියන්න.අපිට තව වැඩ තියනවා" යනුවෙනි(වි.25 කට වඩා රැදී සිටි මට).
හොදම හරිය ඉන් පසුවය.Duty Manager පැමින මාගේ order එක ලබගෙන ice cream ලබා දීමට ගියද machine එකේ ice cream ඉවර වී ඇති බව ඔහු දැන ගත්තේ එවිටය,ඔහුම ඇතුලට ගොස් පිටි ගෙනවිත් machine එකට දමා එය warm up වන තුරු තවත් විනාඩි 15ක් බලා සිටීමට සිදු විය..
කියන්නට ඇත්තේ මෙච්චරය,KFC යන නමත් සමග අපි බලාපොරොත්තු වන quality එකක් service එකක් පිරිසිදු බවක් සහ කාර්යක්ෂම බවක් ඇත..අප ඉහල මිලක් ගෙවන්නෙ ඒ සියල්ල වෙනුවෙනි ..එය ලබා දීමට නොහැකි නම් Colonel Sanders (KFC Founder) මහතාට අගෞරවයක් නොකර කරුනාකර මෙය වසා දමන්න.
Nishan H Sandakelum
Last edited:
සුද්දෙක් අාවනම් වස ලැජ්ජාව.





